අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

 


ඇදුරුතුමාහට සිය හෘදායාංගම අවංකභාවය විදහා දැකිවීමට සෂං කඳු ශිඛරයේ ස්වමිපුත්‍රපුත්‍රයන් කරුවූ ටෝෆු බඳුන් ත්‍රිත්වයකින් තමාව සංග්‍රහා කරන ලෙසටත් එයින් එක කැබැල්ලකුදු අපතේ නොයවා සියල්ල අහරට ගන්නා ලෙසටත් ප්‍රතිඥා දුන්නේ ය.

චූ වන්නිං බෙහෙවින් පැහැදීමකට පත්වූයේ ය, දුර්ලභ ගනයේ ඇගයීමක් හෙතෙමගේ නෙතු තුළ විය.

මෝ රන්, මේ දැකීමෙන් බෙහෙවින් අපැහැදීමකට පත්වූයේ ය, අදිරද තාෂියෑන් ජූන් හට චූ වන්නිංගේ පිළිගැනීම් කෙරෙහි වදන් වලට පෙරලීමට තරම් අපහසු  ආසක්තියක් තිබුණි, එමෙන්ම කල් පමා නොකොට තමාටත් බඳුන් තුනකින් සංග්‍රහ කරන ලෙසට ඉල්ලා සිටියේ ය. චූ වන්නිං ඔහු දෙස බලා; “ඔබට මේ සියල්ල ආහාරයට ගත හැකියි ද?”

මෝ රන් හට ෂුවේ මංට දෙවැනි වීමට කිසිසේත්ම අවැසි නොවීය: “තුන් බඳුන් යනු මහමෙරක් ද, තව තුන් බඳුන් වුවත් කම් නැත.”

චූ වන්නිං සියුම් ලෙස පැවසුවේ ය. “හොඳයි”

ඔහු මෝ රන් හට ටෝෆු බඳුන් සයක් පිරිනැමුවේ ය.

මෝ රන්: “....................”

අනිත් දෙදෙනාම කළ හෙයින් ස්වභාවයෙන්ම ෂ’මෙයි ද සුපුරුදු යෝග්‍ය මදහස මුසු මුහුණින් ඔවුන්ව අනුගමනය කළේ ය. “එසේනම්......ඇදුරුතුමණි, මටත් බඳුන් තුනක් අවශ්‍යයි”

යූහං වැඩිහිටියාණන්ගේ   දඬුවම්  කාල සීමාවේ පළමු දිනම, එතුමන්ගේ ගෝලයින් තිදෙනාමට ආහාර විෂ වීමකින් උදරයාබාධයන්ට ලක්වීමට සිදුවිය, දෙවෙනි දින ජියේලු වැඩිහිටියාණන් චූ වන්නිංව සොයා සූක්ෂම ලෙස මංපෝ ශාලාවට අමතර අත් උදව් කරුවන් අනවශ්‍යයි යන පණිවුඩය පතුරවා, ඒ හෙයින් නයිහ’ පාලම අසල වූ කුළුන අබියස ගිලිහී වැටී ඇති වියළි පත්‍ර එකතු කොට එහි ඇමැද පිරිසිදු කරන ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටියේ ය.

නයිහ පාලම සෂං කඳු ශිඛරයේ ප්‍රධාන ප්‍රදේශයට සහ ඡාත්‍රයින් වාසය කරන ප්‍රදේශයට සම්බන්ධ වී ඇත, පැත්තෙන් පැත්තට සිටිනසේ අශ්වරථ පහකට පමණ ගමන් කිරීමට තරම් එය පුළුල් විය. එය ප්‍රතාපවත් මහානුභාවසම්පන්න සැකැසුමක් විය, ස්වේත යූ මාණික්‍යයෙන් නිම වූ නව මෘගයින්  මකරිඳුගේ පුත්‍රයන් නව දෙනාව නිරූපණය කිරීම සඳහා ප්‍රධාන කුළුණු හිස්හි  සිටි අතර සැටතුන්සීයක් පමණ වූ පහළ කුළුණු මිගරද උවනින් සැරසී නිර්මිත විය.

ශාන්ත වූ විලසින් චූ වන්නිං භූමිය අමදිමින් සිටියේ ය, ඉන් පසු කාර්යක්ෂම ලෙස සුපරික්ෂාකාරීව නව මෘගයි පිසදැමීම ඇරඹුවේ ය,

දිනයෙන් අධික කාල පරාසයක් මෙම කර්තව්‍ය කිරීම සඳහා විහිදා ගියේ ගුවන කාල වර්ණයෙන් සැරසුණු පරිද්දෙන්ම වර්ෂාව පතනයේද ඇරඹුම සනිටුහන් කිරීමෙන් ය.

සිය දේශනයන් නිමවී පිටවන බොහෝ සිසුන් ඇතැතිව ඡත්‍රයක් නොවීය, ඔවුහු කෑ මොර දෙමින් සිය නේවාසිකාගාර වෙතට වකුටුව දිව ආවෝ ය. සිරි සිරි හඬින් වැහි බිඳු ශෛලමය පියගැට මත විසිරිණි. චූ වන්නිං දුරින් හිඳ සිසුන් දෙස බලා සිටියේ ය. තෙමීගොස් තෙත බරිතව සිටිය ද යොවුන් බාලක බාලිකාවන්ගේ මුහුණෙහි වූ සියුම් හසරැලි එලෙසට දීප්තියෙන් බබළන්නට වූයේ සැහැල්ලු බව එලෙසම තිබියදී ය.

ඔවුන් තමාව දුටු විගසින් එම සිනහවන් මැකී යන බව චූ වන්නිං දැන සිටි හෙයින් ඔහු වටපිට බලා පාලම යටට ගොස් සිටන් සිටියේ ය.

දිව ආ සිසුන් පාලම වෙත පැමිණ දුටු පළමු දසුනෙන් කිසිවක් කරකියා ගත නොහැකිව “ඈ” ලෙස පවසා ඔවුන් ඉදිරියේ  දිස්වූ දේ  දෙස බලා සිටියේ ය.

“බාධකයක්”

“ඇයි මේ නයිහ’ පාලමට උඩින් බාධකයක් තිබෙන්නේ”

“ෂුවැන්ජි වැඩිහිටියාණන් විසින් තැබූවක් විය යුතුයි” එක් ශිෂ්‍යයෙක්  අනුමාන කළේ ය. “ෂුවැන්ජි වැඩිහිටියාණන් අපටත් සමඟ සැමවිටම හොඳින් සිටියානේ”

එම පාරභාසක රත්‍රං බාධකය නයිහ’ පාලම වසාගෙන ජ්වලිත ලෙස ශිෂ්‍ය නේවාසිකාගාරයන්ට පිවිසෙන ප්‍රධාන අඩිපාර දක්වා විහිදී ගොස් ඇත්තේ ඉතිරිව ඇති සම්පූර්ණ ගමන්මාර්ගය තුළදී ඔවුන්ව වර්ෂාවෙන් ආරක්ෂා කිරීමටය.

“මේ නම් නිසැකවම ෂුවැන්ජි වැඩිහිටියාණන්ගේ වැඩක් විය යුතු, එතුමා නේද මේ ප්‍රදේශය භාරව ඉන්නේ”

“ෂුවැන්ජි වැඩිහිටියාණන් තමා විශිෂ්ටම”

“කෙතරම් අලංකාර බාධකයක් ද ෂුවැන්ජි වැඩිහිටියාණන් අසමසමයි”

කේෂයක් කඩාදමමින් එහි වූ ජල බිඳු ගසා දමමින් සෙල්ලක්කාර ලෙස සිසුන් එකිනෙකා කෙළිදෙලෙන් තල්ලු කරමින් මහ හඬින් සිනාසෙමින් ඔවුන් බාධකය මතින් හිස නවාගෙන ඔවුන්ගේ නෙවාසිකාගාර වෙත කතා බස්හි යෙදෙමින් පියමැන්නේ ය.

පාලමට පහළින් සිට චූ වන්නිං , උඩින් වූ කලබගෑනියට සවන් දෙමින් සිසුන් සියල්ලෝම පිටව ගොස් වාතාවරණය නිසොල්මන් වන තෙක්  සිට, ඉන් පසු  හෙමින් සීරුවෙන් බාධකය  ඉවත් කරමින් නිවාඩු පාසුවේ පිටතට පැමිණියේ ය.

“ඇදුරුතුමණි”

තමාට යමෙක් කතා කරන වග ඇසී ඔහු මවිතයට පත්වූයේ ය.

චූ වන්නිං සැණින් වටපිට බැලුවද කිසිවෙක් පෙනෙන මානයක නොසිටියේ ය.

“මම මෙහේ”

හඬ පැමිණි දිශාව හඹාගිය කළ මෝ රන් වංශයේ අනුසිරිත් පරිදි වූ  රිදී නීල වර්ණිත සන්නාහ වස්ත්‍රයෙන් සැරසී පාද පාලම් අද්දර නිදහස් අයුරින් තබාගෙන  ස්වේත යූ ගලින් නිම වූ පාලමේ කොනක හිඳ සිටින අයුරු ඔහු දුටුවේ ය.

එම නහඹරයාගේ උවනහි මනෝරම්‍ය වූ අංග ලක්ෂණයෝ වූහ. කුඩා පවන්පත් යුගලයග් නැවී තිබෙන්නාක් මෙන් දිගු වූත් ඝන වූත් නෙතු පිහාටු යුගලක් නේත්‍රයන් මතින් විය. ඔහු තෙල් කඩදාසියෙන් සෑදූ ඡත්‍රයක් අතෙහි රඳවා ගෙන  ඔහු චූ වන්නිං දුටු හෙයින්‍ හසරැල් මුවඟ නැගීමට යන්නාක් මෙන් පෙනී ගියත් සිටියත් එය එසේ නොකළා මෙන් සිටියේ ය.  

පත්‍රයෝ සර සර හඬින් සැළෙන කල අයෙක් පාළම උඩින් වූහ, ශීත වර්ෂා නදීහි දිය රැළි  නංවා පතිත වන කල අයෙක් පාලම යටින් විය.

එක් නිමේෂයකට, වචනකදු නොදොඩා, දෙදෙනා එකිනෙකා කෙරෙහි සිය බැල්ම හුවමාරු කරගනිමින් සිටී.

වැසි ධූමිකාව මිහමත හා දෙව්ලොව අතර  අවිශද තියුණු බාධකයක් තැනුවා ය. පවනින් සහ වර්ෂාවෙන් රැගෙන යන  ගිලිහෙන වේණු පත්‍ර පාවී ගොස් ඔවුන් දෙදෙන අතර යළි සැරිසරන්නට විය.

අවසන මෝ රන් සිනා සී සරදම් විලසින් පැවසුවේ ය: “ෂුවැන්ජි වැඩිහිටියාණෙනි, ඔන්න ඔබතුමා තෙමෙනවානේ”

එම මොහොතට ආසන්න ලෙසම චූ වන්නිං ද සිය රළු ස්වභාවයෙන්ම  කතා කළේ ය. “ඔබ කෙසේද දැන ගත්තේ  ඒ මා බව”

මෝ රන් සිය ලවනත් එකිනෙකද තද කරමින්, වළගැසෙන දෙකොපුලෙන් යුතුව නෙතු සිනහවකට නංවා ගෙන පවසා සිටියේ ය. “මෙතරම් විසල් බාධකයක්, ෂුවැන්ජි වැඩිහිටියාණන්ගේ හැකියාවන්ගෙන් ඔබ්බට යන්නක් නේද? ඇදුරුතුමා හැර, වෙන කවරෙක්ද ඉතින්”

චූ වන්නිං “......”

ඔහු තමාහටම බාධකයක් තනා ගැනීමට කරදර වීමට අලස බව මෝ රන් දන්නේ ය, එහෙයින් හෙතෙමගේ මනසේ එක අදහසක් පහළ විය, ඔහු ඡත්‍රය උඩින් ඔසවා යවන්නට විට.

“මා මෙය ඔබතුමාට පිරිනමන්නම්, අල්ල ගන්න”

තද රත් පැහැයෙන් යුත් ඡත්‍රය පාවී ගොස් වේගය මද කළේ ය. චූ වන්නිං එය අල්ලා ගත්තේ ය. සිලුටු ඔප ඇති හරිතාමණි වේණු දැවෙන් නිම වූ මිටක් යුත් එහි තවමත් උණුසුම රැදී තිබුණි, ඡත්‍ර මුදුනින්  වැහි බිදු රූරා වැටී දිස්නය දෙමින් පොළව මත පතිත වන්නට විය. චූ වන්නිං හෙතෙම දෙස බැලුවේ ය. “එතකොට ඔබට?”

මෝ රන් ප්‍රයෝගකාර  සිනහවක් පාමින්  “මට කිසිදු අපහසුතාවයකින් තොරව යාමට නොහැකියි ද?, ඇදුරුතුමාගේ සුළු මායාවක් භාවිතා කළෝතින් ” ලෙස පැවසුවේ ය. චූ වන්නි “හ්ම්හ්” ලෙස පවසා සිටිද සිය වස්ත්‍ර බාහුව ඔසවා සෙමින් වැනූ කල රන් වර්නිත  පාරභාසක බාධකය සැණින් මෝ රන්ගේ හිසට උඩින් පැතිරෙන්නට විය. ඔහු ඉහත බලා හඬ නඟා සිනාසුණේ ය. “හහා. කෙතරම් අලංකාර ද, එහි පියෝනි මල් රටාවකුත් තිබෙනවා, ස්තූතියි”

චූ වන්නිං ඔහු දෙස එක්වරම බලා සිට පැවසුවේ ය. “ඒ හායිතං කුසුම්, පංච පෙති වලින් පමණක් සමන්විත.”

ඉන්පසු ඔහු ලෝහිත වර්ණිත ඡත්‍රයට යටින් ස්වේත වස්ත්‍රය සමඟ නික්ම ගියේ මෝ රන් හට වර්ෂාවේ සිට මල් පෙති ගණන් කර කර සිටීමට ඉඩ හරිමින් ය. “එක, දෙක, තුන,හතර, පහ..........ආ, එයට සැබවින්ම පෙති පහත් පමණයි තිබෙන්නේ........”

ඔහු පසුපස බලන විට එවිටත් චූ වන්නිං නික්ම ඇවිද යමින් සිටියේ ය.

බාධකය පහළින් සිටන් සිටින මෝ රන් නෙත් පටු කරමින් දරුවෙකු මෙන් හෙතෙමගේ මුහුණේ වූ සිනහව කෙමෙන් කෙමෙන් නික්ම ගොස්      ආකූල භාවයන් හට මාරු විය.

මෙම එක් නිමේෂයෙන් අහඹු ලෙසකට  තමා කුමක් සිතන්නේ ද යන්න පිළිබඳ ඔහුට නොවැටහුණේ ය.

අනෙකා කෙරෙහි ඔහු තුළ හට ගත් මේ හැඟීම දේවේෂයක් ද නැතහොත් ස්නේහයක් ද යන වග.

 

T/N

 

බෝෆු :-  伯父 (Bófù /බෝෆු) 父亲的哥哥 / Father’s Older Brother / පියාගේ වැඩිමහල් සහෝදරයා (ලොකු තාත්තා, ලොකු අප්පච්චි, මහප්පා)

ස්වේත යූ මාණික්‍යය :-  白玉 (Báiyù / බයියූ) ,White jade , Chinese Costume Dramas බලලා තියෙන අය නම් දන්නවා ඇති මේ ජේඩ් ගැන මට මේ photos ටික තමා තියෙන්නෙ      White Jade , White Jade pic

 

මකරිඳුගේ පුත්‍රයන් නව දෙනාව :-  生九子 (Lóng shēng jiǔ zǐ/ ලොං

ෂං ජියෝ ස’ )  මෙය චීන මිත්‍යාවකින් එන්නකි , Nine sons of the dragon

මිගරද උවනින් :-  සිංහ මුහුණු

පවන්පත් :-   අවාන්

වේණු :-  උණ


මගේ වට්පෑඩ් ගිණුම ඉවත් වෙලා තියෙන්නේ, ආයේ ගන්නත් බෑ, ඔයාලට update ගැන දන්වන්න තියෙන්නේ මගේ facebook ගිණුමෙන් තමයි, පහතින් ලින්ක් කරලා තියෙනවා මගේ Facebook ගිණුම, ඔබට සිදුවූ අපහසුතාවයන්ට සමාවෙන්න එමෙන්ම Updates වෙනුවෙන් රැදී සිටියාට ස්තූතියි


De Leeuw  -----> Facebook


                                   Previous | TOC 

Comments

  1. Looking forward for more❤️❤️ Awesome work 💕

    ReplyDelete
  2. අයියෝ....ලයික් බට්න් එක මිසිං වෙලා.ඒකත් දාන්නෝ

    ReplyDelete
  3. ටෝෆු මටත් එපා එක්කෝ. බඩේ අමාරුව හැදෙයිනෙ

    ReplyDelete
  4. හරිම ලස්සනයි කතාව

    ReplyDelete
  5. Great translate 😍😍

    ReplyDelete
  6. digtma ona ktawa😥💜️🙏

    ReplyDelete
  7. අනේ මේක දිගටම ඕනේ🥺🥺🥺💔🥰

    ReplyDelete
  8. Ane me story aka den nadd

    ReplyDelete
  9. ❤️ ❤️ ❤️

    ReplyDelete
  10. මේක ආයෙම දෙන් නැද්ද dr🥺💔

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.