අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | සොළොස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ මවිත වූහ.
[අවවාදය: කාමුක හැසිරීම් අඩංගු වේ, මේ පරිච්ජේදය සහ අනිත් පර්ච්ඡේදය (අසංවර මළ සිරුරු)]
මෘගයෙකු
වාගේ වීම සම්බන්ධව මෝ රන් හට දොස් පැවරිය නොහැක. ගැනිය නොහැකි තරම් මුළු හදින්ම ද
නැතහොත් ව්‍යාජ හැඟුමන් පෙර දැරිව ද යන්න අදාළ නොකොට තමා සමඟ යහන් ගතවීමට ගිය අයෙකු සමඟ කුඩා ඉඩක
සිරව සිටීම, පළිගැනුම් ද ස්නේහය ද යන්නෙන් ද පරිභාහිරව ඔවුන්ගේ හුරු
පුරුදු සුවඳ විදීම කාගේ වුව ද සිතුවිලි
කළඹයි, මෙලෙසටම උත්තේජනයක් ලබා දෙයි.
මෙයට
පරි බාහිරව ගත් කල මෝ රන් යනු ද ඇරඹුමට තරම් වූ නොසණ්ඩාලයෙකි.
ෂ
මෙයි යනු ඔහුගේ චන්ද්‍රකාන්තිය යි. ඔහුට අත තැබීමට ඔහුගේ හද ඉඩ නොදුන්නේම ය. ඔහුව
විනාශ මුඛයට ඇද දැමීමේ අවදානම ඔහුට ගත නොහැකි ය.
චූ
වන්නිංව කැබලි කිරීම පිළිබඳව මෝ රන් කිසිඳු මනස්තාපයක් නොවූවේ ය. චූ වන්නිංගෙන්
කෙරෙන් ඔහුට තමා තුළ වූ දුරාචාරයන්, මෘග ආශාවන්, සහ ඇට මිදුළු කරා ගොස් තිබූ අති ක්‍රෑර භාවය සීමා මායිම් නොතකා පිට කළ හැක.
පුද්ගලයාව දූවීලක් විලසට
පොඩි පට්ටම් කොට, ඔහුව පෘෂ්ඨයක් මත තද කොට, කෑලි වලට ඉරා දැමීම වැනි කාරණා ෂ මෙයි පිළිබඳව ඔහුගේ මනස තුළට කිසි දවසක
පැමිණ නැත.
පෙර අත් භවයේදී ඔහු චූ
වන්නිංව සෑම විටකම පාහේ දුටුවේ දුටු හිස පහළට ඇලවී නග්න වූ ගෙල ඉහළට පහළට යාමය,
තමාවම ඔහුට එකල දැනුනේ ඔහුගේ අස්ථි කුඩු පට්ටම් කර, ඔහුගේ ගෙල ඉරා ගිජු ලෙස ලේ
බීමට වූ දැඩි රුචිය මුල් බැසගත් රුහිරු
පිපාසයෙන් පෙලුණු මෘගයෙකු බවට පත් වූ අයුරින් ය.
ඔහු චූ වන්නිං පිළිබඳව
නොතැකුවේ ය, එහෙයින් ඔහු පසුබට වූයේ ද නැත.
ඔහුගේ ශරීරය තුළ දුෂ්ටත්වය
වර්ධනය වෙමින් තිබුණ ද ; චූ වන්නිං ගේ
සුවඳ දැනුණු විටදී උදරයෙහි ගින්නක් හට ගෙන ළයට විත් ඔහුගේ හදවත දවාලනුයේ මෙම
පුද්ගලයාව ඇඳක ගැට ගසා රමණය කිරීමට ඇති අවශ්‍යතාව මතු කරමින් ය.
උන්මාදයෙන් මෙන්
ගැසෙන මෝ රන්ගේ හෘද ස්පන්දනය ශවභාජනයෙහි
වූ නිහැඬියාව මතින් වුව ද ඇසෙන්නට ඉඩකඩ තිබිණ. චූ වන්නිංගේ මුහුණ ළඟින් තිබූ බව
ඔහු දන්නේ ය මක්නිසාද යත් හෙතමට ඔහුගේ හුස්ම දැනුණේ ය. එම මොහොතේ ඔහු සපා කෑමකට
ඉදිරියට පැන්නෝතින් චූ වන්නිං හට ගැලවුමක් නැතිවන්නේ ය.
එයට කම් නැත.
ඔහු පිටුපසට තල්ලුවී චූ
වන්නිං කෙරෙන් ඉවතට ගියේ ඉතරම අපහසුවකින්
නොවුනි මක්නිසාදයත් ශවභාජනය බෙහෙවින් එකට සිරවී තිබූවකි.
“මට සමාවෙන්න ඇදුරුතුමනි,”
මෝ රන් අපහසුවෙන් මෙන් සිනාසුණේ ය.
“ශවභාජනය ඇල වෙයි කියා සිතු____වේ නැහැ”
ඔහු කතා කරනවාත් සමඟම නැවත
වරක් ශවභාජනය ඇල විය. මෝ රන් පෙරලී ගොස් චූ වන්නිංගේ අතට වැටිණ.
චූ වන්නිං “...........”
මෝ රන් නැවත පිටුපසට තල්ලු
වී ශවභාජනයට ඇලවුණේ ය. මෙය සැරින් සැරේ නැවත නැවති සිදුවිණ.
“මට ශාපයක්වත් වැදිලද මේ” කඩිමුඩියේ
මෝ රන් නැවත වරක් පසෙකට වූයේ ය.
පෙනී යන අයුරින් නම් ජින්තොං සහ යූන්‍යූ බෑවුම් මතින් ගමන් කරන්නෝ
ය. එමෙන්ම ශවභාජනය ඇතුළින් ද ඉතා ලිස්සන සුළු ය, පිළිසරනක් නොමැති වූවා සේම මෝ රන්
නැවත නැවතත් චූ වන්නිං වෙතට ගියේ ය.
“ඇදුරුතුමනි.....” මෝ රන්
තම තොල් සපමින් අනුකම්පා උපදවන සුළු සේයාවක් මවා ගත්තේ ය.
මෙම කොලුවා ඉපදී ඇත්තේ ද
ස්නේහය ඇතිකරන සුළු පෙනුමක් සහිතවය, තම වෘක වල්ගය සඟවා ඒත්තුගන්වන සුළු බලු
පැටවකුගේ ලෙස රඟ දැක්වීමට ඔහු එය මනසට ගත් කළ හැකිය.
චූ වන්නිං කිසිවක්
නොපැවසුවේ ය.
නැවත වරක් පෙරලී යෑමට මෝ රන්ට අවශ්‍ය වූයේ නැත. ඔහු ඒ පිළිබඳව අරගල කිරීමද අත් හැරියේ ය.
“මම එය හිතාමතා කළ දෙයක් නොවේ.”
චූ වන්නිං “...........”
මෝ රන් සිහින් හඬකින්
පැවසුවේ ය, “මගේ පිටෙහි තිබෙන තුවාල මෙහි බිත්තියේ වදින හෙයින් එය වේදනාකාරී ය.”
අන්ධකාරයෙහි දී චූ වන්නිං
සියුම් ලෙස සුසුම් ලෑවේ ය. පිටතින් ඇසෙන ගොං සහ බෙර නාදය ඉතා ඝෝෂාකාරී විය. ඔහුට ඇසුනාද කියා මෝ රන් හට විශ්වාස නොවී ය.
එනමුදු ඊළඟ නිමේෂයේදී හයිතං කුසුම් සුවඳ වඩ වඩාත් දැනුණේ චූ වන්නිං
මෝ රන්ගේ පිටු පසට අත යවමින් මෝ රන් නැවත වරක් වැදීමට ඇති ඉඩ අවහිර කරමින් අත තැබූ
හෙයින් ය.
එය වැළඳගැනීමක් නොවුණේම
ය__ චූ වන්නිං දුරස්ථභාවය තබා ගනුයේ ඔහුගේ වස්ත්‍රය මෝ රන්ගේ කරා තරමක් එල්ලුන ද, මෝ රන්ගේ කයෙහි ස්පර්ශ වීමට ඇති ඉඩකඩ අහුරමින්__නමුත් මේ ඉරියව්ව තරමක් ළං වූවකි.
“ප්‍රවේෂම් වන්න, නැවත
වරක් වැදීමෙන් වැළකීමට වග බලා ගන්න” ඔහුගේ
හඩ ගැඹුරු වූවේ රළ පතර ගල් වල ගැටෙන්නාක් මෙන් ය, තීව්‍ර මෙන්ම ගෞරවණීය විය. එය
සවන් යොමන්නට තරම් කන්කලු වූයේ යමෙක් ද්වේෂයකින් හිත් අමනාපයකින් තොරව ඇහුම්කන්
දුන් විටය.
“ම්න්”
ඉන්පසු කිසිවෙකු සවන්
නොදුන්නේ ය.
මේ මොහොත වන විට මෝ රන් යනු තවමත් වැඩෙමින් සිටි යෞවනයෙක් ය, ඔහු වැඩුණු මිනිසෙකුව සිටිය දී තරම් උසක් නොතිබුණේ ය. මේ
මොහොතේ ඔහුගේ නළල චූ වන්නිංගේ නිකටට ළඟා වීමට තරම් විය.
මෙම හැඟුමන් බෙහෙවින් හුරු
පුරුදු විය, එහෙත් එලෙසම නුහුරු ද විය.
හුරු පුරුදු දේ නම් ඔහු ඉදිරියේ මේ වැතිරී සිටින පුද්ගලයා ය.
නුහුරු දේ නම් ඔවුන් සිටින මේ ඉරියව්ව ය.
පෙර අත් භවයේදී , එතරම්
දුර කාලයක නොවූවත් සෂං කඳුමුදුනේ , වූෂන් මාලිගයේ තාශියෑන් ජූන් පසෙකින් වැතිරී
සිටියේ ඔහුම විය. නිමක් නොවූ අන්ධකාරයේ ඔහුට හුස්ම ගැනීමට අපහසු තරම් වූ, සිය
අතින් චූ වන්නිංව තදින් ග්‍රහණය කරමින් .
එම මොහොතේ ඔහු චූ වන්නිංට
වඩා උසින් වැඩි විය, එහෙන්ම තම ඇදුරුතුමාට වඩා ශක්තිමත් විය. කම්පලයක් මෙන් විය,
විලංගු මෙන් විය , ඔහුගේ අත්හි ඉතිරිව තිබූ උණුසුමට අගුළු ලනවාක් මෙන් විය හරියට
මෙලොව ඇති අවසන් ගින්නෙහි අඟුරු රැගෙන
සිටියාක් මෙන්.
ඔහු සිය හිස පහත් කොට චූ
වන්නිංගේ තීන්ත වන් තද කළු වරලස සිප ගෙන, පහත් වී තෘප්තිකයකට පත් නොවී, චූ
වන්නිංගේ නැමුණු හිස වෙත යවා සානුකම්පිත
නොවූ අයුරින් තදින් සැපුවේ ය.
“මම තමුන්ට නුඹට වෛර කරමි,
චූ වන්නිං. මම සැබැවින්ම නුඹට වෛර කරමි”
ඔහුගේ හඬ රළු විය.
“එනමුත් නුඹ විතරයි මට
ඉතිරිව සිටින්නෙත්”
ගැටීම් සහ තෙරෙපීම්
සමුදායක් සිදු වූවද මෝ රන් තම මතකයන්ගෙන්
තරමක් වුවද ඉවතට නොපැන්නේ ය.
ක්ෂණයෙන් ගොං සහ බෙර නාදය නතර විය. දිගු
නිහැඬියාවක් අවට වෙලා අත්තේ ය.
“ඇදුරුතුමනි!”
චූ වන්නි ඔහුගේ දෙතොල් මත
සිය ඇඟිලි තුඩු තබමින් “කතා නොකරන්න, දැන් අපි මෙහි” සිහින් හඬිකින් අනතුරු
අඟවන්නට විය.
පැහැදිලි ලෙසටම පිටතින්
කිසිඳු අඩි ශබ්දයක් නොවිය, තිබූ දෙය නම් ඒ නිහැඬියාව පමණි.
චූ වන්නිංගේ ඇඟිලි තුඩු
මතින් රත්‍රං පැහැ මන්දාලෝකයක් මැවිණ. සැණින් ශවභාජනයේ බිත්තිය මත සිදුරක් තනා
ඔවුනට පිටත බැලීමට පහසු වන ලෙස කපා පුළුල් කළේ ය.
සත්‍යවශයෙන්ම ඔවුන් සායි
දියේ නුවරින් පිටතට රැගෙන විත් ඇත. ඉදිරි පස වූ දෙවොල ශවභාජනයන්ගෙන් ඒ වන විටත් පිරී
ඉතිරී ගොස් තිබිණ. සියක් සමනොළ සුවඳ වඩ වඩාත් උග්‍ර වන්නට විය. එය ශවභාජනය දෙසට
ආවේ ය.
සැණකින් මෙහි කුහුලක් ඇති
බව මෝ රන්ට වැටහිණි. “ඇදුරුතුමනි, පේන විදිහට නම් මෙය අර චන්-ගොංසගේ ශවභාජනයෙහි වූ
සුවඳ නේද?”
“ඒ කෙසේ ද?”
මෝ රන් හට සුගන්ධය පිළිබඳ
මහත් උනන්දුවක් තිබිණ. “උත්තර කඳුකරයේ දී , ශවභාජනය පැලී විවර වූ විට, එයින්
පියකරු සුවඳක් හමාගෙන ආවා, එයින් මට කිසිදු අපහසුතාවයක් මතුවූයේ නැහැ බොහෝ විට
සියක් සමනොළ සුගන්ධය විය හැක. නමුත් අප මායාන්විත භුවනට පැමිණියාට පසු, එවැනි
සමාන සුවඳම මට දැනුන ද , එය තරමක් වෙනස්
ය, එහෙත් එයට ඇඟිලි නොගසා සිටීමට නොහැකි
විය, නමුත් දැන්....මා සිතන්නේ නම් මා එය දන්නවා. ”
චූ වන්නිං මෝ රන් දෙස
බැලීමට හැරිණ “ඔබ මේ සුවඳට අකමැතියි ද?”
මෝ රන් තවමත් විවරය මත ඇලී
අපහසුවෙන් මෙන් පිටත බැලුවේ ය. “ම්න් මම කුඩා දරුවෙක්ව සිටි කල් සිටම ධූපයන්ට අකමැතියි. මායාන්විත භුවනේ වූයේ සියක් සමනොළ
සුවඳ නොවේ, නමුත් එය සායි දියේ නුවර වැසියන් උත්සවනයන්ට අධිපති අවතාරාධිපති සඳහා
දල්වන සුවිශේෂි ධූපයක්. අර බලන්න අතන_____”
චූ වන්නිං ඔහුගේ නෙත් හඹා
ගිය විට දෙවොල ඉදිරිපිට ධූප දාහකයක් මත වූ
හඳුන් කූරු ත්‍රිත්වයක් නෙත් ගැටිණ. එහි සුගන්ධය නිදැල්ලේ වාතල සමඟ මුසු විය.
සායි දියේ නුවර වැසියෝ
පුෂ්පයන්ගෙන් සුවඳ වහනය වන ද්‍රව්‍ය නිපදවති, ඔවුන්ගේ සුවඳ ද්‍රව්‍ය දේශීය වශයෙන්
නිපැයූ ඒවාවේ. මන්දයත් සියල්ල නගර පුරා
පූදින පුෂ්පයන්ගෙන් , ප්‍රතිඵලයක් ලෙස එම සුගන්ධය කලාව හුරු නැති නගර වැසියනට සමානය.
චූ වන්නිං ගැඹුරින්
සිතන්නට විය “චන් ගොංසගේ ශවභාජනයෙහි වූ සුගන්ධයෙහි සහ මායන්විතයෙහි වූ සුගන්ධය සමඟ
කිසිදු සම්බන්ධයක් නැති ද? ”
නව තොරතුරක් පිළිබඳව
ගවේෂණාත්මකව සිතා බලන්නට ප්‍රථමයෙන් දෙවොල දෙසින් එන දැඩි වූ රක්ත ආලෝකය සිතුවිලි
වලට අතරමැදි විය. ඔවුන් දෙදෙනම දිශාව දෙස
බැලුවේ මුළු දිශාවම ඒකාලෝක කරන
ලජ්ජ්වලිත, ප්‍රදීපනය කරන අලෝකය දෙස දෙනෙත් යොමු කිරීමටය. රක්ත පද්ම පහන්
පෙළ, ප්‍රාර්ථනාවන් කිරීම සඳහා භාවිත කරන කල්හි දෙවොල පසෙකින් සිටුවා තිබිණ. එකින්
එක සියල්ලම දැල්විණ.
ශවභාජන රැගෙන ආ අවතාර
ළමයින් සියල්ල එකට දණ ගසාගෙන ගායනා කරන්නට විය “උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනි
පැමිණෙන්නී, මෙම තනිකඩ ශෝක ආත්මයන්ට සහකරු සොයනට මඟ පෙන්වන්නී, සොහොනින් එකතුවී ,
මරණින් මතු එක්වන්නේ ”
උත්සවයන්ට අධිපති වූ
අවතාරාධිපතිනියගේ දෙවොලෙහි වූ පිළිරුව පාරිශුද්ධ රත්‍රං ආලෝක දහරාවක් ගිගුරුම්
හඬක් සමඟ පිට කරන්නට විය. එහි ඇස් පිල්ලම් පහතට වැටී , මුවඟ සෙමින් සෙලවිණ. එය
මනරම් ලෙස අල්තාරයෙන් පිටතට පැමිණිය.
සුන්දර චලනයන්,
භාග්‍යයක් ලෙසින්ම තැන්පත් සේයාවක් සිරුරු දරාගෙන සිටියි.
මැටියෙන් තනන ලද හෙයින් සිරුරු තරමක් ස්කන්ධයෙන් වැඩි විය. තරුණ යුවතිය බොල් හඬ
නගමින් භෝජන බඳුන් කුඩු කරමින් පොළොවෙහි
පතිත විය.
මෝ රන් ;
“ප්ෆ්ෆ්ට්”
චූ වන්නිං ;.............
අවතාරාධිපතිනියද සැලකිල්ලෙන්
සිටින බවටද සේයාවක් විය. එය සෙමින් බැසීමට පෙර සියළුම භෝජන බඳුන් දෙස බලන්නට විය.
සැකිල්ලෙන් බැසවිත් සිය වස්ත්‍ර නැවත සකසන්නට විය.
අනර්ඝ ගණයේ රතුවතින්
සැරසුණු යුවතියක් විලසින් එය මතුවිය, ආලේපනයන්ගෙන් වත සරසාගෙන සයිප්‍රස් පත්‍රයකින් වරලස සරසාගෙන ප්‍රීතිමත් අයුරින්
දිස්විය. රාත්‍රි අන්ධකාරයේ ගෙල ඒ මේ හරවමින් එය සියක් වූ ශවභාජනයන් ඉදිරියට
පැමිණිය. දිරාපත්වූ ශවයන්හි දුර්ගන්ධය මද
සුළඟ සමඟ මුසුව හත්පස පැතිරිණ. එහි මනෝභාවයන් පෙනී යන අයුරින් වඩවා ගෙන “ග,ග”
සිනහා හඬ පතුරවමින් දෑත් සෙමින් දිගු කෙරිණ.
“මාව විශ්වස කරන අදහන
සියල්ලන්හටම විවාහ සහකරුවෙක් ලබාදෙමි, ජීවිතයේදී නොලැබුණු එය ඉෂ්‍ට කරමි.” සෞම්‍ය
හඬ රාත්‍රියේදී මතුවිය. භූතයින් සහ අමනුෂ්‍යයින් කෘතඥපූර්වකව බිම දිගා විය.
“උත්වයන්ට අධිපතිනියගේ ආශිර්වාදය___”
“උත්වයන්ට අධිපතිනියගේ ප්‍රාර්ථනාවෙන්
විවාහපත් වීමට ලැබේවා___”
එවැනි ආයාචනයන් රළ පිට රළ
මෙන් පැමිණිය; අවතාරාධිපතිනිය තෘප්තියෙන් සිටී බව පෙනීගියේ එය ශවභාජනයන් අතරමැදට
විත්, සවනට සිදුරු කරන මෙන් වූ කර්කශ හඬකින් සිය ලෝහිත වර්ණාලේපිත නිය පෙළ අදින්නට
විය.
මවිතයට පත්ව මෝ රන්
“ඇදුරුතුමනි, මාහට මතක විලසින් නම ඔබතුමා පෙර සඳහන් කළා රාක්ෂයින්ට, අමරණීයන්ට,
අවතාරයන්ට, දෙවිවරුන්ට, යක්ෂයින්ට සහ මිනිසුන්ට අනන්‍ය වූ ලෝකයක් තිබෙන බවට. එහෙත්
නවවැනි දිව්‍යලෝකයෙහි නොසිට අමරණීයයෙක් අවතාරයන් අතර සැරිසරන්නේ මන්ද? ” ඇසුවේය.
“මක්නිසාදයත්, භූතයින්ගේ
මංගල්‍යයන්ට අධිපති පවතිනුයේ භූතයින්ගේ
ඇදහීම් මතය” චූ වන්නිං පිළිතුරු දුන්නේ ය. “අවතාරයන් එයට මහත් ලෙස පිං දෙයි එසේ
නොවුවහොත් ශතවර්ෂ කිහිපයකියි එයට අමරණීයත්වය ලැබීමට නොහැක. එවැනි වාසිදායක ප්‍රතිඥානයකින්
, එය ස්වභාවයෙන්ම මෙම පරලොව සගයන් සමඟ සමාගමට ප්‍රියය”
අවතරාධිපතිනිය ශවභාජන
පොකුරු අතරින් සැරිසරා ඉදිරියට ආපසු පැමිණිය, ප්‍රීතිමත් හඬ නැවත නාද විය. “වම්
පසින් පටන් විවර වූ සියළුම ශවභාජනයන් හට විවාහයක් ලබා දෙයි”
එහි අණ පරිදි වම්පස පිහිටි
පළමු ශවභාජනය සෙමින් විවර විය, ජින්තොං සහ යූන්‍යූ දෙපළක් හිස නමා ආචාර කළහ. ඇතුළත වූ ශවයන් පිටතට චංචල වෙමින් බැස ආහ.
මාළානික විලසින් සුදුමැළිව ගිය ඔවුන්ගේ මුහුණ උද්දීප්තවූ ඔවුනගේ මංගල වස්ත්‍රය සමඟ
එකට ගැටිණ.
යුවල සෙමින් පැමිණ
අවතාරාධිපතිනිය ඉදිරිපිට දණ ගසන්නට විය.
අවතාරාධිපතිනිව හස්තයක්
ඔවුන් අතරින් තබා හඬ අවදි කරන්නය විය “උත්සවයන්ට අධිපතිනිය වශයෙන් , මම මෙහිදී පති
පතිනය වශයෙන් මුඹලාට අතිනත ගැනීමට විවාහය මරණින් මතු විවාහය ප්‍රදානය කරමි ස්ත්‍රී පුරුෂ ප්‍රමුදිත
එක්වීමට”
මෝ රන් සිය නෙත් කරකවමින්
“කුල්මත් කාව්‍යයන් නොකියන්න ඔබ නොදන්නවා නම්. මෙම විවාහ ගිවිසුම් මහ අසභ්‍යයි”
කෝපයෙන් මෙන් චූ වන්නිං
සඳහන් කළේ ය “ඔබට තියෙන්නෙ අශ්ශිල පරිකල්පනයන්නේ”
මෝ රන් නිහඬ වූයේ ය.
එහෙත්, දිගු වේලාවක් යෑමට පෙරාතුවම, අවතාරාධිපතිනිය එය පෙන්නුම් කරන්නට විය. සත්‍යවශයෙන්ම
මෙහිදී අවිනීත අය නම් ඒ මෝ රන් නොවිය, භූත මංගල්‍යයන් භාරව සිටින්නාය.
එහිදී එම නව යුග දිවියට
පත් මළසිරුරු කෝමෝද්දීපන රතිප්‍රබෝධකය
පානය කර සිටින්නාක් මෙනි, පැහැදිලි ලෙසටම ඔවුහු ඒ වනවිට මළවුන්ය, එහෙත් එකිනෙකාගේ
වස්ත්‍ර ඉරමින් , වැළද ගනිමින් ,සිප ගනිමින් ආවේශයෙන් මෙන් සියල්ලන්ම ඉදිරියේ
නිර්ලජ්ජිතව එහිදීම එක්විය.
චූ වන්නිං:
“.................”
මෝ රන්:
“..................”
“උත්සවයන්ට අධිපතිනිය වශයෙන්, මම මෙහිදී මුඹලාට ස්වභාවික ආඥාවට අනුව සුමු ප්‍රමෝදය
ලබා දෙමි. යින් සහ යං එකතු විය, ජීවය හෝ මරණය කම් නැත.”
අවතාරාධිපතිනිය උග්‍ර ලෙසට
ගර්විත ලීලාවෙන් උත්ක්‍රෝෂය කරන්නට විය
ශවයන්හි චලනයන් වඩ වඩාත් වැඩිවන්නට
විය. පුරුෂ ශවය ඔහුගේ ඇදුම් පැළදුම් ගලවමින් හාස්‍යය ද උපදවන සුළු මෙන් සාත්විකව
ප්‍රබල වූයේ ජීවමාන පුද්ගලයෙකුට දෙවෙනි නොවමින් ය.
මෝ රන් සම්පූර්ණයෙන්ම පාහේ මවිතයට පත්විය.
“මොන මඟුලක්ද, උඹට මෙතන ඕවා කරන්න නොහැකියි.”
T/N
ගොං - Gong
Comments
Post a Comment