අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.
මෝ රන් අධිරාජ්‍යයෙකු වීමට යම් කලකට පෙර සිටම යමෙක් ඔහුට සුනඛයෙකු ලෙස නිරන්තරයෙන් ඇමතීමට පුරුදුව සිටියහ.
කළමණාකුරු ඔහුට “බැල්ලිගෙ පුතා” ලෙස ඇමතුවේය. පාරිභෝගිකයෝ ඔහුට “බැල්ලි වදපු කොල්ලා” ලෙස ඇමතුවෝ ය. ඔහුගේ කුඩා ඥාති සොයුරා ඔහුට “අමන බල්ලා” ලෙස ඇමතුවේ ය. එමෙන්ම ඔහුගේ මව කෙතරම් ශ්‍රේෂ්ඨ වූවත් ඔහු ඇති දැඩි කළ ඇත්තේ බැල්ලක විසින් යන්න ඔවුන්ගේ මතය යි.
තවත් බොහෝ සුනඛයින් හා බැදුණු උපමා රූපක වූවත්, ඒවා එතරම් අශිෂ්ට නොවූ විරූ ඒවා විය. උපහැරණයක් ලෙස, ඔහුගේ එක රාත්‍රී යහන්ගත වීමක් සුනඛයකුගේ මෙන් ඔහුගේ පිට ප්‍රදේශය ශක්තිමත් වී කෙදිරිල්ලක බුර බුරා නැගෙයි. දෙතොලෙන් මී පැණි ඉහිරුණාක් මෙන් ආත්මයම මංමුලා කරයි. පහළින් තිබෙන එම අවියට ඇගේ දිවියෙහි වූ මෘදු මොළොක් බව ස්පර්ශ කරයි. එය එලෙස වූවත් ඔවුහු අනෙකුන් වෙත හැරී පුරසාරම් දෙඩුවෝ ය. මුළු දිශාවම දත් කරුණ්ක් වූයේ මෝ වෙයි යූ යනු රූප සම්පන්න මනහර තරුණයෙකු වූත් ඔහුගේ පන්දම නිතර ගිනියම් වූ එකක් බවයි. ඔවුනොවුන්ගේ භොජුන් හින් සන්තෘප්තිමත් වෙන්නන් මෙන්ම අදරණීය ලෙස මුසපත් නොවූවෝ ද වූහ.
එම නාමරූපක සියල්ල සත්‍ය වන්නාක් මෙන් මෝ රන් යනු සත්‍යවශයෙන්ම නගුට සොලොවන මුග්ධ සුනඛයෙකු වැන්නෙකි.
ඔහු ධ්‍යානවේදී ලොවෙහි අධිරජ වූ පසු මෙම නම් සියල්ලම පාහේ මුහුදට ගසා ගියාක් මෙන් අතුරුදහන් විය.
එක් දිනක් දුර බැහැර වූ එක් සුළු වංශයකින් ඔහුට සුනඛ පෝතකයෙක් තෑගි කරන්නට විය
බලු පැටවාට ස්වේත වර්ණයට හුරු අළු පැහැති ලොම් වලින් පිරී ශරීරයක් විය, නළලෙහි ඉරි තුනක් විය. ඌ වෘකයෙකුට සමාන විය. එමෙන්ම ඌ පිරුණු කොමඩු ගෙඩියක් විය. අමන පෙනුමකින් වූ හුරුබුහුටියට පිරුණු එකෙකු විය, එතකුදු වූවත් ඌ ඌ ගැනම සිතා සිටියේ මහා උජාරුවෙනි. අත්හැර දැමූ ශාලාව තුළ එහි මෙහි දුවමින් කීප විටක්ම ඌ එය නැගීමට උත්සහ කළේ සිහසුන මත හිද සිටින පුද්ගලයා පැහැදිලිවම බැහැ දැකිමීමට ය. නමුත් උගේ දෙපා බොහෝ කුරු ය. අවසානයේදී ඌ තම උත්සාහය අත් හළේය.
මෝ රන් පුලුන් ගොඩක් වැනි වූ එම බුද්ධි හීන වූ නමුත් යම් ශක්තියක් ඇති ඌ දෙස බලා මදහසක් පාමින් එය හාස්‍ය මුසු සිනාවකට හරවමින් “අමන බල්ලා” යනුවෙන් ඌව ඇමතුවේ ය.
සුනඛ පෝතකයා වැඩී ඌ වැඩුණු සුනඛයෙකු විය, වැඩුණු සුනඛයා වියපත් සුනඛයෙකු විය, වියපත් සුනඛයා මළ සුනඛයෙකු විය
මො රන් කිහිපවරක් ඇස් පිල්ලම් ගසමින් නෙතු පියමින් විවර කළේය, ඔහු පිරිහෙමි පවතින නම්බුව සහ අවනම්බුව අතර උඩ යට යන නදී ගංගාවෙන් පිරී ඇත. ඔහු එය දැන ගැනීමට පෙර තුන්තිස් වසරක් අතීතයට එක් විය.
ඔහු සෙල්ලම් කළ ඒ සියල්ලම ඔහුට එපා වී ගියේ ය. සියල්ල නීරස විය පාළු ස්වභාවයක් ගතහ. මෑත කාලීන වර්ෂ යන්හි ඔහුට සිටියේ සුළු පිරිසක බැව් ඔහු දනී. හිරි තුනක් වූ එම සුනඛයා ද දැන් පරලොව ගොස් ය. සියල්ල නිම කිරීමට කාලය එළඹී ඇති බව ඔහුට සිතුණි. සියල්ල නිම කිරීමට.
දිළිසෙන හොදින් ඉදුණු මිදි ගෙඩියක් රැගෙන එහි දම් පැහැ පොත්ත මලානික ලෙසින් හැරීමට පටන් ගත්තේය. එම මොහොත සරල සහ හුරුපුරුදු එකක් විය. යූ රජු විසින් ඔහුගේ කඳවුර තුළ දී හු කුමරියගේ වස්ත්‍රය ඉරා දැමීම මෙන් විය. එහෙත් එහි වූ අලස බව සියල්ල පිළිබද කළකිරීමකින් ඇත බව හුවා දැක්විය. රුචිර එලය ඔහුගේ දෑගිලි තුඩුහි සෙමින් වෙව්ලන්නට විය. එහි සාරය සියුම් දම් පැහැතිව වේගයෙන් ගලන්නට විය. සුදු පාත්තයෙක් රතු කන්දකින් ලිස්සායෑම හෝ හයිතං පුෂ්පයෝ නින්දට වැටෙනවා වැනි විය. එය වඩ වඩාත්ම අපිරිසිදු රුහිරු වන් ය.
ඔහුගේම ඇගිලි දෙස බලමින් ඔහු එම වශීකෘත මී රසය ගිල දැමුවේ ය. පසුව අලස ලෙස දෑස් විවර කළේය.
එය කාලය පිළිබදම විය ඔහුට නිරයට යෑමට ඇති කාලය ගැනම විය.
මෝ රන් නොහොත් මෝ වෙයි යූ. ධ්‍යානවේදී ලොවෙහි පළමු අධිරාජ්‍යයා විය.
තානාන්තර ලැබීම එතරම් සුළු පටු කාර්‍යයක් නොවීය. කැපී පෙනන අයුරු අධික ලෙස ආධ්‍යාත්මික බලයම අවශ්‍යතාවය ද නොවීය. උල්කාෂ්මයක් මෙන් සවිමත් නැවීමට අපහසු ස්වභාවයක්ම අවැසි විය.
මේයට ප්‍රථම ධ්‍යානවේදී ලොවිහි මහා වංශයින් දහයක් පමණ භූමි සතරකට පමණ කැඩී ගියහ. ඔවුන්ගේ බල ප්‍රදේශවල සිට එක් රොක් වී එකිනෙකාට එරෙහිම යුධ වැදිණි. වංශිකයන් එකිනෙකාට එරෙහිව ආයුධ ලෙළවන අතරතුරෙහි ලෝක පාලනයට කිසිවෙකු නොවීය. සියලු වංශ ප්‍රධානීන් උගත්හු වූහ. තම නිළ නාමයන් හාස්‍යට ලක් කොට ඉතිහාසඥයන් විසින් වංශකතා වලට ග්‍රන්ථාරූඪ කර ඉතිහාස පුස්තක වල තමාව අවමානයට ලක් වේවි යැයි යන බිය ඔවූහු තුළ වූහ.
මෝ රන් සුවිෂේශි විය. ඔහු නොසණ්ඩාල දුර්ජනයෙක් විය.
අන් අය කිරීමට පසුබට වන යම් දෙයක් ද එය ඔහු කළේය. මරණීයන්ගේ ලෝවෙහි ඇති අධි සැර මීවිත පානය කිරීම, ලොවිහි සුන්දරම මහිලාව සරණ පාවා ගැනීම වැනි දෑ. පළමුවෙන්ම ඔහු ධ්‍යානවේදී ලොවෙහි සන්ධාන නායකයා බවට පත් වී “තාශියැන් ජූන් නොහොත් තාශියැන් අධිපති” යන නිළය ගෙන ඔහු තමාවම අධිරාජ්‍යයා බවට පත් කර ගතේය.
සියල්ලෝම ඔහු ඉදිරියේ දණින් නැමුනෝ ය.
ඔහුට දණින් නොනැමි සියල්ල ඔහු විසින් ඝාතනයට ලක් විය, ඔහු ඔහුගේ ආධිපත්‍ය තහවුරු කළේ ය. . ඔහුගේ පාලන වර්ෂ සියල්ලන් හි පාහේ ලේ වරුසා මෙන්ම රක්ත ජල ගැලීම වලින් පිරි වියෝ වේදනා වෙන් තැවෙන විලාපයන් ගෙන් සියලු දෙස වැසී ගියේ ය. ගැනීමට නොහැකි තරම් වූ ආරක්ෂකයෝ දිවි පිදූහ. මහා වංශයන්ට අයත් රුෆං වංශය ඇතුලුව ද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය
පසුව මෝ රන්ට ගුරුහරුකම් කළ ගෞරවණීය ඇදුරුතුමන්හට වත් රාක්ෂයාගේ නිය ග්‍රහණයෙන් ගැලවීමට නොහැකි විය. මෝ රන් සමග වූ අවසන් සටනේදී ඔහු පැරදී සිරකරුවෙකු ලෙස ඔහුගේම ගෝලයෙකුව වූවෙකුගේ මාලිගයට ගෙන ගියේ ය. එය ඔහු නන්නාදුනන තැනක් ද විය.
මහා නදියක මහා දේශයක්ව පැවති භූමිය මෙන්ම ශාන්ත වූ සමුදුර එක් ක්ෂණයකින් දුමාරයකින් වැසී ගියේය.
මෙම සුනඛ අධිරජ මෝ රන් යනු පුස්තක වැඩි වශයෙන් කියවා නැය්හි අයෙක්ය, කිසිදු දෙයකට බිය නොවයි. ඔහු බලයේ සිටින විට ලොව හාස්‍යජනක් සබදකම් වලින් තොර විය. එම පාලන වර්ෂයන්හි පටබැදි නාමයන් නම් විය.
පළමු තුන් වසරෙහි “පාහරයා” යන නාමය ඔහුට පට බැදින. පොකුණේ වුන් මසුන්ට ආහාර ලබා දෙමින් ඔහු එය කල්පනා කළේ ය.
දෙවෙනි තුන් වසරෙහි “මණ්ඩුකයා” යන නාමය පට බැදින. ගිම්හානයේ උද්‍යානය දෙසින් ඇසෙන මැඩියාගේ හඬට ඔහු සවන් යොමු කළේ එය සුරවෙහි අනුබලයෙන් ලද්දක් වන් වූ හෙයින් සැහැල්ලුවට ගත නොහැකි හෙයිනි
“පාහරයා හෝ මණ්ඩුකයා “ වැනි නාමයන්ට දෙවැනි ව ශෝකජනක ලෙස රජකරන තවත් ඒවා නොවන බව පඬ්වරුහු විශ්වාස කළෝ ය. ඔවුන්ට මෝ රන් ගැන ද කිසිවක් නොවැටහුණේ ය.
තෙවෙන් තුන් වසරෙහි බිම් මට්ටමේ සිට කෝලහල ප්‍රාදේශීය ප්‍රාන්තයන් තුළින් දෙදරන්නට විය. බෞද්ධ, තාඕවාදී හෝ අධ්‍යාත්මික ධ්‍යානවේදීන් , මෙම සියලු ආරක්ෂකයින් එක්ව කැරලි ගැසීම ඇරඹූහ.
මෙම මොහොතේඑ දී මෝ රන් හට යමක් පිළිබදව ගැඹුරුව සිතීමට කාලය එළඹිණ. කෙටුම්පත් සියදහස් ගණනක් විසි කිරීමෙන් පසු සුරයින් සහ අසුරයින් හැඩවීමට හැකිවූ එක් නාමයක් බිහි විය --- “සටන් විරාමය”
එහි අර්ථවත් යටි අරුතක් සහිත යමක් වීමට විය. පළමු අධිරාජ්‍යයා බුද්ධි ශක්තිය පරිහරණය කරමින් ප්‍රස්‍ථා පිරුළු ද්විත්වයකට පැමිණියේ ය. දෛවික ප්‍රස්තා පිරුළක් වන “සටන නැවතීමට භට කණ්ඩායම නවතණු” . එය මහ හඩින් සාමාන්‍ය ලොවට පවසන්නට විය. එය අපහසුවට ලක් කරන්නක් විය
විශේෂයෙන් කියවීමට නොහැකි අයෙකුට එය ඇසීමත් මහත් අපහසුතාවන් ගෙනදේ.
සටන් විරාමයෙන් පසු ප්‍රථම වර්ෂය “සටන් විරාමයේ පළමු වසර” වූවද එය කියැවුණේ “ශිශ්නයෙහි පළමු වසර” වැන්නක් ලෙසටය
දෙවෙනි වර්ෂය කියැවුණේ “ශිශ්නයේ දෙවෙනි වසර”
ශිශ්නයේ තෙවෙනි වසර
මිනිසුන් එහෙයින් වසා ඇති ද්වාරක පිටුපස සිට අසැබි වදනින් පවා බැණීමට විය. “මේ කවර විගඩමක් ද , ජිපා චන් ලෙස නම් නොකළේ මන්ද?” චක්‍රර සම්පූර්ණ වීමට නම් , මීළග මොහොතේ මිනිසෙකු දුටු විට ඔහුගෙන් ඔබගේ වයස කීයද යනුවෙන් ඇසීමට අවැසි නැත, එය විනා ඔබේ ශිශ්නයේ වයස කොපමණ ද යැයි අසන්න! සියක් වයසැති උත්තමයෙක්ට ශතසංවත්සරික ශිශ්නය යනුවෙන් ඇමතීමට හැක.
වර්ෂ තුනක දුක් විදීමකිමකින් පසුව “ජිබා / ජිපා (ශිශ්නය) යන පාලන වර්ෂය වෙනස් වීමට කාලය එළඹිණි.
…………..
වැසියන් පුන පුනා බලා සිටියේ දේවයන්වහන්ස සතරවෙනි නාමයක් සමග පැමිණෙන තුරුය. නමුත් මෙවර මෝ රන් හට නාමකරණය පිළිබදව කිසිදු තැකීමක නොවීය. මෙම වර්ෂයේ ධ්‍යානවේදී ලොවෙහි කැරලි ගැසීම මුළු මනිනම් පාහේ යළි හිස එසවිය. දස අවුරුදු දරා ගැමීමෙන් පසුව ආරක්ෂකයින්. විරුවන් යළි එක්රොක් වියි. පළමු අධිරජු මෝ වෙයියූ ට එරෙහිව ඔවූහු මිලියන ගණනින් වූ සෙබළුන්ගෙන් සමන්විත් හමුදාවක් නිර්මාණය කළෝ ය.
සැබවින්ම ධ්‍යානවේදී ලොවට අධිරාජ්‍යයෙකු අවැසි නොවේ, ඇරත් මෙවැන ක්‍රෑර පාලකයෙක්.
මාස ගණ්නක් පැවැති ලේ වරුසා සටනින් මතුව කැරලිකාර හමුදාව සෂං කදු මුදුන පාමුලට පැමිණියහ. මෙය සචුවන් පළතෙ පිහිටා තිබූවකි. භයංකර කදු බෑවුම් වලින් මෙන්ම වසර මුළුල්ලෙහිම වළා පටලයන්ගෙන් මෙන්ම මීදුම් වලින් වැසී තිබුණි. මෝ රන් ගේ මහානුභාවසම්පන්න රජ වාසල පැවතියේද මෙම කදු මුදුනෙහි.
ආපසු හැරීමට දැන් බොහෝ ප්‍රමාදයි. දුෂ්ට පාලනය වර්ජනය දැන් එළඹී කාලය වැඩි ඈතක නොවීය. අවසන් වර්ජනය බොහෝ අනතුරු සහිත . ජයග්‍රහනයේ පැතුම නැමති ආලෝක කදම්භය පෙනෙන තෙක් මානයක නොමැත. සටන් කිරීමට එක් වූ එම මිතුරු හමුදා අතරේ ද සතුරු වීම ඇරඹිණ. පැරණි අධිරාජ්‍යයේ බිද වැටීම මතින් නව රාජ්‍ය පාලනයක් නගා සිටුවීමට අවශ්‍ය වී ඇත. කිසිවෙකුට තම ශක්තිය මෙමෙ මොහිතේ නිෂ්ඵල ලෙස අපතේ යැවීමට වුවමනා නොවීය. එමෙන් ම කිසිවෙකුට එදිරියට පැමිණ කදු මුදුනට කඩා වැඩීමට ද වුවමනා නොවීය.
කෛරාටික දුෂ්ට රජා ක්ෂණයෙන් අහසින් විත් උගුලක් අටවා තම වාසල යටත් කර විනාශ කිරීමට තරම් එඩිතර වන සියල්ල වටකර ඔහුගේ සුදු උල් දත් වලින් සපා ඉරා දමා කැබලි කරාවි යන බිය කා අතරත් විය.
තැතිගත් භාවයෙන් යුත් අයෙක් “මෝ වෙයියූ ගේ ආධ්‍යාත්මික බලය අධිකයි එහෙන්ම් ඔහු ස්වභාවයෙන් සටකපට පුද්ගලයෙක් , අපි ප්‍රවේශම් නොවූව හොත් උගුලකට අසු වීමට හැකිය ” පැවසුවෝ ය.
සියලුම නායකයින් එකග විය.
මනහර වූ ඉතා කඩවසම් තරුණයෙක් ඉදිරියට පැමිණියේ ය. ඔහු රිදීයෙන් සහ නීලවර්ණයෙන් සරසන ලද සන්නාහයක් පැළද සිටියේ ය. ඔහුගේ බදපට සිංහ හිසකින් මූර්තිමත් වී තිබුණි. ඔහුගේ දිගු වරලස උඩටකර පහළට කඩා හැලෙන සේ ගැට ගසා එහි මුදුනේ අලංකාර රිදී පැහැති කොණ්ඩා කටුවකින් සරසා තිබිණි.
එම තරුණයාගේ මුහුණේ ස්වභාවය ඉමගත් ලෙස අදුරු විය. “අපි දැනටමත් කදු මුදුන පාමුලට පැමිණ අවසන් මොනාවා ද ඔබලා මේ තෙපලන්නේ? තිබ්බ පය ආපස්සට තියන්න ඕනේ ද? ඔබලා බලා සිටින්නේ මෝ වෙයියු මෙතනට මෙතනට සම්ප්‍රාප්ත වෙනතුරු ද? මෙහෙමත් බියගුලු බිළාලයෝ ගොන්නක්!”
ඔහුගේ වචන රටාව හෙයින් ක්‍රෝධය දසත පැතිරිණි
“මේක නම් ලොකු පීඩනයක් නේ! ෂුවේ ස්වාමිපුත්‍රයා බියගුලු බිළාලයින් යන්නෙන් අදහස් කළේ කුමක්ද? සෙබළෙකු නිතරම විචක්ෂණශීලී විය යුතුයි , ඔබ වගේ අපි සියල්ලෝම අනාරක්ෂිත ලෙස කඩා වැදුනොත් වීමට නියමිත අනතුරු සියල්ලෙහි වගකීම ඔබතුමා භාර ගන්නෙහි ද?
ආඩම්බර ලීලාවෙන් තව අයෙක් “හහ්..හහ්.. ෂුවේ හාම්පුතා නම් සුරලෝ පුත්‍රයා නේ, නමුත් අපි සාමාන්‍ය වැසියන් මරණීයන්ගේ ලොවේ සිටින අධිරජු සමග සටන් වැදීමට සුරලොව පුත්‍රයාට මෙතරම් බලා සිටින නැතිනම් කරුණාකර පළමුව කන්ද නගිණු මැනවි! ඔය උතුමාණන් මෝ වෙයියූ ගේ හිස රැගෙන එනතුරු අප මේ කදු පාමුල බලා සිටින්නම්. එය නුවණට හුරුයි නේ” පැවසුවෝ ය.
කලබලය උඝ්‍ර නොකොට එක් වයෝවෘද්ධ පැවිදි උත්තමයෙක් කඩා වැදීමට ඔන්න මෙන්නව සිටි තරුණයා නවතමින් සන්සුන් ලෙස මෙසේ පැවසූහ “ෂුවේ ස්වාමිපුත්‍රයාණ! මේ මහළු පැවිද්දාට මදකට සවන් යොමන්න , ඔබතුමා සහ මෝ වෙයියූ පුද්ගලික ලෙස ද්වේෂයෙන් සිටින වහ මේ පැවිද්දා දනී, නමුත් මෙම වාසල් ආක්‍රමණය සුළු පටු කරුණක් නොවේ, ඔඅබතුමා සියල්ලන්ම ගැන සිතිය යුතුය, හැගීම වලට වහල් නොවන්න”
‘ස්වාමිපුත්‍ර ෂුවේ’ යනුවෙන් සියල්ලෝව හැදින්වූ ඔහු නමින් “ෂුවේ මං” විය. දශකට පෙර සියල්ලෝම ඔහුව තරුණ ඥානවන්තයා , සුරලොව පුත්‍රයා ලෙස වර්ණනා කළෝ ය. කාලයත් සමග සියල්ල කනපිට හැරිණ , මෝ රන්ව බැහැ දැකීමට ඔහු කන්ද නැගුනෝතින ඔහුට දැන් මිනිසුන්ගේ අවලාදයට සමච්චලට ලක්වීම දරා ගැනීමට සිදු වේ.
ෂුවේ මං ගේ මුහුණ කෝයයෙන් වෙළී ගියේ ය. දෙතොල් වෙව්ලීමට විය. ඔහු අසීරුවෙන් එය මැඩ ගත්තේ ය. “කොතෙක් දුරට ඔබලා බලාගෙන සිටීමට බලාපොරොත්තු වන්නෙහු ද?”
“අපට අන්තිම වතාවටය්හ් පරීක්ෂා කිරීමට හැකියි නේ”
“එසේය, කවුද දන්නේ මෝ වෙයියූ මොනවාගේ උගුල් අටවා ඇත් ද යන්න?”
භාවනාවේ යෙදෙන වයෝවෘද්ධ පැවිදි උත්තමයා මෙසේ පැවසූහ, “ෂුවේ ස්වාමිපුත්‍රයාණ, කලබල වී නොයිවසුම් සහගත නොවන්න, අප දැන් කදු පාමුලටම පැමිණ තිබෙන හෙයින් , සුපරික්ෂාකාරීව සිටිය යුතුයි, මෝ වෙයියූ මාලිගය ඇතුලෙහි උගුල් අටවා තිබුණෝතින් අපට යළි පහළට ඒමට නොහැකි වේවි, ඔහු දැන් සිටින්නේ කඹයේ අවසන් කෙළවරේ කිසිවක් කරකියා ගත නොහැකිව , අපි අපරික්ෂාකාරීව නොසන්සුන්ව කටටුතු කරන්නේ ඇයි? වංශවත් පවුල් වලින් පැවත එන කීරිතිමත් ගෞරවාන්විත බොහෝමයක් දෙනා අප අතර පහළ සිටීයි, හදිසියේවත් ඔවුනට ඔවුන්ගේ දිවි අහිමි වුවහොත්, කවුරුන්හට ද වග කිව හැක්කේ?”
ෂුවේ මං කෝපයෙන් පුපුරා ගියේ ය. “වගකීම? මම ඔබවහන්සේගෙන් පැනයක් විමසන්නම් මගේ ඇදුරුතුමාගේ ජීවිතයට වගකිව යුත්තේ කවුරුන්ද? මෝ රන් දස වසරක් මහේ ඇදුරුතුමාව සිරකරගෙන සිටියා , මෙම කන්ද උඩ මගේ ඇදුරුතුමා දස වසරක් බලා සිටියා , කෙසේද ඔබවහන්සේ මට තවත් බලා ඉන්නැයි පවසන්නේ?”
ෂුවේ මං තම ඇදුරාණන් ගැන කිවන දේ ඇසූ කැරලිකරුවන් තැති ගැන්මකට මෙන්ම ලැජ්ජාවකට පත් විය.
ලැජ්ජාවට පත් වූ ඔවුහු වම දකුණ බලමින් මිමුණුවත් කිසිවක් නොපැවසුවෝ ය.
“දස වසරකට පෙර මෝ රන් තමාව අධිරජ තාශියෑන් ලෙස නම් කර ගත්තේ ය. ඔහු රුෆං වංශයේ නගර බලකොටු විනාශ කරමින් සමූල ඝාතන සිදු කරා පමණක් නොව අනෙකුත් අනෙකුත් දස මහා වංශත් විනාශා විනාශ කිරීමට සැලසුම කළේ ය. පසුව ඔහු තමාවම අධිරාජ්‍යයා ලෙස කිරුළු පළන්දාගෙන ඔහු සියලු නිවාස මුලිනුපුටා දැමීමට උත්සුක වූවේ ය. කවුරුන්ද එය නවතා දැමුවේ? මගේ ඇදුරු තුමා නොසිටින්න ඔබ අද ජීවතුන් අතර සිටීවිද ? ඔබලාට මෙතන සිටගෙන මට මුකුත් නොවූ ගාණට කතා කිරීමටවත් හැකිවේවි ද?”
අවසානයේ දී යමෙක් උගුර පාදමින් “ස්වාමිපුත්‍රයාණ, උරණ වන්නට එපා, චු වංශාධිපති තුමා ගැන මටත් කණගාටුයි, අපිට අපේ වැරැද්ද වැටහුණා, අපි කෘතඥ වෙනවා, එතුමා දස වසරක්ම හිරබත් කෑවා, දෙයක් වූවානම් වෙලා අවසන්, ඔබතුමා දස වසරක් බලා සිටි හෙයින්, මොහොතක් බලා සිටීමට බැරි කමක් නැහැනෙ, ඔබතුමාට එලෙස සිතෙන්නේ නැති ද? ” මෘදු අයුරින් පැවසුවේ ය.
“මොනවා හිතන්න? මට සිතෙන්නේ එකා මහ උමතු විකාරක් ලෙසට”
එම මිනිසා ඇස් ලොකුකරමින් විමසුවේ ය. “ඔබතුමා මෙලෙස බෙරිහන් දෙන්නේ මන්ද?’’
“මම බෙරිහන් දෙන්නේ ඇයි? ඇයි මම බෙරිහන් දෙන්නෙ නැත්තේ? ඇදුරුතුමා එතුමාගේ දිවි පරදුවට තැබුවා ඔබ වැනි.....ඔබ වැනි......”
ඔහුට එය සම්පූර්ණ කිරීමට තවදුරටත් නොහැකි විය, ඉකි ගැසීමෙන් උගුරවහිර විය. “මහේ සිත බොහෝ දුරට ඔහු වෙනුවට අධෛර්යයට පත්වෙලා”
අවසානයේදී ඔහු හිස දෙපැත්තට වනමින් ඔහුගේ මදක් සොලවා තම කදුළු සගවා ගත්තේය.
“අපි චූ වංශාධිපතිතුමාව බේරා නොගන්නා බවට පැවසුවේ නැහැනේ.....”
“අපි සියල්ලන්ටම මතකයි චූ වංශාධිපතිතුමා අපට කළ යහපත් ක්‍රියාවන්, අපට කවදාවත් ඒවා අමතක වෙන්නේ නැහැ, ෂුවේ ස්වාමිපුත්‍රයාණ, ඔබතුමා අපට ඔය එල්ල කරන අභූත චෝදනා නම් එලෙස ඉවසා දරාගෙන ඉන්නට බැහැ”
“මෙලෙස බැලුවෝතින්, මෝ රන් යනුත් චූ වංශාධිපතිතුමාගේ ගෝලයෙකු නොවෙයි ද? ,
ආචාර්යවරයෙකු වශයෙන් ඔහු තමයි තම ගෝලයන්ගේ අපරාධවලට වගකිව යුත්තේ , හරියට දුරාචාරී පුත්‍රයාගේ අශිෂ්ට හැසිරීම් ඔහුගේ පියාණන්ගේ වැරැද්දක් ලෙසටම. නිවැරදි අධ්‍යාපනයකින් තොර පුතෙකු යනු ආචාර්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කමයි. මේවට කරන්න යමක් ඉතුරු වී නැත. කුමක් ගැනද ඔතරම් චෝදනා කිරීමට ඇත්තේ?
එය තරමක් නොරිස්සුම් සහගත විය, යමෙක් ක්ෂණයෙන් “මොනවද තමුන් ඔය තෙපලන
විප්‍රලාප? කට පරිස්සම් කරගනු!” යනුවෙන් පැවසූහ.
ෂුවේ මං ඔහුව නවතමින් ඉදිමුණු නෙත් සහිතව මෙසේ පැවසුවේ ය “මා කෙසේද ඉවසන්නේ?, තමුන්ලාට මේ ගැන කිසිත් වගේ වගක් නැති කොට කිසිම වේදනාවක් ගෙන දෙන්නේ නැහැ නේ, නමුත් ඒ මගේ ඇදුරුතුමා , මගේ ඇදුරුතුමා, මම එතුමාව වසර ගණනකින් දුටුවේ නැහැ, එතුමා ජීවතුන් අතරද නැත්ද යන වගක්වත් මම දන්නේ නැහැ, මම නොදනිමි එතුමා...මම මෙතන් සිටන් සිටින එක ගැන තමුන්නැහේලා කුමක්ද සිතන් සිටන්නේ?”
ඔහු ආවේගයෙන් ආශ්වාස කළේ ය. දෙනෙත් රත් පැහැයට හැරින “තමුන්ලා හිතන් සිටින්නේ මෙතන බලා සිටීමෙන් මෝ වෙයියූ කදු ශිඛරයෙන් බැසවිත් තමුන්ලා ඉදිරියේ දණින් වැටිලා අනුකම්පාව අයැදීවි කියා ද?”
“ෂුවේ ස්වාමිපුත්‍රයනෙණි!”
“ඇදුරුතුමා හැරුණු කොට දැන් මට පවුලේ අයෙක් කීමටවත් කිසිවෙක් මට දැන් මේ ලෝකයේ ඉතිරි වී නැත.” පූජකයාගේ ග්‍රහණයෙන් මිදුණු ෂුවේ මං රළු හඬකින් “තමුන්ලා නොයන්නේ නම්, මම ම යන්නම්” ලෙස පැවසුවේ ය.
අනෙකුන් පිළිබද නොතකමින් ඔහු තනිවම අසිපතක් පමණක් අතැති තනි මිනිසෙක් ලෙස කන්ද තරණය කළේ ය.
සර සර නාදය කඩාගැලෙන සිහිල් සුළං මෙන්ම මිලියන ගණනින් වූ පත්‍ර සමග මුසු විය. ඝන මිහිදුම් ගස් අතරින් යෑම දැණුනේ නානාන්විධි ප්‍රකෝප වූ භූතයෝ සහ පීඩිත ආත්මයෝ ඔබ මොබ යන්නාක් මෙනි
ෂුවේ මං තනිවම කදු තරණය කොට එහි ශිඛරයට ළගා විය. මෝ රන් වසන තේජවන්ත වාසල සන්සුන් විලසින් ඉටි පන්දම් අලෝකයෙන් රාතිය දීප්තිමත් වී තිබිණ. අහඹුලෙස ඔහු *සුරපුර විදමන කුළුණ ඉදිරි පිට ඇති සොහොන් කොත් ත්‍රිත්වයක් දුටුවේය. ඔහු එහි ළගා වූයේ එය පැහැදිලිවම දැක ගැනීමට ය. පළමු කොත මුදුනෙහි වල්පැළ වැවී තිබිණ. දෙවෙනි සොහොන්ගල “වාෂ්ප වූ රාජ්‍ය වල්ලභ චූ ස්මාරකය” ලෙස ඇදයට කැටයම කොට තිබිණ.
එය “වාෂ්ප වූ වල්ලභ” ලෙස කෙටි කොට තිබිණ. දෙවෙනි සොහොන මෑතක හෑරූ එකක් විය. පොළවටම කිදා බැස තිබූ සොහොන්ගල මත “ගැඹුරු තෙලෙන් බැදූ අධිරැජිණ සොං”
මෙය වසර ගණනකට ඉහතදී දුටුවේ නම් ෂුවේ මං කොක් හඬ නගා සිනාසේවි මෙවැනි හාස්‍යජනක දේවල දැකීමෙන්
කලකට පෙර මෝ රන් එකම ඇදුරුතුමා යටතේ ශිෂ්‍යයෙක්ව සිටින යුගයේ , මෝ රන් යනු ශාස්ත්‍රාලයේ විදූෂකයා ය. ෂුවේ මං ඔහුට කොතරම් අකැමති වුවද ඔහු කළ විහිළු වලට සිනහ ඉපද විණ.
මෙම වාෂ්ප වූ රාජ්‍ය වල්ලභ ගැන හෝ ගැඹුරු තෙලෙන් බැදූ අධිරැජිණ පිළිබද තතු කවුරු දනී ද, තම ගෞරවාදර භාර්යාවන් දෙදෙනාට මෝ පඬ්වරයා සලකණු ලබන අන්දමත් “පාහරයා”, “මණ්ඩුකයා” , “සටන් විරාමය” වැනිම විය හැක. කෙසේවෙතත් මෙවැනි නාම වලින් ඔහු තමාගේම බිසෝවරුන්ව නම් කරණුයේ මන්ද? . මෙය දැනගැනීමට මාර්ගයක් තිබිය යුතුයි.
ෂුවේ මං න් නැවතත් සොහොන දෙසෙට නෙත් යොමු කළේ ය. නිශා නුබගැබ යට එක් සොහොන් ගොඩැල්ලක් දැනටම හාරා හමාර වී ඇත. එහි එක් මිනීපෙට්ටියක් ද විය. නමුත් එහි කිසිවෙක් නොසිටියේ ය. සොහොන්ගලත් තවම කැටයම් කර නොමැත.
සොහොන ඉදිරිපස *ස්වේත පෙයර් කැකුළු මුද්‍රිකපාන බදුනක් විය. එමෙනම් උණු උණු වෙන්ම සැර වොන්ටොන් බදුනක්ද විය, තවත් මිරිස් අහර කිහිපයක්ම එහි විය. ඒ සියල්ලම මෝ රන් ප්‍රිය කරන ඒවා විය.
මොහොතක් එ දෙස බලාසිටි ෂුවේ මං එකවර තුෂ්ණිම්භූත විය. මෝ රන් හට සටන් කිරීමට කිසිදු අරමුණක් නොමැතිව තමන්ගේම මිනීවල කපාගන ඇත්තේ ඔහු මියැදීමටද මේ සැරසෙන්නේ.
සිහිල් දහදිය බිදිති වැගිරෙන්නට විය
ඔහුට එය අදහා ගැනීමට ද නොහැකි විය. මෝ රන් යනු කළකිරීම යනු කුමක් ද කියන එක මරණමංචකයේ සිටිය දී වත් නොදනා අයෙකි. යටත්වීම යනු කුමක් ද කියාවත් ඔහු නොදන්නේ ය. ඔහුගේ ක්‍රියාන්විතයන් පාදක කොට ගෙන කිවහොත් ඔහු අනිවාර්යෙන්ම කැරලිකරුවන් සමග අවසාන මොහොත දක්වාම සටන් වදින අයෙක්, ඉතින් ඇයි ඔහු මෙලෙස.....
ගෙවුණු දස වසරහි , මෝ රන් බලයෙහි මුදුනෙහිම සිටියේ ය. ඔහු මේ දුටුවේ කුමක් ද? නිසැකවම කුමක්ද සිදු වී ඇත්තේ?
කිසිවෙකුත් නොදනී
ෂුවේ මං හැරී අන්ධකාරයට නැවත ඇතුල් වූයේ ය . දිගු මාවතෙහි ඇවිද ආලෝකය දල්වා තිබූ වූෂන් රජවාසලට පැමිණියේ ය.
වූෂන් මාලිගය ඇතුළෙහි සිටි මෝ රන් ගේ දෙනෙත් පිය වූ වත සුදුමැලි වී තිබුණේ ය. ෂුවේ මං සිතූ පරිදි නිවැරදි විය. මෝ රන් තම දිවි තොර කර ගැනීමට තීරණය කර ඇත. එම සොහොන් ගොඩැල්ල තනා ඇත්තේ ඔහු විසින්මයි. හෝරා දෙකකට පෙර ඔහු සන්නේවේදන මායාවක් මගින් ඔහුගේ සේවකයින් ඉවත කර තිබේ මේ අතර තුර උග්‍ර විෂක් ගිල ඇත, ඔහුගේ ධ්‍යානවේදය උසස් හෙයින් විෂහි බලපෑම සිදුවනුයේ ඉතා සෙමින් ඔහුගේ සිරුර තුළ රුධිර සංසරණය සමග දියවීමෙන් ය. එමෙන් ම ඔහුගේ අභ්‍යන්තර අවයවයන්ට විවිධාකාර ලෙස මහත් පීඩාවක් ගෙන දේ.
මණ්ඩපයට පිවිසීමට ඇති ද්වාරකය විවර විය.
මෝ රන් එහි නොබැලුවත් රළු ලෙස සුසුම් හෙළමින් “ෂුවේ මං, ඒ ඔබ නේද? ඔබ පැමිණියෙහි ද?”
රනින් නිමවූ පදිකවේදිකාව මතවූ මණ්ඩපයට පැමිණ ෂුවේ මං සිට අභිමානවත්ව ඍජුව සිටගත්තේ ය. ඔහුගේ උඩින් ගැට ගැසූ දිගු කොණ්ඩය කඩා වැටී තිබිණ. ඔහුගේ ළා පැහැති පළිහ බබළන්නට විය.
සම වංශික සහයෙකු කලකට පසු යළි මුණගැසීමකි. ෂුවේ මං ඇලවී හිද ගත්තේ ය. නිකට එසවිය ඔහුගේ මුහුණ භාවයන් රහිතය. තද පැහැති තිරයන් ඔහුගේ ඇස් ඉදිරියේ ලෙළදෙන්නට විය.
ඔහු තිරිසනෙකු බවත්, දුෂ්ට යක්ෂයෙකු බවත් සියල්ලෝම පාහේ දැන සිටියහ. නමුත්, සත්‍යවශයෙන්ම, ඔහුට මනා පෙනුමකින් හෙබි මනහර අයෙකි. ඔහුගේ නාසයෙගි වූ නැම්ම මෘදු සිනිදු විය. දෙතොල් පිනි බිංදු වැනිය, ඔහුගේ පෙනුම ස්වභාවයෙන් දිස්වනුයේ කරුණාවන්ත සහ මොළොක් බවක් ය. ඔහුගේ මුහුණ දුටු විට සියල්ලෝම සිතනුයේ මොහු අදරණීය අයෙක් බවට ය.
ෂුවේ මං ඔහුගේ මුහුණ දුටු විට ඔහු සිතූ පරිද්දෙන්ම විෂ ශරීර ගත කරගෙන ඇති බව දිස්විය නමුත් සිරුර පලාවත් ඔහු සිතනුයේ කුමක්ද යන්න දැන ගැනීම අසීරුය. එහෙයි ඔහු මුව විවර කළේ කතා කිරීමටය , නමුත් වචන පිටවූයේ නැත. අවසානයේ අත මිටි මොළවමින් ඔහු අයැදීමක් මෙන් “ඇදුරුතුමා කොහෙද?”
“....කුමක් ද?’’
ෂුවේ මං නැවතත් තියුණු විමසා සිටියේ ය “මම ඇහුවේ ඇදුරුතුමා කොහෙද කියලා, උඹේ , මගේ අපි හැමෝගෙම ඇදුරුතුමා ”
“ආ!” මෝ රන් සිහින් ලෙස මුමුනා අවසානයේ සෙමින්, ඇසිපිල්ලම් ගසා දෙනෙත් විවර කළේ ය, ඔහුගේ කළු ඉංගිරියාව දම් පැහැ ඉඟියක් විය ඒවා ෂුවේ මං වෙත කඩ වැටුණේ තට්ටුවෙන් තට්ටුවත් වූ අතීත සමය මතටය.
“මම ඒ ගැන දැනුයි සිතුවේ, කුන්ලුන් කන්දෙහි වූ තාෂුවේ වාසලෙහි සමුගැනීමෙන් පසු වසර දෙකකින් ඔබ ඇදුරුතුමා දැක නැති බව”
මෝ රන් යාන්තමින් සිනාසී කතා කළේ ය.
“ෂුවේ මං , ඔබට එතුමාව මතක් වෙනවා ද?”
“නවතපං උඹේ ඔය විලම්බිත, එතුමාව මට ආපසු දීපං”
මෝ ඔහු දෙස සන්සුන්ව බලා සිටියේ ය. උදරයෙහි වූ මහත් වූ වේදනාවන් ඉවසා දරාගෙන සිහසුනට හේත්තු වී ඔහුගේ දෙතොල් අවඥාව සහගත සිනාවකට හැරිණ.
හිස්බවේ තරංග ඔහුව ආක්‍රමණය කොට තිබුණි, ඔහුගේ ශරීර අන්තරයන් සියල්ල හැකිලී, උණුවී, දියවී, දුගඳ හමා සෝදා යන බව ඔහුට දැනුනේ ය.
ඔහු අලස ලෙසට පිළිතුරු දුන්නේ “එතුමාව ආපසු දෙන්න, මුග්ධයි. ඇයි ඔබට බැරි මොළේ ටිකක් වෙහෙසලා බලන්න, ඇදුරුතුමයි මමයි ජම්මාන්තර වෛරයකිනු යි විසුවේ මම එතුමාට මේ ලෝකයේ තවත් ජීවත්වීම ඉඩ දෙන්නේ මන්ද?
“උඹ!” ෂුවේ මං ගේ වතින් රැධිරය පෙරී ගියාක් මෙන් විය. නෙත් ඉදිමුණි ඔහු අධාරකයක් අල්ලා ගන්නා මෙන්ම “උඹට එහෙම කරන්න බෑ........, උඹට එහෙම කරන්නෙත් නෑ” ලෙස පැවසුවේ ය.
“මට කුමක් ද කරන්න බැරි?” මෝ රන් සමච්චල් සහගත ලෙස සිනාසුනේ ය. “ඇයි දැන් ඔබ පවසන් නැත්තේ මට කුමක් කරන්න ද බැරි කියා?”
ෂුවේ මං ගේ හඩ වෙව්ලන්නට විය, “මොකද ඒ උඹේ...ඒ උඹේ ඇදුරුතුමා, උඹට කොහොමද එතුමාව මරන්න පුළුවන් උනේ?”
අදිරද සිහසුනේ හිද සිටින ඔහුට ඉහළින් හිද සිටින මෝ රන් දෙස ඔහු බැලුවේ ය. දෙව්ලොවට ෆුශී විය, අපායට යෑන්ලුවෝ විය , මරණීයන්ගේ ලොවට මෝ වෙයියූ විය.
නමුත් ෂුවේ මං ට හැගුණු අයුරින්, මෝ රන් මරණීයයන්ගේ ලොවේ තේජාන්විත අධිරාජ්‍යයා වූවත්, ඔහුට මෙලෙස නොවිය යුතුය.
ෂුවේ මං ගේ මුළු සිරුරම දෙදරන්නට විය. කෝපය හෙයින්ම කදුළු ද කඩා හැලෙන්නට විය. “මෝ වෙයියූ, උඹ මනුෂ්‍යයෙක් ද?, එතුමා එක්වරක්.....”
මෝ රන් ඔහුගේ දෙනෙත් එක් වරක් උසවා “එතුමා එක්වරක්....? කුමක් ද?” ඇසුවේ ය.
ෂුවේ මං ගේ හඩ වෙවුලන්නට විය, “උඹ එය හොදින් දැන ගන්න ඕනේ, එතුමා එක්වරක් උඹට සැලකූ අයුරු”
මෝ රන් මහ හඩින් සිනාසුනේ ය “ඔබට දැන් මට මතක් කරන්න අවශ්‍ය ඔහු මට එක්වරක් සිරුර ලේයින් තෙත් වෙන්නට තලපු අන්දමයි, මගේ සියලු වැරදි පවසීමට ප්‍රථමයෙන් මාව දණ ගස්වා තැබූ අයුරු හෝ ඔබට අවශ්‍ය ඔබට හරි අදාළ නොමැති කාට හරි ඔහු තුන් වරක් මාගේ මග හරස් කොට මාගේ වෑයම් සියල්ල වැනසූ අයුරු ද?”
ෂුවේ මං ඔහුගේ හිස වේදනාවෙන් සෙලෙව්වේ ය.
“....”
“නැහැ..මෝ රන්...නිවැරදිව සිතා බලන්න. ඔබේ ඔය කුරිරු ද්වේෂය අයින් කොට සිතා බලන්න , ආපසු හැරිලා බලන්න..
එතුමා එක්වරක් ඔබව ධ්‍යානවේදයේ සටන් කාලාවෙහි ප්‍රගුණ කළෝ ය, ඔබව ආරක්ෂා කළෝ ය
එතුමා වරක් ඔබට ලියන්න කියන්න කියා දුන්නෝ ය, ඔබට කවි සිත්තම් ඉගැන්නුවෝ ය
එතුමා වරක් ඔබ වෙනුවෙන්ම උයන්න පිහින්න ඉගෙන ගත්තහ. එතුමාට හරි හැටි ඉවුම් පිහුම් වල කපන කොටන වැඩ නොහැකි හෙයින් කී වරක් අත් කපාගෙන ඇත් ද.
එතුවා වරක්...එතුමා වරක් ඔබ එනතුර සෑම දාම බලා සිටියෝ ය, එතුමා තනිව...රෑ දහවල් නෑර බලා සිටියෝ ය.
වචන සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ උගුරෙහි සිර විය, නමුත් අවසානයේ දී, ෂුවේ මං ට හැකි වූයේ ඉකිබිදින්නට පමණි, “එතුමා...එතුමාට ඉක්මනට කේන්ති ගන්නවා තමා, එතුමාගේ වචන නොරිස්සුම සහගතයි තමා, නමුත් එතුමා උඹට සැලකුවා.. හොදින් බලා ගත්තා...උඹ කොහොම ද.....?”
ගොන්නක් වූ කදුළැලි සගවා දමා ෂුවේ මං හිස එසවූයේ ය. ඔහුගේ උගුර වේලී ඇත, තවදුරටත් කිසිවක් කියා ගත නොහැකි අන්දමින්.
ඇතිවූ දිගු නිහැඩියාව බිදිමින් සිහසුනේ සිටි මෝ රන් සුසුම් ලෑවේ ය. “ඔව්”
“එහෙත් ඔබ දන්නෙහි ද කරුණක් ෂුවේ මං?” මෝ රන්ගේ හඩ හෙම්බත් වී තිබිණ, “ඔහු තමයි එක්වරක් මා මෙලොව වැඩිපුරම ආදරය කළ එකම පුද්ගලයාගේ දිවි තොර කළෙත්. එකම කෙනා”
දිගු කලක් මියැද සිටියාක් මෙන් දිගු නිහැඩියාවක් පැතිරිණ
“තවමත්, එක්වරක් හෝ අපි ගුරු ගෝලයෝ වූයෙමු, ඔහුගේ මියගිය දේහය * දක්ෂිණ දිග ශිඛරයේ රක්ත සහස්පත් මණ්ඩපය තුළ සැතපෙනවා, සියපත් කැකුළු මත . එය හරියට ඔහු දිගු නින්දක සිටින අයුරිනුයි පෙනෙනුයේ” මෝ රන් සිය සුසුම් ගනිමින් තමාවම සන්සුන් කළේ ය. ඔහු මෙය පැවසුවේ කිසිදු භාවයකින් තොරව හිස් වූ අයුරිණි. නමුත් ඔහුගේ දෑගිලි රෝස දැවෙන් තනන ලද මේසය මතට බර විය. ඔහුගේ හන්දි සුදුමැලි විය.
“ඔහුගේ මෘත දේහය සංරක්ෂණය වී ඇත්තේ මාගේ අධ්‍යාත්මික බලයන්ගෙන්, ඔබට ඔහුව දැකීමට ඇවැසි නම් මෙතන මා සමග වාද කරමින් කාලය අපතේ හරින්නට එපා, මා මියැදීමට පෙර එහි යන්න”
සොමි බවක් ද ඇති කහට ගුලියක් වැනි යමක් උගුරට එන බව ඔහුට දැනුණි. මෝ රන් එකදිගට කහින්නට විය. නැවත ඔහු මුව විවර කළේ ය, ඔහුගේ දෙතොල් සහ දත් අතර අන් කිසිවක් නොව ඒ රුධිරය විය. නමුත් ඔහුගේ නෙත් තවමත් සන්සුන් සහගත විය.
රළු වූ හඩකින් ඔහු “යන්න, ගිහින් එතුමාව බැහැ දකින්න, ඔබ පමා වූවොත් මා මියැදේවි, ආධ්‍යාත්මික බලය සිදී ගොස් ඔහු දුහුවිලි බවට පත්වේවි”
ඉන්පසු ඔහු මලානික අයුරින් දෙනෙත් පියා ගත්තේය, විෂ ඔහුගේ හදවතට පැතිර තිබිණ. ගින්නෙන් දවාලන්නා වැනි පීඩනයක් ඇති විය.
ෂුවේ මං හට පවා ඇදහිය නොහැකි වූ තරම් සංතාපයකින් හදවත් හකුළන්නට වූයේ ය. ඉච්ඡාභංගත්වයකින් ලතැවුල් ඇතිකරන සමුදීමක් හරියට දැනුනේ ඔවුන් දෙදෙනා අතර මහ සමුදුර වැන පරාසයක තිබෙන්නාක් මෙනි ඔහුගේ ගඩ ඔහුට අවසානයට ඇසුවේ ජල තරංග අතරින් ගව් ගනන් දුරින් ඔහුගේ කතා කරන්නාක් මෙනි.
ඔහුගේ දෙතොල් අද්දරින් රුධිරය නිමක් නැතිව ගලන්නට විය, මස්පිඩු පෙරලෙන හෙයින් මෝ රන් තම වස්ත්‍රයෙන් අත තදින් මිරිකන්නට විය.
ඔහු තම දෙනෙත් මදක් විවර කොට බලන විට ෂුවේ මං දුරට ගොස් ය. අමනයි සමග වාද නොකළා නම් දක්ෂිණ ශිඛරයට ළගා වීමට ඒ හැටි වෙලාවක් ගත නෙවේවි , ඔහුට අවසන් වරටවත් ඇදුරුතුමාව බැහැ දැකීමට හැකිවීමට තිබණා.
මෝ රන් තමා සිටි තැනින් මදක් සෙලවී තම වෙව්ලන දෙපා උසවා නැගිට, ලේ පැල්ලම් ඇති තම හස්තයන් ආධාර කොටගෙන , සෂං කදු මුදුනෙහි වූ සුරපුර විදමන කුළුණ ඉදිරියට පැමිණියේ ය.
සරත් ඍතුවෙහි උච්චතම අවධියයි. හයිතං මල් කැකුළු පවනක පැටලී මනෝරම්‍ය විලසකින් එහිමෙහි පාවෙමින් තිබිණ.
අවසානයේ තම පවිටු දිවිය කෙළවර කර ගැනීමේ තීරණයට එළඹුණේ ඇයි කියා වත් ඔහු නොදන්නේ ය. පිබිදෙන පුෂ්ප ලෙලදෙන විට , එය එතරම් නරක සොහොනක් නොවිය.
විවරව තිබූ මිනීපෙට්ටියෙහි ඔහු ඇලවුනේ ය. හිස ඔසවා රාත්‍රියෙහි පිබිදී ඇත මල් කැලුළු දෙස ඔහු බැලුවේය. නිහඩවම සුළගට ගසාගෙන යනුයේ ඒවා පරවුණු අයුරින්ම ය.
පාවී අවුත් ශවභාජනය මතටද, ඔහුගේ දෙකොපුල් මතට ද වැටිණ. ඒව පවනෙහි එහි මෙහි පාවි පාවි නැටුවේ මැලවුණු අතීතය අයුරින්ම ය.
මෙම දිවියෙහි කිසිවක් නොමැති අවජාතක පුත්‍රයෙක් අප්‍රමාණ දේ රැස්කොට මරණීයයන්ගේ ලොවෙහි එකම අධිරාජ්‍යයා බවට පත් වූයේ ය.
ඔහු අපහාස කළේ ය, ඔහුගේ දෙඅත් රුධිරයෙන් නැහැවුණි. ඔහු ප්‍රිය කළ සියල්ල, ඔහු ඇලුම් කළ සියල්ල, ඔහු අප්‍රිය කළ සියල්ල, ඔහු වෛර කළ සියල්ල , ඔහු ප්‍රාර්ථනා කළ හෝ ද්වේෂ බැද ගත් කිසිවක් ඔහුට ඉතිරි වූයේ නැත.
අවසානයේ දී ඔහුගේ විශ්වාසනීය කටුබැලි හස්තාක්ෂර වලින් ඔහුටම සමරු පඨයක් ලියා ගැනීමට ඔහුට නොහැකි විය. එය විටෙන “නිර්ලජ්ජිර්තම අධිරාජ්‍යයා ගේ සමය විය හැක හරියට “තෙලෙන් බැදූ” හෝ “වාෂ්ප වූ” ලෙසටම. එහි කිසිවක් ලියා නැත. පළමු ධ්‍යානවේදී ලොවෙහි අධිරජුගේ සොහොන කිසිවක් නොලියාම හිස් ව ඉතිරි වුණි.
දශක ගණනක් තිර වලින් වැසී තිබූ දැක්මෙහි තිර රෙදි කඩාවැටී විවර විණ
කැරැල්ලෙන් හෝරා බොහෝමයකට පසු පන්දම් එළි බුජංගයෙක් වන් වූ අධිරාජ්‍යයා ගේ රජ වාසල ආක්‍රමණය කළේ ය. ඔවුන් මග රැකගෙන සිටියේ එහි ඉතිරිව තිබූවේ කිසිදු ආත්මයකින් තොර වූ වූෂන් මාලිගය, සෂං කදු මුදුනට ම විය. අළු වලින් නැහැවී තිබූ රක්ත සහස්පත් මණ්ඩපය දිගා වී ෂුවේ මං හිරි වැටෙන තුරු හඩන්නට විය.
සුරපුර විදමන කුළුණ හි ඉදිරිපිට වූ මෝ වෙයියූ ගේ මළ සිරුර එම මොහොතේ දී ම සිහිල් ව ගියේ ය.
අරුත් විමසුම් :-
රක්ත සහස්පත් මණ්ඩපය = Red lotus pavilion
සුරපුර විදමන කුළුණ = Heavenly-piercing Tower
ස්වේත පෙයර් කැකුළු මුද්‍රිකපාන = Pear Blossom White Wine
❤️❤️❤️❤️
ReplyDelete❤️❤️
Delete❤️
ReplyDelete❤️
❤️ ❤️ ❤️ ❤️
ReplyDelete