අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දහ අටවන දිගහැරුම : මේ උත්තමයාණෝ වරක් ඔබෙන් බැගෑපත්ව අයද සිටියෝ ය.





තියෑන්වන හට දෘෂ්ටියට නොපෙනෙන ඝාතන ක්‍රමයක් තිබිණ. එහි නාමය සරල විය , එක් වදනකි , “මාරුතය”. වරක් ක්‍රියාත්මක වූවහොත් එය  වටපිටාවේ ස්පර්ෂ වන සියල්ලක්ම පාහේ වනසා දමයි.   

සත්‍ය සතු ඒ විලසින්ම නම් මින් පෙර  මෝ රන් “මාරුතයෙහි” රෞද්‍රභාවය  පුද්ගලිකවම රසවිද ඇත; එහෙයින් ඔහු චූ වන්නිංගේ හැකියාවන් පිළිබඳව සැලකිලිමත් ය එහෙන්ම කරදර වීමට දෙයක් නොමැති බවද ඔහු දනී. ඔහු අවසන් වරට ද සුදු මැළිව ගිය මුහුණක් හෙබි රුහිරු රක්ත වර්ණිත මංගල ඇඳුමින් සැරසී සිටි මිනිසා දෙස බැලුවේ ය එහෙන්ම චූ වන්නිංට තරමක  කාලයක් ලබා  දීම සඳහා අවසන් භූතාපසරණය කරන අවසන් මන්ත්‍ර යන්තරය විසි කළේ ය.  ඉන් පසු ෂ මෙයි සිය හස්ත ග්‍රහණයට ඇද ගනිමින් චන් ආර්යාව අනෙක් හස්තයට ගෙන පසෙකට පැන්නේ සිහිසුන්ව සිටින පුද්ගලයින් දෙදෙනා දුරින්ම සඟවා තැබීමට ය.

චූ වන්නිං , තීව්‍ර  වේදනාව විද දරා ගනිමින්, ඔහුගේ අනෙක් හස්තයට බලයට චලනය වීම සඳහා බලය දුන්නේය. බබළනය රන්වන් පැහැයත් රැගෙන තියෑන්වන් (ස්වර්ග සවික්සුම) සැණෙන් දැල්විණ. තියුණු පහරයන් වල චලනය සමඟ චූ වන්නිං විලෝ ලතාව ඇද්දේ ය.

චූ වන්නිංගේ වස්ත්‍රය ගිනි සිළුවක් මෙන් සුළඟේ රඟ දෙන්නට විය. රුදු භාවයන් සමඟින් අර්ධ ලෙස රුහිරු හින් තෙත්ව ගිය වස්ත්‍රය වේදනාව විඳ ගනිමින් හේ සිය හස්තය සුරලොවටම උසවන ලද, ස්වර්ග සවික්සුම තර්ජනාත්මක ලෙස සිය රත්‍රන් ආලෝකය දල්වමින් විදහා පෑවේ ඒ මේ අතර භ්‍රමණය වනවාත් සමඟය.

විලෝ ලතාව ක්ෂණයෙන් දොළොස් අඩි වලින්  ඇගේ දිග වැඩි කරන ලද්දේ ‍රන්වන් සුළි සුළඟක් මෙන් කැරකී ඈ වටා සිටි  සියල්ල ඇද ගනිමින් ය. භූතයින්, ශවයන්, ජින් තොං සහ යූන්‍යූ, එමෙන්ම ගොරවමින් සිටින අවතාරාධිපතිනියව  ද , ඒ සියල්ලන්ම “මාරුතයෙහි” මැදට ගන්නා ලදි එමෙන්ම තියෑන්වන්හි ශීඝ්‍ර රුදුබවින් කුඩු වී යන්නට විය.

 “මාරුතය” යනු නිර්විශේෂිතවම විනාශකාරීය, තෘණ සහ වෘක්ෂයන් සිටි පෙදෙසින් මුලිනුපුටා දමයි, කිසිවකට එහි ප්‍රහාරයෙන් ගැලවි යා නොහැකි විය.

චූ වන්නිං සමඟ එහි  මධ්‍යයෙ ලජ්ජවලිත රන්වන් කුණාටුවක් විත් යම් තරමකින් නුබ ගැබම වසා ගත්තේ ශවභාජන සහ ශවයන් චණ්ඩ මාරුතය තුළට ඇඳ ගනිමින් ය.

එයට ළඟා කර ගත හැකි සියල්ල එය ගිලගනියි, තියෑන්වන්හි ශ්‍රීඝ්‍ර භ්‍රමණයෙන්  සියල්ල ඇඳගෙන කැබලි වලට ඉරා සුන්බුන් කොට විසිරුවයි.

වාලුකා බිම පතිත විය, චූ වන්නිං නිසරු මුඩුබිම මැද සිටන් සිටියේ

හුදෙකලා රුවක් සුන්බුන් මැද සිටන් සිටීම,  පූදින රක්ත පද්මයන් මෙන් විසිරුණු දීප්ත ලෝහිත ආලෝකය, කඩා වැඩෙන හායිතං මුකුලයට අමතරව එහි තිබුණේ ස්වේත අස්ථි කැබලි වලින් පිරී ගිය පොළව සහ බයංකර රන්වන් පැහැය පතුරුවමින් ඇගේ දිග වැඩි කිරීමට හේතු හොයන තියෑන්වන් ය.

මෙදෙස බලන විට පැහැදිලි වන්නේ  චූ වන්නිං සත්‍යවශයෙන්ම තම ගෝලයින්ට කස පහර දෙන විට තරමක් කාරුණික වන බවය.

පූර්ව සුවිදර්ශනය පිළිබඳව සලකා බලන කල්හි ඔහුට එලෙස හැඟුණොත්  කුසල් අකුසල් කථිකාසනයේ සිටි සියල්ලෝම ක්ෂණයෙන් කුඩු කර සුණුවිසුණු කිරීමට ඔහුට හැකිව තිබී ඇත.

රන්වන් පැහැය සෙමින් සෙමින් මැකී ගියේ ය. තියෑන්වන්  තරු රැස් මෙන් චූ වන්නිංගේ අල්ල මතට ආපසු පැමිණෙන්නට විය.

ඔහු දීර්ඝ ප්‍රශ්වාසයක් පිට කළේ ය. දෙබැම හකුළවමින්, දුරින් සිටු සිය ශිෂ්‍යයින් වෙත පිය මැන්නේ උරහිසේ වූ වේදනාවද නොතකා හරිමින් ය.

“ෂ මෙයිට කෙසේ ද?”

ඔවුන් වෙතට ගිය පසු චූ වන්නිං විමසුවේ  තවමත් වේදනාම දරා ගනිමින් ය.

මෝ රන් සිය අත්හි සිහිසුන්ව සිටි  ලාවණ්‍යය ෂ දෙස බැලුවේ ය. ඔහු අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින අතර ඔහුගේ ඇල්ලීමට නොහැකි තරම් දෙකොපුල් සිහිල් වී ඇත. මෙම දර්ශනය බෙහෙවින් හුරු දෙයක් විය, එම
දුස්ස්වප්නයෙන් මෝ රන් ගට දිවියේ හෝ මරණයේදී ගැලවී යා නොහැකි විය.

ඒ මොහොතේ, ෂ මෙයි අතෙහි මෙලෙසම වැතිර සිටියේ ය, මෙලෙසම, ඔහු කෙමෙන් කෙමෙක් සුසුම් හෙළීම නවතන තුරු.....

චූ වන්නිං සිය ඇඟිලි චන් ආර්යාවගේ සහ ෂ මෙයිගේ ගෙලෙහි තැබුවේ ඔවුනගේ නාඩි පරීක්ෂා කිරීමටය. ඔහු මිමිණුවේ ය. “හ්ම්? මෙතරම් දරුණුවටම විෂ වී ද?”

මෝ රන්ගේ හිසට හී සැරයක් වැදුණාක් මෙන් දැණුනි. “විෂ? ඔබතුමා පවසන්නේ එය කලබල වීමට හේතුවක් නොවන බවද?ඔබතුමා පවසන්නේ ඔවුන් මේ නිකම් මෝහනය වෙලා වගේ කියා ද?”

චූ වන්නිං සිය දෙබැම හකුළා ගත්තේ ය. “අවතාරාධිපතිනිය සම්මෝහ නිද්‍රාව ඇතිකරන සුගන්ධයක් භාවිතා කරයි, එය එක්තරා විෂක්, මා බලාපොරොත්තු වූයේ මන්ද විෂක්, මෙතරම් විශාල ප්‍රමාණයක් නොවෙයි”

“......”

 “ප්‍රථමයෙන්  ඔවුන්ව චන් බංගලාවට රැගෙන යන්න,” චූ වන්නිං දිහටම කතා කරන්නට විය “විෂ ඇඳීම අපහසුයි, වැදගත්ම දෙය ඔවුන් ජීවතුන් අතර වීමයි.”

ඔහු එකහෙලාඅ උදාසීන ස්වරයකින් කතා කරයි. චූ වන්නිං සාමාන්‍යයෙන් කතා කරන ස්වරූපය මෙලෙස වූවත්, වත්මන් තත්ත්වය උඩ ඔහුව දිස්වූයේ අනුකම්පා විරහිත, නොවැදගත් කොට සලකා නොසලකා හරින ලෙසය.

මෝ රන් ප්‍රචණ්ක කාරී කුණාටුවක පැටලුණාක් මෙන් එම වර්ෂයට ඇදී ගියේ ය, ඔහු හිම මත දණ ගසමින් ජීවයත් මරණයත් අතර ද්වන්ත සටනක සිටින ෂ මෙයි අත්හි රඳවා ගෙන සිටියේ ය. ඔහුගේ වත කඳුලින් සායම් වී තිබිණ, ඔහු සිය ගොරහැඬි වී ගිය හඩින් චූ වන්නිං හට හැරී බැලීමට බැගෑපත් වූයේ ය, ඔහුගේ සිසුවාගේ දෙස මදක් බැලීමට, ඔහුගේ සිසුවාගේ දිවි ගලවා ගැනීමට අත දීමට  බැගෑපත්ව අයද සිටියේ ය.

නමුත් චූ වන්නිං කුමක් ද එයට පැවසුවේ ?

මෙවැනිම නොසලාකා හරින , උදාසීන ස්වරයකින්, මෙලෙසම

මෙලෙසම ඔහු මෝ රන් සිය  දණින් වැටී කළ බැගෑපත්ව අයැදි එකම එක වාරය ප්‍රතික්ෂේප කළේ ය.

හිම වර්ෂා මැද , ඔහුගේ අතේ සිටි පුද්ගලයා සිහිල් ව ගියේ ය, හිම පෙත්‍තක් ඔහුගේ උර මත වැටින පසුව නෙතු පිල්ලම් මත එල්ලිණ.

එදින, චූ වන්නිං සිය අතින් සිසුවන් දෙදෙනෙකු මරා දැමුවේ ය.

එක් අයෙක් ෂ මිංජිං , ඔහුට බේරා ගැනීමට හැකිවූවත් බේරා නොගත්.

අනෙක් අය මෝ වෙයියූ, හදවත තැවුලෙහි ගිලී හිමෙහි දණ ගසා ගෙන සිටි.

ඔහුගේ හදවත ත්‍රාසයෙන්, ක්‍රෑරත්වයෙන් , නොසන්සිඳෙන ද්වේෂයෙන්, දුෂ්ටත්වයෙන් පැරදුනේ සර්පයෙකු ලිස්සා ගිය විලසින් ය.

ක්ෂණයෙන් ඔහුට ප්‍රචණ්ඩකාරී ආශාවක්  හැඟුණේ  සිය දෙඅත් චූ වන්නිංගේ ගෙල වටා , ඔහුගේ මිත්‍රශීලී වෙසින් වසා සිටින යක්ෂ වේශය එළියට ඇඳ, පෙර භවයේ සිටි රුදු භූතාත්මය ලෙසට හැරී, ඔහුගේ පලි ගැනීමට පිළිතුරු ලියමින් චූ වන්නිංව මාංශ වලටම ඉරීමට ය.

හිම මත දණින් වැටී සිටි එම සිසුවන් දෙදෙනාගේ ජීවිත වල වාඩුව ගැනීමට ය.

නමුත් ඔහු ඉහත බැලූ විට, ඔහුගේ බැල්ම චූ වන්නිංගේ රුධිරයෙන් තෙත් වූ උර මත වැටිණ.

මෘග ඝෝෂාව ඔහුගේ ගෙලෙහිම මියදුණි.

ඔහු අනෙක් හඬක් නොනඟාම චූ වන්නිංගේ මුහුණ දෙස බලා සිටියේ ය, බැල්ම වෛරය දක්වා වැඩිණ, නමුත් චූ වන්නිං එය නොදැක්කේ ය. මොහොතකට පසු මෝ රන් හිස පහත් කොට සුදුමැලි වත හෙබි ෂ මෙයි දෙස බැලුවේ ය.
ඔහුගේ මනස හිස් විය.
ආයෙමත් යම් දෙයක් වූවොත් ෂ මෙයිට , ඉන් පසු,

“කැහ් කැහ් කැහ්”

ඔහුගේ අතේ රැඳි පුද්ගලයා කසින්නට විය...මෝ රන් තුෂ්ණිම්භූත විය, හද සසල විය...ෂ මෙයි සෙමින් දෙනෙත් විවර කරමින් රළු දුර්වල ස්වරයකින් මුමුණන්නට විය.

“ආ-රන්”

“ඔව්! මම ඉන්නවා!” සැනසුමට පත්ව සන්තෝෂයෙන් සියලු කණස්සල්ලයන් ඉවතලන්නට විය. මෝ රන්ගේ නෙත් පුළුල් වූයේ ඔහු අතක් ෂ මෙයිගේ සිහිල් කම්මුල මත තබනවා සමඟය, මන්දදීප්තිය ඔහුගේ නෙත්වල දිදුලන්නට විය. “ෂ මෙයි ඔබට කෙසේද දැනෙන්නේ, කොහෙ හරි තුවාල උනාද?”

ෂ මෙයි සිහින්  මඳහසක් නැඟුවේ ය, භාවයන් සිහින් විය. ඔහු අවට පිටාව බැලුවේ ය: “....කෙසේද මම මෙතනට ආවේ....මා සිහිසුන් වූවාද....අහ්! ඇදුරුතුමනි!....කැහ් කැහ්, මේ සිසුවා අදක්ෂයි...මේ සිසුවා..”

“කතා කරන්න එපා!” චූ වන්නිං පැවසුවේ ය. ඔහු ෂ මෙයි හට ඖෂධයක් කැව්වේ ය. “ඔබ අවදියෙන් සිටින හෙයින් , මේ විෂනාශක ප්‍රති ඖෂධය මුවේ තබා ගන්න, ගිලින්න එපා.”

ෂ මෙයි කීකරු ලෙසින් එය කළේ ය , ඉන් පසු තුෂ්ණිම්භූත විය, “ඇදුරුතුමනි, ඔබතුමා කෙසේද තුවාල වූයේ? ඔබතුමා ලෙයින් තෙත් වෙලානේ...”

කෝපාන්විත සහ නොතකන ස්වරයෙන් චූ වන්නිං එකහෙළාම පිළිතුරු දුන්නේ  ය. “එය එතරම දෙයක් නොවේ.” ඔහු සිටගෙන මෝ රන් දෙස බැලුවේ ය. “ඔබ, චන් බංගලාවට නැවත යෑමට හැකි ආකාරයක් ගැන සොයන්න ”

දැන් ෂ මෙයි අවදිව ඇත, ඔහුගේ කණස්සල්ල මුළුමණින්ම පහව ගොස් ඇත. ඔහු කීකරු ලෙස හිස සැලුවේ ය. “හරි!”

“මම මුලින්ම යන්නම්, මට චන් පවුලෙන් ඇසීමට යමක් තියෙනවා”

චූ වන්නිං හැරී පිටවූයේ ය.  මැලවී ගිය තණබිම් දසත පැතිරීම  හැරුණු කොට කිසිවක් නොමැති අප්‍රමේය රාත්‍රීයට මුහුණ පාමින්, ඔහුට අවසානයේ එය දැරිය නොහැකි විය, එමෙන්ම ඔහු සිය දෙබැම හකුළමින් වේදනාව සිය මුහුණ මත පෙන්විය.

ඔහුගේ මුළු උරහිසම නිය පහකින් හිල්වී තිබුණි, මාංශ සහ බලනහර ඉරී තිබුණි. අවතාරාධිපතිනිය අස්ථි වලට පත්ලටම කැපී තිබුණි. ඔහු ව්‍යාජ ශාන්ත බවක් මවා පාමින් එය විඳ දරා ගත්තේ ය, සිය රුධිර වහනය නැවතීමට නහර වසා දමමින් සිටියේ ය, ඔහු තවමත් මනුෂ්‍යයෙක් විය.

ඔහුට තවමත් වේදනාව දැනේ

එහෙත්, එය රිදුම් දුන්නාට මන්ද?

එක් පාදයක් අනෙක් පාදයේ ඉදිරියට යෙයි, මංගල වස්ත්‍රය සුළඟට ළෙලදෙයි.

මේ වර්ෂ සියල්ලේම , සියල්ලෝම ඔහුට ගරු කළහ, ඔහුට බිය වූහ, නමුත් කිසිවෙක් ඔහු වෙනුවෙන් අසලින් සිටීමට තරම් නිර්භීත වූයේ ද නැත ඔහු සුවෙන් සිටී ද යන්න සොයා බැලීමට වද වූයේ ද නැත. ඔහු එයට හුරුව ඇත. 

රෑ අහසේ උදුල තරුව යූහං, බේයිදෝව් අමරණීයයා.

හිස සිට පාදාන්තය දක්වා ස්නේහයක් නොලැබූ  අයෙකි, ඔහු ජීවත්ව සිටියාද නැද්ද යන්න , අසනීපෙන්ද, තැවුලෙන් ද යන්න සොයා බැලීම නොලද අයෙකි.
පෙනෙන අයුරින් උත්පත්තියේ සිට ඔහුට තවත් සහයක් අවශ්‍ය නොවිය, යැපීමට කිසිවක් අවශ්‍ය නොවීය, කිසිවෙක් සමාගමට අවශ්‍ය නොවීය.

කිසිවෙක් ඔහු ගැන සොයා නොබැලීම ඔහුට ප්‍රශ්නයක් නොවීය.

ඔහු මෙලෙස දුරින් සිටියේ ය. මේ වර්ෂ සියල්ලේම ඔහු ඒ ගැන කිසිදු ගැටළුවක් නොමැතිව සිටියේ ය. ඔහුට ඔහු ගැන බලා ගැනීමට හැකවිය.

ඔහු චන් බංගලාවේ දොර අසලට පැමිණියේ ය, නමුත් ඔහුට ගෙමිදුලට පය තැබීමට පෙර,  කර්කශ කෑගැසීමක් එයින් පැමිණියේ ය.

ඔහුගේ තුවාලය ඉරී විවර වීම පිළිබඳව නොතකා ඔහු ඉක්මණි ඇතුළට වැදුණි__අවුල් වී ගිය හිසත් දෙනෙත් වසා ගෙන ඒ මේ අත ඇගේ ස්වාමියා සහ පුත්‍රයා සොයන චන් මැතිණිය පමණක් දැකීමට ය. චන් පවුලේ බාල දියණිය පමණක් ඉතිරිව ඇත; ඇය කලබලෙන් පසෙක සිටන් සිටියා ය, ඇගේ කුඩා ශරීරය බියෙන් වෙලී පාලනයෙන් තොරව ගැහෙන්නට විය.

චූ වන්නිං දුටු පසු චන් ඉඩම්හිමියා සහ ඔහුගේ බාල පුත්‍රයා ඔහු වෙතට ගියේ භීතියෙන් හඬමින් ය “තාඕජං! තාඕජං! අපිව බේරගන්න”

චූ වන්නිං ඔවුන් තම පිටුපස සගවා ගත්තේ ය, ඔහුගේ බැල්ම නෙත් පියා සිටින  චන් මැතිණිය වෙත යොමු විය. ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය. “මම තමුන්ලට නොකිව්වේ මැය ගැන විමසිල්ලෙන් සිට ද මැයට නිදා ගැනීමට ඉඩ නොදෙන්න කියා!”

“අපිට මෑව, හැම වෙලේම බලා ඉන්ට බැරි උනා! මගේ මායියාගේ සරීර සෞඛ්‍ය හොඳ මදි, උන්දැ හැමදාම කලින් නිදා ගන්නවා, ඔබතුමා ගියාට පස්සෙ උන්දැ හැදුවේ ඇහැරගෙන ඉන්න, ඒත් නිදිකිරා වැටෙනවා, එක පාරටම යක්සාවේස වෙලා බෙරිහන් දෙන්න ගත්තනේ, බෙරිහන් දෙනවා මොනාදෝ ”

චූ වන්නිං රවා බැලුවේ ය “කුමක් කියා ද කෑගැසුවේ?”

චන් ඉඩම් හිමියා විවරවූ මුව නැවත විවර කිරීමට පෙර , වියරු මැතිණිය ඇගේ දත් විලිස්සමින් කුපිතව , වැලපී වැලපී කෑගැස්වුවා ය. ඇගේ දෙතොල් වලින් ආ හඬ තරුණියකගේ විය___

“හිතක් පපුවක් නෑ, වංකයි! හිතක් පපුවක් නෑ, බොරුකාරයි! තොපිලගේ ජීවිත වලින් වන්දි ගෙවපිය මට! මට ඕනේ තොපිලා ඔක්කොම මරා ගන්න!”

“අත්මයක් වැහිලා , භූත ආවේෂයක්” චූ වන්නිං පැවසුවේ ය. ඔහු බැගෑපත් වන චන් ඉඩම්හිමියා දෙස බැලුවේ ය. “මෙම හඬ , ඔබ දන්නෙහි ද?”

චන් ඉඩම් හිමියාගේ දෙතොල් වෙවුලන්නට විය. ඔහු ඒ මේ අත බැලුවේ ය, කලබලයෙන් කෙළ ගිලමින් ඔහු පැවසුවේ ය. “මම දන්නෑ, ඒක මම අඳුරන් නෑ, මට ඒක අඳුර ගන්න බෑ! තාඕජං අපිව බේර ගන්න! තාඕජං අපිව බේර ගන්න!, මේ යකාව පන්නන්න!”

තුවාල නොවූ අත ඔසවා චූ වන්නිං චන් මැතිණියව පියවර කිහිපයක් දුරින් වන සේ දිලිසෙන අඟුලක් මවා ක්ෂණයෙන් අහස මැද බාධකයක චන් මැතිණියව සිර කළේ ය.

ඇලවූ බැල්මක් හෙළමින් සිටි චූ වන්නිං  රළු ලෙස කතා කළේ ය. “ඇත්තටම ඔබ එය නොහඳුනන්නේ ද?”

චන් ඉඩම්හිමියා නැවත නැවතත් හඬන්නට විය. “ඇත්තටම මම දන්නෑ! ඇත්තටම දන්නෑ”

චූ වන්නිං තවත් වචන අපතේ හැරීමට වද වූයේ නැත. ඔහු තියෑන්වන් කරකවා චන් මැතිණියව බාධකයේ ඇතුළත ගැට ගැසුවේ ය.  

ඔහුට කළ යුතු වූයේ  මේ වෙනුවට චන් ඉඩම් හිමියාව ගැට ගැසීමය, එය මීට වඩා දෙගුණයකින් ප්‍රශ්න කිරීමට පහසු වන්නකි. චූ වන්නිං හට ඔහුටම ආවේණික මූලධර්ම ඇත; ඔහු සැහැල්ලුවෙන් සාමන්‍ය මිනිසුන්ව ප්‍රශ්න කිරීමට තියෑන්වන් යොදා නොගන්නේ ය. ඔහු පහසු ඉලක්කය අතහැර දමා චන් මැතිණියගේ ශරීරය විමර්ශනයට ගත්තේ ය.

මිනිසුන්ව ප්‍රශ්න කිරීමට වඩා භූතයන් ප්‍රශ්න කිරීම වෙනස් ය.

තියෑන්වන් මඟින් මිනිසුන්ව ප්‍රශ්න කරන විය, ඔවුන්ට වධ බන්ධන දැරිය නොහැකිව පාපොච්චාරණය කරති.

නමුත් අවතාරයක්ව තියෑන්වන මඟින් ප්‍රශ්න කරන විට බාධකයක් සාදා එහි චූ වන්නිං සහ අවතාරය පමණක් සිට, අවතාරය එහි ජීවත්ව සිටිනවිට වූ ස්වරූපයට පැමිණ , චූ වන්නිං හට තොරතුරු හෙළිදරව් කරයි.

තියෑන්වන් ක්ෂණයෙන් ගිනිසිළු බවට ඇවිලිණ, චූ වන්නිංගේ පෙදෙසින් සැඩ පහරක් සමඟින් ලතාව චන් මැතිණිය වෙතට ගියා ය.

චන් මැතිණිය යටි ගිරියෙන් කෑගැවීමට පටන් ගත්තා ය, ඈ ඇඹරෙන්නට වූයේ විලෝ ලතාවේ වූ  රක්ත ගිනිසිළු ඝෝර නීල අත්භූත ගින්නක් චන් මැතිණියගේ පෙදෙසින් ගිනිගෙන චූ වන්නිං දෙසට ආපසු ඒමත් සමඟය.

චූ වන්නිං නෙත් පියා ගත්තේ ය. ගිනිසිළුව ඔහුගේ අත මත විලෝ ලතාව සමඟ දැල්විණ, අත්භූත ගින්නට ඔහුට හානි කළ නොහැක. එය ඔහුගේ අතේ සිට ළය තෙක් දැවීමෙන් පසු පිට විය.

“......”

චන් පවුල ත්‍රාසයට පත්ව බලා සිටියේ චූ වන්නිං කුමක් කරනේ ද යන්න අවිශ්වාසෙන් ය.

චූ වන්නිංගේ නෙතු පිහටු සිහින් ලෙස ළෙලදෙන්නට විය, දෑස් වැසී තිබුණි, නමුත් ස්වේත වර්ණිත ආලෝකයක් සෙමින් ඔහුගේ නෙත් ඉදිරියේ මැවුණි. පැහැපත් පා යුගලයක් ආලෝකයෙන් බැස ආහ. සතළොස් හෝ අටලොස් පමණ වියැති යුවතියක් ඔහුගේ දර්ශනයේ මතු විය.

 

Previous | TOC | Next

Comments

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.