අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පහළොස්වන දිගහැරුම : මේ උත්තමයාණන් මෙවැනි නිරාවර්ණිත මංගය රැයක් දුටු ප්‍රථම අවස්ථාවයි.
විවාහ
මංගල්‍යයකින් පලා යාම යනු සැබැවින්ම දහවල්
ස්වප්නයක්ම පමණි. ෂ මෙයි තවමත් මෙහි විය. කුමකින් කුමක් සිදුවූවත් ඔහුට පලා යා
නොහැක.
මෙම
අශික්කිත උස්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනිය වූවද අනලස් නොවන්නේම ද? මෝ රන්ගේ මුහුණ සුදුමැලිව
ගොස් තිබුණේ ක්‍රෝධය සහ ස්වයං පාලනයෙන් තමාවම පාලන කරගෙන සිටීමට වෙර දැරීමෙන් ය.
මෝ
රන් තමාටම කෙඳිරිගාන්නට වූයේ ය, දැන් විවාහ
චාරිත්‍ර දුටුවා ප්‍රමාණ්වත් නොවේ ද? මංගල රැයකින් උඹට තියෙන සෙතේ කුමක් ද? එපමණක්
ද , මේ සියල්ලෝම මළ සිරුරු , මළකඳන් දැන් දරදඬුවී ඇතිතේ , කෙසේ ද මංගල රැයක
කරන දේවල් කරන්නෙවත්!!!
එම මොහොතේ චූ වන්නිංගේ මුහුණෙහි ස්වභාවය කෙසේ දිස්වූයේ ද යන්න සිතන
කල්හි මෝ රන් එදෙස බැලීමට ද බිය වූයේ ය.
ඔහුගේ බිරන්ත වූ බැල්ම බුමුතුරුණු මත වැටී නලියන්නට විය, ඔහුට අවැසි වූයේ
සැඟවී සිටින ඉසව්වකින් උත්සවයන්ට අධිපති
වූ අවතාරාධිපතිනියගේ කරෙන් ඇඳගෙන, එහි මුහුණට
ගර්ජනා කිරීමටය___තෝ හැමි#යන්
බැල්ලිගෙ පුතා, තෝම පෙන්නපං කෝ ඕවා කෙසේ ද කරන්නේ කියා!!
ජින්තොං සහ යූන්‍යූ නැවතත් සෙනඟ අතරට මැදි වෙමින් ඔවුන් දෙදෙනාව
ශාලාව පිටුපසට තල්ලු කළෝ ය.
තද රත් පැහැයෙන් වර්ණ ගැන්වූ ශවභාජන එහි විය. එය අති විශාල වූ අතර
සාමාන්‍ය ශවභාජනයකට වඩා දෙගුණයක් විශාල විය, එය මින් පෙර ගොඩ ගත් ශවභාජනයට
බෙහෙවින් සමාන විය.
වටහා ගත හැකි ලෙසට චූ වන්නිං යමක් රහසින් මිමුණුවේ ය.
මෝ රන් එය කුමක් දැයි යන්න හඳුනාගැනීමෙන් අනතුරුව සැනසුම් සුසුමක්
පිට කළේ ය.
සැබැවින්ම මියගිය අයට මංගල රාත්‍රියක් පහන් කළ නොහැක, මෙම මංගල රාත්‍රික යැයි කියන
දෙය යනු එකම ශවභාජන දෙදෙනෙකු සිරවී “මියන තුරාවට එකට සිටීම” යන්නයි.
ජින්තොං සහ යූන්‍යූ ඔවුන්ගේ සැකය දුරු කළෝ ය. “කරුණාකර මනාලිය මංගල
රාත්‍රියේ කුටිය තුළට පළමුව ඇතුළු වන්න”
තියුණු භාව ප්‍රකාශන වතෙහි රදවා ගෙන සිටි චූ වන්නිං තම ඇඳුම්හි අත
දිගුකොට එහි ඇතුළෙහි හාන්සි වුනේ ය.
“කරුණාකර දෙවෙනුව මනාලයා මංගල රාත්‍රී කුටිය තුළට ඇතුළු වන්න”
මෝ රන් ශව භාජනයේ කෙළවර අල්ලා ගනිමින් මඳක් නැවතී ඇස් පිල්ලම් ගසන්නට
වූයේ ය. චූ වන්නිං ඇතුළතෙහි අඩකට වඩා කොටසක් දැනටමත් අත්පත් කරගෙන සිටින්නව වූයේ ය.
එම ශවභාජනයේ ඉඩ තිබුණ ද මිනිසුන් දෙදෙනෙකුට නම් මදක් ගුලි වී සිටීමට සිදුවේ.
නොවැළැක්විය හැකි වූ හෙයින් ඔහු ඇතුළට නැගී
චූ වන්නිං දිග හැර දමා තිබෙන්නට වූ ඇදුම මත වැතිරුණේ අනෙකාගේ අනෙකාගේ
කිපුණු භාවයන් ඇද ගැනීමෙන් ය.
ජින්තොං සහ යූන්‍යූ ශවභාජනය වටා කැරකෙමින් කලින් ගායනා කර ඝෝර වූ
ශෝකජනක ශෝකගීතය නැවත ගායනා කරන්නට වූවෝ ය.
ස්වේත අග්‍ර නිරිඳානන්ගේ අම්බු උදුල දීපන මතින් රඟ දෙයි
මුකුල තුඩඟ දාරා ආත්මීය ආල ශකුනයන් ස්වාගතය කරයි
මෙම ශවභාජනය මතින්, දෙහදක් එක් වෙයි
මෙම අභයස්ථානය මතින් , දෙහදක්
මියැදෙයි
ජීවන අභිප්‍රාය මරණයින් මතුවූ යෙයි
මින් මතු දෙදෙන සුරලොව යටත පසු කරයි
මින්මතු මියැදුණු තනි වූ ආත්මයන් වෙන්ව නොයයි
ගීතය අවසන් වූ පසු ළමුන්ගෙන් එක් අයෙක් වම් පස සිටගෙන අනෙකා දකුණු
පසට වී සෙමෙන් ශවභාජනයේ පියන සුදුසු තැන
තැබුවෝ ය. රළු වූ හඬකින් පසුව දෙදෙනාම අන්ධකාරයට මැදි වූවෝ ය.
චූ වන්නිං සහ මෝ රන් ශව භාජනය තුළ සිරවිය.
ශවභාජනය ඝන වූ හෙයි දෙදෙනාට පිටතට ඇසෙන් නැතිවන විලසට සෙමෙන් කතා කළ හැකි වූහ. චූ වන්නිං තම අත ඔසවා හඬ වරන
බාධකයක් පිහිට වූයේ ඔවුන් පිටතට ඇසෙන් නැති බව සහතික කිරීමටය. මේ සියල්ලම කිරීමෙන්
පසුව ඔහු පැවසූ පළමු දෙය වූයේ____
“කෙසේහෝ, ඔබ ඉන්නේ මගේ අත
උඩ”
මෝ රන්:“......”
මෙහි “ඔබ ඉන්නේ මගේ අත උඩ” යන්න හැරෙන්නට සාකච්ඡා කළ යුතු වෙනයම් වූ
කිසිදු ප්‍රශ්නයක් නොමැති ද?
සිතින් පැමිණිලි කරනවා විනා මෝ රන් ඒවා පිටකළේ ය.
“කෙසේහෝ, මගේ පාද තබා ගන්නවත් ඉඩක් නැත”
තව තවක් අවලාද කළේ ය.
“කෙසේහෝ ඔබතුමා සිටිනුයේ මගේ මුහුණ් අබියසයි!”
මෝ රන් අඳෝනා නගමින් , පීඩාවට පත්වෙමින් “ඇදුරුතුමනි, මම පැත්තට
ඇලවිලා ඉන්නෙත්, ඔබතුමාට තව කුමක් ද අවශ්‍යය?”
අවසානයේ චූ වන්නිං “හ්ම්ෆ්”
ලෙසට සුසුම් හෙළා නිහඬ වූයේ ය.
මෝ රන් කෙළවරටම සිරවූයේ ශවභාජනය සෙළවීම ඇරඹීමට සුළු මොහොතකට
පෙරය. මිනිසුන් කිහිප දෙනෙකු විසින්
ඔසවාගෙන එය නාඳුනනා ඉසව්වකට ගමන් කිරීමට ඇරඹිණ. සියළුම පියවරයන් මධ්‍යයේ ශවභාජනය
පැද්දෙන්නට විය. මෝ රන් කැලතෙනවාත් සමඟම බාහිරෙන් එන හඬවල් ඇසීමෙන් ෂ මෙයි චන් යාඕ සමඟ එම මොහොතේ සිටීම ගැන සිතා කණස්සල්ලට පත්විය, නමුත් ඔහුට කිරීමට හැකි කිසිවක් එහි නොවීය.
චූ වන්නිංගේ බාධකය ඇතුළතින් වෙන ශබ්ද පිටතය නොඇසෙන විට පිටතින් එන
ශබ්ද ඇතුළට ඇසීමට ඉඩ සැලැස්වීමට තරම් එය බල සම්පන්න විය. ශවභාජනයේ බිත්ති තුළින් රතිඤ්ඤා
ශබ්ද සහ හොරණෑ ශබ්ද ඇසෙන්නට විය. “මෙම යක්ෂ , භූත රැළ සැබැවින්ම උදාසීනයින් ය,
කොහෙටද මොවුන් මේ ශවභාජන රැගෙන යනුයේ.”
ශවභාජනය ඇතුළත බෙහෙවින් අඳුරු වූයේ අනෙක් පුද්ගලයාගේ මුහුණ නොපෙනීමට
තරම් ය. ඔහුට හැකිවූයේ චූ වන්නිංගේ හඬ ඇසීමට පමණි. “එය සායි දියේ නුවර වූ සම්ප්‍රදාය
මෙන්ම විය, ගමනාන්තය නගරයට පිටින් වූ දෙවොලක් විය යුතුය.”
මෝ රන් හිස සලමින් මොහොතකට
අවධානය යොමු කළේ ය. “...ඇදුරුතුමනි, පෙනෙන විදිහට නම් පිටතින් බොහෝ අඩි ශබ්ද
ඇසෙනවා වගේ.”
“අවතාර ගමන් කරනුයේ රාත්‍රියේ දී ය, සියළුම ශවභාජන එකට රැගෙන යාවි. මාගේ උපකල්පනය නිවැරදි නම්,
උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනිය එහි ස්වභාවයෙන්ම දෙවොලෙදි මතුවේවි නව යුග
දිවියට පත් යුවලයන්ගේ කුසලයන් ඇද ගැනීමට”
“එහෙත් මිනිසුන්ට පෙනෙන් නැතිවේවි ද ශවභාජන සියයක් පමණ නුවර මැදින්
රැගෙන යන විට” මෝ රන් විචාළේ ය.
මෝ රන් විශ්මයට පත්වූයේ ය. “ඔබතුමාට කෙසේද මේ පිළිබඳව මෙතරම්
විශ්වාස?”
චූ වන්නිං පිළිතුරු දුන්නේ ය. “ මින් පෙර මම තියෑන්වන් භාවිතා කොට ප්‍රසාධනාගාරයේ
සිටි අවතාර ජින්තොංව ප්‍රශ්න කළා”
මෝ රන් “.......”
ඔහු විමසිමට පෙර මොහොතකට ඔවුහු නිහඬ වූවෝ ය. “කඳු කරයෙහි වූ ශවභාජනය
සමඟ වූ ගනුදෙනුව කුමක්ද එසේ නම්, අර චන්-ගොංස සිටිය එක ? එසේම චන් පවුලේ
සාමාජිකයින් මිය යන්නේ මන්ද? ”
චූ වන්නිං: “කිසිත් තවම කිව නොහැක...”
මෝ රන් තරමක් පුදුමයට පත් වූයේ ය. “ජින් තොං ඒ පිළිබඳ ඔබතුමාට
නොපැවසුවේ ද?”
චූ වන්නිං : “ජින් තොං පැවසුවේ එයත් කිසිවක් නොදන්නා බවට”
මෝ රන් : “................”
මොහොතක නිහැඬියාවකින් පසු , නැවත චූ වන්නිං කතා කළේ ය, “නමුත් මට
සිතෙන අයුරින් චන් පවුල කුමක් හෝ සඟවනවා”
“ඔබතුමා එසේ පවසන්නේ මන්ද?”
“මතකාවර්කනය කර බලන්න දෙවොලෙහි නිදන් කොට ඇති දෙය නපුරු බලයක් පිට කළ
අයුරු, එය දේවත්වයට ළඟාවන තුරු ධ්‍යානවේදය වඩා තිබූ නමුත් එය රදාපවතින්නේ
මිනිසුන්ගේ වන්දනාමාන මත ශක්තිමත් වෙමින් ය.”
පෙර භවයේදී මෝ රන් චූ වන්නිංගේ ඉගැන්වීම් වලට අවධානය යොමු නොකළේ ය,
එහෙයින් ඔහු පසුව සමහර ගැටුලු නිරාකරනය කිරීමට අවශ්‍ය මූලික දැනුමවත් නොමැතිවීමේ
තත්ත්වයට පත්වූයේ ය. මෙම පුනරුත්පත්තිය ලද භවයේදී ඔහු සත්‍යවශයෙන්ම සිතුවේ ඇතැම්
විට විනයගරුක වී සමහර උපදෙස ලබා ගත යුතු බවය. “මෙම අමරණීයයින්ගේ ඇති විශේෂත්වය කුමක් ද?”
“.....” “පහුගිය මස පැවැත්වූ අමරණීයයින්, අවතාර, දෙවිවරු සහ යක්ෂයින්
අතර ඇති වෙනස සාකච්ඡා කරන විට කුමක් ද ඔබ කරමින් සිටියේ?”
මෝ රන් ඔහුටම සිතාගත්තේ ය. “මේ උත්තමයාණෝ යළි ඉපදුණෝ ය, සත්‍යවශයෙන්ම
දස වසරකට පෙර දේශනයන් අතරතුර කුමක් ද කළේ යන වග මේ උත්තමයාණන්ට මතක නොතිබේවි.
නමුත් එතුමාණෝ සත්‍ය වශයෙන්ම මේසයට යටින් කකුල පදවමින් <<මකරුන් නව දෙනාගේ
සහ ෆීනීක්ස් පක්ෂියාගේ යහනේ වික්‍රමයන්>> කියවමින්, සිතුවිලි මැද අතරමංව ෂ
මෙයි දෙස නෙත් කොනින් බලමින් හෝ හොරැහින්ම චූ වන්නිංගේ ගෙල දෙස බලමින්, එම
පුද්ගලයාගේ ගෙල සිඳලීමෙන් හිසගසා දැමීමට විවිධෝපක්‍රම පිළිබඳ සිතමින් සිටින්නට ඇත.”
“අප ආපසු ගිය පසු දඩුවමක්
ලෙස දස වතාවක් <<ෂඩ් රාජධානියෙන් ලද ඥානයේ වාර්තාව>> පිටපත් කරනවා”
“ඕහ්”
එම කාලයේදී සම්පූර්ණයෙන්ම පාහේ ඔහු දේශනයන් හිතමතාම අතපසු කිරීම
පසුවට ඔහුගේ පිටුපස සපා කන්නට වූවේ ය.
“අමරණීයයන් දෙවිවරුන්ට වඩා වෙනස් ය. දෙවෙයන්හට ඔවුන්ව සතුටු කරන
විලසින්ම ක්‍රියා කළ ද හැක, නමුත් අමරණීයයන්ට ඔවුනට කන්නලව් කිරීමකින් තොරව මනු
ලොව සමඟ සබඳතා වලට මැදිහත් විය නොහැක. ”
මෝ රන්ගේ පිට ප්‍රදේශයේ සීතලක් හටගෙන කශේරුව දිගේ වෙවුලුම් කන මෙන්
දැනුණි. “එහි අර්ථය එය චන් පවුලේ උදවිය ඝාතනය කරන්නේ යමෙකුගේ ආඥාව නිසා යන්න ද?”
අන්ධකාරයේ චූ වන්නිංගේ හඬ අනිෂ්ට පූර්ව නිමිත්තක් විලසින් ඇසිණ.
“ආඥාව කරන්නා සැමවිටම ජීවතුන් අතර සිටින්නෙක් වියයුතු නැත.”
මෝ රන් තම මුව විවර කළේ තව ප්‍රශ්න විමසීමටය නමුත් එය හැකිවීමටම
පෙරාතුව ශවභාජනය සෙලවී වමට ඇලවිය, ඇතැම් විට ජින්තොං සහ යූන්‍යූ කඳුකර ප්‍රදේශයක
ශව භාජයනය රැගෙන යන හෙයින් විය හැක.
හදිස් ගැස්සීමත්, ඇතුළත වූ ලිස්සන ස්වභාවයත් හෙයින් මෙන්ම කිසිවක් ඇඳගැනීමට පහසු නොවූ හෙයින් මෝ රන්
විසිවී ගොස් චූ වන්නිංගේ ළය මතට තදින්ම වැටිණ.
“න්න්”
මෝ රන් තම රිදුම් දෙන නාසයට අත තබාගෙන හිස ඉසෙව්වේ ය, අන්දමන්ද
වූවාසේම හායිතං කුසුම් වල මඳ සුවඳක් නැහැ පුඩු මතට පාවී ආවේ ය. සැඳෑවෙහි හමන මඳ පවන සේම සුගන්ධය මඳ වූයේ රාත්‍රි
සමයේ වූ සිසිලසෙහි මඳ පහසත් මුසුවූ සේමය. සාමාන්‍යයෙන් එවැනි සුගන්ධයක් මිනිසුන්ව
වළාකුළු වියන් තනා ඒමත තබා නළවන්නාක් මෙනි, නමුත් ඒ විනා මෙය සුපැහැදිලිය, කුල්මත්
කරන්නේමය නැවුම් භාවයකින් හිස පාරිශුද්ධ කරන්නේම ය.
මෝ රන් මොහොතකට ගල් ගැසී සැනින් අපහසුතාවයක් ජනිත විය.
ඔහුට මේ සුගන්ධය සමඟ තව තවත් කුළුපග වීමකට නොහැක. එය චූ වන්නිංගේ
සුවඳයි. නමුත් මේ සුවඳ සැමවිටම මෝ රන්ගේ මනදොළ සමඟ එකට බැඳී යයි.
හදිසියේම ගැඹුරට මුල්බැසගත් පවිටු සිතුවිල්ලක් ලැව්ගිනි මැද හට ගත් අකුණක් මෙන් හිස මතට
වැටිණ.
කතු වදන :
වියපත් වියේ තනිකඩ මිනිසුන්ගේ පදනමේ නායකයා, #1 බොස් උත්සවයන්ට
අධිපති වූ අවතාරාධිපතිනිය, විගසින්ම ඔන්ලයින් පැමිණේවි.
උත්සවයන්හි අධිපතිනියට මංගල රැය පහන් කරන කුටිවල ක්‍රියාකාරකම් වලට
විශේෂ ක්‍රමවේදයක් තිබේ. බව්වෝ දෙන්නෙක්ව මිනී පෙට්ටියට දාලා අගුළු දානවා, ඩෝං!
පැනගන්න තියෙන එකම දේ තමයි දෙදෙනාට දෙදෙනාගේ හිතේ තියෙන දේ කීම, එහෙම උනේ නැත්තම්
යන්න බෑ. හ්ම්ම්ම්ම්
Comments
Post a Comment