අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දාහත්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ ඇදුරුතුමාට අනතුරක් විය, මේ උත්තමයාණෝ ඇත්තටම....



මොනවද මේ අවතාරාධිපතිනිය උත්වයකට අධිපතිනියක් ලෙස කරන්නේ! තමුන්ගේ ජීවනෝපාය රතිප්‍රබෝධකය අලෙවිකරුවෙක් ලෙස වෙනස කරානම්! අනෙක් පුද්ගලයින්ගේ රතිප්‍රබෝධකය මළානික වූ ජීවමාන පුද්ගලයෙකුගේ පුරුෂ පරාක්‍රමය වැඩි කිරීමට, නමුත් මේ අමරණීයයන් සහ දෙවිවරු හත්පසින්ම වෙනස් ය, එක් ස්වල්ප හස්ත වැනුමකින් මළ මිනිසෙකුට වුවද එය ගත හැකිය, සැබැවින්ම චමත්කාරජනකයි!

ඒ පරිද්දෙන්ම ඔහු රංගනයකටයි මේ සූදානම, ක්ෂණයෙන් චූ වන්නිං තම හස්තය දිගු කොට මෝ රන්ගේ කන් වැසුවේ ය.

මෝ රන් : “ආහ්!”

චූ වන්නිංගේ භාවයන් තවමත් රළු විය. “මෙවැනි අසභ්‍ය දර්ශන නැරඹීමෙන් වළකින්න”

“නමුත් ඔබතුමා මගේ නෙත් වෙනුවට කන් වසන්නේ මන්ද?”

කිසිදු භාවයකින් තොරව චූ වන්නිං “නරඹන්නවත් , සවන් දෙන්නවත් එපා! ඔබට හැකී ඔබේම නෙතු වසාගෙන සිටින්නට”

මෝ රන් :  “ප්ෆ්ෆ්ට්! ඇදුරුතුමනි! ඔබ නම් ඇත්තෙන්ම...” ඔබගේම රත් පැහැ ගැන්වූ මුහුණ දෙස බලන්න , ඔබගේ දෙසවන් පවා රත් පැහැවී ඇත, නෙත් වසා ගත යුතු අයෙක් ඇත්නම් ඒ පැහැදිලිවම ඔබය.

මෝ රන් හට සිය ප්‍රමෝදනය දැරිය නොහැකි විය. චූ වන්නිං යනු හිමෙන් සහ ඝන තුෂර වලින් සෑදුණු ශෘංගාරාත්මක සිතුවම් කිසි දිනෙක නොදුටු අයෙකි; දෙදෙනෙක් එක් වීමක් මේ මොහෙතේ ළඟින්ම  දක්නට ලැබීම ඔහුව හුස්ම හිරවී මියැදුණා වන් විය.

ඔවුන්  සංසර්ගයෙහි යෙදුනාසේම මියැදුණු දෙපල ජීවමාන වූවා මෙන්  පෙනුණි. ඔවුන්ගේ දරදඬු වූ  කණ්ඨයන්ට ශබ්දයන් නිපදවිය නොහැකි විය යුතු වුව ද  කෙසේ හෝ ජීවමාන කෙඳුරුම් සහ සුසුම් ලෑම් , හති දැමීම් ඇරඹිණ.

චූ වන්නිං හිස ඉවතට ගනු ලද්දේ එය බලා සිටීම දිගටම කර ගෙන යාමට තරම් අප්‍රසන්න වූ නිසාය.

මෝ රන්ගේ ප්‍රමෝදනය පමණක් වැඩෙන්නට විය.   දඟකාර මඳහසකින් මෙන්ම සම්පූර්ණයෙන්ම උසුලු විසුලු කීරීමට ඇති අදහස පෙරදැරිව ඔහු පිටුපස වූ චූ වන්නිංගේ මුහුණ වෙත හැරුනේ ය.

චූ වන්නිං හැකිළී ගියේ  එය දෂ්ට කරාක් මෙනි. “කුමක් ද ඔබ කරන්නේ?”

“කිසිවක් නෑ” මෝ රන්ගේ හඬ කථා සොඳුර වූවත් එහි උපහාසය ගැබ්ව තිබිණ.
ඔබේ වයස කීය ද? මේවැනි දෙයට වත රතු වීමට තරම්.....
ඔහ්! මදක් සිටින්න, එත රක්ත සහ හරිත වර්ණය එක් සැණින් ආ විලසය. සැබැවින්ම
පරිහාසකය.

“ඇදුරුතුමනි, ඔබතුමා අපට ඉගැන්වූයේ නැතිද පියවර තැබීමට පෙර  ප්‍රතිවාදියාගේ හැකියාවන් පිළිබඳව සැලකිලිමත්වන්න කියා, අඩුමතරමින් ඔබතුමා නැරඹිය යුතුයි අවතාරාධිපතිනියගේ හැකියාවන්”

“කුමක්ද එහි නැරඹීමට ඇති දෙය? මම නොබලමි.”

මෝ රන් සුසුම් ලෑවේ  ය. “ඔබතුමාගේ මුහුණ මෙතරම් දැඩි වූයේ කෙසේ ද?”

චූ වන්නිං රළු බැල්මක් හෙළමින්,  “අප්‍රසන්නයි , දුරාචාරී, ඔබේ දෘෂ්ටියට පවා අහිතකරයි”

“අනුමානයට අනුව නම් මටත් බලන්න වෙයි” මෝ රන් පැවසුවේ ඔහු එහි නොහිමුණු ස්වභාවයෙන් වැතිරී සිටින්නාක් මෙනි. පිටතට එබෙමින් “අහ්! අනර්ඝයි!, ඉස්තරම්! අයියෝ! ” වැනි අවධාන ඩැහැගැනීමේ  සංවර්ණනාවන් දෙන්නට විය.  චූ වන්නිං පුපුරන්නට ආසන්න වූ තරමටම කෝපයට පත් වූයේ ය, සිහින් හඬකින් මොරගාන්නට වූයේ ය. “තමුන්ට අවැසි නම් බලන්න, කතා නොකර!”

මෝ රන් අවිහිංසක විලසින් රඟන්නට වූයේ ය. “මා සිතුවේ ඔබතුමාටත් අවැසි වෙයි කියානේ”

අවසානයේ චූ වන්නිං හට තවදුරටත් ඉවසිය නොහැකි විය.  ඔහු මෝ රන්ගේ ගෙලෙන් අල්ලන්නට වූයේ දත් මිටි කමින්ය “තමුන් එක ශබ්දයක් නැගුවහොත්, මම තමුන්ව පිල්ලීන්ට කන්න විසිකරනවා!”

මෝ රන් ඔහුගේ විනෝදය ලබා ගන්නේ ය; චූ වන්නිං සමඟ , ඔහුට එය දුර දිග ගෙන ගියෝතින් තියෑන්වන් වෙතින් සුව සේවයක් ලැබෙන්නේ ය, එහෙයින් මෝ රන් තරමක සීමාවකට සිට අවනතබවක් පෙන්වා එහි වැතිරී හඬ නොනහා එය බලමින් සිටියේ ය.

අවතාර යුවල උපරිම වින්දනයට ළඟාවිය, පුරුෂ ශවය සියුම් ගිගුරුමක් නිකුත් කරමින් ස්ත්‍රී ශවයෙහි සිරුර උඩ ගැසෙන්නට විය. හරිත වර්ණිත ධූම රොදක් ඔවුන්ගේ සිරුරු වෙතින් මතුවන්නට විය, එමෙන්ම අවතාරාධිපතිනිය මුව විවර කොට ගිජුකමින් එය උරා බොන්නට වූයේ ධූමයේ අවසන් පහුර ගිලමින් ය. එය එහි මුවඟ පිස දැමුවේ සන්තෘෂ්ටියට පත්වූවා සේම ය, නෙත් බබලන්නට විය.

එහි ධ්‍යානවේදය වැඩි කර ගැනීමේ භූත විවාහයෙන් ලද කුසලය එය විය හැකිය.

“හහා, හහහා_____” රස බැලීමෙන් අවතාරාධිපතිනිය රැස් විහිදුවන්නට විය. එය කතා කරන විටදී පව එහි සියුම් හඬ වඩාත් පැහැදිලි බවට පත් විය; එය කෑගසන්නට විය, මොරගාන්නට විය, තියුණු හඬ  දෙදරන්නට වූයේ නිමක්වූ රාත්‍රිය පසාරු කරමින් මෙනි. “අවදි වනු! අවදි වනු! සියලුම තනිකඩ පුරුෂයිනි, අවිවාහක ස්ත්‍රීනි! මම ඔබලාට ආශිර්වාදායෙන්  මෙවුන්දම ත්‍යාග කරමි! ඔබලා මට එයට සරිලන වන්දනාමාන ආපිට ලබා දෙන්න! පිබිදෙවු! පිබිදෙවු! ඔබ සියාලෝම! ”

         මෝ රන්ගේ හඳ ගැසෙන්නට විය: මඟුලයි.......
        කුමක්ද එය සැලසුම් කරනුයේ?!

  ඔවුන් වටා වූ  සියක් ශවභාජනයන් උත්තේජනයට පත්ව ගැසෙන්නට වූයේ මෝ රන්ගේ බිය තහවුරු කරමින් ය. අවතාරාධිපතිනියග සූදානම් වූයේ ශවභාජනයන්හි වූ  සියලුම යුවලයන්ට  රමණය කිරීමට එවිට එයට සියලුම කුසල් අවශෝෂනය කර ගැනීමට හැක.

මෙය උසුලු විසුලු කිරීමට වූ කාලයක් නොවීය. මෝ රන් චූ වන්නිංව වෙත ඇදුනේ ය “ඇදුරුතුමනි!”
  “ඒ සැරේ කුමක්ද?”
“ඉක්මනි කරමු! අප මෙයින් පිටතට යා යුතුයි! අර චන් ගැහැණිය සමඟ ෂ මෙයි සිරවී සිටිනවා” භීතියෙන් කැළඹීමට පත් මෝ රන් ඔහු අසල සිටින්නය විය. “අප ඉක්මන් කර ඔහුව බේරා ගත යුතුයි!”

චූ වන්නිං පිටතට එබී බැලුවේ ය. සියලු යුවලයන් වෙත ගොස් එකින් එක එක් ක්ෂණයෙන්  අහර ගැනීමට තරම් සාගින්නක් අවතාරාධිපතිනියට තිබේ යැයි කවුරු සිතන්නේ ද! 

ඔවුන් වටා  වූ ශවභාජයන් වඩා  ප්‍රචණ්ඩකාරී ලෙස සෙලවෙන්නට විය එමෙන්ම භූත විවාහයේ ඇතුළත සිටි යුවලයන් එම කර්තව්‍යයන් ඉටු කිරීමට ඇප කැප විය. චූ වන්නිං සිතුවිලි වල එල්නගෙන සිටියාක් මෙන්ම මුහුණේ පැහැය ද කෙමෙන් කෙමෙන් වෙනස් වන්නට විය.  එම මොහොතේ මඳලසින් සිට අසුරාධිපතිනිය හට යමක් දැනෙන්නට විය. එහි හිස මඳක් ඇලවිය, කණීනිකාවක් නොමැති කළු නෙත් යුගලයන් ඍජුවම මෝ රන් සහ චූ වන්නිං සිටි ශවභාජනය වෙතට යොමු විය.

එය එතරම් බුද්ධිමත් නොවූවත් , එයට හුරු පුරුදු  මෛථුනයෙහි ශක්තිය එම ශවභාජනයෙන් නොපැමිණීම හැහෙන්නට ඇත.

එහි වන්දනාමාන නොමැත
එහි නොමැත.....

ඔවුන් ජීවතුන් අතර!!

එහි පසුපස ආකස්මිකව වක්‍ර විය, එය ආරෝපණය විය, උත්ක්‍රෝෂ නගන්නට විය, එහි ඇඳුම් රලපතරක් සේ පිටුපසින් ළෙලදෙන්නට විය එමෙන්ම ක්ෂුර තල මෙන් තියුණු නිය පෙළක් ඍජුව දැව ද පසාරු කරගෙන ශවභාජනය තුළට ආවේ ය.

ප්‍රහාරය ඉතා විගසින් සිදු වූවකි. මෝ රන්ට එය මඟ හැරීමට හෝ බේරීමට සමයක් හෝ ක්‍රමයක් නොතිබිණ. ශවභාජන  කුටිය ඇතුළත සෙලවීම පවා අපහසු විය , අස්ථි වලින් සැදි නිය පෙලෙන් නව පංච සිදුරු හිස මත සෑදීමට ඉතා ආසන්නව තිබිණ, සැණින් ඔහුගේ ශරීරය ආවර්ණය වෙමින්  ඔහු පහළ බැසිණ, අවතාරාධිපතිනියගේ පංච නිය පෙළ චූ වන්නිංගේ උරබාහුවට  රුදු ලෙසට  ඇන්නේ ය.

අස්ථි පත්ලටම!

“........”

චූ වන්නිං නිහඬ කෙදුරුමක් පිට කළේ ය , ඔහු එය විඳ දරා ගත්තේ කෑගැසීමකින් තොරවය. ඔහුගේ හානි නිවූ හස්තට නිහඬ මන්ත්‍රයක් සමඟ දිලිසී එය මෝ රන්ගේ දෙතොල් මත තැබුවේ ඔහුට හඬක් නැගීමට ඇති ඉඩකඩ අවහිර කරමින් ය.

අවතාරාධිපතිනියගේ නිය චූ වන්නිංගේ මාංශ ඇතුළට කා වැදුණේ සූරමින් සහ ඉරමින් ය.

එයට හිසකට තිබුණේ මැටියෙන් තනන ලද්දකි , මළවුන්ගේ වෙන්ව ජීවයක් ඇති අයෙක් යැයි කිව හැක්කේ හඬින් ය. තත්ත්වය මෙලෙස පැවතිණ, චූ වන්නිං කිසිඳු හඩක් නොනැඟුවේ ය, ඔහුගේ උරබාහුවෙන් රුධිරය වෑහෙනෙන්ට විය. මෝ රන්හට තුවාලය බැලීමට ද නොහැකි වූයේ ය, ඔහු චූ වන්නිංගේ ළය මතට හේත්තු වී සිටියේ ය.

ජීවතුන් අතරද..... නැතිනම් මියගොස් ද? ජීවත් වන පුද්ගලයෙකුට මෙවන් මොහොතක කිසිදු ශබ්දයක් නොනගා සිටීමට කිසිසේත් නොහැක.  අවතාරාධිපතිනියට දේවල් පිළිබඳව තෝරා බේරා ගෙන අවබෝධ කර ගැනීමට හැකියාවක් නොමැත එමෙන්ම ඇගේ නිය චූ වන්නිංගේ උරහිස දිගින් දිගටම දරුණු ලෙස  පසාරු කරමින් ඉරන්නට විය.

චූ වන්නිං  වේදනාවෙන් වෙවුලන්නට විය, ගැහෙන්නට විය, වස්ත්‍රයෝ දහදියෙන් තෙත් විණ.

ඒ කෙසේ වූවත්  ඔහු අධෛර්යයට පත් වූයේ නොමැත, සිය දෙතොල් සපා ගනිමින් සිය තුරුළේ රැකවරණයේ සිටි සිසුවාව රැක්කේ  ඔහු සැබෑලෙසකට ශවයක් බවට පත්වූව ද , ශවභාජනයේ විවරය අවහිරගෙන සිටින ඔබ නැංවූ යකඩයක්  විලසින්‍ ය.

පෙනී ගිය අයුනින් අවතාරාධිපතිනිය සන්තෘප්තියට පත් වූයේ ශවභාජනය ඇතුළත සිටි නරයින්  ජීවතුන් අතර විය හැකි කිසිවෙක් විය නොහැකි හෙයින් ය. එය සැණින් නිය පෙළ පිටතට අදින ලද්දේ විසිරුණු රුහිරු සමඟ මුසුව ආ ඇඟිලි මාංශ සහ අස්ථි මත සීරෙන හඬත්, යමෙකුගේ හිරු ගඩු පිපීමට තරම් වූ හැකියාව  හා එක්ව ය.

චූ වන්නිංගේ ආතතිගත ව ඇති සිරුරේ වූ සියලු ශක්තිය බිඳී ගියේ එක්වරම ය. ඔහු මෝ රන් සිය තුරුලෙන් මුදවා , සෙමෙන් හති දැමුවේ ය. 

ශවභාජනය ඇතුළ වූ රුහිරු ගන්ධය හුස්ම සිර කරන්නට විය.
මෝ රන් තම හිස ඉසෙව්වේ ය. සිදුරු තුළින් ඇතුළට ගලා ආ මන්දාලෝකය මඟින්, ඔහුට දැක ගැනිම්මට හැකි වූයේ චූ වන්නිංගේ පහතට හැරවී ඇති නෙතු පිල්ලම් යට නොවැගිරූ කඳුළින් හෙබි දරදඬු වූත් නිහඬ වූ නේත්‍රාවන් ය.

එම ෆීනික්ස් විහඟ නෙතු වේදානවෙන් බරිත වී බොඳව තිබුණි. නමුත් එය තවත් රුදුරු මුරණ්ඩු බවේ ස්තරයන් ද විය.

මෝ රන්ට කතා කිරීමට අවැසි විය, නමුත් චූ වන්නිං හිස සලමින් මන්ත්‍රය තවදුරටත් මෝ රන්ගේ දෙතොල්  නිහඬව තබාගෙන සිටියේ ය. මොහොතකට පසු ඔහු සියුම් සුසුමක් හෙළා මෝ රන්ගේ පිටෙහි ගැහෙන දෑඟිලි වලින් යමක් ලියන්නට විය: බාධකය විවරව ඇත කතා නොකරන්න

පිටතින්, අවතාරාධිපතිනිය එහි හිස ඇළ කළේ ශවභාජය ඇතුළත සිටින නියතයෙන්ම  ජීවයක් නැති මිනිසුන් එයට අවනත වීම ප්‍රතික්ෂේප කරමින් තවමත් ඔවුන්ගෙන් කිසිම වන්දානවක් නොදැනීම පිළබඳව වටහා ගැනීමට නොහැකිවය.

චූ වන්නිං එහි  පැළුම් තුළින් එබුණේ ය, දිලිසෙන රත්‍රන් අලෝක කිරණක් , හානි නොවූ හස්තය මත දැවටුණේ විලෝ ලතාව මතු වූවත් සමඟින්ම ය. අග්නි ආලෝකය එය මතුන් විහිදිණ.

ඔහු සිය දෙනෙත් හැළිලූවේ, තියෑන්වන්

එක්බිති නිමේෂයේ ශවභාජනය තුළින් පුපුරා ගියේ ය!!!

ශවභාජනය පැළී වෙන් වී චූ වන්නිං අකුණක් මෙන් ඉවතට පැන තියෑන්වන් වෙතින් කස පහර ගසමින් නිවැරදි ලෙස ඉලක්ක කරමින්  අවරාතාධිපතිනියගේ ගෙල වටා එතුවේ එය කන්  පිපිරීමට තරම් වූ බිරිහන් තැලීමක් නංවන තෙක් ය.

“තමුන් කවුද? කෙසේද තමුන්!”

චූ වන්නිං එක් වචනයකින් පිළිතුරු දුන්නේ ය: “පිටවනු!”

ලෝහිත මංගල වස්ත්‍රයන් මේඝ වළා රළ මෙන් තැහ්ලන්නට විය. ඔහු සියල්ල එක වරම දරා සිටියේ සියල්ල ගැන සෙවිල්ලෙන්  තියෑන්වන් අවතාරාධිපතියගේ ගෙල වටා රුදු දරුණු ලෙස යවා කඩමින්‍ ය.

හිරි තැලී ගිය  ගෙලෙන් තද රත් පැහැ මීදුම් පටල එක්ව අමුතු  වූ සුගන්ධයක් හමා එන්න වූයේ  ය. චූ වන්නිං එය මඟ හරිමින් විගසින් පිටු පසට ඇදුණේ  අණ කරමින් ය: “මෝ රන්! සහශ්‍ර ප්‍රහාරය!”

මෝ රන් අණ දීම ලැබෙන තුරු සූදානමින් සිටියේ ය, ඔහු ආධ්‍යාත්මික ශක්ති දහරාවන් ඔහුගේ ඇදුම් අත මත සඟවා තිබූ  තලයට දමා ඍජුවම හිස සෙවීමේ වීයමේ සිටි අවතාරාධිපතිනියගේ ශරීරය වෙතට පහර දුන්නේ ය. 

මැරියෙන් තනන ලද සිරුර විවර වී එමඟින් රක්ත රෝශිණී කදම්බ විහිදුවමින්  අවතාරාධිපතිනියගේ පාරභාසක සත්‍ය සිරුර මතුවන්නට විය. චූ වන්නිං නැවතත්  තියෑන්වන් ඔසවා  අවතාරාධිපතිනියගේ දිව්‍යමය ප්‍රාණෙන්ද්‍රිය ඉරා දැම්මේ ය. හිසක් නොමැති සිරුරෙන් මොරගෑමක් පිටවූයේ ය: “ තමුන්ට මෙතරම් නිර්භීතකමක්! තමුන්ට  මෙහෙම හයියක්! මොන හයියක් අරන් ද තමුන්!____ නැගී සිටිනු! නැගී සිටිනු! මොවුන්ව මරා දමනු! මොවුන්ව මරා දමනු_____!!”

ලේ රක්ත නෙත් යුගලයක් සැණින් අංගයන් නොමැති ජින් තොං සහ යූ න්‍යූගේ මුහුණින් මතුව , දහසක් පමණ වූ ඔවුහු කෑගසමින් මෝ රන් සහ චූ වන්නිං දෙසට ආරෝපණය වූවා සේ දිව එන්නව වූහ.

මැදිරියේ වූ ශවභාජන ද එකින් එකට කැඩී ගොස් , ඇතුළත වූ ශවයන් සිටගත් වනාම ඔවුන් වෙතට ඍජුව ඇදෙන්නට විය.

මෝ රන්ගේ දෙනෙත් ශ්‍රීඝ්‍රයෙන් සෙනඟ වෙතට ඇදී ගියේ ෂ මෙයිව සෙවීමට ය. “පිල්ලි දෙස බල බල ඔබ ඔය කුමක් ද කරන්නේ? කඩිනමින් ආත්මාරාක්ෂාව සලස ගන්න”

අවතාරාධිපතිනිය සමඟ වූ සටනෙහි ව්‍යාකූලත්වම මැද, ඔවුහු ශවභාජනයක් උඩ සිටගත්තෝ ය. සෙමින් චලනය වන ශවයෝ ඔවුන් වටා රොක් වූහ. මෝ රන් භූතයන් පලවා හරින මන්ත්‍ර යන්තරයක් අතෙහි දල්වා ගෙන එය ඔවුන් වෙතට දැමුවේ පිපුරුමක් නංවමින් ය. නමුත් එහි ඔවුන් බොහෝමක් විය, රංචුවක් නැති වූ සැණින් තවත් රංචුවක් එහි අඩුව මීළඟට පුරවාලයි.

මෝ රන්ගේ මනස අවුල් සහගත විය. “ඇයි වර්ණ ශලබ නුවර මෙතරම් මියගිය මිනිසුන්? කොපමණ භූත විවාහ මෙහි ඇත්ද?!!”

උග්‍ර විය, “බලන්න අවතාරාධිපතිනියගේ බලය දෙස, සැබැවින්ම මෙම තරණයින්ගෙන් සියල්ලෝම මිය ගොස් ඇත්තේ ස්වභාවිකව නොව! ඔවුන් දස දෙනෙකුගෙන් අටක් හෝ නවක් එහි වශී බන්ධනයකින් සිය දිවි තොරකර ගෙන ඇත! මෙහෙට පර දෙන්න! ”

මෝ රන් මන්ත්‍ර යන්තරයක් චූ වන්නිං පෙන්වූ දිශාවට වේගයෙන් විසි කළේ ය. පිපුරුමෙහි සම්ප්‍රයුක්තයක් ලෙස සුදු අස්ථි සහ දිරා පත් වුණු ඉගිල ගියේ ය.

“කෙසේද අවතාරාධිපතිනිය මිය නොයන්නෙ?”

“සාමාන්‍ය අවියටකට එයට හානි පමුණුවිය නොහැක”

“එසේ නම් කෙසේද  තියෑන්වන් ?”

චූ වන්නිං කෝප විය “ඔබ නොදුටුවේ ද තියෑන්වන් එය ගැට ගැසුවා! මෙය බොහෝ වේගවත්, මා ගැටය නිදහස් කොලෝතින් , එයට මීළඟ කස පහරකින් මිදීමට හැකිවේවි”

තව තවත් ශවයන් රොක් වන්නට විය. මෝ රන් නෙත් යොමමින් විපරම් කළේ සෙනඟ මැද  ෂ මෙයි පිළිබඳවය ඔහුට අහම්බෙන් හෝ අනතුරක් කරයි යැයි යන බියෙන් ඔහුන්ව ඉවත් කලේ ය. ජින්තොං අයෙක් ඔහු වෙතප පැන රුදු ලෙස ඔහුගේ පාදයෙ ඉල්ලිණ , ඔහු පරුෂ වචන මුමුණමින් මන්ත්‍ර යන්තරයක් විසි කොට එය සෙනඟ වෙතට පා පහර එල්ල කොට විසි කළේ ය. එය විසල් ශබ්දයක් නංවමින් පිපිර ගියේ ය.

“ඔබ ෂ මෙයි සහ චන් මැතිණිය දුටුවේ ද? ” චූ වන්නිං ඇසුවේ ය.

මෝ රන් නොඉවසිලිවන්තව විපරම් කළේ ය, අවසානයේ වැනෙන රූ ද්විත්වයක් දුරින් ඇදෙන්නට විය. ඔහු කෑගැසුවේ ය, “මට ඔවුන්ව පේනවා”

“මෙහෙන් පැන ගමු! ඔවුන්ව ඇදලා ගන්න! ඔබට හැකිතරමින් !”

“වැටහුණි” මෝ රන් ප්‍රත්‍යුත්තර සැපයූවේ ය. මදක් නැවතී “කුමක් ද ඔබතුමා කිරීමට සැරසෙන්නේ?”

“අනෙක් අවියක් කැඳවීමට මට මාගේ අනෙක් අත ඔසවන්නට නොහැක, එහෙයින් මා තියෑන්වන් භාවිතා කරන්නම්, මා සූදානම් වනුයේ මා අවතාරාධිපතිනියව නිදහස් කළ පසු මේ මුළු ස්ථානයම විනාශ කිරීමටයි, ඔබට මියයන්න අවැසි නැතිනම් , මෙතනින් පිටව යනු!” කුපිත වූ වන්හි  චූ වන්නිං පැවසුවේ ය.

 

T/N

රතිප්‍රබෝධකය - aphrodisiac  = කාමාශාවන් උද්දීපනය කරනු ලබන අහාරයක් හෝ පානයක්

තියෑන්වන් - Tianwen (天问Tiānwèn  = සුරලොව පැනය වගේ අදහසක් මෙහි ආවත් heavenly inquisition කියලත් මෙය අඳුන් වනවා , මොකද මෙයින් කරන්නේ විමර්ශනයක් , ප්‍රශ්නකිරීමක් එහෙයින් මෙයට “ස්වර්ග සවික්සුම”  ලෙසද කිව හැක

 Previous | TOC | Next

 

Comments

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.