අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.




එම රාත්‍රියේ මෝ රන් ස’ෂං කඳු මුදුනෙහි වූ සිය සයනය මත වැතිර දෙයත් හිසට පිටුපස රුවාගෙන ඉහළ සියනේ වූ ආලෝක දහර දෙස බලමින් කිසිසේත් නින්ද නොයන විලසින්ම සිටියේ ය.

සිය මනස තුළ අතීතාවර්ජණ සිදුවීම් සමුදායක් කැරකවිණ, කෙමෙන් කෙමෙන් එකිනෙක, එලෙස අන්තයේදී චූ වන්නිංගේ මුහුණේ  සියලු ශේෂයන්, දැඩි වූ විලසම සොඳුරු විය.

සත්‍ය නිතැතින් පැවසුවෝතින් මේ නිමේෂයේ තමාට මේ අයවලුන් ගැන හැඟෙන්නේ කෙසේදැයි මෝ රන් හට නොවැටහේ.

ඔහු දුටු ප්‍රථම වතාව නම් සුරපුර විදමන කුළුණ ඉදිරිපිට වූ  ඒ  කුසුම්බර වූ තුරු සෙවන යට ඔහු සිටීමයි. ඔහු සියුම් දිගු බාහු යුග්මයෙන්ගෙන් හෙබි වස්ත්‍රයක් හැඳ සිටි අතර සියලුම විසි වැඩිහිටියන් අතරින් ස’ෂං කඳුකර  නීල වර්ණිත රිදී  සන්නාහ පැළඳ හෝ නොසිටි එකම අයවලුන් ඔහුම විය.

එදින දෝලනය වන අවතැන් මනසකින් සන්නාහ නියපෙළෙ ද සිය අතැතිව හෙතෙම හිස පහත් කළ විට ඔහුගේ වත සිත්තම ඍජු මෘදු ලෙසටම  දිස්වූයේ උණුහුම් සූර්ය ප්‍රභාවේ ස්නානය කරනා ස්වේත බිළාලයෙක් ලෙසින් ය.

දුර හිද බලා සිටිනා මෝ රන් හට ඉවත බැලීමට තරම් නොහැකි විණි.

චූ වන්නිං කෙරෙහි මෝ රන්ගේ වූ ප්‍රථම හමුවේ හැඟීම ධනාත්මක ලෙස ප්‍රභාන්විත විය.

එනමුදු නොසලකා හැරීම්, දණ්ඩනයන්, සැර පරුෂ රළු දැඩිකම් හමුවේ විරුද්ධව එය රඳවා තබා ගැනීමට නොහැකි විය. ස්වේත බිළාලයන්ගේ තියුණු නිය පහරින් ඔහුගේ  මුළු සිරුරම  වණ විය.

නූලක් අඟ රැදී තිබූ යාන්තමින් පණ ගැහෙනා සිය දිවිය අග්නි සයුරෙන් මෙපිටට ගෙන සිය මාමණ්ඩිය විසින් ගලවා ගන්නා ලදි. ඔහු සිතූ විරූ පරිදි වරක් ස’ෂං කඳුකරයට පැමිණි පසු සිය ඇදුරුතුමා තමා කෙරෙහි දයානුකම්පාව උපදවාගෙන අවංකව තමාව රැකබලා ගන්නා ලෙසින් ය.

 ඒ කෙසේ වූත් ඔහු කෙතරම් පිනවන්නට වෙර දැරුවත්, කිනම් ප්‍රයත්නයක් දැරුවත් ඒ කිසිවක් නොදුටු අය චූ වන්නිංම විය. සුළු වරදකටත් ඔහුට මහ මෙරක් ලෙස සැම විටම  උරුම වූයේ ලේ මස් නහර වලටම වදිනා කස පහරය.

පසුව ඔහුට දැන ගැනීමට ලැබුණේ චූ වන්නිං හද පත්ලෙන්ම ඔහුව පහත් කොට සලකන බවයි.

“ජන්ම ඌනතාවයන්ට ප්‍රතිකර්ම විරලයි”

කුසුම් වලින් පිරී ගිය තුරු සෙවණේ සිටගෙන සිටි හිම මෙන් ස්වේත වස්ත්‍ර හැදි පුද්ගලයා ඔහු ගැන සිතුවේ මෙසේ ද?

ඔහු වරක් චූ වන්නිං නවැනි සුරලොව ශීත ශශධර ලෙස සැලකුවේ ය.  මුළු හදින්ම ඔහුට ගරු කළේ ය, ඇගයිමට ලක් කළේ ය, එහෙත් ඒ ශීත ශශධරට ඔහු කවුරුන්ද?

අන් විකල්පයක් නොමැතිව ඔහුට පිළිගැනීමට සිදුවූ ගෝලයා

අතිශය පහත් තත්ත්වයක ඇති  ජීවිතයක්

කිසි වෛශ්‍යාගාරයක හැදී වැඩුණු වැදගැම්මකට නැති දරුවෙක්, අප්‍රසන්න මෙන්ම අවලම් වූ

 ඔහු මේ වගක් ගැන නොතකන්නා සේ මෝ රන් ඒ සියල්ල සිනහවකින් යටපත් කළ ද ඇතුලාන්තයෙන් මෝ රන් චූ වන්නිං හට  ද්වේෂ කරන්නට වූයේ ඒ ද්වේෂය ප්‍රචණ්ඩකාරී යටපත් කර ගැනීමට වෑයමක් නොමැත්තක් වූ  හෙයින්මය.

ඔහු එය පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේ ය.

ඔහු තුළ චූ වන්නිං කෙරෙහි වූ විරසක බව ඔහුට හැඟුණු පරිද්දෙන් දිනෙන් දින වැඩිවන්නට විය  එහෙයින් ඔහු චූ වන්නිංව අවුස්සන්නට  වූයේ තමා වෙතට ඔහුගේ අවධානය,  ප්‍රශංසාව, ඔහුව මවිත කරමින් තමා වෙතට නතු කර ගැනීමට ය,  

එම මොහොතේ දී ෂ’මෙයි ඔහුව “ඔබ හොඳින් කළා” යැයි  පැසසුමට ලක් කලෝතින් ඔහුට එය හැඟෙනුයේ ප්‍රීති ප්‍රමෝදයෙන්  උඩු ගුවනේ පාවෙන්නාක් මෙන්‍ ය.

එහෙත් චූ වන්නිං “නරක නෑ” ලෙස පැවසීමට පසුබට නොවුනෝතුන් ප්‍රීති වීමේ කාරණයක් ලෙස ඔහුට එය නව ජීවයක් ලබා දේවි.

එනමුත් චූ වන්නිං කිසිවිටෙක ඔහුව පැසසුමට ලක් නොකළේ ය.

කොතරම් ඔහු වෑයම් කළත්, කෙතරම් ඔහු කාර්‍යශූර වූවත් , කෙතරම් ඔහු යහපත් අයුරින් ඉටු කළත් , මේ දැඩි ගුප්ත පුද්ගලයා ඉවත බැලීමට පෙර  හිස නැමීමේ ප්‍රතිචාරයකුදු  නොදක්වයි.

මෝ රන් ක්‍රෝධ ගින්නෙන් මුසපත් වීමට ආසන්න මොහොතක් විය

ඇදගනිමින් චූ වන්නිංගේ දොකොපුල් වලින් අල්ලා ඔහු වත තමා වෙතට යොමා තමා දෙස බැලීමට බලෙන්ම යොමු කිරීමට, ““ජන්ම ඌනතාවයන්ට ප්‍රතිකර්ම විරලයි” නැවත ගෙන පසෙකට විසි කිරීමට ” මෝ රන් හට කොතරම් අවැසි වූවා ද යන්න සුරලොව දනීයි.

එහෙත් ඔහුට හැකිවූයේ අයාලේ යන සුනඛ ණහවෙක් මෙන් චූ වන්නිං ඉදිරිපිට දනින් වැටී හිස පහත් කරමින් සිය උත්තමාචාරය පුද කරමින් “මේ ගෝලයා ඇදුරුතුමාගේ ඉගැන්වීම් මනසේ රදවා ගන්නම්” ලෙස සිටීමටයි.

චූ වන්නිං ඉදිරිපිට ඔහු අස්ථි තුළටම තරම් පහත් අයෙකි

ඔහු තරුණ ස්වාමිපුත්‍රයෙක් වූවත් එයින් ඵලක් නැත.

අවසානයේ දී ඔහුට වැටහී ගියේ චූ වන්නිං වැය අය ඔහු දෙස අවමානයෙන් මිස අන් කිසිදු අයුරකින් නොබලන බවයි.

පසුව වූවත්, බොහෝ දේවල් සිදුවූවායින් පසුවත්.

මෝ රන්  ස'ෂං ශිඛරය අත්පත් කරගත් පසු  ,ඔහු මුදුන් ආධිපත්‍ය නතු කර ගනිමින් ධ්‍යානවේදී ලොවේ ප්‍රථම අධිරාජ්‍යා ලෙස කිරුළු දැරුවේය. අඳුරු පතාකය යට සියලු දෙනා බියෙන් වෙවුලන්නට විය, බිගුම් නදක් ලෙසකින් වත් ඔහුගේ නම මිමිනීමට තරම්වත් එඩිතර නොවූ ලෙසට ඔවුහු ත්‍රාසයට පත්ව සිටියහ. ඔහුගේ පෙර කැලලක් සේයාවක්වත් මතක ඇති කිසිවෙත් නොමැත, ඔහුගේ සඳහනක් නැති  උප්පතියවත් කාට මතක තියේද___

මින් මත්තට මෝ වෙයියූ යනුවෙන් කිසිවෙකුත් නැත, සිටිනුයේ තාශියෑන් ජූන් පමණි

තාශියෑන් ජූන්

සියල්ලෝම ඔහුට වෛර කළෝය, දැඩි ලෙස වෛර කළෝය , රාක්ෂ මෝ වෙයියූ, ඇතැම් විට පුනරුප්පත්තියකින් පවා පව් ගෙවීමට  නොහැකි තරම් ශාපයක් වැදි අයෙක් වී ඇත.

තාශියෑන් ජූන් මෝ වෙයියූ තාශියෑන් ජූන් මෝ වෙයියූ තාශියෑන් ජූන්___

තා. ශියෑන්. ජූන්

 ඔවුන් එතරම් බියෙන් නම් කුමක් කරන්න ද? ස’ෂං කඳුකරය සිසාරා රැව් පිළි රැව් දුන්නේ, එකස්වනම  හඬ ස්වරයන්  ගැයුනේ දස දහස් ගනනින් මිනිසුන් වූෂන් මාලිගය ඉදිරිපිට ඔහුට  දණින් වැටී බිම වැතිරේ ආචාර කළේ ඔවුන් සිය හිස් බිම හෙළමින් ඔහුට අතිමහත් වූ ගෞරවය දක්වමින් ඔහුට භූමිලලාටනය නමස්කාරය කරමින් ය.

“අදිරද තාශියෑන් උතුමාණන් දිගුකල් වැජඹේවා, ආයුබෝ වේවා!”

එම ආ වැඩීම් තුළින් ඔහු කුල්මත් විය

ඔහු සෙනඟ අතරින් චූ වන්නිං දකින තුරා

චූ වන්නිංගේ ධ්‍යානවේදී බලය ඒ වන විටත් අහෝසි කර තිබුණි, ඔහු ශාලාව යට ගැටගසා තිබුණේ එක් සිරකරුවෙක් ලෙස පමණි.

ඔහුට මරණ දඬුවම් ලබා දීමට මෝ රන් එමොහොත වන විටත් තීරණය කොට තිබුණ ද, එතරම් පහසුවෙන් චූ වන්නිංව වලපල්ලේ යැවීමට මෝ රන් අවැසි නොවීය, එහෙයින් හෙතෙම ඔහුගේ අත්පා යදම් බැඳ , ගෙලෙහි වූ රක්තවාහිනියේ සුළු  කැපුමක් සාදා රුහිරු ගලා යෑමට ඉඩ හැර, තුවාලයෙහි ලේ කැටි නොගැසීමට මායා බන්ධනයක් කළේ ය. බිදෙන් බිද රුහිරු ගලා යෑමට වූයේ ටිකෙන් ටික ප්‍රාණය වියැකී යාමට විය.

හිරු දීප්තිය වපුරන කල රාජාභිෂේක මංගල්ලය සිදුවෙමින් පැවතිණ, එමෙන්ම චූ වන්නිංගේ රුධිරය සිදී යෑමට ආසන්නයේ තිබිය යුතු විය.

ඔහු ධ්‍යානවේදී ලොවෙහි අධිපතියා  වන අයුරින් නම්  චූ වන්නිං නිසොල්මන් මලකඳක්ව  සිටීවි

අතීතයේ සිදුවූ සියල්ල මකා දැමිය හැක

ඉතා පරිපූර්ණ ලෙස

එහෙත් මරු දොර අබියස සිටියත් මේ පුද්ගලයා තවමත් මධ්‍යස්ථව  සිටින්නේ මන්ද? තවමත්  දැඩි බවින් යුතු ලෙසම බොහෝ මනෝහරයි, ඔහුගේ මුහුණේ පැහැය වියැකී ගියත් භාව ප්‍රකාශනයන් තවමත් සන්සුන්, කිසිදු බියකින් හෝ ප්‍රශංසාවකින් තොරව තාශියෑන් ජූන් දෙස බලා සිටින්නට විය.

ජුගුප්සාජනක බව හා හෙළාදැකීම

මෝ රන් සිතූ පරිදි තමා ප්‍රකෝපකාරී වී ඇත. එහෙත් නැතිනම් චූ වන්නිං ප්‍රකෝපකාරී වී ඇත.

එමෙන්ම අනුකම්පා සහගත භාවයේ ඉඟියක් ද එහි විය.


ඔහු විසින් පරාජයට ලක් වුණු, මරණයේ අබියස සිටි චූ වන්නිං ඔහුට අනුකම්පා කළේ ය! හෙතෙම සත්‍යවශයෙන්ම සියල්ලෝටම ඉහළින් අග්‍රස්ථානයේ සිටිගෙන සිටි , අප්‍රමේය බලයක් දරා සිටි ඔහුට අනුකම්පා කළේය, ඔහු සත්‍යවශයෙන්ම____ ඊට නිර්භය විය!!!

දස වසරකට අධිකව එක්රොක්ව තිබී  දරා සිටි ක්‍රෝධය  අවසානයේදී මෝ රන්ව වියරු වැට්ටුවේ ය.  පක්ෂපාතී ශාලාව___ වූෂන් මාලිගය ලෙස නම් කර ඉන්පසු___දහස් සංඛ්‍යාත වූ ජනයා රැස්කොට, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා පුහු ප්‍රශංසා මධ්‍යයේ, ඔහු ක්ෂණයෙන් සිටගෙන සිය කාල වර්ණිත වස්ත්‍රය රලපතර මෙන් සලමින් පියවරෙන් පියවර බැස ආවේය.

එම මිනිසුන් ඉදිරිපිට දී චූ වන්නිංහේ මුහුණේ හනු ප්‍රදේශයෙන් අල්ලාගෙන තර්ජන මුසුව ඇති සියුම් විලාශයකින් මඳහසක් පෑවේය.

“ඇදුරුතුමනි, අද මේ ගෝලයාට සුවිෂේශී ප්‍රීතිමත් දිනක්, ඔබතුමා නොසතුටින් සිටින්නේ මන්ද” දහස් සංඛ්‍යාත දනන් ක්ෂණයෙන් දැඩි නිහැඬියාවක වෙළුනෝය.

චූ වන්නිං ගරු සරු බවක් හෝ මහන්තත්ත්වභවක් නොපෙන්වා ඔහුගේ හිම මෙන් දැඩි වූ භාවයන්ගෙන් වත සරසා පැවසුවේ ය. “මට ඔබ වැනි ගෝලයෙක් නැහැ”

මෝ රන් මහා හඬින් සිනාසුණේ ය. ඔහුගේ සිනා හඬ සීමා විරහිතව ගිජුලිහිණිය මෙන් රන්වන් ශාලාවේ ආලින්දය සිසාරා කැරකවෙන්නට විය.

“ඇදුරුතුමා හරිම නිර්දයයිනේ, මේ උත්තමයාණන්ව කලකිරීමට ලක් කළා” ඔහු සිනාවෙමින් පැවසුවේය හඬ දෝංකාර දුන් ලෙසටමය.  “ඔබතුමාට මා වැනි ගෝලයෙක් නැහැ? එසේනම් මට කවුරුන්ද ධ්‍යානවේදය ඉගැන්වූයේ? කවුද මට සටන් කලාව හුරු කළේ? මගේ මේ දුෂ්ටත්වයෙන් පිරි ක්‍රෑරත්වය__කවුද මේවා මට ඉගැන්වූයේ? මගේ ශරීරය කස පහරවක් වලි හටගත් කැලලින් පිරී ගිහින් තවමත් වියැකී ගොස් නැති__මම ඔබතුමාගෙන් අහන්නේ කවුද මට මෙහෙම කළේ!  ”

ඔහු සිය මඳහස නවතා දැමුවේය, හඬද කුරිරු විය, රුදු ආලෝකයක් නෙත් තුළ විය.

“චූ වන්නිං , තමුන් එතරම් ලැජ්ජා වෙන්නේ ද මා වැනි ගෝලයෙක් සිටීම ගැන? මගේ අස්ථී එතරම්ම තුච්ඡයි  ද, මගේ රුධිරය එතරම්ම අපවිත්‍රයි ද? චූ වන්නිං මම උඹෙන් දෙයන් අහන්නම් , මම උඹෙන් අහන්නම්  කුමක්ද ජන්ම ඌනතාවයන්ට ප්‍රතිකර්ම විරලයි යන්නේ අර්ථය?”

ඔහු තරමක උමතු භාවයකට පත්වී හඩ ස්වරයන් පවා පැටලෙන්නට වූයේ ඔහු මත්ව ගියා මෙන් මොරගැසීමෙන්‍ ය.

“උඹ කවදාවත්ම මාව කවදාවත්ම උඹේ සිසුවෙක් යැයි කියා දුටුවේ නැහැ, උඹ එලෙස මා ගැන සිතුවෙත් නැහැ___ එහෙත් මා___ , එහෙත් මා වරක්___ සැබැවින්ම  උඹව දුටුවේ මගේ ඇදුරුතුමා ලෙසයි, මම උඹට ගරු කළා, උඹව අගය කළා! ඇයි උඹ මට මෙහෙම සැලකුවේ? ඇයි උඹ මට එකදු වචනයකින්වත් ප්‍රශංසා නොකළේ, ඇයි මම මොන දේ කළත් , මට  උඹෙන් එක සුළු අවසරයක්වත් නොලැබුණේ?!”

චූ වන්නිංගේ මුළු කයම වෙවුලන්නට වූයේ වත ද වඩ වඩාත් සුදුමැලි වී ගියාත් සමඟය.

ෆීනික්ස් විහඟ නෙතු සගල යාන්තමින් පුළුල් වූයේ ඔහු මෝ රන් දෙස බලන්නාක් මෙන්‍ ය. ඔහු  ලවනත නලියන්නට වූයේ  යමක් පැවසීමට අවැසි වූ හෙයින් ය එහෙත් අවසානයේ කිසිවක් පැමිණියේ නැත.

ස’ෂං ශිඛරයේ ජීවත්ව සිටි සියල්ලෝම දැන් සමුගෙනය, ගෙවුණු දිනයන්හි ඉතිරිව සිටි අවසන් දෙදෙනා මෙලෙස මුහුණට මුහුණ  බලමින්  සිටිති.

කටුක වූ නිහැඬියාවත් සමඟම අවසානයේ මෝ රන් සන්සුන් වූ බවක් පෙනුණි. ඔහු නෙත් වසා යළි විවර කළේ ය. ඔහු යළිත් සිය ද්වේෂ සහගත සිනහව පැළඳ ගත්තේ එය එහි වූ ජනයා තැතිගැන්මෙන් වෙවුලන තත්ත්වයට පත් කරමින් ය.

ඔහු සියුම්ව සුහද ලෙස කිවේය. “ඇදුරුතුමා සැමවිටම මා පහත් කොට සැලකුවේ නැති ද? මම පහත් යැයි සිතුවේ නැති ද?”

ඔහු මදක් නවතා ඔහුගේ මාලිගය ඉදිරිපිට සුනඛයින් මෙන්    දණගසා සිටි දහස් ගණනක් වූ ජනයා දෙස බැලුවේ, මේ සියලු පිළිඳැන්වීම් වලින් කියවෙනුයේ ඔහු ධ්‍යානවේදී ලොවෙහි අග්‍ර ස්ථානයට පැමිණ ඇති , සියලු ලෞකික කාරණයන්හි මුදුන් ස්ථානයට පැමිණි අධිපතියා බවයි.

මෝ රන් සිනාසුණේ ය. “දැන් කෙසේද? තමුන් මියැදීමට , මම තමුන්ගෙන් යළිත් යමක් විමසන්නම්, මෙලොව කවුරුන්ද පහත් , කවුරුන්ද මහෝත්තම කියා? කවුරු කාවද යටත් කොට සිටින්නේ? කවුද අවසානයේ ජය ගත්තේ, කවුද පරාජය වූයේ කියා?”

චූ වන්නිංගේ නෙතුපිල්ලම් බිමට හැරවී ගියේ මෝ රන්ගේ පාපොච්චාරණයන් ඉදිරිපිට නිමේෂයකට පෙර දී පරාද වූ සෙයින් ය. අවසන් වනම මෝ රන් විසින් ඔහුගේ මුහුණ හනු ප්‍රදේශයෙන් තදින් ග්‍රහණය කොට ගෙන බලෙන් සිය මුහුණ වෙතට හරවන ලදි.

එහෙත් විගසින් මෝ රන්  ඒක්ෂණයෙන් ගල් ගැසී ගියේ ය.

හෙතෙම චූ වන්නිංගේ මුහුණෙහි පශ්චාත්තාපයක් දුටු පළමු මොහොත එය විය.

එම භාව ප්‍රකාශනයෝ හුරු පුරුදු භාවයට බොහෝ දුර විය, මෝ රන් පිළිස්සුනාක්  මෙන් එසැණින් සිය හස්තය එයින් ඉවතලූවේ ය.

“තමුන්....”

චූ වන්නිංගේ මුහුණ වේදනාබර, නිහැඬියාවෙන් බරව එක් අයුරක සන්තාපය  ඔහුගේ අස්ථි පත්ලට කිදාබස්නාක් මෙන් යම් අයුරක සංවේගයක් සිය ශරීරාභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉරා දමන්නාක් මෙන් ඔහුට දැනුණි.

ඔහුගේ හඬ සියුම්  විය.

පවනෙහි පාවී ඇවිත් මෝ රන්ගේ සවනට පමණක් එන්නට විය.

“මට කමා කරන්න , මෝ රන් එයට වැරදි මේ ගුරුපියාණන්

එක් මොහොතින් මුළු දියතම මුනිවත රැක්කේ ය. පවනෙහි ස්වරය, තුරු පත්හි සර සර නාදය, වස්ත්‍රයෙහි ළෙලදීම , සියල්ලෝම නිහඬ වූහ.

චූ වන්නිංගේ මුහුණ පමණක් ඔහු දෙස බලා සිටියේ ය. මුළු ලොවෙහිම පැහැදිලි වූ එකම දේ විය, ඔහුට පෙනී ගිය එකම දෙය

සන්තෝෂය, ආනන්දය, ආත්මතෘප්තිය, ප්‍රමෝදය මේ සියල්ල එම මොහොතේ මනසට ඒමට යුතුව තිබුණි

එනමුදු ඒ කිසිවක් වූයේ නැත

ඔහුගේ මනසේ එක් අමුතු හැඟීමක් එවිට විය, එකම එක් දෙයක්___

 

කවදාද ඔහු මෙතරම් චූ වන්නිංට වඩා උසින් වැඩි වූයේ?

කාලය බොහෝ සේ ගතවී ඇත.

බොහෝ දේ වෙනස් වී ඇත.

මෝ රන්ගේ දෙතොල් මිමිණුමක මදක් නතර විය. “කුමක් ද තමුන්  පැවසුවේ?”

එහෙත් චූ වන්නිං මඳහසක් පෑවා පමණි, එම මඳහස මෝ රන් දනී එමෙන්ම නොදනී, ඔහුගේ ෆීනික්ස් විහඟ නෙතු සඟල තුළින් හෙතෙම තම විපරීතව ගිය ප්‍රතිබිම්බය දුටුවේ ය.

සෙමින් නෙත් පියාගනිමින් චූ වන්නිං පසු පසට වැටුණේ ය___ එම මොහොතේදීම මෝ රන් සැණෙන් ඔහුගේ උරහිසෙන් අල්ලා ගත්තේ ය. ඔහුගේ වියරුව , කේන්තිය ගර්ජනා කරන්නට වූයේ වන මෘගයෙකු වැටෙන්නාක් මෙන් ය.
“චූ වන්නිං, චූ වන්නිං කුමක්ද තමුන් පැවසුවේ, යළි එය කියනු!”

ඔහුගේ අතෙහි වූ පුද්ගලයා පිළිවදන් නොදුන්නේ ය, පෙයාර්  මුකුලයක් මෙන් ලවනත සුදු මැලිව ගොස් ය. කඩවසම් පෙනුම උදාසීනව විය, එහෙත් මියැදීමට පෙර එය ශෝකාකූල මඳහසකට හැරවුණි, මුවඟ රැදි එම හැරවුම මෝ රන්ගේ මතකාවලියේ වූ  ප්‍රථම වර සුරපුර විදමන කුළුණ අසල ඔහුගේ මුහුණ පෙනුණු ආකාරයද එලෙසම සමාන විය.

“සියුම් සරල හසරැල්ලක්”

“චූ වන්නිං!!!”

එම මෘදු බව වියැකී ගියේ හායිතාං කුසුමයන් මිලිනව සිසාර බිමට පතිත වෙන්නාත් සමඟය.

අවසානයේ ඔහුට අවැසි දේ සිදුවිය, ඇදුරුතුමාගේ ප්‍රාණය මතින් ලොවෙහි අග්‍ර ස්ථානයට පැමිණීම

එහෙත් කුමක් ද ඒ? කුමක්ද ඒ?

සන්තාපය සහ ද්වේෂය ඔහුගේ ළය තුළ දරුණු ලෙස කැකෑරෙන්නට විය, කවර විප්‍රලාපයක් ද ඒ?

සිහින් කාල වර්ණිත ධූමිකාවක් රැස්කොට චූ වන්නිංගේ මධ්‍ය ශක්ති සංසරණයට තබා මුද්‍රා තබමින් , ඔහුගේ වැටෙමින් තිබූ අවසන් හුස්ම පොද පණගන්වන්නට විය.

“උඹ පතන්නේ මෙසේ මියයෑමට ද?” මෝ රන් දෑස් විසල් කරමින් ඔහුගේ භාව ප්‍රකාශන තුළ දුෂ්ටත්වය ද විය, “මම තාම තමුන් එක්ක අහවර කළේ නෑ, මට තව තිබේ ගණුදෙනු තමුන් එක්ක බේරගන්න! මම තව අහවර කළේ නෑ! මම තව අහවර කළේ නෑ ! තමුන් එක පැහැදිලිව පවසන්නැති නම්, මම ෂුවේ මංව, කුන්ලුන් තාෂුවේ වාසල,  තමුන්ට රකින්න අවැසි උනු හැම එකාම කෑලි කරනවා!! මම උන්ව කෑලි වලට ඉරනවා!! තමුන් ඒ ගැන හිතුවොත් හොඳයි!! ”

මංගල්‍ය ගැන ද අමතකවී, දණින් වැටී සිටි පිරිසට ද ඕන මංගල්‍යයක් වුනාවේ යැයි විය

ඔහු සිය මනස වෙනස් කළේ ය. ඔහුට තවදුරටත් චූ වන්නිංගේ මියැදීම අවැසි නොවීය.

හෙතෙම ඔහුව වෛර කළේ ය, ඔහුට චූ වන්නිං ජීවත්ව සිටීම අවැසි විය__ජීවත් වීම....

ඔහු අධික රුධිර වහනයකට ලක්ව සිටි පුද්ගලයාව ඔසවාගෙන එක් එක් බල සම්බන්න පිරිසරනයකින්, තම චිංගොං බලය අවධි කරමින්, අධිලම්බ අගුවකට එක පිම්මෙන් පනින විට දිගු වස්ත්‍රය සැලෙන්නට වූයේ තනිවූ රාජාලියෙකු සිය පියාපත් දිග හරිමින් සලන්නාක් මෙන්‍ ය. ඔහු සියනෙන් සියනට පියාසරමින් මාරු වී ඍජුවම ස’ෂං ශිඛරයට ළඟා වී ___ එසැණින් චූ වන්නිං වරස් ජීවත් වූ රක්ත සහස්පත් මණ්ඩපයට පැමිණියේ  ය.

එම ස්ථානය බහුලවම අධ්‍යාත්මික ශක්තියෙන් සහ නොමඳ වූ ඖෂධ පැළෑටින් යන සම්පතියෙන් යුක්ත විය. ඔහු හට චූ වන්නිං නැවත ගෙන ඒමට අවැසි විය.

ද්වේෂ කිරීමට නම් මෙම පුද්ගලයා ජීවත් විය යුතුයි; ඔහු මියැදුනෝතින්, ද්වේෂ කිරීමට එහි හේතුවක් ද නොම වෙයි. ඔහු පෙර සිටියේ උමතුවෙන් ද, ඔහුගේ දෑතින් චූ වන්නිංව අවසන් ගමන් යැවීමට අවැසි වූයේ?

චූ වන්නිං මියගියෝතින්, ඔහුට මෙලොව ඉතිරි වනුයේ අන් කුමක් ද?

සයන මත දිගහැරී සිටි ඔහු අතීත මතකයන්හි රස සිය දිවඟට ගෙන වින්දේ ය.

එහි දැනටමත් මහා රෑ වී තිබුණු, නමුත් ඔහුට නිදා ගැනීමට නොහැකි විය

මෝ රන් නැගී සිට, මුහුණ දෝවනය කොට, වස්ත්‍රයකින් සැරසී, පහන් කූඩුවක් අතෙහි රදවාගෙන යෑන්ලුවෝ ශාලාව වෙත පියමැන්නේ ය.

එහි දණ ගසාගෙන දඬුවම් ලැබීමට යන මොහොතේදී චූ වන්නිං සිය තුවාල වෙලා සිටියේ නිසැකවම අපරික්ෂාකාරී ලෙසය. සිය සිරුරය අංශුමාත්‍රයකින්වත් එය දැරිය හැකියි ද යන්න තැකීමට තරම්වත්  ඔහු නොනැමෙන යකඩයක් මෙන් මුරණ්ඩු බවත්, වෑයම් කළත් , ෂුවේ මං හට ඔහු නැවැත්වීමට නොහැකි බවත්  ඔහු කෙසේද යැයි යන වගත්  මෝ රන් දැන සිටියේ ය.

එලෙසටම කුඩා ප්‍රදීපිකාවක් දැල් වී යන අයුරු පන්දම් ඉටි සෙමින් වැටෙන අයුරු යෑන්ලුවෝ ශාලාවේ පිටතින් දක්නට හැකිවිය.

චූ වන්නිං ද්වාරයට  සිය පිටුපස ලා දණගසාගෙන සිටියේ ය, එම රුව සරල වෘක්ෂයක් මෙන් ඍජු විය.

ඔහුහේ රුව දුටු විට මෝ රන් තරමක් පසුතැවීමකට ලක් වූයේ ය. මධ්‍යම රාත්‍රිය උදාව තිබුණි. ඔහු කුමක්ද කරන්නේ? චූ වන්නිං බැලීමට මෙහි පැමිණීම? ඔහු උමතුවෙන් ද?

නමුත් ඔහු දැනටමත් මෙහි පැමිණ ඇත, නැවත හැරී පිටව යෑම හැඟී යන්නේ අමනකමක් ලෙසයි.

ඔහු මොහොතක් සිතුවේ ය.  සම්මුතියකට එළඹුණේය. සෙමෙන් පන්දම  සිය පාදයෙන් සැකසුවේය. ඔහු පිටවන්නේ ද නැත එහෙත් ඔහුට එහි යන්නේ ද නැත. කවුළුවට පිටින් සිටගෙන ඔහු වැලමිට එහි රාමුවේන් ආධාර කරගනිමින් දෙකොපුල් අතෙහි රදවා ගත්තේ චූ වන්නිං දෙස දුර හිද බලා සිටිමින් ය.

සියනෙහි එල්ලෙමින් වූ තඹ සීනූ සෙමින් සෙලවුණි, කුසුම්හි සහ ශාක වල  වූ සියුම් සුමිහිරි සුගන්ධයක් වාතල මත පිරී තිබුණි.

ඔවුන් දෙදෙනා__එක් අයෙක් සිටගෙන___අනෙක් අය දණගසාගෙන__දැලිස් කවුළුවෙන් , හිස් ශාලාවේ වූ නිහැඬියාවෙන් වෙන්ව සිටියේ ය.

එය පුනරුත්පත්තියට පෙර වූවා නම් , මෝ රන්ට අධිකාරී බලයක් විය ඉදිරියට ගොස් චූ වන්නිංහට කල්පනා කර කර සිටීම නවතා ගොස් විවේක ගැනීමට අණ දීමට.

චූ වන්නිං ප්‍රතික්ෂේප  කළෝතින් ඔහුට හැකියාවක් විය සෙලවීමට නොහැකි අයුරින් අත්පා මුද්‍රා තබා සිරකොට බලෙන් ඔහුව එතැනින් ඔසවාගෙන යෑමට.

නමුත් මේ මොහොතේ ඔහුට අධිකාරිත්වයක්වත් , හැකියාවක්වත් නැත.

ඔහු චූ වන්නිං තරමටවත් උස ද නැත.

ඔහුගේ හිස අවුලක පැටලී තිබුණි. ඔහු එම පුද්ගලයාවා කවුළුවට පිටින් සිට බලා සිටියේ ය, නමුත් එම පුද්ගලයාට එය පසක් වූයේ නැත, ඔහුට චූ වන්නිංගේ මුහුණ බැලිය නොහැකි විය, චූ වන්නිංට ද ඔහුගේ මුහුණ බැලිය නොහැකි විය.

ස්වේත බිළාලය මුළු රැය පුරාවට දණ ගසා සිටියේ ය, හැරුණේ නැත

අමන බලු පෝතකයා මුළු රැය පුරාවට සිටගෙන සිටියේ ය, පිටවුණේ නැත.

 

කතු වදන :

එකමත් එක රටක හිටියලු බලු පැටියෙක්, ඌ ජරා මෝඩ , කවුරුත් එයාට කැමති නෑ, එයාට පුළුවන් එහෙ මෙහෙ යන්න විතරයි

එක දවසක් බලු පැටියට එයාගේ මාමා කෙනෙක් මුණ ගැහුණලු, එයා ආපහු එයාව එයාගේ කූඩුවට ගෙනිච්චාලු, අලුත් කූඩුව හරි උණුසුම් ලු , ඉඩ තියෙනවාලු, බලු පැටියට හරි සතුටුයිලු. විශේෂයෙන්ම එක ලොකු සුදු පූසෙක් කුෂන් එකක ගුලි වෙලා නිදාගෙන හිටියලු, එයා හරි සිනිදු පාටයි ලු. බලු පැටියා උඩු බුරාගෙන අව්ව් ගාගෙන සතුටින් ඉගිලිලා ගිහින් අර සුදු පූසට හොම්බ දැම්මාලු.

ඒ උනාට ඇහැරුණාම තඩි සුදු පූසා හිතනවාට වඩා වෙනස්, ඌ හැමවෙලේම රළු විදිහට බලු පැටියා දිහා බලාගෙන හිටියේ, බලු පැටියා හුරතල් වෙවී හොයන ආදරය ගණන් ගත්තේ නෑලු.  එයාට තරහා ගියාම එයා දන්නෙම නැතුව නියපොතු වලින් බලු පැටියගේ මූණට ගහනවා

හෙමින් හෙමින් චූටි බලු පැටියා ලොකු උනා, තඩි සුදු පූසා හෙමින් චූටි සුදු පූසා උනා බලු පැටියා ඉස්සරාම,

බලු තඩියට ඕනේ උනා සුදු පූසාට පාඩමක් උගන්නන්න, එයා පොඩි පූසගෙ බෙල්ල හැපුවා, ආඩම්බර කමින් සුදු පූසාව එයාගේ කකුල යටට ගත්තා හිම බෝලයක් වගේ

එයා හිතුවේ අනිත් සතා ගලක් වගේ කියලා ඒත් ටික ටික තේරුම් ගත්තා මේ සුදු පූසාගේ ඇග හරි සිනිදුයි කියලා, එයාට මතක් උනා අමතක කරන්න බැරි එයා මේ කූඩුවට ආපු පළවෙනි දවසේ රාත්‍රිය, එයා මේ පූසගේ සිනිදු උණුසුම අස්සේ හැංගිලා නින්දට වැටුණ.

ඒත් එයා කවදාවත් දැන ගත්තේ නෑ එදා රෑ සුදු පූසා එයාගේ කදාමිණ වගේ ඇස් ඇරලා බලයි කියලා

මේ පොඩි එකා කොහෙන්ද ආවේ? කොච්චර ජරා වෙලාද...

සුදු පූසා හිතුවා, සුදු පූසා එයාගේ දිවෙන් හිමෙන් සැරේ බලු පැටියගේ ලොම් පිරිසිදු කරා.

බලු පැටියා කලබල උනා එයාව පිරිසිදු වෙලා කියලා දැන ගත්තාම, ඇස් නිදිබර වෙලා එයා හිතුවේ මේ හැමදේම හීනයක් කියලා , එයා හීනෙන් දැක්කේ එයාගේ අයාලේ යන ජීවිතය අවසානයකට ඇවිත් කියලා, එතන හිටිය තඩි සුදු  පූසා එයාට කරුණාවන්තව සලකනවා කියලා, ගොඩක් කරුණාවෙන්.

 


T/N

තාශියෑන් ජූන් =  踏仙帝君 (Tà xiān dìjūn/ තා ශියෑන් දි ජූන්) ,  යනු පාගාගෙන සිටීම  යනු අමරණීයයන් නැතහොත් ධ්‍යානවේදීන්  යනු අධිරාජ්‍යයාය   යනු අධිපතියා ඉංග්‍රීසි භාෂාවෙන් lord  යන තේරුම ඇත, මෙහි අර්ථය වනුයේ  “අමරණීයයන් දෙපතුලෙන් යටපත් කළ  අධිරාජ්‍යයා” යන්නයි. මෝ රන් ධ්‍යානවේදී ලොවේ අධිරාජ්‍යයා වූ පසු සියල්ලෝම ඔහු යටත් කළ ගත්තේය, මේ අමරණීය ධ්‍යානවේදීන්හට පවා ඔහුව වැළැක්වීමට නොහැකි විය.

 භූමිලලාටනය නමස්කාරය =三跪九叩 Sān guì jiǔ kòu/ සන් ගුයි ජියෝ කොව්තුන් වතාවක් දණ ගැසීම සහ නව වතාවක් ආචාර කිරීම ( kowtow) , මෙසේ  kowtow  ලෙස  හඳුන්වන චීන ජාතිකයින් ආචාරකරන විදිහ දන්නවා ඇති, ඔහුන් අධිරාජ්‍යයෙක් ඉදිරියේ එලෙස තුන් වතාවක් දණ ගසා නව වතාවක් ආචාරය කරනවා. මේ වගේ දේවල් නම් ඔයාලා ඩ්‍රාමා වල දැකලා ඇති ඕන තරම්

 

 වූෂන්              : 巫山 Wūshān)巫  වචනයේ තේරුම , ඉද්‍රජාලිකයා, මායාකාරයේ යන්නයි නේ කන්ද,
                            මේක හරියටම නම් මෙහෙමද තේරුම කියන්න දන්නේ නෑ, හොයලා බලලා කියන්නම්

 

ගුරුපියාණන් : 师父  (Shī fù/ ෂ’ෆූ) මේක ගොඩක්ම චීන නවකතා, සාහිත්‍යට කැමති අයට වැදගත් වෙයි , 师父 , සහ 师尊 (Shī zūn) අතර වෙනස,  ලොකු වෙනසක් නැති උනත් මේක අර්ථය ගත්තාම පොඩි වෙනසක් තියෙනවා ඒ කතාවෙන් කතාවට වෙනස් වෙන්නත් පුළුවන්, 师尊 කියන්නේ ගෞරවාන්විත ගුරුතුමා කියන එක කියන්නේ ගුරුතුමා, කියන්නේ ගෞරවය කියන අර්ථය, සමහර MTL වල master respect කියලත්  යාන්ත්‍රිකව පරිවර්තනය වෙලා තියෙනවා මෙහෙම.   වල, කියන්නේ ගුරු නැත්තම් ගුරුවරයා කියන අර්ථයයි   කියන්නේ තාත්තට, මේ character එක යෙදෙන්නෙම තාත්තා ගැන හා පියා හා සම්බන්ධ දේවල් වලදී, ඒ කාලේ චීනේ ගුරුවරෙක් ශිෂ්‍යයෙක් අතර බැදීම හරියට සැලකුවේ තාත්තෙක් පුතෙක් අතර තියෙන බැදීමක් වගේ කියලයි, අනික මේ ඉගැන්වීම් තාඕ දහම , බුදු දහම හා සම්බන්ධව තිබෙන නිසා ගුරුවරයාට සමාජයේ ලොකු භූමිකාවක් තිබුණා, ලොකු ගෞරවයක් භක්තියක් ගුරුවරයට ලැබුණා, හරියට දෙවෙනි පියාණන්  කියන තැන තමයි  ගුරුවරයෙකුට තිබුණේ, 师父   කියන එකේ ඍජුවම පරිවර්තනය වෙන්නේ fatherly teacher  විදිහටයි,  师尊 කියන දේ තමාව හැදින්වීමට භාවිතා නොකර师父 කියලා තමන්ව හැදින්වීමට වන්නිං භාවිතා කළේ මෙතන තියෙන ඒ තත්ත්වය අනුවයි. මේ වගේ ටිකක් emotional තැන් වලදී වන්නිං මේක භාවිතා කරනවා, කතෘ ඒකෙන් කියන්න උත්සාහ කරන්න ඇත්තේ අතීත චීනයේ වූ මේ ගුරු සිසු සබඳතාව ගැන. The villain has something to say කියන නවල් එකේ නම් මේ කාරණය ගැන ලොකුවටම කියලා තිබුණා. 

 

චිංගොං ;- 轻功 Qīnggōngමේක එක්තරා සටන්කලා ක්‍රමයක්, වැඩි විස්තර මෙතනින් බලන්න මට තව දැනගන්න ලැබුණොත් කියන්නම් https://en.wikipedia.org/wiki/Qinggong

 

      Previous |TOC |Next

 


 

 

Comments

  1. Hetuwk natiwm me kotasa as walt a kiywddi kandulu enwa😥😥

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.