අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | අටවන දිගහැරුම : මේ උත්තමයාණන් හට දඩුවම් ලැබුණේ ය.

 



මෝ රන් මළ මත්ස්‍යයෙකු සේ දින තුනක් පුරාවට ඇදෙහි වැතිර සිටියේ ය.  ඔහුගේ තුවාල මදක් සුව වූ විට අත් වැඩ කිරීම සදහා ඔහුව රක්ත සහස්පත් මණ්ඩපයට කැදවන ලදි.

මෙය දණ්ඩනයෙහි තවත් එක් අදියරක් විය. මෝ රන් හට රැදවුම් කාලය පුරාවටම කන්දෙන් පහළට බැසීමට හැකිවීම තබා ඔහුට හරි හැටි හිදගෙන සිටීමට ද නොහැකි විය. වංශයේ අමුතු ආකාරයේ කාර්යයන් වලට අත් උදව් දීමටද ඔහුට සිදුව ඇත.

එම අරුම සහගත අමුතු කාර්යයන් නම් මංපෝ ශාලාවෙහි  භෝජනාහාරය බාර කතට පිගන් සේදීම සදහා අත් උදව් දීම, නයිහ පාලමෙහි තිබෙන ටැඹෙහි සිටින සිංහයාට ගල් තුන්සිට හැට පහක් ලබාදීම, ලිපිගොනු  සහ පාඨ සදහන් ලියවිලි පිටපත් කිරීම යන ආදිය වේ.

මෙම රක්ත සහස්පත් මණ්ඩපය යනු කුමනාකාරයේ ස්ථානයක් ද , ඒය තමා  චූ වන්නිං පාහරයා වසන ස්ථානය, බොහෝ ශාප ලත් වාසභූමියක් සියල්ලෝම එයට අමතනුයේ රක්ත පද්ම නිරය ලෙසින් ය.

සෂං කදුකරයේ  මිනිසුන් කිහිප දෙනෙක් එහි ගොස් තිබූහ.  එහි ගිය පිරිසෙන් සියල්ලම පාහේ අතක් ගෝ පයක් කඩාගෙන ආපසු ආහ.

රක්ත පද්ම නිරය වන චූ වන්නිං ගේ වාසභවනට තවත් එක් උපාර්ත නාමයක් විය එය මෙයට වඩා භූමි ගත තත්ත්වයේ තිබූ පහත් එකක් විය : දෙපා බිඳ ලන ශාලාව

වාංශික ගෝලයින් අතර උපහාසාත්මක වදන් පෙළක් විය: “ශාලා සුන්දරිය ඇගේ රූප සොබාව සගවන්නී ය,
රූසපුව කුලකත සුරලොව පැනය අසිපත දරන්නී ය. දෙපා බිඳ ලන කඩුලු පැන , ඔබේ පා බිදෙන සන්තාපය උරුම කර ගනු. මධ්‍ය ලක්ෂ්‍යය සිඳලා ගැනීමට අවැසි නම්, යූහං වැඩිහිටියාණට ඉහළින් පියමනිනු”

එක් වරක් කාම රාගය අහස උසට නැග සිටි ශිෂ්‍යයාවක් මරණය අභිමුඛයට පැමිණියා ය. යූහං වැඩිහිටියාණගේ රූප සොබාවෙන් කුල්මත් වී සිත වහ වැටී සිටි ඈ නිර්භීතව අමාවක රාත්‍රියක දක්ෂිණ ශිඛරය රිංගා යූහං වැඩිහිටියා ස්නානය කිරීම නැරඹීමේ අරමුණින් සියන මතට නැගුණාය.

ආදීනව පැහැදිලිව ලැබිණ. එම රණශූර කත  තියෑන්වන් විසින් ජීවිතය සහ මරණය අතරට දෝලාවකින් රැගෙන යන ලදි. දින සියයකට නො අඩුව ඈට ඇදමත වැතිරී සිටීමට තරම් දුක්ඛිත ඉරණමක් ඇතිවිය.

එමෙන්ම , චූ වන්නිං තවත් මෙවැනි නීති උල්ලංඝනයන් සිදු වන බව ප්‍රකාශ කළ සිටියේ ය. ඔහු අයුතු මැදිගත්කරුවන් දෙස ඍජුව නෙත් යොමමින් නිරීක්ෂණය කරන්නට විය.

ඔබ දුටුවෙහි ද? පුදුම දරදඬුකමක්! සිත්පිත් නොමැති භාව ප්‍රකාශන! ඉතා අප්‍රසන්න මිනිහෙක් !

වංශය තුළ නිවට ගැහැණු ළමුන් පිරිසක් ඔවුන් ගැහැණු ළමුන් වීම හේතුවෙන් යූහං වැඩිහිටියා දයානුකම්පිත ලෙස අනුකම්පා කරාවි යැයි සිතා ඔහුගේ අවධානය ගැනීමට මුකුළු කරමින්  අඟර දඟර රැගුම් පාන්නට වූවෝ ය. කෙසේ වෙතත්, වැඩිහිටියා එම වරදකාරියව බාගෙට මැරූ පසු කිසිවෙක් ඔහුට උකුළු මුකුළු කිරීමට නැවත  කිසි දිනෙක වෙර දැරුවේ නැත.

නිසි ලෙසට මහත්මා ගුණයන් චරිත ස්වභාවයෙන් නොතිබුණු යූහං වැඩිහිටියා කසපහර දෙන විට කිසිදු වෙනසක් නොකරයි. ඔහුගේ රූමත් මුහුණ හැරුණු කොට පිළිගත හැකි කිසිවක් ඔහුට නොතිබුණේ ය_____එය වංශයේ ගෝලයින් තුළින් මතු වූ විචාරණයක් ය.

පණිවිඩය රැගෙන ආ කුඩා සගයෙක් වන මලණුවන් කෙනෙකු මෝ රන් දෙස සානුකම්පිත දෑසින් යුක්තව බලා සිටියේ ය, අවසානයේ කළ නොහැකි වූවද ඔහු එය මැඩපවත්වා  ගත්තේ ය. “මෝ ශශියොං...

“හ්ම්ම්?”

“......යූහං වැඩිහිටියා, බොහෝ සෙයින් කෝපාවිෂ්ඨ වෙලා සිටිනුයේ, කිසිවෙක් රක්ත සහස්පත් මණ්ඩපයට වර්තා කර නැති හෙයින්, ඇයි ඔබ එහි නොයන්නේ ? බොහෝ විට ඔබට හැකිවේවි ඔබේ තුවාල තවම සුවවී නැති බව පවසා කරුණාව අයැදීමට ඒ වෙනුවට යූහං වැඩිහිටියා ඔබට පිහන් සේදීම අනුමත කරාවි නේද? ”

දෙවියන්ගේ පිහිටෙන් මෙම මලණුවන්ගේ කරුණාවට මෝ රන් කෘතඥ වූවේ ය. නමුත් ඔහු එම අදහස එකහෙළා ප්‍රතික්ෂේප කළේ ය.

බැගෑපත් වෙන්න චූ වන්නිංට?
ඔහුට තව වරක් නම් තියෑන්වන් මගින් බැට කෑමට කිසිසේත්ම අවශ්‍ය නොවේ.

දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ඔහු තනිව හැද පැළද ගෙන තම දෙපා වලට බර දී සෂං කදුමුදුනෙහි ඔහු දක්ශිණ ශිඛරයට පා නැහුවේ මහත් වූ නොකැමැත්තක් සිතෙහි පොදි බැදගෙනය.

රක්ත සහස්පත් මණ්ඩපය හෝ වේවා රක්ත පද්ම නිරය හෝ වේවා චූ වන්නිං ගේ වාසස්ථානයේ සිට සැතපුම් මිලියනයක් පමණ යන තෙක් හැල හොල්මනක් වත් නොසිටියේ ය.

කිසිවෙකුට ඔහු වසන ස්ථානයට  ළංව විසීමට කිසිදු අවශ්‍යතාවක් නැත; චූ වන්නිං ගේ බිහිසුණු රුචිකත්වයත් සහ අනපේක්ෂිත කිපීමේ ස්වභාවයත් හේතු කාරණා කොට ගෙන වංශයේ සියල්ලෝම ඔහුට ගරු බුහුමන් දක්වමින් ඔහුගෙන් ඈත්ව වාසය කළෝ ය.

චූ වන්නිං තමා හට කුමානාකාරයේ දඩුවමක් දෙයි ද යන්න නොදැන මෝ රන් තරමක් තැතිගෙන සිටියේ ය. දක්ශිණ ශිඛරයට යන ගමන පුරාවටම ඔහුගේ සිතුවිලි විවිධාකර විය.  උණ ගස් වලින්  පිරි උප වනය පහු වූ පසු විශාල වපසරියක විහිද තිබූ ලෝහිත රත් පැහැ නෙළුම් මල් යායක් දිස් විය.

එය අලුයම කාලය විය. දිදුළන කිරණ ප්‍රතිබිම්බ ක්ෂිතිජය ගත කරමින්  හිරු නැගෙනහිරින් දෙරණට එබී බැලුවා පමණි. පොකුණෙහි වූ දිව්‍යමය නෙළුම් පත් පියමන් වඩමින් තද රත් පැහැ ගගනතලයත් ලෝහිත වර්ණිත පොහොට්ටු යා කරයි, එකිනෙකාගේ පරාවර්තනයන් උරා ගනිමින්, ප්‍රභාව විස්තීරණය කරමින්, විසිතුරු සිතුවමක් මවයි. පොකුණ මතින් ශාලාව යා කරන අක්වක් ලෙස වක්‍රව තිබූ පාලමක් අලංකාරය විහිදුවමින් පිහිටා තිබුණි. එයට පිටුපසින් වූ කදුකර පසුතිරය දියවැල් නැමැති තිරයෙන් සෑදී ඇති ගඟුලැල්ලක් විය, නීල පබළු වැනි ජල බිදිති ගල්පර වල හැපී පිළිමිණ වලින් තැනූ මීදුමක් ලෙස විසිර යයි. මීදුම් පටල මැදින් දිලිසෙන දීප්තිය නිසංසල බව මැද දිව්‍යමය වතාවරණයක් තනයි.

මෝ රන්ට මෙය දැණුනේ කෙසේද : “හාපෝ!”

කෙතරම් මනරම් වූවත් චූ වන්නිං සිටින සියල්ලම පාහේ මෝ රන් හට “හාපෝ” ම විය.

එය කෙතරම් සොදුරු ද, එම විශාල දිය ඇළි කෙතරම් චිත්තාකර්ෂණීය ද! ගෝලයින් නිදන ශයනාගාරය කුඩා ප්‍රමාණය ඉඩ කඩ ඇති එකක් හෙයින් එකට තද බද වී තිබුණි. යූහං වැඩිහිටියා දෙස බැලූවිට; ඔහු තනි පුද්ගලයෙකි, ඔහු මුළු කදුකරයම සන්තක කොට ගෙන ඇත, සුවිසල් පොකුණු ත්‍රිත්වයක් හාරගෙන, අතිබහුල ලෙස  මල් වවාගෙන. හොදයි , ඊට කම් නැත, මෙම සියපත් පුෂ්ප බොහෝ දුර්ලභ වර්ගයකට අයත් විරල ලෙස ඖෂධීය ගුණයකින් සමන්විත ඒවා වේ නමුත්____

ඒ කෙසේ වූවත් මෙය දැකීමත් ඇසට බොහෝ සෙයින් අපහසුතා ගෙන දේ. මෙම ශාලාවට ගිනිබත් කර දැමීමට ඔහුට නොහැකි වීම ගැන ඔහු කණගාටු වූවේ ය.

එහෙත් නෝක්කාඩුව කීම යනු හුදෙක්ම නෝක්කාඩුවකට වැඩි යමක් නොවේ, සොළොස් හැවිරිදි මෝ රන් හට ඇදුරුතුමා සමග සටන් කිරීමට කිසිදු බලයක් නොමැත, මෝ රන් චූ වන්නිං ගේ වාසභවනට ළගා වී එහි දොරකඩ අසල සිටන් සිටියේ ය. ඔහු තම නෙත් සිනහවකට හරවා ව්‍යාජ යටහත් පහත් බවක් මවා පාමින් අප්‍රසන්න බව ගැබ් වූ මිහිරි හඩකින්

“මෙම ගෝලයා මෝ රන්  ඇදුරුතුමාට ආචාර කරයි”

“හ්ම්! ඇතුළට එන්න”

එම නිවස බොහෝ සෙයින් අපිළිවල වූවකි. රුදු රකුසු චූ වන්නිං සර්වංගයම ස්වේත වස්ත්‍රයෙන් වසාගෙන, එකිනෙකට කැපී යන ලෙස වූ කබා  පටියක් තම වස්ත්‍රයට උඩින් තදින් බැද, තාපසයෙකු ලෙස වූ පාරිශුද්ධ බවක් විදහා පෑවේ ය. අද දින ඔහුගේ දිගු කේෂ කලාපය බිමට කඩා හැලෙන සේ මුදුනින් උස් කොට බැද, තම යකඩ අත්වැසුම යුගලය පැළදගෙන, තම තොල් අතර බුරුසුවක් තබා ගනිමින් යාන්ත්‍රික කොටස් සමූහයක් ( යකඩ බඩු ගොඩක් ) වට කරගෙන බිම හිදගෙන සිටියේ ය.

ඔහු මෝ රන් දෙස කිසිදු භාව ප්‍රකාශනයකින් තොර වූ බැල්මක් හෙළා දෙතොල් අතර වූ බුරුසුව හෙයින්  තම මුව යාන්තමින් විවර කොට හීන් හඩකින් “මෙහි එන්න” යනුවෙන් පැවසුවේ ය. 

එහි කිසිදු අයුරින් ඉඩක් කඩක් නොතිබීම හෙයින් පුද්ගලයෙකුට  ඇවිදීම බොහෝ අපහසු විය; සැලසුම් පිටපත්,
ලී කඳන් , යකඩ කොටස් තැන තැන විසිර තිබුණි.

මෝ රන්ගේ දෙබැම නළියන්නට විය. පෙර භවයේ දී කෙදිනකවත් ඔහු චූ වන්නිං ගේ කුටියට ඇතුළු වී නොමැත. තැන්පත්, කඩවසම් මිනිසෙකු වසනා තැන මෙවැනි අපිළිවල කසල ගොඩක් බව දැන ගැනීම පවා විස්තර කිරීමට අපහසු හැගුම් ගෙනදේ.

“ඇදුරුතුමණි, ඔබතුමා කුමක් ද කරන්නේ?”

නිශා රක්ෂක දෙවඟන

“ඈ?”

චූ වන්නිං තරමක් කිපුණි මුවෙහි බුරුසුව හේතුවෙන් ඔහුට හරි හැටි කතාකිරීමට පවා අපහසු විය. “නිශා රක්ෂක දෙවඟන”

මෝ රන් නිහඩ වී බිම පුරා  විසිරුවන ලද කොටස් දෙස බලා සිටියේ ය.

මෙම ඇදුරුතුමාට චූ-සොංශ යනුවෙන් පට බැදුණු නමක් ද විය. එය එසේ මෙසේ නිලයක් ද නොවීය. ඔහුට මෙම සත්‍යනම් පිළිගත් යුතුමය. චූ වන්නිං යනු විශිෂ්ටත්වය පෙරමුණු කොට ගත් මිනිසෙකි. ඔහුට උරුම පාරිශුද්ධ අවි ත්‍රිත්වය , ඔහුගේ බාධක අලුත්වැඩියා කිරීමෙහි බල පරාක්‍රමය , ඔහුගේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා ඥානය දෙසු බැලූ කල්හි “ශිඛරයෙහි උත්කෘෂ්ට” යන නාමයෙන් ඔහුව හැදිනවීම වඩාත් යෝග්‍ය වේ. මේ නිසාමයි ඔහු කෙතරම් කිපෙණ සුළු වූවත්, කෙතරම්  සතුටු කිරීමට අපහසු අයෙක් වූවත්, සියලුම ධ්‍යානවේදී වංශයන් ඔහුව තබා ගැනීමට සටන් කළහ.

මෙම “නිශා රක්ෂක දෙවඟන” පුනරුත්පත්තිය ලද මෝ රන් හොදින් දැන හදුනන දෙයකි.

මෙම යාන්ත්‍රික සන්නාහය චූ වන්නිං  නිමැයූ දෙයකි, එය ලාබ මිලැති දෙයක් වූවත් , යුධ බිමේදී ඉතා බලසම්පන්න ලෙස ඵලදායී වූවකි, අසුර ආක්‍රමයන්ගෙන් රාත්‍රී කාලයේදී සාමාන්‍ය ජනයා එයින් රක්ෂා කරගත හැකි විය.

පෙර ආත්මයේදී , සම්පූර්ණයෙන් නිමකරන ලද නිශා රක්ෂක දෙවඟන සෑම නිවසකම පාහේ සතුවූ දෙයකි. එම සියලු සන්නාහයක්ම පාහේ කොස්සක් තරම් වූ අඩු මිලකට මිලදී ගත හැකි විය. එය දත් විල්ලිසාගෙන දොරකඩ අසල සිටින දොරටුපාල සිත්තමකට වඩා ක්‍රියාකරී මෙන්ම බල සම්පන්න විය.  

චූ වන්නිං මිය ගියැයින් පසුව වූවද  එම නිශා රක්ෂක දෙවඟන විසින් ධ්‍යානවේදීන්ගේ සහය පැතීමට වත්කමක් නොවූ  දුගී පවුල් තවදුරටත්  රක්ෂා කරන ලදි. කොතරම්  හෘදයාංගම දයානුකම්පාවක් ද! ඔහු තම ගෝලයන්ට සලකන ආකාරය සමහ සසදන විට බෙහෙවින් වෙනස් ය.....එය මෝ රන්ගේ හද අවඥාවෙන් පුරවාලීය.

මෝ රන් බිම හිදගෙන  නිශා රක්ෂක දෙවඟන දෙස බලා සිටියේ ය, එම මොහොතේ එය තවමත් කොටස්  කිහිපයක් හැරුණු කොට අන් කිසිවක් නොවීය. පැරණි මතකයන් තුළ වූ සිද්ධීන් මෝ රන්ගේ මතකයට යළි නැගුණි. තම හැගුමන් නවත්වාලිය නොහැකි වීම හේතුවෙන් මෝ රන් තම දෑත දිගු කොට එහි වූ  සාකල්‍ය නිශා කල් රැකවලා ඇඟිලි වල පළදා  අතට ගෙන පරීක්ෂා කළේ ය.

චූ වන්නිං තම අතෙහි වූ කුඩිම්බිය සහ කප්පිල්ල කොටස් දෙක එකිනෙකට සවි කළේ ය. අවසානයේ දී තම හස්තය නිදහස් කොට දෙතොල් අතර රැදි බුරුසුව ඉවතට ගත්තේ ය. ඔහු මෝ රන් දෙස තියුණු බැල්ල්මක් හෙළා “එය තාම තෙල් ගැල්වූවා පමණි, එය ඇල්ලීමෙන් වළන්න!”

“ආහ්...!” මෝ රන් එය තම ඇගිලි මතින් ඉවතට ගෙන, හුරුබුහුටි අවිහිංසික දරුවාගේ චරිතයෙහි රංගනයේ යෙදීම දිගින් දිගටම කරගෙන ගියේ ය, ඔහු සතුට මවාගත් සිනහවකින් යුක්තව “ශසුන්, මා මෙහි කැදෙව්වෙ කුමක් හෝ උදව්වක් අවශ්‍ය හෙයින් ද?”

“හ්ම්ම්!” චූ වන්නිං පැවසුවේ ය.

“කුමක්ද ඔබතුමාට මගෙන් කෙරෙන්න ඕනේ?”

“මේ නිවස පිරිසිදු කරන්න”

මෝ රන් සීතලෙන් ගල් ගැසුණු ලෙසට මද සිනහවක් පෑවේ ය, ඔහු එම කුටියෙහි හොදින් නිරීක්ෂණය කළ විට එය දිස්වූයේ භූකම්පනයක පශ්චාත් අවදිය විලසින්ය. “.............................”

මායාකර්මයන් කරන විට චූ වන්නිං යනු විදග්ධ  විශාරදයෙකි,  නමුත් එදිනෙද වෙන ගෘහස්ථ කර්මයන්හි දී අමනයෙකි.

පස්වෙනි කැඩී විසිරී ගිය තේ කෝප්පය පිරිසිදු කිරීමෙන් අනතුරුව අවසානයේ මෝ රන් හට මෙය නො අසා සිටිය නොහැකි විය. “ශසුන්, මෙය අවසන් වරට පිරිසිදු කර දැන් කොතරම් කාලයක් ගතවී ඇත් ද?, දෙවියනේ! පුදුම කසල ගොඩක්නේ තියෙන්නේ”

චූ වන්නිං සැලසුම් පිටපත් දෙස බලමින් සිටි නමුත් හිස ඔසවා ප්‍රශ්නය පැමිණෙන පෙදෙසවත් නොබලා “වසරක් පමණ” ලෙස පිළිතුරු දුන්නේ ය.

මෝ රන් “............”

“ඔබතුමා සාමාන්‍යයෙන් කොහෙද නිදන්නේ?”

“කුමක්ද” එම සැලසුම් පිටපත්හි යම් ගැටළු සහගත තැන් වූහ; බාධා පැමිණීම් හමුවේ චූ වන්නිං පෙර දිනයන්ට වඩා ඉක්මනින් කිපෙන සුළු විය, ඔහු තම හිස කෙස් අවුල් කොට නොරිස්සුම් සහගතව “සයනයේ, වෙන කොහේද”

මෝ රන් එම සයනය දෙසට තම නෙත් යොමු කළේ ය. නානාප්‍රකාර කුඩා ආයුධ, ඉවත ලන අමතර කොටස් එහි විය. කියත්, පොරෝ, දෑකැති මෙන්ම දැඩි තියුණු අයුධ වල තලයන් ප්‍රභාව පෙන්නමින් දිලිසින.

ආශ්චර්යයක්. කෙලෙසද මෙම පුද්ගලයා තම ගෙල කපා නොගෙන නිදන්නේ?

දිනයෙන් අඩක් පමණ වැඩ කිරීමෙන් පසුව බිම තිබූ කසළ සහ කියත් කුඩු කසළ භාජන තුනක් පිරිවීමට තරම් ප්‍රමාණවත් විය. රාක්ක පිරිසිදු කිරීමෙන් පසු  සුදු පැහැති රෙදි කඩ දහයක් පමණ කාළ වර්ණයට හැරිණ. මධ්‍යහ්නය එළඹීමත් සමගම එම ස්ථානයෙන් අඩක් පමණ පිළිවලට සැකසුණි.

අසමත්ජාති චූ වන්නිං  මොහු හාර්පි සත්ත්වයෙකුටත් වැඩිය දුෂ්ටයි

කුටියක් පිරිසිදු කිරීම දැඩි දඩුවමක් ලෙස මතුපිටින් නොපෙනෙයි, ඇසූවිරූ අයුරින් පවා එය එතරම්  වෙහෙසකර බවක් නොපෙන්වයි. නමුත් දින තුන්සිය හැට පහක් පමණ පිරිසිදු කොට නොමැති අපායක් වැනි ස්ථානයක් පිරිසිදු කිරීමට වන වගක් කවුරු දනී ද? ඊට කම් නැත ඔහු මෙම මොහොතේ කස පහරවල් වලින් පිරී ඇත, ඔහු පරිසමාප්ත ලෙස සෞඛ්‍ය සම්පන්න වූවත්, මෙවැනි හිරිහැර සහිත දණ්ඩ ඔහුව බාගෙට මරාවිය.

“ඇදුරුතුමනි...”

“හ්ම්?”

“ඔබතුමාගේ මෙම සළුපිළි ගොන්න තුන් මසකට අධික කාලයක් මෙතන ගොඩ ගැසී තිබේ ”

නිශා රක්ෂක දෙවඟනගේ බාහු සවිකිරීමෙන් අනතුරුව චූ වන්නිං ඔහු දෙස මදකට බැලුවේ ය. ඔහු තම රිදුම් දෙන උරහිස් පිරිමැද කන්දක් ලෙස ගොඩ ගැසී ඇති සේදීමට තිබෙන සළුපිළි දෙස මදක් බලා  නුරුස්සන ස්වරයෙන් “ඒවා මම සෝදාගන්නම්”

මෝ රන් සැනසුම් සුසුම් හෙළුවේ ය. දෙවියන්ට තුති වේවා. ඉන්පසුව ඔහුට යම් කුතුහලයක් මතු විණි. “ඈ! ඇදුරුතුමා වස්ත්‍ර දෝවනය කරනු අයුරු දන්නේ ද?”

චූ වන්නිං ඔහු දෙස මදක් බලා මොහොතකට පසු නුරුස්සන අයුරින් පිළිතුරු දුන්නේ ය “එය එතරම් අමාරු දෙයක් ද? ජලයට දමනවා, මදක් පෙගෙන්න තබනවා, මිරිකා හරිනවා, වේලෙන්න දමනවා, අවසන් ”

“.........” ඇත්තට. චූ-සොංශ ව රහසින් වර්ණනා කරමින් ඔහුගේ අත ගැනීමට පෙරුම් පුරන කතුන් මේ පිළිබද දැනගතෝතින්? මෝ රන් මුළුමනින්ම විශ්වාස කළේ මෙම මිනිසාගේ පොත්ත සුදු වූවාට ඇති දෙයක් නැති ලෙසට ය. අප්‍රසන්නයි, පිළිකුල් සහගතයි. මෙය රාවයක් ලෙස  පැතිර ගියෝතින් කෙතරම් සුකුමළ හදවත් බිදීයාවි ද?

“දැන් කල් ගත වූවා වැඩී. මාත් සමග භෝජන ශාලාවට පැමිණෙන්න, ඉතුරුවා අපි ආපසු පැමිණි පසු කළ හැකි”

මංපෝ ශාලාව එහි වූ කාර්යයන් සමග කලබල ස්වරූපයක් ගත්තේ ය, මිනිස්හු පැමිණෙති, පිටව යති. කණ්ඩායම් තුනක් හෝ පහක් වශයෙන් සෂං වංශික  ගෝලයෝ ආහාර ගැනීම සදහා එක් වූහ.  චූ වන්නිං භෝජන පිගන් කිහිපයක් දැවෙන් තනන ලද බන්දේසියක තබා කෙළවරකට ගොස් හිදගත්තේ ය.

ඔහු අඩි විස්සක් පමණ සම්පූර්ණයෙන්ම පාහේ  වෙන් ජන ශූන්‍යව වෙන් වූ හිදෙසක් ඔහු වටා විය.

කිසිවෙක් යූහං වැඩිහිටියා අසළ අසුන් ගැනීමට තරම් නිර්භය වූයේ නැත, අහඹු ලෙස යමක් ඔහුව කනස්සල්ලට පත් කරෝතින් තියෑන්වන් සැලකුම් යහමින් ලැබේවි. චූ වන්නිං මේ සාවධානයෙන් සිටියත් එය සුළු තරමින් වත් මායිම් කළේ නැත. නිවුණු සුරූපියෙක් ලෙස තනිව ඈදිගෙන ඔහු පිවිතුරු විනීත අයුරුන් තම ආහාර වේල ගත්තේ ය.

එනමුත් අද තරමක වෙනසක් ඇතිවිය.

මෝ රන් මෙහි පැමිණ ඉබේට මෙන් ඔහු අසළින් අසුන් ගත්තේ ය.

සියල්ලොම පාහේ චූ වන්නිංට බිය වූහ, මෝ රන්ගෙ පවා එහි කිසිදු වෙනසක් නොවීය. නමුත් ඔහු එක් වරක් මියගිය අයෙකි, එහෙයින් ඔහු එතරම්ම චූ වන්නිං හට බිය නොවූවේ ය.

විශේෂයෙන්ම මරණින් පසු ඔවුන්ගේ පළමු හමුවීම සිදුවිය, පෙර භවයේ චූ වන්නිං කෙරෙහි වූ ද්වේෂය යළි මතු විය. ඔහු රුදුරු වූවත් මන්ද? ඔහු පෙර දිවියේ මියැදුණේ මෝ රන්ගේ අතින්ම ය.

මෝ රන් ඔහුට මුහුණලා හිදගෙන සිටියේ ය. විවේකීව ඔහුගේ බදුනේ වූ මිහිරි සහ ඇඹුල් වූ මාංශ කටු තලු ගසමින් කෑවේ ය. ක්‍රෂ් ක්‍රෂ්, කටු වල වූ කුඩා කිඳ ශබ්දය වේගවත් කළේ ය.

චූ වන්නිං ක්ෂණයෙන් තම ආහර ගන්නා බත් කූරූ තදින් මේසය මත ගැසුවේ ය.

මෝ රන් ඇසි පිල්ලම් ගැසුවේ ය.

“ආහර ගන්න විට තලු නොමරා කන්න බැරිද ඔබට?”

මම කටුනේ කන්නේ, තලු ගසන්නැතුව කෙලෙසද කටු කන්නෙ?

“එසේ නම් කටු නොකා ඉන්න”

“එහෙත් මා කටු කෑමට ප්‍රියයි නේ”

“එහෙන් මෙතැනින් ගොස් වෙන කොතැනක හෝ ඉදන් කනවා”

ඔවුන්ගේ විවාදයෙ තරමක් ඝෝෂාකාරී විය. ඒ හේතුවෙන් ඇතැම් ගෝලයෝ ඔවුන්  දෙසට නෙත් යොමු කොට හොරෙන් බලා සිටියෝ ය.

ආහාර බදුන චූ වන්නිං ගේ හිස මතට අත හැරීමට වුවමනා වූ සිතුවිල්ල මෝ රන් විසින් මැඩ පවත්වා ගත්තේ ය. තෙල් තැවරී දිලිසෙන ඔහුගේ දෙතොල්  ඉරක් ලෙස සිටින සේ වසා ගත්තේ ය. මද වෙලාවකින් පසු දෙනෙත් සිනහවකට නගා, දෙතොල් අගින් සිනාසී

“ඔතරම් බෙරිහන් දෙන්න එපා ඇදුරුතුමනි. ඔවුනට කන වැටුනෝතින් , ඔවුන් අපව උපහාසයට ලක් කරාවි නේද?”

චූ වන්නිං නිතරම පාහේ නපුරු මුහුණක් මවාගෙන සිටියේ ය. තරමක විශ්වාසයෙන් තම හඩ පහත් කරමින් “යනවා යන්න මෙතනින්” ලෙස පැවසුවේ ය.

මෝ රන් කොක් හඩලා සිනාසුණෙ ඔහුට බිම පෙරලී මට හැකි තරම් ය.

චූ වන්නිං “.............”

“අහ්! මට ඔහොම රවන්න එපා ඇදුරුතුමනි! කරුණාකරලා අහාර ගන්න, මම නිහඩව කෑමට උත්සාහ ගන්නම්”

විනෝද වීමෙන් අනතුරුව මෝ රන් තම සුහච කීකරු රංගනයට යළි පිය මැන්නේ ය, එමෙන්ම කටු ආහාරයට ගැනීම පෙර තරම් ඝෝෂාකාරී නොවූවේ ය.

චූ වන්නිං බලපෑම් වලට නොව උපායෙන් පෙළඹවීම් වලට සුනම්‍ය විය; මෝ රන් පැවසූ පරිදිම ක්‍රියා කළ හෙයින් ඔහුගේ භාවයන් ශාන්ත විය. තව දුරටත් උරණව හෝ කෝධයෙන් නොසිටියේ ය. ඔහු තම හිස පහත් කොට පිළිවලකට එළවලු සහ ටෝෆු  පිරි තම ආහාර වේල ගත්තේ ය.

නිස්කලංක බව වැඩි වේලාවක් නොතිබිණ මෝ රන් සුපුරුදු පරිද්දෙන් නැවත වරක් හැසිරුනේ ය. ඔහු තලු ගැසීම නවතා තිබූවද තෙල් සහ සෝස් වලින් ඔහුගේ ඇගිලි පිරී දිලිසෙමින් සහ වැගිරෙමින් තිබුණි.

චූ වන්නිං ගේ නළලෙහි කෙළවරෙහි වූ නහර කෝපයෙන් ඉළිපෙන්නට විය ඔහු එය ඉවසා දරා ගැනීමට වෙර දැරුවේය.

තම බැල්ලම බිම හෙළා මෝ රන් දෙස නොබලා ඔහු තම භෝජන වලට අවධානය යොමු කළේ ය.

ඇතැම් විට මෝ රන් කලට වෙලාවට ආහාර ගැනීමට දක්ෂ වූවත් ආචාර ධර්ම අමතක කර ඇති හෙයින් ය, ඔහු කටු සැපීම අවසන් කොට අපරික්ෂාකාරී ලෙස එය චූ වන්නිං ගේ බදුන මතට විසි කළේ ය.

මෝ රන් අප්‍රසන්න ලෙස සපා තිබූ මාංශ කටුව දෙස බැලුවේ ය. ඔහු අවට තිබූ වාතල ගල් ගැසී දෘෂ්‍යමාන ලෙසටම බියට පත් වූයේ ය.

“මෝ රන්.....!”

“ඇදුරුතුමනි....” මෝ රන් මදක් බියට පත් වූයේ ය. එය කෙතරම් ව්‍යාජ ද කෙතරම් අව්‍යාජ ද යනුවෙන් මෝ රන් හට පැවසිය නොහැකි වූවේ ය. “මම එය හිතාමතා කළ දෙයක් නොවේ”

“හරි , කම් නැත”

“......”

“තරහ ගන්න එපා, මා එය දැන්ම ඉවත්  කරන්නම්”

පැවසූ අයුරින් හෙතෙම තම බත්කූරු යුගලය විහිදා චූ වන්නිං ගේ බදුනට වේගයෙන් දමුවේ ත්‍යාග දුන් මාංශ කටුව නැවත් ඉවතට ගැනීමටය

චූ වන්නිං ගේ වත් නිල් පැහැයට හැරිණි: ඔහු දිස් වූයේ ජුගුප්සාවෙන් ක්ලාන්ත වීමට ඔන්න මෙන්න අයුරින් ය.

මෝ රන්ගේ ඇසි පිල්ලම් ලෙළ දුණි, සෞම්‍ය පෙනුම තමා වැරදි ලෙස හගවමින් අනුකම්පාව උපදවන පෙනුමක් විදහා පාන ලදි “ඇදුරුතුමාට මාව එතරම් අප්‍රියයි ද?”

“......”

“ඇදුරුතුමනි, මට සමාවෙන්න!”

අමතක කර දමන්න.

චූ වන්නිං තමාටම සිතා ගත්තේ ය.

තමාට වඩා බාල ළපටි අයවරුන් සමග තර්ක කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණි.

තියෑන්වන් කැදවා මෝ රන්ට තැලීමට  තිබූ සිතුවිල්ල ඔහු ඉවත ලෑවේ ය. නමුත් ඔහුගේ ආහාර රුචිය සේදී ගොස් ඇත. ඔහු හුන් තැනින් නැගිට “මට ඇති.”

“ඈ! ඔබතුමා ඔතරම් සුළු වෙන්ද ආහාර ගන්න? , පෙනෙන අයුරින් ආහාර වලට අත තියලවත් නෑනෙ”

චූ වන්නිං නුරුස්සන ස්වරයෙන් “මට කුසගිනි නැහැ”

මෝ රන් ඇතුළතින් ප්‍රීති ප්‍රමෝදයෙන් කුල්මත් වූවත් මුව තවමත් මිහිරි වදන් තෙපලන්නට විය. “මටත් තවදුරටත් ආහාර ගැනීමට පිරියක් නැහැ, අපි ආපිට යමු රක්ත පද්ම ඔහු මදක් කසිමින්__, රක්ත සහස්පත් මණ්ඩපයට.”

චූ වන්නිං දෙනෙත් පටු කරමින් “අපි?” ඔහු අවඥාව පිරි බැල්ලමක් හෙළන ලදි. “මෙහෙ කෙසේවත් “අපි” කියා දෙයක් නැහැ, වැඩිහිටියන් සහ බාලයන් අතර ලොකු වෙනසක් තිබේ, ඔය කට පරිස්සම් කරගත්තොත් හොදයි”

මෝ රන් පිටතින් එකග වූවා සේ හගවන ලදි, ඔහුගේ දෙනෙත් සිනහවකට නැගිණ, දක්ෂ, කීකරු හුරුබුහුටි

නමුත් ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි, වැසිහිටියෝ?, බාලයින්? කට පරිස්සමින්?

හෙහ්! චූ වන්නිං දනී නම් පෙර දිවියේ කුමක් ද සිදුවූයේ කියා , එසේ නම් ඔහුට අවබෝධ වේවි___මෙම ලෝකයේ ඔහු පමණයි, මෝ වෙයියූ, පමණයි ප්‍රබලතර වන්නේ කියා.

චූ වන්නිං කෙතරම් ශ්‍රේෂ්‍ඨ වූවත් අභිමානවත් වූවත්  නම් නැත, අසමාන්තර ලෙස අවසානයේ ඔහු අරමුණකින් තොරව ජීවත් වන, මෝ රන්ගේ ගෞරවය මත යැපෙන මෝ රන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරමට පහත් බවට පත්වේවි.

මෝ රන් තවමත් දීප්තිමත් සිනහව මුවග රදවාගෙන  ඉක්මන් ගමනින් පියමැන්නේ තම ඇදුරුතුමා සමගම ඇවිදීමටය

ෂ මෙයි යන් සුපිවිතුරු ස්වේත වර්ණ සද කැළුමක් නම් චූ වන්නිං යනු ඔහුගේ උගුරෙහි සිරවූ මාළු කටුවකි. ඔහු එය ඇද දමා කුඩු කරන්නේ ය නැතහොත් ආමාශ අම්ලයෙන් පිළිස්සී යෑමට ගිල දමන්නේ ය.

මෙම යළි උපන් දිවියේ ඔහුට ඕනෑම අයෙකුට සමාව දිය හැක.

කෙසේ වෙතත් චූ වන්නිං හට නම් කිසිම අයුරකින් සමාව නොදෙන්නේ ය

එනමුත්, පෙනී යන්නේ, චූ වන්නිං පවා ඔහුට පහසුවෙන් ගැලවීමට නොදෙන අයුරුය

මෝ රන් රක්ත සහස්පත් මණ්ඩපයෙහි වූ පුස්තකාලය ඉදිරිපිට සිටගත්තේ ය, අදියර දහයකින් පමණ උස් වූ පොත් රාක්ක පහහක් පමණ දෙස බලමින් ඔහු සිතුවේ ඔහුට යම් දෙයක් වැරදියට කන වැටුණු ලෙසටය.

“ඇදුරුතුමා, කුමක් හෝ පැවසුවේ ද?”

“මෙහි තිබෙන සෑම පුත්තකයක්ම පිස දමන්න” ඔහු වෙනස් නොවූ අයුරින්ම පිළිතුරු දුන්නේ ය

“.....”

“ඉන්පසු නාමාවලියත්”

“.....”

“මම උදෑසන පැමිණ පරීක්ෂා කරන්නම්”

“!!!”

මොන මගුලක් ද!!! ඔහු හට රාත්‍රිය පුරාවටම රක්ත පද්ම නිරයේ සිර වීමට ද සිදුවන්නේ?

රාත්‍රියේදී වෙළුම්ටි අලුත් කිරීමට ඔහු සිටියේ දැනටමත් ෂ මෙයි සමග කතිකා කරගෙන ය.

ඔහු තම මුව විවර කළේ පිළිබද සාකච්ඡා කිරීමටය නමුත් චූ වන්නිං ඔහුව නොසලකා හැර තම ඇදුමෙහි අත ගසා ඔහුට පසුපස වූ ද්වාරයද වසමින්  යන්ත්‍රෝපකරණාගාරය  එතැනින් නික්ම ගියේ ය.

සංක්ෂිප්ත ලෙස ගත් කල උදේ හවා සුන් වී ඇත, මෝ වෙයියූ චූ වන්නිං පිළිබද අවඥාව පිරි සිතුවිලි සමුදායක ගිලුනේ ය. __ ඔහුට චූ වන්නිංගේ පුස්තක සියල්ල ගිනි තැබීමට අවැසි විය!!!

මදක් සිටින්න!

ඔහුගේ හිසෙහි වූ සිතුවිලි වල හැරවුම් ලක්ෂය වෙනත් මෙයට වඩා විනාශකාරී වූ අදහසකට යොමු විය..........

 

 

T/N


රක්ත සහස්පත් මණ්ඩපය  = 红莲水榭 [Hóng lián shuǐxiè / හොං ලියැන් ෂුයී ශියේ] , Red Lotus Pavilion 

ශශියොං = 师兄 (Shīxiōng) = මෙහි අර්ථය senior apprentice brother , පාසැල් වල, විශ්වවිද්‍යාල වල තමාට වඩා වයසින් වැඩි සහෝදර ශිෂ්‍යයෙක් අමතන්නට මෙය යොදා ගනී සරලවම මෙහි අර්ථය සීනියර් අයියා

නිශා රක්ෂක දෙවඟන = 夜游神 (Yèyóushén/ යේ යොව් ෂන්night goddess , god on patrol at night වගේ අර්ථයක් තියෙන්නේ ඒක හින්දා තමා මෙහෙම තිබ්බේ English meaning එක “Holy Night Guardian ”කියලා තිබුණේ


සොංශ =  
宗师 (Zōngshī) මේකෙ තේරුම් grandmaster කියන එක, cultivators ලා හදුන්වන්න කියන එක්තරා නමක්, ඒක එයාලගෙ cultivation level එක මත පදනම්ව ආමන්ත්‍රණය කරන ආකාරයක් මා දන්නා තරමින්


ශසුන් = 
师尊 (Shī zūn) = master, teacher ගුරුතුමා , ඇදුරුතුමා, ගුරුවරයා යනුවෙන් ආමන්ත්‍රය කිරීමට මෙය යොදා ගනී, සිංහල වලින් හරිම උච්චාරණය දෙන්න අමාරු නිසා ළගින් විදිගට තිබ්බේ ශ්‍ය්(ත්)සුන් නැත්තම් ශ(ර්)(ත්)සුන් වගේ උච්චාරණයක් තියෙන්නේ   (Shī) වචනය ජ්‍යෙෂ්ඨත්වය හැගවීමට සදහා මෙන්ම ගරුත්වය ලබා දීමට යොදා ගනී

 

Three Forbidden Technique: තහනම් විධික්‍රම

කාලාවතරණ, අවකාශාවතරණ,  දිවි හා මරු මැද වූ වාහල්කඩ -  The Door of Time, Space, Life and Death 

ජන්ලොං චතුරංග ක්‍රීඩාකෘතිය  - Zhenlong Chess Formation (珍珑棋局, Zhēnlóng Qíjú - ජන්ලොං චීජූ)

පුනරාවතරණය රහස්‍ය   The Secret of Rebirth

(මේව ගැන කලින් chap වල තිබුණා, මේ ටික නිකමට දැනගෙන ඉන්න ) 

හාර්පි :- හාර්පි සත්ත්වයින් යනු කාන්තා හිසකුත්, පක්ෂී සිරරකුත් විශාල නිය පෙලකුත් ඇති කොට්ඨාශයක්, මොවුන් ග්‍රීක රෝම පුරාවෘත වල සදහන් වේ. 


 Previous |  TOC | Next

 

 

 

 

 

 

 

 

 

 

                                                                                           

Comments

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.