අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දසවන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ පළමු මෙහෙයුම

  




වාසනාවකට මෙන් චූ වන්නිං හට ව්‍යාජ ලෙස රග දැක්වූ “සුයිශිං” කොටස නොඇසුණේ ය. ඔහු ප්‍රලාප නිර්මාණය කරමින් මෙම අමාරු අවස්ථාව ගැට ගසා ගසා ගත්තේ ය

මෝ රන් තම නිදන කාමරයට යන විට බොහෝ රෑ බෝ වී  තිබුණි. ඔහු නින්දට ගොස් පෙර මෙන් පසුදා තිබූ ශාස්ත්‍රාලයේ දේශන වලට සහභාගි වුණේ ය. පූර්ව භාගයේ වූ දේශන වලට පසු ඔහුගේ ප්‍රියතම ක්‍රියාකාරකමට වෙන් කර තිබූ කාලය එළඹිණ: උදෑසන භෝජන ගන්නා වේලාව.

පූර්ව භාගයේ වූ දේශන අවසන් වූ පසු මංපෝ ශාලාව ජනාකීර්ණ පෙදෙසක් විය.

මෝ රන්  ෂ මෙයි අසලින් අසුන් ගත්තේ ය; ෂුවේ මං එහි එන විට ප්‍රමාද වී තිබුණ හෙයින් ෂ මෙයි ළග වූ අසුන ඒ වන විටත් තවකෙකු විසින් අත්පත් කරගෙන හමාරය. අදුරුකර ගත් වතත් සමග ඔහු හට පැකිළීමෙන් වුවද මෝ රන් අසලින් හිද ගැනීමට පමණක් හැකිවිය.

සෂං වාංශික ඉගැන්වීම වලන් තමාට හැගෙන ආකාරයෙන්  හොදම අංගය කුමක් ද යන පැනය මෝ රන් ගෙන් විමසුවෝතින් , සක්සුදක් සේ ඔහුගේ පිළිතුර වනුයේ ; මෙම වංශයෙහි ධ්‍යානවේදයට උපවාසය අනවශ්‍යය බවවේ මය.

උදාර මෙන්ම මනස්කාන්ත ඉහළ  ධ්‍යානවේදී ලොවෙහි වංශිකයන් මෙන් නොව සෂං වාංශික ධ්‍යානවේද ක්‍රමයන් හට මස් මාංශ හෝ අන් කවරාකාරයේ භෝජනයන් හෝ ආහාරයෙන් වැළකීම වැනි දෑ අත්‍යවශ්‍යය නොවීය. එහෙයින් එහි වූ අහර සැමවිටම පාහේ රස මසවුලු විය.

මෝ රන් මිරිස් රසැති සූප බදුනක් පානය කළේ ය, එහි අඩංගු වූ රටකජු කැබලි සහ සෝයා බෝංචි තලු ගසන්නට විය. ඔහු රෝස් කළ කහ පැහැති පාන් සහ බනිස් වලින් සමන්විත අහර පිගානක් ෂ මෙයි සදහා ඇනවුම් කළේ ය.  

ෂුවේ මං පසෙක සිටි මෝ රන් දෙස බලා සමච්චල් සහගත ලෙස “මෝ රන් , අහන්නත් සතුටුයි ඔබ රක්ත පද්ම නිරයට ගොස් තමුන්ගේ ඔය දෙපයින්ම ආපසු පැමිණිය එක ගැන, ඇත්තවශයෙන්ම ආස්වාදජනකයි” පැවසුවේ ය.

මෝ රන් තම හිස ඉසවීමට තරම්වත් කරදර නොවී පිළිතුරැ සැපයුවේ ය “නිසැකවම, තමුන් මා කවුරුන් කියා ද සිතා සිටින්නේ?”

“මම තමුන් කවුරුන් කියා සිතා සිටීම ද?” ෂුවේ මං අවඥාව පිරි සිනහවක් පෑවේ ය “ඇදුරුතුමා තමුන්ගේ පාද නොකැඩූ හෙයින් තම ඇගිල්ලෙ තරම තමුන්ට අමතක වුනා ද?”

“ආහ්! මගේ ඇගිල්ලෙ තරමට ඉදිමෙන එක, එතකොට තමුන් ගැන කීවොත්?”

ෂුවේ මං ගර්හාවට මෙන් පැවසුවේ ය “මම ඇදුරුතුමාගේ පළමු පෙළේ ගෝලයෙක්”

“ස්වයං ප්‍රකාශනයක් ද? මේ! ඇයි තමුන් ඇදුරුතුමා ළගට ගොස් එතුමාගේ මුද්‍රාව ගසාගෙනම අනුමැතිය ලබා නොගන්නේ? එවිට තමුන්ට හැකී නේ එය රාමු කොට බිත්තියේ ගසා ගැනීමට? වැඩි යමක් වූවෝත් තමුන් ඔය මහලොකු පළමු පෙළේ ගෝලයා කියන තනතුරටත් ණයයි”

ෂුවේ මං මහ හඩින් තම අතවූ බත්කූර කඩා දැමුවේ ය.

ෂ මෙයි හැකි ඉක්මණින් ඔවුන් දෙපල අතර වන මෙම බහින් බස් වීමට මැදිහත් වූවේ ය. “ආරවුල් ඇති කරගන්නේ නැතුව ඉක්මනින් ආහාර ගන්න”

ෂුවේ මං : “හහ්!”

මෝ රන් “වර්චස් ගොඩ” ලෙස හීන් හඩින් මුමුණා අවඥාව පිරි සිනහවක තම වතෙහි අලවාගෙන  ආහාර ගනිමින් සිටියේ ය ; “හහ්”

ෂුවේ මං ක්‍රෝධයෙන් හුන් තැනින් නැගිට මේසට මතට වැරෙන් පහරක් හසමින් “උඹට කොහෙන් ආපු හයියක් ද!”

ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබූ තත්ත්වය දුටු ෂ මෙයි , සැණින් ෂුවේ මංව නවතාලමින් . “ස්වාමිපුත්‍රයානෙණි, සියල්ලෝම බලා සිටිති; කන්න කන්න, රණ්ඩු සරුවල් නොකරන්න”

ඔවුන් දෙදෙනාගේ පෙළපත් නාමයන් එකිනෙකට වෙනස් පරස්පර විරෝධී ඒවා වේ; ඔවුහු ඥාති සොයුරන් වූවත් මුණගැසුණු සෑම සඳකම පාහේ රණ්ඩුවක  පැටලුනෝ ය. සාර්ථකත්වය පෙනෙන මානයක නැති වුවද ෂ මෙයි උත්සුක වූයේ ෂුවේ මං සමග  කතාබහක නිරත වීමට ය, වම සහ දකුණු දෙපෙදස තුලනය කිරීමට පීඩනට සංසිදුවීමට  , ඔහු තමාව ගිරයට අසුවූ පුවක් ගෙඩියක් කළේ ය.

එම මොහොතේ ෂුවේ මං ගෙන් විමසමින් : “ස්වාමිපුත්‍රයානෙණි, ඔබතුමා දන්නෙහි ද මැතිණියගේ සුරතල් බැළලිය පැටවුන් බිහිකිරීමට සූදානමින් සිටින වග?”

ෂුවේ මං ප්‍රත්‍යුත්තර සැපයුවේ ය , “ඕහ්! ඔබ අදහස් කළේ ආ-ලී ගැන නේද? එය මෑණියන්ගේ වරදවා වටහා ගැනීමක් , ඌ ගැබ්ගෙන නැහැ, අධික ලෙස ආහාර ගැනීමෙන් වූ උදරය ඉදිරියට නෙරීමක් පමණයි”

  ෂ මෙයි : “........”

මෝ රන් වෙතට හැරී විමසමින් : “ආ-රන් , ඔබට තවමත් ඇදුරුතුමාගේ ස්ථානයට වැඩ ඇත් ද? අද දිනත් ඔබ එහි යන්නේ ද? ”

“තවදුරත් කළයුතු නැහැ, පිරිසිදු කිරීමට නියමිතව තිබූ සමස්ථය පිරිසිදු කළ අවසන් , වංශයේ නීතිරීති පිටපත් කිරීමට අද දින මා ඔබට උපකාර කරන්නම්”

ෂ මෙයි සිනාසුණේ ය. “ඔබ මට උපකාර කළ යුතුම ද? සිය වතාවක් පිටපත් කිරීමක් වැනි දෙයක් වගේ යමක් ඔබටත් නොමැති ද?”

ෂුවේ මං ඇහිබැම ඔසවමින් රාමුවෙන් පිට අඩියක් තබන්නේ  නැති ෂ මෙයි දෙස මවිතයෙන් බලමින් “නීතිරීති පිටපත් කිරීම වැනි යමකට ඔබ පත්වූයේ මක්නිසා ද?”

ෂ මෙයි අපහසුතාවයට පත් වූවේ ය. සහමුලින්ම  නිරපේක්ෂිත ලෙස, ඔහු  හඩ අවදි කිරීමට පෙරාතුව , ශාලාව පුරා විහිද තිබූ අල්ලාප සල්ලාව රාවය වියැකී  ගියේ ය. ඔවුන් තිදෙනාම හැරුණේ චූ වන්නිං මංපෝ ශාලවට සමවදින අයුරු දැකගැනීමටය, ස්වේත වර්ණිත සළුව රලපතරලක් ලෙස ඒමේ අත රැගුම් දෙයි. කිසිදු භාව ප්‍රකාශනයකින් තොරව හෙතෙම ආහාර සැපයුම් කවුළුව වෙතට පියමැන පස්තෑල තේරීම ඇරඹීය.

දහසකටත් අධික පිරිසක් මෙහි ආහාර ගනිමින් සිටියෝ ය. චූ වන්නිං එයට එකතු වූවාත් සමගම එහි පාළු සොහොනක මෙන් නිහැඩියාවක් පැතිරිණ. සියලුම ශිෂ්‍යයෝ තම හිස් පහත් කරගෙන ආහාර ගත්තේ ය; යමෙක් කතා කළ ද එය හීන්ම හඩ ස්වරයෙන්  විය.

චූ වන්නිං  බන්දේසිය රැගෙන සුපුරුදු පරිදි කෙළවරට ගොස් අසුන් ගත්තේ ය, තනිවම නිහඩව කැඳ බදුන පානය කරන්නට විය. ෂ මෙයි සුසුමක් හෙළමින්  වාවන්නට නොහැකි අයුරින් මෙසේ පැවසීය. “ඇත්තටම, සමහර වෙලාවට මට ඇදුරුතුමා ගැන දුකත් හිතෙනවා”

මෝ රන් එක්වර බැලුවේ ය. “මක් නිසාද?”

“අර බලන්න, කිසිවෙක් එතුමා අසුන් ගෙන සිටිනුයේ කොතැන ද, එතැන අසලට  යෑමට තරම් එඩිතර වන්නේ නැහැ, කිසිවෙකුට එතුමා සිටින විට හඩ නගා කතාබහ කිරීමට තරම්වත් නිර්භීත වන්නේ නැහැ, කදුකරයෙහි අධිපතිතුමා මෙහි සිටින එක හොදයි, එතුමා නොසිටියේ නම්, මෙතුමාට කතාබස් වීමටවත් අයෙක් නොසිටීවි, හරිම පාළුවක් දැනේවි, එහෙම නේද? ”

“හහ්! මෙතුමාම තමා ඔපමණ හරියක් කරගෙන තියෙන්නේ” මෝ රන් පැවසුවේ ය.

එයින් නැවත  වතාවක් ෂුවේ මං කිපුණේ ය. “උඹට කොහෙන් ආපු හයියක් ද ඇදුරුතුමාට සරදම් කරන්නට තරම්”

“මම කෙසෙසද දැන් එතුමාට සරදම් කළේ? මම මේ කරන්නෙ සත්‍ය පවසන එක” මෝ රන් තවත් බනිසයක් ගෙන එය ෂ මෙයිගේ පිගානෙන් තැබුවේ ය. “ඔතරම් තරහින් කිපෙණ කොට, කවුරුන් ද එතුමා සමග සතුටුසාමිචියේ යෙදෙන්න කැමති ”

“උඹ නම්___”

ඔහු ෂුවේ මං වෙතට එබිකම් කරනවාත් සමගම අසූචි දුටුවාක් මෙන් මෝ රන්ගේ වතෙහි පෙර පරිදි මෙන් සමච්චල් සහගත සිනහව ඇදුණි, උදාසීන ලෙස පැවසුවේ ය. “ඒ ගැන තමුන්ට පුදුම අමාරුවක් නේද තියෙන්නේ? එසේනම් අපත් සමග මෙහි නොසිටි , තමුන්ගේ භෝජන සංග්‍රහය ගැනීමට යන්නකෝ ඇදුරුතුමා ළගට, ගිහින් අසුන්ගන්න”

එයින් ෂුවේ මංගේ මුවට අගුල් වැටිණ.

චූ වන්නිං පිළිබදව ෂුවේ මං හට තිබෙණු යේ මහගු ගෞරවක් මෙන්ම භක්තියකි එලෙසම ඔහුහට ඉමහත් භීතියක් ද දැනේ, අන් අයට වඩා එහි වෙනසක් තිබුණේ ද නැත.  උපහාසයට ලක්ව කෝපාවිෂ්ඨව සිටියත් ප්‍රති පහරක් ලෙසකට කීමට යමක් නොවීය, ඔහු මේසයට දෙවරක් පයින් ගසා , බුම්මාගෙන සිටියේ ය.

මෝ රන් කුසීත වූ ආත්මතෘප්තියේ ප්‍රතිරූපය බදුව උපහාසාත්ම ඍජු බැල්ලමක් කුඩා ෆීනික්ස් පක්ෂියා වෙතට යොමු කළේ ය. ඉන් පසුව එම බැල්ම සෙනඟ මැදින් චූ වන්නිං වෙතට යොමු කළේ ය.

ඔහුගේ දැනීමට හොරා ඔහු තද නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී රිදී සන්නාහ රැගත් ජනයා අතර වූ ස්වේත වස්ත්‍ර හැදි රූපය දෙස බලමින් සිටියේ ය, සැණින් ගෙවුණු රැයේ සිහිල් යකඩ ගොඩක් මැද ගුලිවෙමින් නිදා සිටි පුද්ගලයාගේ සිතුවිලි මතකයට කඩා හැලෙන්නට විය.

ෂ මෙයි නිවැරදියි, සත්‍යවශයෙන්ම  චූ වන්නිං යනු අනුකම්පා උපදවන අයෙක්.

නමුත් ඒ ගැන කීවෝතින් ඔහු අනුකම්පා සගගතවන තරමටම මෝ රන් ප්‍රමෝදයට පත්වන්නේ ය. ඒ ගැන සිතුවෝතින් , ඔහුට නවතාලීමට නොහැකිය මුවග නැගෙන එම උපහාසයෙහි සුපැහැදිලි වර්ධනය.

දිනෙන් දින පියඹා ගියේ ය.

චූ වන්නිං නැවතත් ඔහුව රක්ත සහස්පත් මණ්ඩපයට කැදවූයේ නැත; මෝ රන්ගේ ඉදිනෙදා වැඩ කටයුතු පිගන් සේදීම , වං මැතිණියගේ කුකුළු පැටවුන් සහ තාරා පැටවුන්ට ආහාර දීම, උයනේ ඖෂධ පැළෑටි නෙළීම වැනි අලසබව උපදවන ඒවා විය.

රැඳවුම් කාලසීමාවූ මාසය ඇහිපිය හෙළන පමාවෙන් ගෙවී ගියේ ය.

අද දින වං මැතිණිය මෝ රන්ව පක්ෂපාති ශාලාවට කැදවූවා ය. “ආ-රන් කෙලෙසද ඔබේ තුවාල දැන්” ඇය ඔහුගේ හිස පිරිමදිමින් ඇසුවා ය.

“මා ගැන කරදර වීම පිළිබදව ඔබතුමියට තුති නැන්දණිය, ඒවා සියල්ල සුවවී අවසන්” හෙතෙම මන්දහාසයකින් යුක්තව පිළිතුරු දුන්නේ ය.

“එය හොදයි එසේ නම්, මින් මත්තට සැලකිලිමත්ව සිටින්න, මෙවැනි විශාල වැරදි කරමින් ඔබේ ඇදුරුතුමාව කේන්ති ගස්සන්නට එපා, තේරුනා ද? ”

අනුකම්පා උපදවන සුළු රැගුමන් රැගීමට මෝ රන් යනු ශූරයෙකි.  “වැටහිණි, නැන්දණිය”

“තව දෙයක්” වං මැතිණිය කහ පැහැති  රෝස දැවෙන් තනන ලද කුඩ මේසය මතින් ලිපියක් ගත්තා ය. “ඔබ වංශයට පැමිණ දැන් වසරක් ගත් වී අවසන්, එහි අර්ථය භූතාපසරණය කිරීමෙ (යකුන් පලවා හැරීම) රජකාරි භාර ගැනිමේ කාලය එළඹිලයි තිබෙන්නේ, මේ සන්දේශය ඔබගේ මාමණ්ඩිය පෙරදින පරවියෙක් අතින් එවූවක්;  රැඳවුම් කාලසීමා අවසන් වූ පසු ඔබට කදුමුදුනෙන් බැසගොස් මෙම කර්තව්‍යය සම්පූරණ කිරීමට , ඔහුගෙන් උපදෙස්”
 
සෂං වංශය පාලන රීතීන්‍ වලට අනුව ගෝලයෙක් වර්ෂයක් අවසන් කළ පසු
භූතාපසාරකයෙකු (යකදුරෙක්) වශයෙන් ප්‍රායෝගික ලෙස අත්දැකීම ලබා ගැන්ම සදහා ලෝකය දැකීමය යා යුතුය.

පළමු මෙහෙයුමේදී  ආචාර්යවරයෙකු විසින් ගෝලයින් කැටුව ගොස් අවශ්‍යය පරිදි සහය ලබා දෙයි. මෙයට අමතරය සිසුන් හට පවා තම සහෘද ගෝලයින් හට ඇරයුම් කිරීමට අවශ්‍යය වේ. මෙය ගෝලයින් අතර තිබෙන මිත්‍රත්වය දිරිගන්වයි. එමෙන්ම ඔවුන් හට “හෘදයෙහි පක්ෂපාතිත්වය ප්‍රත්‍යක්ෂයි, ජීවිතය හෝ මරණය නොවෙනස් ව පවතී” යන්නෙහි අරුත වැටහේ.

දීප්තිමත් නෙතු යුගලය විහිදා මෝ රන් එය පිළිගෙන ඉරා විවර කොට එහි තිබූ දෙය ඉක්මණින්  කියවන්නට විය. සන්තෝෂයට පත්වූවා සේම මදහසක් මුහුණේ ඇදිණ.

කණස්සල්ලට පත්වූ සෙයින්ම  වං මැතිණිය පැවසුවා ය. “ආ-රන් , ඔබගේ මාමණ්ඩිය ඔබට මෙතරම් බාරදූර වගකීමක් පරන්නේ ඔබ මෙයින් ඔබට හොද නාමක් සාදා ගැනීමට හැකිවේවි යැයි යන බලාපොරොතුවෙනුයි. යූහං වැඩිහිටියා යනු බලාධික ධ්‍යානවේදියෙක්, නමුත් යුධ බිමේ දී අසිපත් නිර්විශේෂයි, එතුමන්ට උවමනාවෙන්ම ආරක්ෂා කිරීමට නොහැකිවේවි. අමන වැඩ නම් කරන්න එපා, ඔබ  සතුරාව එතරම් සැහැල්ලුව නොගැනීමට හොද අවදානයකින් සිටින්න!

“නැහැ, මම එසේ නොකරමි” මෝ රන් සිනාසෙමින් තම හස්තය වැනුවේ ය. “කනස්සල්ලට පත් නොවන්න නැන්දණියනි, මම මා ගැන බලාගන්නම්, කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, මම ඉක්මණින්ම ඇදුම් පැළදුම් සූදානම් කරගන්නම්”

“මේ දරුව නම්...” වං මැතිණිය ඔහු ආපසු යන දෙස බලාසිටියා ය, ඇගේ සෞම්‍ය සුන්දර මුහුණෙහි  කනස්සල්ල නැමැති රේඛාව ඇදුණි. “මෙහෙයුමක් ලැබුණු පමාවෙන් ඔහු මෙතරම් සතුටු වෙන්නේ කෙසේද?”

කෙසේද ඔහු ප්‍රීති නොවන්නේ ?

ඔහුගේ මාමණ්ඩිය විසින් ඔහුට ලැබුණු මෙහෙයුම වර්ණ ශලබ නුවර සිදුවූවකි. ඉඩම් හිමි චන් මැතිතුමාගේ ඉල්ලීමකි.

කවරාකාර භූතයෙක් ද, වේතලයෙක් ද යන්න කවුරු තකන්නේ ද, සුවිෂේශීම දෙය වනුයේ පෙර ආත්මයේ දි ඔහු එහිදී රාක්ෂස විෂෙහි බලපෑමෙන් මන්ද සිහියට පත්ව විකල් වී මායාන්විත භුවන මතින් ගොස්  ෂ මෙයිව බලෙන්ම සිපගත්තේ  ‍ය. මෝ රන් හට ෂ මෙයි සමග හාද වීමට ලැබුණු බොහොම සුළු ප්‍රමාණයේ අවස්ථා වලින් එය එකක් විය. ඉහේ මලක් පිපුණු අයුරින් ඔහු ප්‍රීති ප්‍රමෝදයෙන් කුල්මත්ව ගියේ ය.

 

මේ සියල්ලටම මත්තෙන් ඔහු එදින පසුවූයේ රාක්ෂස විෂෙහි බලපෑමට නතුවය, ෂ මෙයි හට එය පිළිබද මැසිවිලි නැගීමටවත් ඉඩකඩ නොතිබිණ. අමිල හාදුවක්! නැත හානියක්!

මෝ රන් දැඩිලෙස සන්තෝෂයට පත්ව ඔහුගේ දෙනෙත් අඩ සදකට හැරිණ. චූ වන්නිං හට  ද ඔවුන් සමග මෙහෙයුමට යෑමට සිදුවීම පිළිබදව ඔහු මොහොතකදු නොතැකුවේ ය.

භූතයින් පළවාහැරීම තම ඇදුරුවරයාට භාර දී ෂ මෙයි සමග ආදර බස් දොඩමින් මුකුළු කිරීමට ඔහුට හැකිවේවි, මෙවැනි සුළු පටු කර්තව්‍යයකට  බැහැ යන්න පවසනුයේ කවුරුන්ද?

ඇදුරුතුමාට වාර්තා කිරීමෙන් පසුව සහ ෂ මෙයි හට ඇරයුම් කිරීමෙන් අනතුරුව  ඔවුන්  තිදෙනා එක්ව අසුපිට නැගී ගැටළුවට පත්  සායි දියේ නුවර  වෙතට නික්මුණෝ ය.

එම නුවර පුෂ්ප වර්ග නිෂ්පාදනය සදහා මෙම නුවර විශේෂිත වේ.  මල් යායවල් වාසභූමි ස්ථානවලින් පිටතට ද සැතපුම් ගණනින් විහිද ගොස් තිබේ ,  නමට සරිලන අයුරින් විවිධ වූ සියළු වර්ණයෙන් හෙබි සමනලුන් එම නුවර වෙතට පියඹා විත් ඒමේ අත යයි. 

එම තිදෙනා එහි පැමිණෙන විට ද රැය උදාවී තිබිණ, නමුත් ගමෙහි පිවිසුම් දොරටුව කඩිමුඩියෙන් ක්‍රියාකාරකම කරන්නට විය. මහත් හඩින් වැයුණු බෙර නාදය මුළු සිරුරම රක්ත වර්ණිත අදුමින් වෙලාගෙන සිටි රංගකරුවන්ගේ උපවීදියේ හොරණෑ නාද කරමින් පෙරහැරෙහි අය අයුරු පැහැදිලි කරයි.

ෂ මෙයි වංකගිරියක පැටලුනාක් මෙන් සිට “මෙය මංගල පෙරෙහැරක්, නමුත් ඇයි මේ රාත්‍රියේ?” ඇසුවේය.

“එය භූතයන්ගේ විවාහයක් ” චූ වන්නිං පිළිතුරු දුන්නේ ය.

භූතයන්ගේ විවාහය යින් විවාහය ලෙසට ද හැදෙන්වේ , එය සරණ මංගල්‍යයට පෙර අකාලයේ මියගිය  අවිවාහක ස්ත්‍රීන් සහ පුරුෂයින් ගලපමින් සිදුකරන ලද  සාමාන්‍ය ජනයා අතර වූ  සම්ප්‍රදායකි.  මෙවැනි සම්ප්‍රදායන් දුෂ්කර ප්‍රදේශ වල විරලය, නමුත් සායි දියේ නුවර යනු සශ්‍රීක වූ ප්‍රදේශයක් හෙයින් මෙවැනි ක්‍රියාවන් මෙහි සාමාන්‍යය වේ.

සෙමින් පෙරහැර දෙපිලකට බෙදින. යමෙක් සැටින් සහ සේද රෙදි පිළි රැගෙන යයි. අනෙකා මුදල් නෝට්ටු සහ ව්‍යාජ ලෝහ  කුට්ටියක් රැගෙන යයි, ස්වේත සහ රක්ත වර්ණයෙන් සරසන ලද දෝලාවක් රැගෙන යයි. පෙරහැර රන් පැහැ  කූඩු වලින් දල්වාගෙන එහි ගමන් මාර්ගය ගමෙන් පිටතට සාදයි.  

මෝ රන්ගේ කණ්ඩායම තෝන්ලණුවෙන් ඇද  ඔවුන්ගේ අශ්වයින් නවතා පසෙකට වී සිට භූතයින්ගේ මංගල පෙරහැරය පසුකර යෑමෙට ඉඩ හරින ලදි.  දෝලාව අසලටම ළගා විය; එහි ඇතුළත කඩදාසි වලින් තනන ලද අවතාර මනාලියක් හැරුණු කොට කිසිදු ජීවමාන පුද්ගලයෙක් නොවීය.  අවතාර මනාලියගේ දෙතොල් ලෝහිත පැහැයෙන් වර්ණ ගන්වා තිබිණ, ඇගේ දෙකොපුල් වල හැදි රත් පැහැ ඉරි පේළි ද්විත්වයෙන් මියගියාක් මෙන් වූ මළානික වතක්  පෙන්විය, ඇගේ සිනාමුසු පෙනුම අතිශය භයංකර විය.

“මොන ඝෝර සම්ප්‍රදායක්ද මේ? මෙම නුවරට විසි කිරීමට තරම් මුදල් වැඩිවෙලාවත් ද?,” මෝ රන් සෙමින් මුමුණන්නට විය.

“ සායි දියේ නුවර ජනයා බෙහෙවින් මිත්‍යමතදාරී ය, හුදෙකලා වූ සොහොන් තනිවූ ආත්ම සහ අයාලේ යන මළගිය ප්‍රාණයන් ආකර්ෂණය කර ගැනීමෙන් තම පවුලට අභාග්‍ය කැන්දගෙන එන බව ඔවුනගේ විශ්වාසයයි.”

“නමුත් එවැනි දෙයක් මෙතන නැහැ, එහෙම නේද?”

“නගර ජනයාට  විශ්වාස කිරීමට තරම් එය සත්‍යයක්”

මෝ රන් සුසුම් ලෑවේය. “මා හැගි අයුරින් සායි දියේ නුවරට දැන් වස්සර සියයක් පමණය, දැන් යමෙක් පැවසුවාත් මොවුනගේ මිත්‍යාවන් සත්‍ය නොවන බව, එය මොවුන් විසින් නොපිළිගනීවී ”

“අවතාර මංගල පෙරහැර කොහෙද යන්නේ?” ෂ මෙයි සිහින් හඩකින් විචාළේ ය.

“අපි මුලින් දෙවොලක් පසු කළෙමු. ඇතුළත දෙවියන්හට පිදීමට රක්ෂා නොකළ තැනක් ද අන්න එය, එමෙන්ම එහි ශී නැමති දොරෙහි අලවා තිබිණ. පූජාසනය  “දෙවියන් විසින් මවන ලද ගැලපීමක්, මරණින් මතු සුසං‍යෝගය ” ලෙසට ලියන ලද රත් පැහැ සැටින් රෙදිවලින් ගොඩ ගැසී තිබිණ. මා විශ්වාස කරනුයේ එය ඔවුන්ගේ ගමනාත්තයයි ”. චූ වන්නිං පැවසුවේ ය.

“මම ද එම දෙවොල දුටුවෙමි.” ෂ මෙයි  කල්පනාවෙහි යෙදුණාක් අයුරින් පැවසුවේ ය.  “ඇදුරුතුමනි, එය උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනියට පුද දී තැනූවක් නේද?”

“එය නිවැරදියි”

උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනිය යනු සාමාන්‍ය ජනයාගේ පරිකල්පනයෙහි ඉපැදුන අවතාර උත්තමාවියකි. වියෝ වුණ ආත්මයන් අතර වන විවාහ මංගල්‍යයක් වුවද පිළිගත් චාරිත්‍රවිධීන්ට අනුකූලව ඔවුන් පති සහ පතිනිය යන්න සහතික කිරීම උදෙසා උත්සවයන්ට අධිපතිනිය වූ අය සාක්ෂි කොට ගෙන කළ යුතුය යන්න ඔවුනගේ මතය විය. භූතයන්ගේ විවාහයන් සායි දියේ නුවර සුලබ සම්ප්‍රදායක් හෙයින්, නුවරට පිටින් වූ සුසාන භූමිය ඉදිරි පිට රනින් නිම කළ දේහයක් තනා උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනිය පුද දීම ඔවුන්ගේ සිරිත විය. භූමදානයට පෙර භූතයන්ගේ විවාහයන් සමරන පවුල් අවතාර මනාලිය සමග එහි නැවතී එම දෙවොල  වන්දනාමාන කරයි.

මෝ රන් මෙවැනි විහිළු සහගත යමක් සිදුවනවා මින් පෙර දැක තිබෙනුයේ බොහෝ කලාතුරකින් ය. එහෙයින් මහත් උනන්දුවකින් බලා සිටියේ ය. නමුත් චූ වන්නිං එදෙස බැලුවේ මද වෙලාවකට ය,  එයින් බැල්ම ඉවතට ගෙන “යමු, අපට අත්මයක් අරක්ගත් චන් පවුල පරීක්ෂා කිරීමට තිබෙනවා”

“ගෞරවනීය දාඕජං තිදෙනා, මම ගොඩක් දුක් වින්දා! අවසානයේ ඔබතුමන්ලා පැමිණියා ! මෙය ගැන බලාගැනීමට කවුරු හරි නාව  නම් මම-මම තවදුරටත් වසන එකකුත් නැතිවේවි!”

සෂං වංශයෙන් භූතාපසරණය  යාගයක් කිරීමට ඉල්ලීම් කර ලද්දේ නුවර සිටින ධනවත් වෙළෙන්දෙකු වන ඉඩම් හිමි චන් මහතා විසින්‍ ය. 

චන් පවුල සුවද ගැන්වූ පුයර සමග ගනුදෙනු කරන්නන් ය. ඔවුනට පුතුන් සිවුදෙනෙක් සහ එක් දියණියක් සිටිති. වැඩිමහල් පුත්‍රයාගේ විවාහයෙන් පසු , ඔහුට සහ ඔහුගේ භාර්යාවට පිට ගොස් වෙනම පදිංචි වීමට සිදුවිය මන්දයත් ඔහුගේ භාර්යාව පවුලේ උදවියගේ ඝෝෂාවන්ට ප්‍රිය නොකළා ය. චන් පෙළපත ධනවත් මෙන්ම කීර්තියක් ඉසුලුවේ ය. උත්තරදිග කදුකරයෙහි හුදෙකලා වූ විශාල ඉඩම් ප්‍රමාණයක් මොවුන් විසින් මිළදී ගත්හ; එහි ස්වභාවික උණු දිය උල්පතක් ද විය, ශෝභමාන පෙදෙසක් විය.

නමුත් ඔවුන් එහි ගොඩනැගිලි තැනීමට ආරම්භ කළ දිනයේ දී , ඔවුනට හැකිවූයේ සවල් පහරවල් දෙකක් භූමිය මතට ගැසීමට පමණි, එය තරමක් ඝන යමක ගැටිණ. ඔහුගේ බිරිය එතනට පැමිණ මදක් එදෙස බලා සිටියා ය, සැණින් බියට පත්ව සිහි මූර්ච්ඡා වූවා ය__කෙසේ හෝ ඔවුන් විසින් උත්තර කදුකරයේදී රත්පැහැ ආලේපිත නවතම ශවභාජනක් හාරාගෙන තිබිණ.

සායි දියේ නුවර  භූමදාන කටයුතු සදහා නම් කළ භූමි ද තිබිණ, සියළුම වියෝ වූවන්  එම භූමි වල භූමදානය කරන  ලදි. නමුත් මෙම තනි ශවභාජනව විසදිය නොහැකි ලෙසකට උත්තර කදුකරයෙන්ම මතුවිය. එපමණක් නොව එහි සොහොන් බිමක් හෝ එවැනි සලකුණක්වත් නොතිබිණ , මුළු ශවභාජනවම ලේ රතු පැහැයෙන් වර්ණ ගන්වා  තිබිණ.

නිසැකවම ඔවුහු කිසිදු ඉදිරි පිම්මක් පැණීමට නිර්භීත නොවී ඉක්මණින්ම එය වසා දැමුවෝ ය. නමුත් දැනටමත් පමා වැඩි විය. එදින පටන් චන්වරුන්හට අද්භූත අමුතු සිද්ධීන් සිදුවීම ඇරඹිණ.

“පළමුවෙන්ම මාගේ ලේලිය,” චන් ඉඩම් හිමියා වැලපුණේ ය. “ පළමුවෙන්ම ඇගේ කුසේ උන් දරුවාට එය බලපෑවා එම දරුවත් ගබ්සා වෙලා. ඊට පස්සේ මගේ ලොකු පුතා; ඌ කදුකරයට ගියා  අඹුව හොද කරන්න සහයක් වෙයි කියලා හිතෙන බෙහෙත් පැළෑටි අරන් එන්න කියලා, ඌ ලෙස්සලා වැටිලා අපිට ඒකා හමුවෙන කොටත්  මියගිහින් හිටියේ .....අහෝ මගේ දරුවා!” ඔහු දිගු සුසුමක්  හෙළමින් තම හස්තය වනමින් තරමක් හුස්ම සිරවූ පසු ඉකි ගැසීම යළි ඇරඹිණ.

චන් මැතිණිය අතවූ ලේන්සුවෙන් කදුළු පිස දමමින් “අපේ මහත්තයා හරි, ඒ මහෙන් පස්සේ වින්නැහිමයි වෙන්නෙ අපේ පුතාල සේරටම ඇබැද්දි වලට මූණ පාන්නට උනා, එක්කෙනාගෙන් එක්කෙනාට, අතුරුදහන් වුනේ නැත්තම් , මිය ගිහින් ඇති__අපේ පුතාලා හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම දාලා යන්න ගියා”

චූ වන්නිං දෙබැම හකුළමින් පිටුපස වූ  චන් අඹුසැමි යුවල දෙස බැල්මක් හෙළුවේ ය, එම  බැල්ම වත සුදුමැළි වී ගිය බාල පුත්‍රයා වෙතට හැරිණ. පෙනුමින් ඔහු මෝ රන් හා සම වයස් වියැති විය හැක. පසළොස් වියැති හෝ සොළොස් වියැති වීමට ඉඩ ඇත, සුකුමාර දේහ ලක්ෂණයන් දැන් බිය හා මුසුව තිබිණ.

“ගැටළුවක් නැතිනම් ඔබට හැකිද ඔබේ අනිත් පුතුන් ගැන පැවසීමට.... කෙළෙසද ඔවුන් මියගියේ? ” ෂ මෙයි පැවසුවේ ය.

චන් මැතිණිය සුසුම් ලෑවාය. “අපේ දෙවෙනි පුතා ගියා අයියණ්ඩියව හොයන් එන්න කියලා , සර්පයෙක් කාලා, සාමාන්‍ය  සර්පයෙක් , විස නැති එකෙක්, කවුරුත් එවෙලෙ මායිම කළේ  නැහැ, නමුත් දෙ තුන් දෝහකට පස්සෙ පුතා අහාර ගන්න වෙලාවක ඇදගෙන වැටුණා, ඊට පස්සේ......” ඇය ඉකි බින්දා ය. “අනේ මගේ පුතා.......”

ෂ මෙයි සුසුම් සලමින්  දරා ගැනීමට නොහැකි බියංකර හැගීම් සමුදායක් සමග “ඉතින්, විෂෙහි යම් සලකුණක් වත් සිරුරේ තිබුණා ද?”

“ආ! මොන විසක් ද, නිසැකවම අපේ පවුලට සාපයක් වැදිලා! ලොකු පුතාල ඔක්කොම මැරුණා, ඊළගට පොඩි එකා! ඊළගට පොඩි පුතා”

චූ වන්නිං රවා බලා තම බැල්ම චන් මැතිණිය වෙතට විදුලි වේගයෙන් යොමු කළේ ය. “ඔබේ කෙසේද දන්නේ ඔබ නොවී බාල පුත්‍රයා මීළග ගොදුර වෙයි කියා? එම ද්වේශසහගත ආත්මය විසින් ඝාතනය කරනුයේ පුරුෂයින් පමණ ද? ”

චන් පවුලේ බාල පුත්‍රයා බියෙන් හැකිළී පසෙකට විය , ඔහුගේ දෙපා සලිත වන්නට විය , දෙඇස් පීච් පළතුරු මෙන් ඉදිමී තිබිණ. හඩ උස් වූවත් ඔහුගේ  දිව පැටලුනත් ඔහු පැවසුවේ ය. “ඒ මා තමයි! ඒ මා තමයි! මම එය දන්නවා! රතු පාට මිනී පෙට්ටගමේ හිටපු පුද්ගලයා එනවා! ඔහු එනවා! දාඕජං, මාවා බේරගන්න දාඕජං , මාව බේරගන්න දාඕජං ”

එය පවසනවාත් සමගම තම පාලනයෙන් අත්මිදී ඔහු බිම බඩගාමින් විත් චූ වන්නිං ගේ පාදයේ එල්ලුණේ ය.

නාදුනන පුද්ගලයින් සමග ශරීර ස්පර්ශයන් චූ වන්නිං ප්‍රිය නොකළේ ය, එහෙයින් ඔහු සැණින් පසෙකට පිය මැන්නේ ය. ඔහු තම හිස ඔසවා චන් අඹුසැමියන් දෙපල දෙස බැලුවේ ය. “ඇත්තවශයෙන්ම කිවහොත් කුමක් ද මේ සියල්ල?”

අඹු සැමි දෙදෙන මුහුණින් මුහුණ බලා වෙවුලුම් කන හඩකින් පැවසුවෝ ය “මේ නිවසේ තැනක් තිබෙනවා , අපි අපි ආයෙ නම් ළගටවත් යන්න බය__දුටුවෝතින් දාඕජංය උනත් තේරුම් යාවි, හැබෑවටම මහ දුෂ්ටයි, ”

චූ වන්නිං ඔවුන අතරට මැදිහත් වූවේ ය “කොතැනද?”

ඔවුන් මොහොතකට පසුබට වෙව්ලන ඇගිලි වලින්  වී මුතුන්මිත්තන්ගේ ස්මාරකය පෙන්වූවෝ ය “අතන”

චූ වන්නිං පෙරමුණ ගනු ලැබුවේ ය එය මෝ රන් සහ ෂ මෙයි විසින් අනුගමනය කරල ලදි. චන් පවුල
පියමඟට වී දුරින් සිටින ලදි.

තල්ලු කරමින් ද්වාරට විවර කොට බලන කල්හි එහි ඇතුළත  අනෙක් වැදගත් ලෙස නම් දරා සිටින පවුල් වල මුතුන්මිතන්ගේ ස්මාරකයන්ට  වඩා වෙනස් නොවීය. සමරු පුවරු පේළි දෙපසට විහිද ගොස් ඉටි පන්දම් මන්දාලෝකය විසිර තිබුණි.

කුටියෙහි වූ සියලුම සමරු පුවරු කසා පැහැයෙන් වර්ණ ගන්වා නාමය සහ තනතුර එහි කොටා තිබිණි.

මෙතුමාගේ ගෞරවණීය ආතමය සිහි කැදවීමට
මෙතුමියගේ ගෞරවණීය ආත්මය සිහි කැදවීමට

මැදවූවට දකුණතින් වූ දෙය හැරුණු කොට ; එහි අක්ෂර කැටයම් කොට හෝ පැහැ ගන්වා නොතිබිණ නමුත් විචිත්‍ර රත් පැහැයෙන් ලියා තිබිණ.

චන් යෑන්ජි ගේ ආත්මය
චන් වංශයේ  ජීවත් වන චන් සුන් විසින් ඔසවන ලදි

දාඕජංට පිටුපසින් සැගව සිටින චන් පවුල ස්වේත සේද රැළි සහිත තිරයන් ගැන්වූ ස්මාරණ කුටිය ඇතුළට එබුණේ ඇතැම් විට අහඹු භාග්‍යයක් අපේක්ෂාවෙන් විය හැක. නමුත් පුවරුවෙහි එම අකුරු තවමත් තිබිණ, රුධිරයෙන් ලියා තිබුණේ නම් නිසැකවම ඔවුහු සැණින් කඩා වැටෙති.

චන් මැතිණිය මහ හඩින් විලාප දුන්නාය. බාල පුත්‍රයාගේ මුහුණ ජීවතුන් අතර සිටින බව ද කීමට අපහසු වන තරමට සුදුමැළි විය. ප්‍රථමයෙන්ම,  මෙම පුවරුවේ අති ලියමන ඔවුන්ගේ සම්ප්‍රදායික චාරිත්‍රවිධි වලට අනුකූල නොවීය. දෙවනුව , එම ලියවිල්ල බොහෝ සෙයින් අපිළිවල විය, හරියට එම පුද්ගලයා නිදිමර ගාතේ ලිවීම්ට බලවත් පරිශ්‍රමයකින් ලියූවක් වැනිය. එය තරමක් කියවීමට ද අපහසුය.

ෂ මෙයි තම හිස හරවා “කවුද මේ චන් යෑන්ජි?” ලෙස ඇසුවේ ය

බාල පුත්‍රයා වෙවුලන හඩකින් ඉක් ගසමින් ඔහුට පිටුපස සිට පිළිතුරු දුන්නේ ය. “මම, ඒ මම තමයි”

චන් ඉඩම්හිමියා වැලපෙනවා සේම පවසන්ට විය “දාඕජං , ඕක ඔහොම තමා, අපේ දෙවෙනි පුතා මියගිය දා තමයි අපි ඕක දුටුවේ.....අලුත් පුවරුවක් මුතුන්මිත්තන්ගේ ස්මාරකයට එකතු වුනෝතින් ඒක ලියා තිබෙන්නේ අපේ පවුලේ ඉන්න ජීවත් වන කෙනෙක්ගේ නමක්, මතුවුනාට පස්සේ ඒකෙනාට හත් දෝහක් අතුළ මහා වින්නැහියකට මුහුණ දෙන්න වෙනවා! අපේ තුන්වෙනි පුතාගේ නම මතුවෙනකොට මම ඌව උගේ කුටියට දාලා වහලා සුවද කුඩු දොරකඩ ළගට , යාගයක් කිරීමටත් කෙනෙක් ගෙන්නුවා, අපි හැම දෙයක්ම උත්සාහ කළා, නමුත්_හත්වෙනිදා! පුතා නැතිවුනා,....කිසිම හේතුවක් නැතිව මියගිහින්!”

ඔහු කතා කරන තරමට ද හැගීමබර මෙන්ම බියට පත්වද  සිටියේ ය, ඔහු දණින් වැටෙන්නට ද වූවේ ය. “මම මගේ  ජීවිත කාලයටම කිසිදු වරදක් නොකළ කෙනෙයි, ඇයි දෙවියෝ මට මෙහෙම දඩුවම් දෙන්නේ ! ඇයි!”

ෂ මෙයිගේ හදවත ඔහු වෙනුවෙන් රිදුම් දිය. දෙවියන්ට කිය කියා හඩන වියපත් මිනිසා ළගට ඔහු සැණින්  ගියේ ය. ඔහු හිස ඔසවා බලා සෙමින් හඩකින් ඇමතුවේ ය “ඇදුරුතුමණි! මේ....”

චූ වන්නිං හැරී බැලීමටවත් සූදානම් වූයේ නැත. ඔහු මහත් උනන්දුවකින් මල් පිපෙන්නට ආසන්නව සිටියාක් මෙන් පුවරුව දෙස බලා සිටියේ ය.

ක්ෂණයෙන් , “චන් වංශයේ ජීවත් වන චන් සුන්, මේ කියන්නේ චන් මැතිණිය පිළිබදව ද? ” ඔහු විචාළේ ය.  

 

 

කතු වදන :

එකමත් එක රටක හිටියා ලු  නපුරු රාක්ෂයෙක් ශසුන් කියලා, මෙම යක්ෂ ශසුන්ට හිටියලු ගෝලයො තුන් දෙනෙක් . එයාල හැමෝටම එයාලට නිල වශයෙන් දාපු  නම් ටිකකුත් තිබ්බලු . බාෂුහි ෆීනික්ස් ෂුවේ සමිං , මිනිස් වෙසින් සිටින පිළිසකර කළ මකර ආත්මය මෝ වෙයියූ සහ නිදාසිටින සුදු කොටියා ෂ මිංජිං

ඉහට සදහන් සියලු නම් ව්‍යාජ වේ

එයාල ඇත්තටම මේ වගේ : කුරුළු ෂුවේ මංමං , බලු  මෝ තීන්ත පෑන් මාළුවා (වෙයියූ යන  නමේ සැගවුණු අර්ථයක් (double meaning)). සුදු නෙළුම ෂ මෙයි. *උරහිස් සොලවමින්* ;D

 

T/N

වර්ණ ශලබ නුවර - 彩蝶镇 Cǎi dié zhèn (සායි දියේ ජන්) – The colorful butterfly town/The butterfly town / Cai Die Town (සමනළයා සලබයා වෙනස් තමයි, ඒත් මෙහෙම තියන්න හිතුනා, මොනවහරි වෙනසක් බලලා සායි දියේ කියලා තියන්නම් )

本座 (Běn zuò/ බන් සුවෝ) - සර්ව නාම භාවිතා කරන විට අපි දන්නවා එය පුද්ගලයා අනුව ගරුත්වය කියන එක දෙමින් භාවිතා කරන දෙයක්, චීනෙත් එහෙමයි, බොහෝ වෙලාවට අනිත් අයට වඩා ඉහළින් ඉන්න අප , පහළින් ඉන්න අය සර්ව නාම භාවිතා කරන නොකර වෙන යමක් භාවිතා කිරීම පුද්ගලයා අනුව තැන අනුව තීරණය වෙනවා,  බන් සුවෝ කියන දෙයත් ඒ වගේ , මෝ රන් ගියා ආත්මේ අධිරාජ්‍යයා වෙලා ඉන්නකොට “මම” කියන සර්වනාමය වෙනුවට භාවිතා කරපු දෙයක් මේ “බන් සුවෝ” කිවන්නෙ , චීනෙයේ අධිරජ්‍යයින් “මම” කියන සර්වනාමය වෙනුවට විවිධ වචන භාවිතා කරනවා , මෝ රන් කිව්වෙ “ben zuo කියන එක. ඒක තමයි  English වලට “This venerable one”කියලා හැරුණේ.

ඒ උනාට අනිත් කෙනෙක් අධිරාජ්‍යයෙකුට ආමන්ත්‍රණය කරනුයේ “陛下 (Bìxià)/ බීශියා ලෙසයි” your majesty , සිංහල වලින් “දේවයන් වහන්ස” වගේ යමක් .

 භූතයන්ගේ විවාහය = 冥婚 (Míng hūn / මින් හුන්) මෙහි පැවසූ ආකාරයට ම posthumous or ghost marriage (in which at least one of the bride and groom is dead) යනු මනාලයා හෝ මනාලිය දෙදෙනාම හෝ  දෙදෙනාගෙන් එක් අයෙක් වත් මිය ගොස් සිටින විට කරන ලද විවාහයක් , මෙය බොහෝ රටවල් වල සිදුවූ දෙයක්.

 සායි දියේ නුවර  =  彩蝶镇 (Cǎi dié zhèn / සායි දියේ ජන්)The colorful butterfly town/The butterfly town / Cai Die Town
 
 ශී” අක්ෂර
 =  (囍字 /Xǐ zì) මෙයින් භාග්‍ය නිරූපනය කෙරේ, එමෙන්ම මෙය විවාහයන් සදහා විශේෂිතයි, (double happiness, symbol of good luck)


උත්සවයන්ට අධිපති වූ අවතාරාධිපතිනිය
=  鬼司仪  (Guǐ sīyí / “ග්වෙයි” සඊ වගේ තමා කියවෙන්නේ මේක “ගුයී සඊ”  වෙන්නත් පුළුවන්) The Ghost Mistress of  Ceremonies    කියන්නෙ (ghost) භූතයා / හොල්මන්/ අවතාර කියන එක  司仪 කියලා කියන්නේ Master of ceremony කියන එක , මෙතන ඉන්න Ghost Mistress බැලූ බැල්ලමට නිකක් ප දරුණුයි වගේ උනාට, දරුණු තමා ඒත් එයාගේ පෙනුම හුරුබුහුටියි ගොඩක් feminine , audio drama එක ඇහුවොත් ඒක තේරෙනවා, audio drama එකෙයි fanart වල පිහිටෙන් තමා ඉතින් සමහර දේවල් පැහැදිලි කරන්න පුළුවන්😂😂 .

දාඕජං - 道长 (Dào Zháng/ දාඕජං/තාඕජං) = cultivators ල හැදින්වීමට මෙය භාවිතා කරනව මේකට Taoist/ Daoist  තාඕවාදියා වගෙත් කියනවා.

 

 Previous | TOC | Next

 

 

 

 

 

 

Comments

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.