අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | නවවන දිගහැරුම : මේ උත්තමයාණෝ රංගන ශිල්පියෙකු නොවෙති.



[අවවාදය : පරුෂ වචන තිබේ]


චූ වන්නිං ගේ රස වින්දනය නම් හරිම නීරසයි.

කාෂ්ට, අලස බව ඇති කර, ඉච්ඡාභංගත්වයට පොළඹවන

පොත්ගුලේ රාක්ක පිරී තිබෙන අපබ්‍රංස පුස්තක වලින් ය

<<පුරාතන බාධක නාමාවලිය>>, <<අසාමාන්‍ය පුෂ්පයෙහි සවිස්තරාත්මක තෝම්බුව>>, <<ලින්යී හී රූෆං වශයේ සිතාර සංගීත ප්‍රතිඥානය>>, <<ශාක සංචිතය>> පුස්තක කිහිපයක් පමණක් කියැවීමට සුදුසු ඒවා ලෙස ගත හැකිය. <<බාෂු ප්‍රාන්තයෙහි සංචරණ මාර්ගෝපදේශය>> සහ <<බාෂු වට්ටෝරු>>

මෝ රන් එහි තිබූ චූ වන්නිං නිතරම පාහේ නොබලනවා යැයි කිව හැකි වූ නව පෙනුමට ඇති පුස්තක කිහිපයක් රැගෙන කාමෝද්දීපන අසභ්‍ය සිතුවම් රාශියක් එහි පිටු මත කුරුටු ගෑවේ ය.

ඔහු සිතුවම් කරනවාත් සමගම මෙලෙස සිතුවේ ය.

හෙහ්! මෙතැන අටක් වත් තිබේ, මෙහි දස දහසක් පමණ පුස්තක සංඛ්‍යාවත් නොතිබුණෝතින්, පුස්තක කිහිපයක් තහනම් කලාපයට වැටී ඇති බව චූ වන්නිං හට අවබෝධ වීමට කොතරම් කලක්  ගතවේ දැන් කවුරු දනී ද. එබැවින්ම කවුරු මෙය කළා දැයි පැවසීමට කිසිදු ක්‍රමයක් නොමැතිව චූ වන්නිං ක්‍රෝධයෙන් කිපෙමින් අන්දමන්දව සිටීවි. ඔහු නම් විශ්වාස කළ නොහැකි ලෙස දක්ෂ වූවේ ය.

මෙලෙස සිතමින් සිටිනා මෝ රන්ගේ මුව කෛරාටික සිනාවකින් සැරසුණේ ඔහු ප්‍රමෝදයෙන්  පුස්තකය වැළද ගත්තේ ය.

දුසිමකට අධික පුස්තක ප්‍රමාණයක් ඔහු නොනවත්වාම ඔහු විනාශ කළේ ය, ඔහුගේ පරිකල්පනයෝ වනචාරී වන තරමටම හෙතෙම තම දමනයෙන් තොර ව ඉබාගාතේ දුවන හස්තයෙන් සියළුම ආකාරයේ කාමුක රසය මුසු ශෘංගාරාත්මක දර්ශන දිස්වන සේ මැව්වේ ය.

“ස්ත්‍රී පුරුෂ කාමුක සිතුවම් <<ධ්‍යාන කලාව>> පිටු අතර මැදට අන්තර්ගත කර තිබෙන,  යූහං වැඩිහිටියා යනු දෙපිටකාට්ටු මෘගයෙක්!”

“ඔහුගේ  කඩුහරඹ ශිල්ප ක්‍රමයන් අතර  සමරිසි අසභ්‍යතාව අනුක්‍රමික නිරූපණ සැගවීමට තරම් යූහං වැඩිහිටියා යනු සත්‍යවශයෙන්ම වංචනිකයෙක්!”

“බේයිදෝව් අමරණියයා’මහේ අහවල් එක! ඔහු වචනාර්ථයෙන්ම මිනිස් වෙසින් සිටින මෘගයෙක්!”

මෝ රන්හේ සිතීමත් සමගම හෙතම උදරය අල්ලා ගනිමින් බිම පෙරලී පෙරලී ප්‍රීති ප්‍රමෝදයෙන් උඩු අතට පයින් ගසමින් කොක් හඩලා සිනාසීමට  තරම් එය හාස්‍යජනක විය. ඔහු එයට ලොල්ව සිටියේ කොතරම් ද යැයි යමෙක් පුස්තකාල දොරටුව ඉදිරි පිටට පැමිණ ඇති බව ගැන වත් වගේ වගක් ඔහුට නොතිබිණ.

ෂ මෙයි ආචාරශීලි ලෙස පැමිණෙන දර්ශනය මතුවිය, ඔහු පුස්තක ගොන්නක් මැද පෙරලෙන උමතුවෙන් මෙන් සිනාසෙන මෝ රන් අසලට ළගා වූවේ ය.

ෂ මෙයි : “ආ-රන්, කුමක් ද ඔබ මේ කරන්නේ?”

තැතිගැන්මකට පත්ව මෝ රන් හුන් තැනින් ක්ෂණයෙන්  නැගිට කලබලයෙන් මෙන්  අසැබි සිත්තම් දර්ශන වසාලමින් දිස්වීමට සුදුසු ලෙස තම වත සරසාගෙන “බි-බිම පිස දමනවා”

ෂ මෙයි තම සිනහව මැඩ පවත්වාගෙන “ඔබේ වස්ත්‍ර වලින් ද?”

“ආ,ම්ම්ම්,මේ! මට පිස දැමීමට රෙදි කඩක් හමුවූයේ නැත, එහෙයින් මම මෙලෙස එහා මෙහා ගියෙමි, ෂ මෙයි,  ඔබ මේ මහ රෑ කුමක් ද කරන්නේ ?”

“මට ඔබව ඔබගේ කුටියේ දී සොයා ගැනීමට නොහැකි වූවා, එහෙයින් මම අන් අයගෙන් ඒ පිළිබද විමසූ විට ඔවුන් මට පැවසුවේ ඔබ ඇදුරුතුමාගේ ස්ථානයේ සිටින බව.” ෂ මෙයි පුස්තකාලය ඇතුළට විත් තම සිනහව මුවග රදවා ගනිමින් මෝ රන් හට පුස්තක සතර අත විසිර තිබූ පවිත්‍ර කිරීමට සහය වූවේ ය. “මට කිරීමට තරම් කාර්යයක් නොතිබුණු හෙයින් ඔබව දැකීමට මා මෙහි ආවා ”

මෝ රන් ඉමහත් ලෙස ප්‍රීතියෙන් පිනා ගියේ ය. ඔහු යම් හේතුවකින් තම දෙතොල් තදකර ගත්තේ ය, පෙර නොවූ විරූ අසමසම සෞම්‍යය බවක් සහ වශීකරණයක් සොයා ගැනීමට කොතැනකවත් නොවූවේ ය, සත්‍යවශයෙන්ම එම මොහොතේ කිව යුත්තේ කුමක් දැයි කීමටවත් ඔහුට සිතිය නොහැකි විය.

“අහ්! මේ, මෙතනින් අසුන් ගන්න! මෝ රන් සුදුසු ස්ථානයක් පෙන්වමින් උද්‍යෝගිමත් ලෙස කියා සිටියේ ය, තරමක් , ඔහු සුළු තරමේ  වික්ෂිප්ත භාවයකින් , ම-ම-මම ඔබට තේ රැගෙන එන්නම්”

“අවශ්‍ය නැහැ, මා ඉතා සූක්ෂම ලෙසයි මෙහි පැමිණියේ, ඇදුරුතුමා දැන ගත්තෝතොතින්, එය ප්‍රශ්නයක් වේවි”

මෝ රන් තම හිස මදක් කසිමින් “මම ද එය සිතුවෙමි...” චූ වන්නිං, කරදරකාරයා! බොහෝම ඉක්මනින් මම ඔහුට වඩා ඉහළට විත් ඔහුගේ අල්ලෙන් මිදෙන්නෙමි!

 “හැගෙන අයුරින් නම් ඔබ තවම ආහාර ගෙන නැති හැඩයි?  මම ඔබගේ රාත්‍රී භෝජනය රැගෙන ආවෙමි.”

මෝ රන්ගේ දෙනෙත් දිදුළන්නට විට “වොන්ටොන් ද?”

“හහ්! ඔබට ඒව ඇති වෙන්නෙම නෑ නේද? රක්ත සහස්පත්  මණ්ඩපය මදක් දුරින් තිබෙන හෙයින් මා මෙහි එන විට වොන්ටොන් කැටි ගැසෙයි, එහෙයින් මා ඒවා රැගෙන ආවේ නෑ. ආ මෙන්න, බලන්නකෝ,  මේවා ඔබ කැමතිම විදිහට තෙම්පරාදු කරලයි තිබෙන්නේ”

ෂ මෙයි ආහාර දමන ලද බැහෑලුම විවර කරන විට එහි තව රත් පැහැ බදුනක් දිස් විය. ෂුෆං සූකර කන් වලින් සමන්විත පිගානක්, යූශියං තීරු කපන ලද සූකර මාංශ පිගානක්, කුංපාඕ කැබලි ලෙස පිසින ලද කුකුළු මස්, කැබලි වලට කපන ලද තියඹරා පිගානක්, බත් පිගානක් එහි විය.

“අහ්! ඔබ මේ වතාවෙ වත් මිරිස් දැම්මෙහි ද?”

“මදක් පමණ දැම්මා, එහෙයින් ඔබ එය ගැනීමට පසුබට වන්න එපා” ෂ මෙයි සිනාසුණේ ය. ඔවුහු දෙදෙනම මිරිස් රසැති අහර වලට ප්‍රිය කළෝ ය. සත්‍යවශයෙන්ම මිරිස් රසය නොමැතිව තැන වින්දනයක් නොමැත යන සංකල්පය ඔවුනට වැටහිණ. “නමුත් ඔබේ තුවාල තාම සම්පූරණයෙන්ම සුවවී නැහැ නේ, එහෙයින් මා ඉතා ස්වල්ප වශයෙන් දැම්මේ, එමෙන්ම රසකාරක කිහිපයකුත් එකතු කළා. සැර අඩු වන තරමට එය වඩා හොදයි”

මෝ රන් ප්‍රීතියෙන් තම මුවෙහි බත්කූර මත සපමින් සිටියේ ය, ඉටි පන්දම් ආලෝකයට ඔහුගේ මුහුණ මිහිරි මධු විලසට වල ගැසෙමින් බබළන්නට විය. “වාහ්! කෘතඥතාවය දැක්විය යුතු හෙයින් මගේ ඇසට කදුළු පවා උනනවා”

ෂ මෙයි තම සිනහව මැඩ පවත්වා ගත්තේ ය. “ඔබ අඩලා අහවර වන විට ආහාර සීතල වෙලා තියේවි, ඔබට පුළුවන් නේ ආහාර ගෙන අවසන්වී හඩන්නට”

මෝ රන් උද්දාමයට පත් ව විගසින් මහත් ප්‍රමෝදයෙන් බත්කූර එහා මෙහා යැව්වේ ය.

මෝ රන් නිතරම පාහේ හාමතෙන් පීඩිත සුනඛයෙකු විලස ආහාර ගත්තේ ය; මෝ රන් ආහාර ගන්නා අශෝභන අයුරය චූ වන්නිං නොකැමැති වූවේ ය. නමුත් ෂ මෙයි එය නොතැකුවේ ය.

ෂ මෙයි සැමවිටම ඉතා සෞම්‍ය , සිනහසෙමින් ඔහුට තේ විතක් සපයමින් සෙමින් අනුභව කරන ලෙස ප්‍රකාශ කර සිටියි. වැඩි වේලා ගත වීමට පෙර , පිගාන් සියල්ල හිස් විය; මෝ රන් තම උදරයට තට්ටු කරමින් සැනසුම් සුසුමක් හෙලුවේ ය, දෙනෙත් කුල්මත් වූ ස්වරයට බර විය. “එය හිතටම කාවැදුණේ ය”

ෂ මෙයි ශාන්ත ස්වරය පෙර දැරි කොට ගෙන  “කුමක් ද වඩාත් රසවත් , වොන්ටොන් ද නැතිනම් මෙම භෝජන ද”

 

තම ප්‍රථම ප්‍රේමයට කැපවෙනවා මෙන්ම මෝ රන් තම ප්‍රියතම අහර වලට ද එලෙසම පක්ෂපාතී වේ, ඔහු තම හිස සොලවා තම කාළ වර්ණ දෙනෙත් යුගල ෂ මෙයි වෙතට හරවා කෛරාටික මන්දහාසයක් පාමින් “වොන්ටොන්” ලෙස පැවසුවේ ය.

“......” ෂ මෙයි තම හිස සොලවා  මදහසක් පෑවේ ය. මද වේලාවකට පසු ඔහු නැවත තම හඩ අවදි කළේ ය, “ආ-රන්, ඉන්න මම ඔබට වෙලුම් පටි අලුත් කර ඔබේ බෙහෙත් දැමීමට සහය වෙන්නම්” ඔහු පැවසුවේ ය.

ඖෂධීය වේදනා නාශක ආලේපනය වං මැතිණිය විසින්  සාදන ලද්දකි.

වං මැතිණිය ගූයුවේ යේ  වෙදදුරු වංශයේ ශිෂ්‍යාවක්ව සිටියා ය. ඇය සටන් කලාවට ශූර නොවූවා ය එමෙන්ම ඇය සටන් කිරීමට නොකැමැති වූවාය, එහෙත් ඇය වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීමෙහි ලා දැඩි කැමැත්තෙන් පසු වූවා ය. සෂං කදු මුදුනෙහි ඖෂධ පැලෑටි වලින් හෙබි උද්‍යානයක් විය, ඇය විසින්ම බොහෝමයක් පැලෑටි රෝපණය විය, එහෙයින් වංශ හට ඖෂධ සැපයුමෙන් කිසිදු අඩුවක් නොවීය.

මෝ රන් තම උඩුකයෙහි වූ වස්ත්‍රය ගලවා ෂ මෙයිට මුහුණ පාන අයුරින් අසුන් ගත්තේ ය. ඔහුගේ පිටෙහි වූ කැළැල් තරමක් රිදුම් දෙන්නට විය, නමුත් ෂ මෙයිගේ උණුසුම් අතැගිලි මෘදුව ආලේපන පිරිමදින විට , එවෙනුවට ඔහුට එම වේදනාව අමතක විය, දඟකාර සිතුවිලි ජනිත විය.

“අවසන්” ෂ මෙයි අලුත් වෙළුම් පටි මෝ රන් වටා  ප්‍රවේෂමෙන් ගැට ගැසුවේ ය. “ දැන් ඔබේ ඇදුම් නැවත ඇඳගන්න

මෝ රන් වටපිට බැලුවේ ෂ මෙයි වෙතට එබීමටය , කහ පැහැයෙන් සැරසුනු ඉටි පන්දම් ආලෝකය යට ෂ මෙයි ඡවි කල්‍යාණය හිම මෙන් ස්වේත විය. මෝ රන්ගේ මනෝරථය තව තවත් ඇවිලෙන්නට විය. ඔහුගේ උගුර කට වේලෙන්නට විය, නමුත් එක් නිමේෂයක දෙගිඩියාවකින් පසු තම හිස පහත් කොට විගසින් පිටි සළුව උරහිස් මත දමාගෙන  පළඳ ගත්තේ ය.

“ෂ මෙයි ”

“ම්ම්?”

ඔවුන් දෙදෙනා පමණක් එම පුස්තකාලයේ හුදෙකලාව සැගව සිටියහ. ගත් පියවර හොද විය. මෝ රන්‍ට අවශ්‍ය වූයේ පොළව කම්පාකරවන ශෘංගාරය උතුරන කවි පද වැද කිහිපයක් කීමටය,  තමුත් ඔහු තම පාලන සමය “ශිශ්නය” ලෙස නම් කිරීමට තරම්  වියත් බවෙන් හීන වූවෙකි. එහෙයින් ඔහු එම මොහොතේ තම වචන ගිල ගත්තේ ය, ඔහුගේ මුහුණ රතුවී  වචන ත්‍රිත්වයක් පමණක් එළියට පැමිණියහ. “ඔබ හරිම හොදයි”

“එය එතරම් තකන්නට එපා, එය එතරම් දෙයක් නොවේ”

“මමත් ඔබට ඉතා යහපත් ලෙසට සලකනවා.” මෝ රන් ප්‍රවේෂමෙන් තම හඩ පරාසන ශාන්ත විලසින පාලනය කර ගත්තේ ය, නමුත් නිමාවකින් තොරව අල්ල දහඩියෙන් තෙත් විය, කුණාටු තරංග හමන තම හදවතට ද්‍රෝහි වෙමින් “මම බලවත් වූ පසු කිසිවෙකුට ඔබට හිරිහැර කිරීමට ඉඩ තබන්නෙ නැහැ, අඩුමතරමේ අර ඇදුරුතුමාට වත්”

මෝ රන් එකවරම මෙවැනි දේ පවසන්නේ මන්ද යැයි ෂ මෙයි හට නොවැටහුණේ ය. ඔහු මද වේලාවකට පැකිලීමෙන් අනතුරුව මෘදු ලෙස “හොදයි එසේනම්, මම මෙතැන් පටන් ආ-රන් ගැන විශ්වාසය තබන්නම් කෝ” ඔහු පිළිතුරු දුන්නේ ය.

“ම්හ්ම්”

මෝ රන් පිළිතුරක් කෙඳුරූ නමුත් ෂ මෙයි ගේ ප්‍රකාශිත බැල්ම අබියස නොසන්සුන් වූවේ ය. ඔහු එය දෙස බලාසිටීමට තරම් එඩිතර නොවූ හෙයින් තම හිස  පහත් කළේ ය.

ඔහු මෙම පුද්ගලයා ඉදිරිපිට තම කැපවීම තීන්දු කරමින්  නිතරම පාහේ අති සූක්ෂම ලෙස සුපරික්ෂාකාරී වූවේ ය.

“අහ්, ඇදුරුතුමා  ඔබට මෙතරම් පුස්තක ප්‍රමාණයක් පිරිසිදු කරන්න යැයි පැවසුවේ ද ? රාත්‍රිය පුරාවටම මෙම නමාවලීන් පවා?”

තමා ප්‍රිය කරන පුද්ගලයා ඉදිරිපිට , මෝ රන් හට සත්‍යවශයෙන්ම තම  නම්බුව බේරා ගැනීමට සිදුවූවේ ය. “එය එතරම්ම අසීරු දෙයක් නොවේ, මට එය කර හැකියි, සුළු පියවර කිහිපයක් තබන්නට විතරයි තිබෙන්නේ”

“මම ඔබට සහය වෙන්නම්” ෂ මෙයි පැවසුවේ ය.

“කෙසේවත් එසේ කරන්නට එපා, ඇදුරුතුමා දැන ගත්තෝතින්, එතුමා ඔබට දඩුවම් කරාවී,” මෝ රන් ස්ථිර ලෙසටම පවසා සිටියේ ය. “දැන් බොහෝ රෑ බෝ වෙලා, ඔබ යළි ගොස් විවේක ගන්න, මට හෙට උදෑසනම ශාස්ත්‍රාලයේ දේශන වලට යා යුතුයි ”

ෂ මෙයි ඔහුගේ අතින් අල්ලාගෙන් සිහින් ලෙස සිනාසී “ඒ පිළිබද කරදර නොවන්න, ඇදුරුතුමා හට මේ ගැන දැන ගැනීමය අවකාශයක් නැහැ, මම අතිශය ලෙස නිහඩතාවය රැකගන්නම්”

ඔහු කතාව  අවසන් කිරීමටත් ප්‍රථම හිම මෙන් සිහිල් වූ සැර පරුෂ හඩක් කතා කළේ ය.

“නිසැකවම ඔබ කුමක් ද මේ අතිශය ලෙස නිහඩතාවය රකිමින් කරන්නේ?”


ඔවුනට නොදැනිම චූ වන්නිං යන්ත්‍රෝපකරණාගාරයෙන් පිටතට පැමිණ සිටියේ ය. ඔහුගේ භාව ප්‍රකාශන බොහෝ සැර පරුෂ විය,  ෆීනික්ස් විහග නෙතු සගල නොනිමි ලෙස හිම තුහිනෙන් වැසී ගියාක් මෙන් දිස් විය. තුනී ස්තරයක් වැනි ස්වේත වස්ත්‍රයෙන් සැරසී පුස්තකාල දොරකට ඉදිරිපිට සිටගෙන ඔවුන් දෙස හැගීම් විරහිත බැල්මක් හෙළුවේ ය.   ඔවුන්ගේ එකට බැදි  දෙඅත් දෙස මදක් බලාසිට,  සිටි තැනින් චලනව වූවේ ය.

“ ෂ මිංජිං , මෝ වෙයියූ, පුදුම නිර්භීත කමක් දැන් ඔබලාට මේ තිබෙන්නේ”

 ක්ෂනිකවම ෂ මෙයිගේ මුහුණ සුදුමැලි වී මෝ රන්ගේ අතින් තම අත ඉවතට ගත්තේ ය, “ඇදුරුතුමනි!” ඔහු සිහින් හඩින් පැවසුවේ ය.

තත්ත්වය එතරම් හොද නැති බව මෝ රන් හට ද වැටහිණි, තම හිස පහත් කරමින්, “ඇදුරුතුමනි”

චූ වන්නිං ඇතුළ විත් හිස පහත් කරගෙන සිටින මෝ රන් මගහරිමින් දණ ගසාගෙන සිටින  ෂ මෙයි දෙස බැලුවේ ය. නිවුණු විලසින් කතා කළේ ය, “රක්ත සහස්පත් මණඩපය පුරාවට බාධකයක් යොදා තිබේ. අනපේක්ෂිත ආගන්තුකයෙක් පැමිණියා යන  වග මා නොදනීවි කියා සිතුවා ද?”

ෂ මෙයි බියට පත් වී තම හිස පහත් කොට “මෙම ශිෂ්‍යායා අතින් වරදක් සිදුවූයේ ය”

මෝ රන් මහත් සේ සං‍ත්‍රාසයට පත්ව “ඇදුරුතුමනි, ෂ මෙයි මෙහි පැමිණියේ මාහට වෙළුම්පටි ඉවත් කර ගැනීමට සහය වීමටයි , ඔහු මේ පිටවීමටයි සැරසුණේ, ඔහුට බැණ වදින්න එපා”

ෂ මෙයි ද මහත් සංත්‍රාසයට පත්වූයේ ය “ඇදුරුතුමනි, මෙහි දී මෝ-ශදී අතෙහි කිසිදු වරදක් නොමැත. මෙම ශිෂ්‍යයා අතින්ම වරදක් සිදුවූයේ ය, එහෙයින් මෙම ශිෂ්‍යයා සුදුසු  දඩුවමක් බාර ගැනීමට සූදානම්”

“......”

චූ වන්නිංගේ මුහුණ නිල් පැහැයට හැරිණ.

ඔහු සුළු දෙයක් පැවසුව ද මොවුන් දෙදෙනා එකිනෙකා රැක ගැනීමට යුහුසුළුව තැත කළේ  ඔහු  මොවුන් දෙදෙනා ගිල ගැනීමට ආ රාක්ෂයෙක් හෙයින් මොවුනට එකාවන්ව එම රාක්ෂයාට මුහුණ දීමට සිදුවන්නාක් මෙන්ය. චූ වන්නිං මද වේලාවක් නිහඩව සිට අපහසුතාවය මධ්‍යයේ වුව ද දෙබැම හකුළා නොගැනීමට උස්සුක වූයේ ය. ඔහු තැන්පත් ස්වභාවයෙන් “සහෝදර ගෝලයින් අතර තිබෙනුයේ පුදුම  දයානුකම්පාවක්නේ , හරිම අගෙයි, පෙනෙන අයුරින් එසේ නම් මමයි මෙතන නරක මිනිහා ”

මෝ රන් : “ඇදුරුතුමනි...”

“මට කතා කරන්න එපා”

චූ වන්නිං තම පුළුල් ඇදුම් අත සෙලවූයේ තව දුරටත් කතා කිරීමට සූදනමක් නොමැති බව  හගවමින් ය. ඔහු මෙතරම් උරණ වීමට වූ කාරණය කුමක් ද යන වග මෝ රන් හට නොවැටහිණි; ඇතැම්විට මිනිසුන් තමා ඉදිරි පිට එකිනෙකා කෙරෙහි ඇගෑලුම කම් පානවා දැකීමට ඔහු නිතරම පාහේ අකමැති වූවේ ය, ඒවා සියල්ල ඔහුගේ දෙනෙත් අපවිත්‍ර කළහ.

පුද්ගලයින් තිදෙනාම ස්වල්ප වේලාවකට නිහැඩියාව රැක්කෝ ය.

සැණෙන් චූ වන්නිං පිටව යෑමට හැරුණේ ය

ෂ මෙයි අසරණ භාවයට සහ වියවුල් භාවයට පත්ව  උඩ බලන විට ඔහුගේ  නෙතග රත් පැහැ ගැන්වී තිබුණි. “ඇදුරුතුමනි”

“වංශයේ නීති රීති දස වතාවක් පිටපත් කරනු, ඔබට ආපිට යත හැකි දැන්”

ෂ මෙයි තම නෙතු පිහාටු පාත් කරමින් මදක් නැවතී සිට සියුම් ස්වරයකින් “වැටහිණි” ලෙස පිළිතුරු දුන්නේ ය.

මෝ රන් එතැනම දණ ගසාගෙන සිටියේ ය.

ෂ මෙයි  හුන් තැනින් සිටගෙන මෝ රන් දෙස බලා පැකිලුණේ ය. මද වේලාවකට පසු ඔහු චූ වන්නිං ඉදිරිපිට දණ ගසා අයැදින්නට වූයේ ය.

“ඇදුරුතුමනි, මෝ-ශදී ගේ තුවාල සුව වූවා පමණි, ඔහුට කාරුණික වන ලෙසට මෙම ශිෂ්‍යයා ඔබතුමාගෙන් අයදින්නේ ය. ”

පහන් කූඩු මතින් එන ඉටි පන්දම් එළි වලින්  මන්දදීප්තිය යට තනිව සිටන් සිටි චූ වන්නිං එතැන් සිට පිළිතුරු නොදුන්නේ ය.  ඉක්බිතිව  ඔහු තම හිස සැණින් ඔවුන් වෙතට හරවා තියුණු දෙබැම උස් කොට ගිනි පුපුරු ගසන  නෙත් වලින් බලා , දෙතොල් දෝෂාරෝපණයකට හැරවූවේ ය.

“විකාර දොඩව දොඩව ඉන්නේ , තමුන් මෙතනින් පිටවෙන්නෙ නැද්ද?!”

චූ වන්නිං අතිශය කඩවසම් වූව ද කිසිදු මොළොක් බවක් ඔහු තුළ නොතිබුණේ ය, එමෙන්ම කෝප වූ විට ඉතා බිහිසුණු විය. බියට පත් වූ ෂ මෙයි වෙවුලමින් අචාර කොට තවදුරටත් ඇදුරුතුමාගේ කෝපය පෙළඹවීම මගින් මෝ රන් හට තව තවත් ගැටළු  ඇතිකිරීම  වළකාලමින් හැකි ඉක්මණින් පිටව ගියේ ය.

ඔවුන් දෙදෙන පමණක් පුස්තකාලයේ ඉතිරිව සිටි හෙයින් , මෝ රන් කතා කිරීමට පෙර රහසින් මෙන් සුසුමක් හෙළා “ඇදුරුතුමනි, වැරැද්ද  මෙම ශිෂ්‍යයා අතෙහිය, මෙම ශිෂ්‍යයා නාමාවලීන් පිරිසිදු කිරීම කරගෙන යන්නම් ඉක්මනින්ම”

අනපේක්ෂිත ලෙස චූ වන්නිං  තම හිස නොහරවා මෙසේ පැවසුවේ ය. “ඔබට වෙහෙසයි නම් ආපසු යත හැකි”

මෝ රන් හට සිහි එළවුණේ ය

චූ වන්නිං සුහදශීලී නොවූ විලසට සිට “මා ඔබව මෙහි රදවා ගන්නේ නැහැ” ලෙස පැවසුවේ ය.

ඔහු මෙතරම් සැහැල්ලුවෙන් මාහට යෑමට ඉඩ දෙනුයේ මන්ද !? මෙය උගුලක් විය හැකියි!

මෝ රන් දක්ෂ අයුරින් එලෙස සිතුවේ ය. “මම නොයමි”

චූ වන්නිං නැවතී සිට, සැර පරුෂ ලෙස අවඥාන සිනහවක් පාමින් “හොදයි, ඔබේ කැමැත්තක්”

එය පවසමින් ඔහු තම ඇදුම් අත ගසා දමමින් හැරී එතැනින් පිටව ගියේ ය.

මෝ රන් විෂ්මයට පත් වූයේ ය___ එය උගුලක් නොවේ ද?  ඔහු සිතා සිටියේ නිසැකවම  චූ වන්නිං  තව වතාවක් ඔහුට විලෝ වැලෙන් කස පහරක් දීමට යන ලෙසටය.

රෑ බෝ වී ඔහු එය අහවර කරන තුරු එය එතරම් යහපත් නොවූවේ ය. ඔහු ඈනුම් හරිමින් පුස්තකාලයෙන් පිටව ගියේ ය.

බොහෝ රෑ බෝ වී තිබුණි, නමුත් තවමත් චූ වන්නිංගේ නිදන කුටියෙන් කහ පැහැති මන්ද ආලෝකයක් දිස්වූයේ ය.

ඈ! අර කරදරකාර යකා තව නිදි නැති ද?

මෝ රන් පිටව යෑමට පෙර චූ වන්නිං හට රාත්‍රී සුභ පැතුම් පැතීම  සදහා එහි ගියේ ය. ඇතුළට පැමිණි විට, චූ වන්නිං දැනටමත් නින්දට ගොස් සිටි අයුරු දැක ගැනීමට හැකි වූවේ ය. නින්දට යාමට පෙර මෙම අමතක වන මිනිසා ඉටි පන්දම් නිවා දැමීම මගහැර ඇති බව පෙනී ගියේ ය.

ඇතැම් විය යමක් සාදමින් සිටින විට එහි වෙහෙස වීමෙහි අතුරුඵලයක් වශයෙන්  හුන් තැනවැටී නින්දට ඇදවැටුනා විය හැක.  මෝ රන් කුමක් අතරතුර එය සිදුවූවා ද යන්න විසදා ගත්තේ  ඔහු නිශා රක්ෂක දෙවගන හි මූලාකෘතිය  එකට සවිකොට පස්කින් තිබෙන අයුරු දුටු විගසය, ලෝහ අත්වැස්ම චූ වන්නිං විසින් ගලවා ඉවත් කොට නොතිබිණ, යාන්ත්‍රික ගාංචු වලින් අඩක් ඔහු තවමත් තදින් අල්ලාගෙන සිටියේ ය.

නිදා සිටි විට චූ වන්නිං නපුරු සැර පරුෂ අයෙක් ලෙස දිස් නොවූවේ ය. යන්ත්‍ර වල අමතර කොටස්, කියත්, පොරෝ වැනි දෑ අඩුක්කු කර තිබූ සයනය මත් වකුටුවී වැතිර සිටියේ ය.  එහි බොහෝ දෑ විසිරී තිබුණි හෙයින් එහි සැතපීමට පුද්ගලයෙකුට සරිලන අයුරින් ඉඩකඩ නොතිබිණ, එමෙන්ම ඔහු එහි තෙරපී සිටියේ ය, ශරීරය වක්‍රව, දිගු ඇසිපිය යුගල පත්ව තිබුණි. එම දසුන අනපේක්ෂිත ලෙස හුදෙකලා වූවකි.

මෝ රන් මොහොතකට හිස් බැල්මක් හෙළා සිටියේ ය.

අද දින කුමකට ද චූ වන්නිං එතරම් උරණව සිටියේ ?

ෂ මෙයි නීති උල්ලංඝනය කරමින් රක්ත සහස්පත් මණ්ඩපයට පැමිණ පුස්තක පිළිවෙලකට සැකසීමට සහය වීමට උත්සාහ කළ හෙයින් ද?

මෝ රන් සයනය අසලට ළගා වී තම ඇස් කරකවමින් චූ වන්නිංගේ කනට නැමී  ඉතාමත් සියුම් ස්වරයකින් අත්හදා බැලීමකට මෙන් “ඇදුරුතුමනි!” ලෙස ඇමතුවේ ය.

“..ම්ම්..” චූ වන්නිං සියුම් කෙදිරිල්ලක් පිටකිරීමෙන් අනතුරුව අත්ලෙහි වූ සිහිල් යන්ත්‍ර කොටස් තදින් වැළද ගත්තේ ය. ඔහු දිගු නින්දක සිටියේ ය, ආශ්වාස කළේ ය. තියුණු ලෝහමය අත්වැසුම තවමත් ඔහුගේ අතෙහි වූ අතර එය ඔහුගේ මුහුණ අසල තිබුණේ බිළාලයෙකුගේ හෝ ව්‍යාඝ්‍රයෙකුගේ නිය පෙළක් ලෙසින් ය.

“.......”

“ඇදුරුතුමනි?”

“........”

“චූ වන්නිං?”

“.......”

“හෙහ්, මූ ඇත්තටම නිදි නේ” මෝ රන් ප්‍රමෝදයට පත්වූයේ ය. මෝ රන් කොට්ටය ආධාර කරගෙන තම අත තබාගෙන දත් නියවා සිනාසෙමින් ඔහු දෙස බැලුවේ ය. “උඹත් එක්ක තියෙන ගනුදෙනු පියවා ගන්න මා මෙය අවස්ථාවක් කරගන්නම් කෝ”

යමෙක් තමා සමග ගනුදෙනු පියවා ගැනීමට මාන බැලීම පිළිබද නොදැන සිටි චූ වන්නිං නින්දෙහිම සිටියේ තම කඩවසම් හැඩරුව  ශාන්ත ලෙස විදහා පාමින් ය.

මෝ රන් ආනුභාවසම්පන්න ඉරියව්වක් ගැන උපකල්පනය කළේ ය.  අභාග්‍යසම්පන්න ලෙසට මෙන් ඔහු හැදී වැඩුනේ විනෝදාශ්වාද මඩමකය ,එහෙයි ඔහු හට විධිමත් අධ්‍යාපනයක් නොලැබුණේ ය, වීදි තර්කයන් සහ ජනකතා වලින් ඔහු යම් ආභාෂයක් ලබා සිටියේ ය. ඔහු එකට එක්කොට ගෙත්තම් කළ වැකි සිනහ උපදවන තරම් හාස්‍යජනක මෙන්ම අඥාන වූහ.

“ චූ වන්නිං ,  ප්‍රගල්භ විප්ලවවාදියා, බොරුකාර ද්‍රෝහියා, තා හට කොහෙන් ආපු හයියක් ද ගෞරවනීය අධිරාජ්‍යයානන් වහන්සේ හට නිගර කිරීමට, තමුන්....හ්ම්ම්ම්...තමුන්...”

ඔහු තම හිස මදක් කසමින් සිටියේ වචන සියල්ල අහවර වූවාක් ලෙසය. ඔහු අධිරාජ්‍යය තනතුරට පත් වූව ද ඔහුගේ මුවින් ආ වචන “මේ බැල්ල, අර පාහරයා” යන වදන් වලට සීමා විය. නමුත් පෙනෙන අයුරින් එම ශබ්ද චූ වන්නිං හට සුදුසු නොවේ.

ඔහු තම මනස මනා ලෙස එක්තැන් කොට විනෝදාශ්වාද මඩමෙහි සිටි අක්කණ්ඩියක් පැවසූ දෙයක් මතක් කළේ ය. ඔහුට එහි තේරුම පිළිබදව විශ්වාසයක් නොතිබුණ ද , පෙනෙන අයුරින් එය ප්‍රමාණවත් විය, දෙබැම හකුළා ගනිමින් ඔහු තෙපලුවේ ය

“තා! චපල , අකෘතඥ, ගුණමකු , අප්‍රසන්න, නින්දිත , අධමයා, තගේ අපක්‍රියාවෝ පිළිගන්නෙ ද? ”

චූ වන්නිං “.......”

“තා කතා නොකරන්නේ නම් , මේ උත්තමයාණෝ එය පාපොච්චාරණයක් විලසට සලකා සිටින්නෝ ය”

චූ වන්නිං තවත් කෙදිරිල්ලක් නගා සිටිනේ හඬ රාවයෙන් වූ බාධාව හෙයින් ය නමුත් යන්ත්‍ර කොටස අල්ලාගෙන පෙරමෙන්ම නින්දෙහි සිටියේ ය.

“තා යෙදුනා වූ අපරාධයෝ බොහෝ සෙයින් දරුණු ගණයේ ඒවා වේ, විනය විධාන වලට අනුකූලව මේ උත්තමයාණෝ තා හට....හ්ම්ම්..සුයිශිං දණ්ඩනය නියම කරන්නෝ ය! ලියෝ-ගොංගොං

සිරිතක් වශයෙන් ඇමතුවේ ද ලියෝ ගොංගොං යනු ඔහුගේ පෙර භවයේ සිටි පුද්ගලයෙකි.

මෝ රන් මොහොතක් මෙනෙහි කර තම රංගනය ලියෝ ගොංගොං  හට පාත්‍ර කොට එම කාණ්ඩය රග දැක්වීමට තීරණය කළේ ය. ඔහු අධික ප්‍රශංසා දක්වන ස්වරූපයක් ආරූඪ කරගෙන “දේවයන් වහන්ස, ඔබවහන්සේගේ මෙම වයෝවෘද්ධ සේවකයා පැමිණියේ ය”

තම උගුර පාදමින් ඔහු ගාම්භීර ලෙස කියා සිටියේ ය “එකෙණෙහි දඩුවම් ලබා දෙනු!

“දේවයන් වහන්ස, ඔබවහන්සේ  අණකරන පරිද්දෙන්”

හොදයි! විධිමත් ලෙස කිව  යුතුයි

මෝ රන් තම දෑගිලි නවමින් “චූ වන්නිං හට එකෙණෙහි දඩුවම් ලබා දෙනු”

මෙම සුයිශිං නීතිය කොතැනකවත් නොවූවකි; මෙය මෝ රන් විසින් එම මොහොතේ තැනූවකි.

කෙසේ ද මෙම එවෙලෙ නිර්මාණිත දණ්ඩනය ක්‍රියාත්මක කරනුයේ

වරක් දුෂ්ට පාලකයෙකු වූ අධිරජ මෝ රන් ගම්භීර ලෙස උගුර පාදමින් දුෂ්ට මෙන්ම රෞද්‍ර ලෙස බලමින් , වසන්ත සමයක හිම මිදුණු නිම්නයක් ලෙස සිහිල් වූ මුහුණ දෙසට නැඹුරු වෙමින් ,ලා පැහැති දෙතොල් යුගල සෙමින් ළං කරමින්

ඉන්පසුව

මෝ රන් මදක් නැවතී , චූ වන්නිං දෙස රවා බලා  වචනයෙන් වචනය පැහැදිලි වන ලෙසට පරුෂ වචන තෙපලුවේ ය

“චූ වන්නිං , උඹේ අම්මට හැමිනෙන්න, උඹේ අසමාන්තර වැඩකට නැති කුඩා ලෝකෙම භංග වෙයං ”

චටාස්

අතුල් පහරවල් ලෙසට පහරවල් ද්විත්වයක්  වාතලයට වැදිණි

හෙහෙ, දණ්ඩනය සම්පූර්ණයි!

මෝ රන් ප්‍රමුදිත ලෙස සිටින විට ක්ෂණයින් වාතාවරණය වෙනස් වූ හෙයින් ගෙලෙහි රිදුමක් ඇතිවිය. ඔහු විගසින් බිම බලන විට රුදු වූ තුඟු වූ ෆීනික්ස් විහග නෙතු සගල හමුවිය.

මෝ රන් “.....”

චූ වන්නිං ගේ හඩ වැටෙන හිමකැට මෙන් රළු වූවේ ය, එය මනරම් ද රුදුරු ද යන්න පැවසීමට තරම් අපහසු විය. “කුමක් ද ඔබ මේ කරන්නේ?”

 

“මේ උත්තමයාණෝ.....නෑ....මේ සේවක.....නෑ, නෑ, නෑ....!” වාසනාවකට මෙන් මෝ රන් සෙමින් කතා කළේ ය, චූ වන්නිං රවා බැලුව ද, පෙනෙන අයුරින් එය නොඇසුනාක් මෙනි. එවෙලෙහි ඉපැදුණු අදහසක් පෙර දැරිව මෝ රන් තම හස්තය දිගු කොට චූ වන්නිංගේ මුහුණ අද්දර වූ වාතලයට දෙවරක් පහර දුන්නේ ය.

“...”

තම ඇදුරාණන්ගේ අඳුරුවූ භාව ප්‍රකාශන වලට මුහුණ දෙමින් වරක් ලොවෙගි අධිරාජ්‍යයෙක් වූවෙක් තරහ සංසිඳුවීමට කෛරාටික සිනහවක් පාමින් “මේ මේ ශිෂ්‍යයා ඇදුරුතුමා වෙනුවෙන් මදුරුවන් මරන්නේ ය”

කතු වදන :

මෝ රන්

නාමය : මෝ වෙයියූ

මරණින් මතු පටබැදුණු නම් : ගෞරවණීය ලොකු රාබු දෙයියා,  දීර්ඝායුෂ ලද දම් පැහැ සමරිසි ශාන්තුවරයා , ශසුන්ගේ බර උසුලන හී හඩැති ආත්මය, සහතික කළ පළමු පෙලේ නින්දිත තෙස්පියානු, පස් ගෙරවුම් මුදුනෙහි ප්‍රධාන කළමණාකරු වූ වාෂ්ප වූ සුවිසල් මිනිසා, දුගඳ  නිර්ලජ්ජිත ලෝකය, තාශියෑන් අධිරාජ්‍යයා.

රක්ෂාව : අධිරාජ්‍යයා (නැසී ගිය)
සමාජමය පසුබිම : නිරක්ෂර / නූගත්
දැනට කැමති : ෂ මෙයි
කැමතිම ආහාර : (අත් බැදගනිමින්) චූ වන්නිං (අත් බැදගනිමින්)  මිරිසට තෙලට හදපු වොන්ටොන්
අකමැති දේ : අන් අය විසින් තනි කිරීම

 

උස : මිය යෑමට පෙර 186 cm , මෙම උත්තමයාණෝ යළි ඉපදීමෙන් පසු තරුණ වියටයි ආවේ, තවමත් උපරිම උසට ළගා උනේ නෑ , ඇයි මේක ප්‍රස්ද්ධියේ කියන්නෙ අවශ්‍ය උනේ? හ්ම්හ්!

 

 

T/N


ගූයුවේ යේ  =  孤月夜 (Gū yuèyè) = Lone Moon Night (i.e. Night of the Solitary Moon) = මෙහි තේරුම “සඳ තනිවූ රාත්‍රිය හෝ හුදෙකලා වූ චන්ද්‍රයාගේ රාත්‍රිය” ලෙස මෙය හැදින්වීමට හැක. මෙය Sisheng වගේම එක්තරා වංශයකි.

සුයිශිං - 嘴刑 (Zuǐ xíng) = Mouth Punishment

ගොංගොං - 公公 (Gōnggōng) = Eunuch (කප්පාදු කරනලද තැනැත්තා) මොවුන් පැරණි යුගයේ රජවරුන්ගේ මෙන්ම මාලිගාවේ සිටින රජ පෙළපතේ අයගේ සේවකන් ලෙස බදවා ගැනිණ.

මෙයට අදාල Audio Drama එක මෙතක comment කරන්නම් එතකොට කතාව වැඩියෙන්

 

 Previous | TOC | Next

 

 

 

 

 


 

 

 

 

 

 

Comments

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.