අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | එකළොස් දිගහැරුම : මේ උත්තමයාණන්ගේ වෑයම උණුසුම් හාදුවකටයි , දැනෙන සතුට!
“එහෙමයි! ඒ මම” චන් මැතිණිය හැඩුවා ය. “ඒත මම නොවෙයි ඔය පුවරු මත එහෙම
දෙයක් ලිව්වේ! මම කොහොමද මගේම පුතාලට සාප කරන්නේ? මම____”
“ඇත්තවශයෙන්ම ඔබ අවදියෙන් සිටින මොහොතක මෙය නොකළා
වීමට හැක , නමුත් ඔබ නිදා සිටි මොහොතක් ගැන සිතුවෝතින් එය නියතවශයෙන්ම සත්‍යයක්
වීමට ද නොහැක.”
මෙසේ පවසන අතර චූ වන්නිං තම හස්තය ඔසවා සමරු
පුවරුව සියතට ගෙන අධ්‍යාත්මික ශක්ති ධාරාවක් තම අල්ල මතට වත්කළේ ය. ක්ෂණයෙන්
රුධිරය කැටි එම පුවරුව මතින් වැගිරිණ, කුණු වූ රුධිර දුගද එහි ඉදිරි පසින් හමා
එන්නට විය.
චූ වන්නිං සැර පරුෂ මෙන්ම තීව්‍ර වූ දැඩි
ස්වරයකින් “ද්වේෂ සහගතව වියරුවෙන් දගලන , උඩගු
දුෂ්ට ආත්මය! පිටවණු!” පැවසුවේ
ය.
ඔහුගේ අත්ලෙහි එකතු වූ ආධ්‍යාත්මික බලය හෙයින්
ලියමන් බෙරිහන් දෙමින් ආපස්සට යන්නට විය, අවසානයේ
එය එක් නිමේෂයකි මැකී යන්නට විය, සහමුළින්ම අතුරුදන් විණ. චූ වන්නිං තම සුදුමැළිව ගිය හීන්
දිගටි ඇගිලි වලින් පිරිමැද්දේ ය, මුළු සමරු පුවරුවම කැඩී බිදී ගියේ ය.
පසුපස සිට බලා සිටි චන් පවුල මවිත විය. ෂ මෙයි
පවා මවිතයට පත් කිරීමට එය ප්‍රමාණවත් විය.
ඔහු මැඩපැවැත්විය නොහැකි විලසටම හුස්මක් පිටකරමින් “කෙතරම් අරුම සහගත ද ?” ලෙස
පැවසුවේ ය.
මෝ රන් ද මැඩපැවැත්විය නොහැකි විලසටම හුස්ම
පිටකරමින් මනසින් “කෙතරම් දුෂ්ට ද?” ලෙස
සිතුවේ ය.
චූ වන්නිං මුහුණ ඔහුන් වෙතට හැරවිණි. ඔහුගේ
සුන්දර අංග ලක්ෂණයන් කිසිදු හැගීමකින් තොර විය. , එහෙත් ඔහුගේ දෙකොපුල් හි ලේ
පැල්ලම් කිහිපයක් විසර තිබුණි. ඔහු තම අත
ඔසවා ඇගිලි තුඩු අතර වූ රුහිරු පරීක්ෂා කොට චන් පවුල හට කතා කළේ ය. “ඔබලා සියල්ලෝම
අද මිදුලෙහි රැදී සිටින්න, කිසිවෙක් කොහෙවත් යන්න එපා”
ඇත්තවශයෙන්ම ඔවුනගෙන් කිසිවෙකුත් කිසිවක් කිරීමට
තරම් නිර්භීත නොවූ හෙයින් කීකරුව එය පෙන්වීමට “එසේය, එසේය” ලෙස ඉක්මන් පිළිතුරු
ලබා දුන්හ.
“දැනට”
චන් මැතිණිය කිසිදු භාවයකින් තොරව බලා සිටියා ය.
“දැනට? හැමදාටම නොවෙයි ද? කොහොමද අපි අපේ පුතාව පරිස්සම් කරගන්නේ?”
“යක්ෂයාව අල්ලා ගැනීම” චූ වන්නිං පැවසුවේ ය.
බියට පත් වූ කණස්සල්ලෙන් යුතුව, චන් මැතිණියට ඇගේ
සිරිත් විරිත් ද අමතක වී , ආචාරධර්ම පසෙකට දමා “ඉතින් , දාඕජං කවද්ද ඌව කොටු
කරගන්න යන්න සැලසුම් කරන්න ? ” කලබලෙන් මෙන් විමසුවා ය.
“මේ මොහොතම”
චූ වන්නිංගේ බැල්ම චන් පවුල වෙතට ඇදී ගියේ ය.
“කවුද ඔබලාගෙන් හරියටම දන්නේ රත් පැහැ ශවභාජනය
හමුවූ නිශ්චිත ස්ථානය? එතැන පෙන්වන්න.”
වැඩිමහල් පුත්‍රයාගේ බිරියගේ පෙළපත් නාමය යාඕ
විය. ස්ත්‍රියක් වූවද ඇය උසින් වැඩි දැවැන්ත අයෙක් විය. ඇගේ පෙනුම ද ත්‍රාසය
පෙන්නුම් කළ ද ඇය අන්‍යයන්ට සාපේක්ෂව තැන්පත් වූවා ය. “මම එය පිහිටි ස්ථානය
දන්නවා, මොකද මමයි මගේ මියගිය සැමියයි තමා එය තෝරා ගත්තේ, මම දාඕජංට මග
පෙන්වන්නම්”
ඔවුන් තිදෙනා මුළු ගම පුරාවට චන් යාඕ පසු පස ගමන්
කොට උතුරු දිශාවට ළගා වූවෝ ය, සැණින් චන්වරු විසින් මිළදී ගත් බිම් ප්‍රදේශයට ළගාවූවෝ
ය.
එම ප්‍රදේශයට ඒ වන විටත් මුරකාවල් යොදා තිබුණකි.
ඒ වන විටත් අහස උසට තෘණගස් සහ පැළෑටි වැවී තිබිණ. යොදුන් ගණනක් යනතුරු කිසිවෙක්
අහල පහළ නොසිටියේ ය. මුළුමනින්ම නිහඩ වූ
පක්ෂී නාදය හෝ කෘමි සතුන්ගේ නාදයන් පවා ඇසෙන්නට නොලැබුණු ප්‍රදේශයකි.
කන්දෙන් අඩකට පමණ පැමිණි විට , පැහැදිලිව පෙනෙන
අවකාශයක් දිස් විය. “ගෞරවණීය දාඕජං තිදෙනා, මේ තමා ඒ තැන”
එහි සොහොන් ගලක් වැනි ගලක් එම හාරා ගන්නා ලද රත් පැහැ ශවභාජනයට උඩින් විය. එය දුටු මෝ රන්
හට සිනහ පහළ වූවේ ය. “මේ විකාර ගලකින් වෙන හොද මොකක් ද? පැහැදිලිවම නොපුරුදු අය
ටිකකගේ වැඩක් ද කොහෙද, පැත්තකට කරලා දාන්න එය.”
චන් යාඕ බිය කණස්සල්ලෙන් වෙලී සිටියා ය “නමුත්
නගරයේ සිටි මහත්මයෙක් පැවසූ අයුරින් නම් යක්ෂ මෘගයෙක් මෙහි ඇතුළත මෙම දුෂ්ට ආත්මය
එළියට ඒමට නොදී රදවාගෙන සිටිනවාලු”
මෝ රන් උපහාසාත්මක ලෙස සිනාසී “එම මහත්මයාට කුමක්
හෝ දෙයක් බලපා තිබෙනවා”
“ඉවත් කරන්න, ඉවත් කරන්න, ඉවත් කරන්න” චන් යාඕ
පැවසුවා ය.
චූ වන්නිං සැර පරුෂ ස්වරයෙන් පැවසුවේ ය “අවශ්‍ය
නැහැ.” ඔහු තම අත එසෙව්වේ ය ඇගිලි තුඩු
රන් පැහැයෙන් දිලිසුණේ තියෑන්වන් කැදවුමට ප්‍රතිචාර දුන් ලෙසින් ය. විලෝ වැලෙහි
එක් ප්‍රහාරයක් එම ගල කැබලි වලට කුඩු කරන ලදි!
කිසිදු භාව ප්‍රකාශනයකින් තොරව චූ වන්නිං එදෙසට ගොස් විසිර තිබූ කැබලි අතර
සිට ගත්තේ ය. තර්ජනාත්මක ලෙස ඔහු තවවරක් තම අත එසෙව්වේ ය. “මොකද තමුන් හැංගෙන්නේ?,
එනවා එළියට!”
අත්භූත “ගහ්, ගහ්” යටතින් පැමිණිය, ක්ෂණයෙන් අඩි දොළහක් පමණ දිගු වූ දැවෙන් නිම වූ
ශවභාජනයේ බිම් මට්ටමේ සිට ඉදිරිපස පුපුරා ගියේ දුහුවිල්ල පොළොවේ දසත පතුරමින් ය.
බියට පත්වූ ෂ මෙයි “එම ශවභාජනයේ යක්ෂ බලයක්
තිබෙනවා” ලෙස පැවසුවේ ය.
“පසු පසට යන්න” චූ වන්නිං පැවසුවේ ය, තියෑන්වන් ශවභාජනට පිටි අත් කසපහරක්
දෙමින් එය තදින් හිරකොට තබා ගනු ලැබුවේ
විදුලි පුපුර පතුරවමින් ය. එහි මද වේලාවකට නිෂ්ශබ්දතාවය රැකිණි, ඉන් පසු
ශවභාජනයේ පියන පැලී විවර විය. එහි ඇතුළත වූ දෙය ඝන ධූමයෙන් විසිරීමෙන් පසු
නිරාවරණය විය.
ශවභාජනය ඇතුළත සම්පූරණ නිරුවත් මිනිසෙක් විය. ඔහු
ඍජු නාසයක් මෙන්ම කඩවසම් අංග ලක්ෂණයන්ගෙන් හෙබි අයෙක් විය. ඔහුගේ සම කඩදාසියක්
මෙන් සුදුමැලිව ස්වේත වර්ණිතවී නොසිටියේ නම් ඔහු හුදෙක් නිදා සිටින්නෙක් ලෙසට පෙනී
යන්නේ ය.
මෝ රන්ගේ දෘෂ්ටිය ඔහුගේ ඉනෙන් පහළ පෙදෙසට දිගුවිය.
හෙතෙම තම දෙනෙත් වසා ගැනීමක් පෙන්වූවේ ය. “අයියෝ! මේ ගඳ ගසන බූරුවා යටට කුමක් වත් ඇඳගෙන නැහැ නේ ”
ෂ මෙයි : “.......”
චූ වන්නිං : “.......”
විශ්මයට පත් වුණු චන් යාඕ තම හඩ අවදි කළා ය. “අපේ
මහත්තයා!” දෙවරක් නොසිතා ඇය ශවභාජනය වෙතට දිව ගියා ය. චූ වන්නිං අත දිගු කොට ඇයව
නවතාලමින් , දෙබැම ඔසවමින් විචාළේ ය “මේ ඔබේ ස්වාමිපුරුෂයා ද?”
“ඔව්, ඒ මගේ සැමියා” චන් යාඕ පීඩාවට පත් වූ
සෙයින්ම දුකින් සහ භීතියෙන් වෙලෙමින් “ඇයි ඔහුට මෙලෙස වෙලා තිබෙන්නේ? ඇත්තටම අපි
ඔහුව මිහිදන් කළේ මුතුන්මිතන්ගේ සොහොනේ සම්පූර්ණ මංගල ඇදුමෙන් සරසවලා , කොහොමද ඔහු...”
අවසන් කිරීමට පෙර ඇය
සන්තාපයට පත් ලෙසටම තම ළයට ගසා ගනිමින් හඩමින් විලාප නගන්නට වූවා ය, “කොහොමද මෙහෙම වෙන්නේ? හරිම කාලකණ්ණිකමක්__මහ වින්නැහියක්__මගේ
මහත්තයා.....මගේ මහත්තයා!!”
ෂ මෙයි සුසුම් හෙළමින් “චන් ආර්යාව! ඔබතුමියගේ
දුක තුනී කරගන්න.”
චූ වන්නිං සහ මෝ රන් විලාප දෙන කත මගහැරියෝ ය;
කෙසේද මිනිසුන් අස්වසාලන්නේ යන වග චූ වන්නිං නොදැන සිටියේ ය. එමෙන්ම මෝ රන් හට
කිසිදු අයුරින් දයානුකම්පාවක් කතා කිරීමට තරමින් වත් නොතිබුණේ ය. ඔවුන් දෙදෙනාම ශවභාජනයේ වූ මළ
සිරුර දෙස බලා සිටියෝ ය.
මෝ රන් පෙර භවයේ ජීවිතය තුළ ද මෙයට මුහුණපා
තිබුණි එහෙයින් ඔහු කුමක් සිදුවේ ද යන්න
අඩු වැඩි වශයෙන් දනී. “ඇදුරුතුමනි! මේ
මළසිරුරේ යම් සැක සහිත යමක් තිබෙනවා.”
චූ වන්නිං ; “මම දනිමි”
“....”
මෝ රන් නිළ වශයෙන්ම සම්පූර්ණ කතාව සැලසුම් කොට
තිබුණි, ඍජු ලෙසටම පෙර ජීවිතයේ දී චූ වන්නිං විසින් කරන ලද මුල් විවරණයන් තුළින් ඉරාගෙන
විභාජනය කිරීමෙන් ය. ඔහුට අවැසි වූයේ එය මේ ජීවිතයට රැගෙන විත් චූ වන්නිං විශ්මයට
පත් කිරීමට ය. නමුත් ඔහු වෙතට “මම දනිමි” යන්න එල්ල වී සියල්ල කනපිට හැරේවි යැයි
කවුරු සිතුවේ ද.
ආචාර්‍යවරයෙකු වශයෙන් ඔහු තම ගෝලයින්ව තම අදහස් ප්‍රකාශ කිරීමට දිරි ගැන්විය යුතු නැති ද , ඔවුන්ව ප්‍රශංසා කළ
යුතු නැති ද?
මෝ රන් ද එය අතහැරීමට සූදානමින් නොවූවේ ය. ඔහු
නොඇසුන ආකාරයෙන් රග දක්වා “මම දනිමි” ලෙස
පවසා කතා කිරීම ඇරඹුවේ ය. “මෙම මළ සිරුරෙහි කිසිදු දිරාපත් වීමේ සළකුණක් නොමැත.
චන් ස්වාමිපුත්‍රයා මියගොස් ඇත්තේ මසකට පමණ පෙරය; මෙවැනි පරිසරයක, ඔහුගේ මළ සිරුර වියෝජනය
වී ඕජස ගලා ගොස් , ශවභාජනයේ තට්ටු බැදීමට තරම් කාලයකි එය. මෙහි ඇති පළමු කාරාණය
එයයි”
චූ වන්නිං ඔහු දෙසට රළු සැර බැල්මක් හෙළන ලද්දේ
‘තමුන්ම කරගෙන යන්නකෝ එසේ නම්’ ලෙසටය : “.......”
“දෙවනුව.” මෝ රන් තමා වෙත කිසිදු බලපෑමක් නොවූ
අයිරින්ම අඛණ්ඩව කටපාඩම්ව තිබූ පෙර දිවියේ
චූ වන්නිංගේ විස්තර කිරීම කරගෙන ගියේ ය. “මෙම රත් පැහැ ශවභාජනයෙන් එන
අමනුෂ්‍යය බලය එය විවර කිරීමට පෙර
බෙහෙවින් ප්‍රබලයි, නමුත් විවර කරාට පසුව එහි විලෝමයක් ලෙස අතුරුදහන්ව යයි, තව දෙයක් නම් ,
ප්‍රායෝගික ලෙස එහි මළසිරුරටම කියා අසාමාන්‍ය වූ අමනුෂ්‍යය බලයක් නැහැ ”
චූ වන්නිං “.........”
“තෙවනුව, ඔබලාට දැනුනද ශවභාජනව විවර කළ මොහොතේදී
මිහිරි සුවදක් සුළගෙහි තිබුණ අයුරු”
එම ගන්ධය බොහෝ සෙයින් යටපත් වූවක්, පරීක්ෂාකරී
ලෙස අවදානය යොමු නොකොළොත් කිසිවෙකුට එය නොදැනේවි. මෝ රන්ගේ වචන වලට අනුව ෂ මෙයි සහ චන් යාඕ හට සැබැවින්ම එහි වාතල මත මිහිරි සුගන්ධයක් තිබුණු බව
වැටහිණි.
“ඔබ නිවැරදියි” ෂ මෙයි පැවසුවේ ය.
චන් යාඕ හුස්ම ඉහළට අදිමින් ඉකි බින්දා ය, ඇගේ
වතෙහි වර්ණය පවා වෙනස් විය. “මේ සුවද.....”
“චන් ආර්යාව, එය කුමක් ද?” ෂ මෙයි විමසුවේ ය.
චන් යාඕ බියට පත්වූවා සේම ඇගේ හඩෙහි ස්වරය ද
වෙනස් විය . “මේ සුවද මගේ නැන්දම්මාගේ රහසිගත වට්ටෝරුවක්, සියක් සමනොළ ධූපය”
මොහොතකට කිසිවෙක් කතා නොකළ සිටියහ. ස්මාරක කුටියේ
සමරු පුවරුවේ ලියා තිබුණු “චන් වංශයේ ජීවත් වන චන් සුන් විසින් ඔසවන ලදි” යන්න
ඔවුන්ගේ ඇස් ඉදිරිපිට මැවුණාක් මෙන් පෙනී ගියේ ය.
“......සැබැවින්ම මේ සියල්ලම චන් මැතිණිය විසින් කළ දෙයක් වීමට
නොහැකි ද?” ෂ මෙයි හඩ අවදි කළේ ය
“එය අසම්භාව්‍යයි ” මෝ රන් කීවේ ය.
“එය එසේ නොමැත” චූ වන්නිං පැවසුවේ ය.
ආසන්න වශයෙන් ඔවුහු දෙදෙනාම එකවර කතා කළෝ ය,
ඔවුහු දෙදෙන එකිනෙකා දෙස බැලූහ. චූ වන්නිංගේ මුහුණේ ප්‍රකාශනයන් පෙර මෙන් පැවතිණ.
“ඔබේ කතාව ඉදිරියට ගෙනියන්න”
මෝ රන්
විනීත ලෙස කතා කළේ ය. “මම දන්නා තරමින්
චන් පවුලේ භාග්‍ය යනු මැතිණියගේ අසමසම සියක්
සමනොළ ධූපය යි. එහි සංයෝගක්‍රමය රහසක් ලෙස තබා සිටින්නකි, නමුත් එහි නිෂ්පාදනයන්
ලබා ගැනීමට අපහසු කටයුක්තක් නොවීය. සායි දියේ නුවර සිටින ගැහැණු ළමුන් දස
දෙනෙකුගෙන් පස් හය දෙනෙකු ළග වත් මෙම සුවද තිබේ. මීට අමතරව මෙය දෙස කල්තබා
බැලුවෝතින් , පෙනෙන අයුරින් නම් චන් ස්වාමිපුත්‍රයා වුවද තම මෑණියන් ගේ සියක්
සමනොළ ධූපයට ප්‍රිය කළ අයෙකි , ස්නානය කරන විට නිතර දෙවේලේ ස්නානය
කිරීමට භාවිත කරන ජලය සමග මුසු කොට ඇත, එහෙයින් ඔහුගේ සිරුරෙහි මෙම සුවද තිබීම
අරුමයක් නොවෙයි, නමුත් මෙහි ඇති අමුත්ත කුමක් ද? ”
හෙතම නැවත තම හිස ශවභාජනය වෙතට හරවා කතා කළේ ය.
“ඔහු මියගොස් දැන් මසක් පමණ ගතව ඇත, නමුත් අලුතින් ගැල්වූ ලෙසකට සුගන්ධය තවමත් නැවුම් ය. මම නිවැරදියි නේද
ඇදුරුතුමනි?”
චූ වන්නිං “.......”
“මා නිවැරදියි නම් ඔබතුමාට නොහැකියි ද මාව මදක්
වර්ණනා කිරීමටවත්?”
චූ වන්නිං : “ම්ම්”
මෝ රන් සිනාසුණේ ය “ඔබතුමා අකමැතියි නේද වදන්
අපතේ යැවීමට”
ඔහුගේ සිනහව දෙවරකට සීමා විය, මන්දයත් එය රලපතරක්
ලෙස වස්ත්‍රක වූ කලබල ගතියට එය පැරදිණ ,
චූ වන්නිං ඔහුව හුන් තැනින් ඇදගෙන විත ඔවුන්ව අඩි ගනනකින් ඔබ්බට වෙනතකට
මාරු කළේ ය, ඔහුගේ හස්තයෙහි තියෑන්වන් දිලිසෙන රන්වන් පැහැ ආලෝක දහරා විසිරුවමින්
බබළන්නට වූයේ ගිනිවන් ආලෝක දහරා නර්තනයක යෙදෙන විලසින් ය .
“බලාගෙන!”
සියක් සමනොළ ධූපයේ සුගන්ධය ක්ෂණයෙන් වාතලයට මුසුව
ඝන විය, ස්වේත මීදුම සුවද වාතලයෙහි පිරී තිබූ අයුරු මූර්තිමත් කළේ ය. ත්‍රාසය මුසු වේගයකින් පැතිරෙන්නට විය. සැණින් මුළු ප්‍රදේශයම මුළුමනින්ම ඝන මීදුම නැමැති
සයුරක් බවට පත්විය, කිසිවෙකුට සියතෙහි දෑගිලිවත් දැක ගැනීමට නොහැකි වූ අයුරින් ඝන
විය!
මෝ රන්ගේ හදවත කැලතීමකට පත්විය.
මයාන්විත භුවන
විවර විය
“ආහ්!!” චන් යාඕ ගේ කෑගැසීම ඝන මීදුම් අතරින්
ඇසුණ පළමු දෙය විය.
“දාඕජං උදව්___”
ඇය සම්පූර්ණ කිරීමටත් පෙර සැණින් එම හඩ වියැකී
ගියේ ය.
චූ වන්නිංගේ ඇගිලිතුඩු නිල් පැහැයෙන් දිලිසුණේ
ඔහු සම්බ්න්ධීකරන මන්තරයක් මෝ රන්ගේ නළලත තබන ගමන්ය. “මම තත්ත්වය ගැන විපරම් කර බලා එනතුරු ඔබ ප්‍රවේෂමෙන් සිටින්න”
ඉන්පසු හඩෙහි දිශාව හඹාගෙන ඔහු සැණින් ඝන මීදුම්
අතර සැගව ගියේ ය.
මෝ රන් සිය නළල ස්පර්ශ කරමින් සිහින් හඩින්
සිනාසුණේ ය “හොදයි හොදයි, පෙර දිවියෙහි ඇත්‍තවශයෙන්ම මෙය නම් එම මන්තරය තැබූ එම
ස්ථානයමයි , චූ වන්නිං නුඹ නම් කෙසේවත් වෙනස් වී නැත.”
මීදුම වේගයෙන් හඹාවිත් විගසින් විසිර ගියේ ය,
එමෙන්ම සම්පූර්ණයෙන්ම පාහේ දිගු විය. දර්ශනය ඔහු ඉදිරි පිට මැවෙන්නට විය, ඒ කෙසේ
වූවත් එය මීදුමටත් වඩා බිය උපදවන්නක් විය. යම් තරමකින් මෝ රන් පෙර භවයට වඩා බියට
පත්විණි.
මීදුම අතුරුදන්ව ගිය පසු හුදෙකලාව පැවති පමණ
ඉක්මවා වැඩුණු කදුකරය ද අතුරුදන්ව ගියේ ය.
එම ප්‍රදේශය පුළුල් ලෙස විහිද ගොස් ඇති සංකීර්ණ
වූත් අලකෘත වූ උයන් වලින් හෙබි භූමිභාගයකි. මණ්ඩපයක් සහ ආලින්දයක්, ශෛලය උයනක් සහ
නිල්වන් වෘක්ෂයන් සමග වටකුරු ගල් ඇසට පෙනන මානයෙන් ඔබ්බට විහිද තිබුණි.
මෙයින් ලැබෙන එකදු බැල්මක් වූවත් මෝ රන් හට
සතුටින් ඉපිළී බිම පෙරලීමට තරම් ප්‍රමාණවත් විය.
මෙම දුෂ්ට පාලක ඔල මොට්ටලයා දවසම සිත සිත සිටියේ
මයාන්විත භුවන පිළිබදව ය. පෙර දිවියේදි ද
ඔවුනට මෙලෙසින්ම මෙහිදී වෙන්ව සිටීමට
සිදුවිය. මෝ රන් පළමුවෙන්ම ෂ මෙයි වෙතට හැරී මායාවෙහි වූ මෝහයෙන් මත්ව ප්‍රථම වරට
සිප ගත්තේ ය__එමෙන්ම එය__ඔහුගේ දිවියේ එකම එක සැරයක් පමණි.
අභාග්‍යකට මෙන් එම මොහොතේ ෂ මෙයි එතැනි සැණින් පලා ගියේ ය, මෝ රන්ද ඔහුට යාමට ඉඩ
හැරියේ ය, බොහෝ විට ඒ බිය නිසා විය හැක, එහි රස තරමක් විදීමට පෙරාතුවම ඔහු මධු වන්
වූ රොන් උරා බී අවසන් ය. එමෙන්ම එය ඔහුට අතෘප්තිකර විය.
පසුව මායාන්විත භුවන වැසී ගියේ ය, ෂ මෙයි මෙය
පිළිබදව පසුව වාද කිරීමටවත් වූයේ නැත. එය හරියට ඔවුන් අතර සිප ගැනීමක් සිදු නොවූවා
සේම විය. එමෙන්ම එය ඔවුන් අතර යළි කිසිදා සිදු නොවුණි. ඇතැම්විටෙක මැදියම් රැයේ දී
මෝ රන් එය පිළිබදව මවිතයට පත්වූයේ මනස්ඍෂ්ටිය
ගැඹුරු ඇබ්බැහිවීමකින් ඉපදුණු යමක් ද යන්න සිතීමෙන්ය.
මනඃකල්පිතයක් වූවා හෝ
නොවූවා , මෝ රන් සිතූ පරිද්දෙන් හෙතෙම ඔහුගේ දෙතොල් මත සිය දිව එහි මෙහි යවා තිබුණි. ෂ මෙයි හට මෙවර නම් පහසුවෙන් ගැලවෙන්නම් ඉඩ ලැබෙන්නේ නැහැ!. මම එක
සැණින්ම මගේ උණුසුම් හාදු වැස්සෙන්
පුරවනම්කෝ!
....................................
සියක් සමනොළ ධූපය = 百蝶香粉 (Bǎi dié xiāng fěn/ බායි දියේ
ශියාං ෆන්) , hundred butterfly fragrance
මායාන්විත භුවන = 幻境 ( Huànjìng/ හුවන්ජිං) , illusory realm
කතු වදන :
ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව නම්
විධිමත් විදිහට භාවිතා කිරීමට නමක් ලැබෙන්නේ (courtesy
name) වයස් අවුරුදු 20 පමණ. නමුත් මේ cultivation
world එකේ දි යමෙක් ආරම්භ කරන්නෙත් , විධිමත් නමක්
ලැබෙන්නෙත් වයස අවුරුදු 15 දී පමණය. මම පෞද්ගලිකවම මෝ වෙයියූ (墨微雨) ගේ characters (චීන අක්ෂර ) තුනටම ආසයි. ඒවා මෝ රන් (墨燃) කියනවාට වඩා ලස්සනයි. මට
නම් ඒ සේරම ඉක්මනටම පෙන්නන ඕනේ , XD
T/N
墨微雨/燃 characters
4 ම හොදයි, මම නම් ඒ හතරටම කැමතියි. 😂😂
❤️ ❤️ ❤️
ReplyDelete