අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | සත්වන දිගහැරුම : මේ උත්තමයාණෝ වොන්ටොන් වලට ප්‍රිය කරති.

 



ගිනිසිළු විලසට දිනකර මුදුන් වී තිබිණ. සෂං කදුමුදිනෙහි ආලින්දය සියක් සැතපුම් දුරකට විහිදී ගොස් තිබිණ. 

සියළුම ධ්‍යානවේදී වංශයන් අතර නවකයෙකු වශයෙන් , අනෙකුත් ඉහළ ප්‍රාන්තික සුප්‍රකට වංශයන්ගෙන් එය වෙනස් විය

නිදසුනක් ලෙස කිවහොත්  ලින්යී හි රුෆං වංශය, ඔවුන්ගේ ප්‍රධාන ශාලාව “ෂඩ් ශීල ශාලාව” ලෙස නාමකරණයට ලක් කොට තිබුණි. “ප්‍රඥාව, ශ්‍රද්ධාවවන්ත භාවය, පාරිශුද්ධ භාවය, ධාර්මිෂ්ඨත්වය, කාරුණික භාවය සහ පක්ෂපාතීත්වය” තම ගෝලය හට අභිප්‍රේරණය කිරීම උදෙසාම විය. ගෝලයින් “ෂඩ් ලාක්ෂණික ද්වාරය” නැමැති පෙදෙසක වාසය කරමින් අන් අයට අනෙකා උදෙසා “ගෞරවාන්විත, හිතෛෂී, සමඟිසම්පන්න, නිර්භීත, භාරදූර සහ දයානුකම්පිත” වන්නෙ කෙසේද යන සැයි මතක් කර දෙයි. එම අභ්‍යාසයන්හි නියැලෙන ප්‍රදේශය “ෂඩ් ශිල්ප කථිකාසනය” ලෙස නමකරණය කොට ඇත. එහි අරුත් විවරණය කළ විට ගෝලයකු තුළින් පරමාර්ථ කොට ගනුයෙ “චාරිත්‍රක්‍රම, සංගීතය, දුනු ශිල්පය, අශ්වාරෝහණය, චාරුලේඛනය සහ අංකගණිතය” යන කලාවන් ප්‍රගුණ කර ගැනීමය.

වෙනත් අරුතක් දුන් විට අපරිච්ඡින්න ශෝභනත්වය

අනෙක් පැතිකඩකින් බලන කල්හි සෂං කදුකර වංශයෙහි පසුබිම දිළිඳුභාවයට පැමිණී ඇත, එමෙන්ම නම්හි තේරුම් පවා විස්තර කිරීමට අපහසුය. නමුත් “පක්ෂපාත ශාලාව”, “කුසල් අකුසල් කථිකාසනය” තරමක් පිළිගත හැකි ඒවා වූහ. මෝ  රන් ගේ පියාණන් මෙන්ම මාමණ්ඩිය ශාස්ත්‍රධරයෙකු නොවීම හේතු කාරණා කොට ගෙන වැදගත් නම් කිහිපයක් සිතට නාවා විය හැකිය. මුල සිට අග දක්වා නාමකරණය කළ නාමයෝ “ෂුවේ යා” වැනි විකාර රූපී ඒවා වූවෝ ය.

සෂං වංශයෙහි පාතාල ලොවින් සොරාගත් බොහෝ නම් ද විය, ස්වයං- ප්‍රත්‍යවේක්ෂණය ,  සහ “යැන්ලුවෝ ශාලාව” ඒවාට කදිම නිදර්ශන විය.

අසපුව සහ අධ්‍යාන ප්‍රදේශය යා කරන පාලම “නයිහ පාලම” නම් විය , භෝජන ශාලාව “මංපෝ” ලෙස ලෙස නම් කොට ඇත. පුහුණු භූමිය “කිරිච්චි කන්ද” සහ “අග්නිජාලා සමුද්‍රය” යන නම් වලින් හදුන්වා ඇත. කදුකරය පිටුපස වූ තහනම් පෙදෙස “අසුර කලාපය” නමින් හදුන්වා ඇත. මෙවැනි දෑ විය.

සාපේක්ෂව බැලූ කල්හි මෙවැනි දෑ පිළිගත හැක, දුර බැහැර පෙදෙස්හි නාමකරණය “මෙය කන්දකි”, “මේ ජලයයි”, “මෙය කුහරයකි”,  අපැහැදිලි විය එමෙන්ම පසිදු වූ දෑ “ආආආහ්” සහ “වාවාවාහ්” නම් වලින් හදුන්වා  ඇත.

වැඩිහිටියෝ හතරෙන් එකක ප්‍රමාණයක්වත් ස්වභාවයෙන් නිරුපද්‍රිතව පලා නොගියෝ ය. ඔබුන් හටද අනුවර්ථ නාමයන් විය.

ස්වභාවයෙන්ම චූ වන්නිං හට පවා ගැලවීමක් නොතිබිණ. ඔහු ශාන්ත සහ සාමකාමී වූ අතර අන් අයට ළංව ජීවත් වීමට අවශ්‍ය නොවූ අයෙකි. සෂං කන්දෙහි දකුණු  ශිඛරයේ ඔහුගේ වාසභූමිය පිහිටා තිබුණි, උණ උපවනයක් අතරින් සැගවී හරිතාමණී සයුරක් බඳුව එය පිහිටා තිබුණි. පිපුණු රතු නෙළුමින් පිරීගිය පොකුණක් එහි ප්‍රධාන ශාලාවට ඉදිරි පසින් වූයේ සියළු ඍතුන් එක්ව සොබාදමින් ලද අධ්‍යාත්මික බලපරාක්‍රමය නැමැති තිළිණයකට තුති ප්‍රශංසා කරන්නාක් විලසකට ලෝහිත මේඝයන්ගෙන් ලජ්ජ්වලිත වූවක් මෙන්ය.

ඔහුගේ මෙම ප්‍රභාමත් මනෝරම්‍ය ස්ථානයට ගෝලයින් රහසින් පැවසුවේ____රක්ත පද්ම නිරය ලෙසින් ය.

එය මතකයට නැගූ කල්හි මෝ රන් හට නම් සිනහව මැඩ ගැනීමට පවා නොහැකි විය

චූ වන්නිං දිනපතා පාහේ භයංකර මෙන්ම නොරිස්සන  පෙණුමක් තම මුහුණට දිවා එළි වනතුරු  ආරූඪ කරගෙන සිටියේ ය.

ගෝලයින්ට ඔහුව දැකීම , යක්ෂයා සැබැවින් දැකීම බඳු වේ නම් යක්ෂ විමානයට අපාය නොකියා  කුමක් ලෙස ඇමතිය යුතු ද?

දිවා ස්වප්නයන්ට ෂුවේ මං ගෙන් බධාවක් වූවේ ය, “කුමක් ගැන ද ඔබලා ඔය කසුකුසු ගාමින් කරනුයේ, ඉක්මන් කර උදය ආහාර වේල ලබාගෙන අහවර කරනු, මට මින් පසුව කුසල් අකුසල් කථිකාසනයට යෑමට තිබේ, ඔබලාට අමතක වූවාද ඇදුරුතුමා අද සියල්ල ඉදිරියේ ඔබලාට විනය පාඩම් මාලාවක් උගන්වන්නයි යන්නේ”

මෝ රන් සුසුම ලමින් ප්‍රවේශමෙන් තම මුහුණෙහි වූ කස පහර  අතගෑවේ ය. “ස්ස්ස්.......ආයි”

“ඔබට හොදට සලකයි නේද”

“හ්ම්ම්....මා මේ බැලුවේ තියෑන්වන් සාදා නිමකළ ඇත් ද කියා යි, එසේ නොමැති  නම් කරුණාකර ඒ පිළිබදව මාගෙන් යළි යළිත් ප්‍රශ්න නොකරනු, මා මොන විකාරයක් දොඩවයි ද කියා කවුරු දනී ද”

මෝ රන්ගේ මුහුණ බෙහෙවින් කණස්සල්ලට පත්ව ඇති මොහොතක ෂුවේ මං ගේ මුහුණෙහි කෝපය දළු ලමින් තිබුණි, “තමුන් නැවතත් ඇදුරුතුමාට සියල්ල ඉදිරිපිට අකටයුතුකම් කිරීමට කළහොත්, මම තමුන්ගේ දිව ඉරා දමනවා”

මෝ රන් තම මුහුණ එක් අතකින් වසා ගෙන අනෙක් අත මාළානික ලෙස වැනුවේ ය. “ඒ පිළිබද කනගාටු නොවන්න, ඇදුරුතුමා අර විලෝ වැලෙන් මා නැවත වරක් බැද දැමුවහොත්, මාගේ දිවි එතනම කෙළවර කරමින් මම මාගේ අවිහිංසකභාවය ප්‍රත්‍යක්ෂ කරන්නෙමි”

අලුයම උදා වූ විට මෝ රන්ව කුසල් අකුසල් කථිකාසනය වෙත චාරිත්‍රානුකූලව ගෙන යන ලදි. ඔහු පහළ සිටි ජන ගංගාව දෙස නෙත් යොමු කළේ ය, තද නීල වතින් සැරසී ඔවුහු දුරින් වූව ද නෙත් ඩැහැගත්තෝ ය. සෂං වාංශික ගෝලයින් සියල්ලෝම පාහේ තම වාංශික නිල ඇදුමින් සැරසී සිටියෝ ය. සන්නාහ කාල වාර්ණික නිල් පැහැයෙන් දිදුළන කල්හි , සිංහ හිස ඇඹූ බදපට, අතග ආවරණය සහ රිදී ගෙත්තමින් උදුල වූ වස්ත්‍රයෝ වූහ.

හිරු පෙරදිගින් නැග එයි; කුසල් අකුසල් කථිකාසනය යට ප්‍රභාව පතුරුවන සන්නාහ ජලනිධියක් විය.

මෝ රන් කථිකාසනයහි ඉහළින් දණ ගසමින් ජියේලු වැඩිහිටියා දීර්ඝ අපෝත්සාහනය කියවන අයුරු සවන් දී සිටියේ ය.

“මෝ වෙයියූ, යූහං වැඩිහිටියාගේ ගෝල, ආඥාව නොසලකා හරිමින්, ශික්ෂණය මග හරිමින්, වාංශික න්‍යායයන්ට නිගරු කරමින්, සදාචාරයට පිටු පාමින්, ඔබ සතරවෙනි, නවවෙනි සහ පසලොස්වෙනි නීතීන් උල්ලංඝනය කළෙහි. කස පහර අසූවක්, වාංශික නීතීන් සිය වාරයක් පිටපත් කිරීම, මසක් යනතුරු සිර අඩස්සියෙහි සිටීම යන දණ්ඩනයන් නියම කෙරෙ‍යි, මෝ වෙයියූ ඔබට නිදහසට කරුණු තිබේ ද?”

මෝ රන් ස්වේත කැලිසේයාව දෙස දුර තියා බලා සිටියේ ය.

රිදී ගෙත්තම් කළ සෂං වංශයේ නිල් පැහැ සම්මත  නිල ඇදුම ඇදීමට අවැසි නොවූ එකම පුද්ගලයා එම වැඩිහිටියා ඔහුම වූවේ ය.  

චූ වන්නිං හිම මෙන් ස්වේත වූ සැටින් ඇදුමින්, මේඝ රටා මැවුම් කරන ලද රිදී පළදනවාකින් සැරිසී සිටියේ , සුරලොව ඉහළ තලයෙන් හිම තුහින වලින් තණ මිටි නැහැවී ඇති හෙයිනි, එමෙන්ම පුද්ගලයෙකු වශයෙන් ගත් කල්හි ඔහු මිදුණු හිම තට්ටූන් වලට එහා දැඩි භාවයකින් යුතු විය. ඔහු ශාන්ත ලෙස අසුන් ගෙන සිටියේ ය. මෝ රන් ගෙන් ඔහු බොහෝ දුරින් සිටි හෙයින් ඔහුගේ මුහුණේ ඉරියව් මනා ලෙස දිස් නො වූවත් , එම පුද්ගලයා සන්සුන් සහගතව සිටින බව මෝ රන් දනී, එය දැකීමට අවැසි නොවූවේ ය.

ගැඹුරු හුස්මක් ගෙන මෝ රන් “මට පැවසීමට තරම් නිදහසට කරුණු නැත” යැයි පිළිතුරු දුන්නේ ය.

මීළග මොහොතේ, චාරිත්‍රානුකූලව ජියේලු වැඩිහිටියා පහළ සිටි ගෝලයින්ට එක්රැස් වීමටයි ආරාධනා කළේ ය. “මෙම තීන්දුවට යම් අයෙක් විරුද්ධ වන්නේ නම් , යම් අයෙකුට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු  නම් , ඔබලාට දැන් ඒ ගැන කථිකා කළ හැක”

ගෝලයින් එහාට මෙහාට දගලමින් එකිනෙකා දෙස බැලීය.

යූහං වැඩිහිටියා වන චූ වන්නිං තම ගෝලයිව කුසල් අකුසල් කථිකාසන මත සියල්ල ඉදිරියේ දණ්ඩනය කිරීමට යවන වගක් කිසිවෙක් නොදැන සිටියෝ ය.

මෙය වූයේ නම් එය ශිෂ්ටසම්පන්න බව අරමුණු කොට ගෙන දැඩි වූ නමුත් අපක්ෂපතී ලෙස කිරීමටය; එනමුත් එය අවංකවම දරුණු රාක්ෂයාගේ ස්වරූපයයි

රුදු රකුසු චූ වන්නිං වාතවරණය වෙනස් කොට නිකට අයාගෙන් තම අස්නේ වාඩිව සිටියේ ය. ක්ෂණයෙන් යමෙක් විස්තාරණය වූ විධික්‍රමයක් භාවිතා කරමින් මොරහඬ දුන්නෝ ය. “යූහං වැඩිහිටියාණනි! මෙම ගෝලයා මෝ-ශදී වෙනුවෙන් අනුකම්පාව අයදින්නේ ය”

“.....ඒ කුමකට ද?”

මෝ රන් යනු වංශ ප්‍රධානීතුමාගේ ඥාති පුත්‍රයෙකි; ඔහු අතින් වරදක් සිදුවූ බව පැහැදිලිවම එම ගෝලයා දැන සිටියත් , ඔහුගේ අපේක්ෂාවන් බොහෝ උදුලයි එමෙන්ම ප්‍රාපේක්ෂ්‍යය වේ සහ මෝ රන්ගේ සිත දිනා ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඔහු සිතුවේ ය. එහෙයින් ඔහු විප්‍රලාප දොඩන්නට විය “මෝ-ශදී අතින් වරදක් සිදුව තිබූවත් , ඔහු තම සොහොයුරු ගෝලයින් සමග  හිතෛශී අයෙක් එහෙයින් ඔහු අතින් වූ සුළු වැරැද්දට , ඔහුගේ කාරුණික ස්වභාවය ගැන සලකා බලා වැඩිහිටියාණනි කරුණාකර සමාව ලදා දෙනු මැණවි!”

මෝ කනිටු මලණුවන්ගේ සිත දිනා ගැනීමේ අපේක්ෂාව තිබුණේ ඔහුට පමණක්ම නොවේ.

පුද්ගලයෝ අධික ප්‍රමාණයක් වේදිකාවට පැමිණ විවිධ වූ සුනරුත ප්‍රබන්ධ ගෙත්තම් කරමින් මෝ රන් වෙනුවෙන් හඩ නගන්නට විය, එවා ඇසූ මෝ රන් හට පවා ඒ ගැන ලැජ්ජාවක් ඇති විය____ “නිමල සහ අවිහිංසක, ඉවසනසුනු, විවෘත” කෙදිනකද ඔහු මෙසේ වූයේ. මෙම පර්ෂදය දණ්ඩනයට ද නැතහොත්  වර්ණනයට ද?

“යූහං වැඩිහිටියාණනි! මෝ-ශදී වරක් මා හට යක්ෂයින් පරදා දරුණු මෘගයින්  මරා දැමීමට සහය වූවේ ය, ඔහුගේ කුසල් ගැන සලකා බලන මෙන් මම ඔබතුමාගෙන් අයද සිටිමි, මෝ-ශදී ගේ අකුසලයට කුසල් හිලව් කොට ඔහුගේ දණ්ඩනය ලිහිල් කරන මෙන් ඉල්ලා සිටිමි”

“යූහං වැඩිහිටියාණනි! වරක් මට චී ව්‍යපගමනය වැළදුණ විට මෝ-ශදී තමා මගේ අභ්‍යන්තර  යක්ෂයින් පලවා හැරීමට  මාගේ පිහිටට සිටියේ; මෝ-ශදී අතින් වරදක් සිදුවූවානම් සිදුවී ඇත්තේ දෝෂ සහිත තීන්දුවක් හේතුවෙන් බව මට විශ්වාසයි, කරුණා කොට දණ්ඩනය ලිහික් කරන මෙන් මම වැඩිහිටියාණන් ගෙන් ඉල්ලා සිටිමි ”

“යූහං වැඩිහිටියාණනි! මෝ-ශදී වරක් මාගේ මෑණියන් බෙරා ගැනීම පිණිස සාරෞෂධයක් ප්‍රධානය කළේ ය, ඔහුගේ කරුණා මහිමය සහ පරිත්‍යාගශීලී ගුණය පිළිබදව සලකා සමාව බදුන් කරණ මෙන් අයැද සිටිමි”

අවසන් පුද්ගලයා ගේ රැවටිල්ල කිරීමට සිදුවූයේ ඔහු ඉදිරිපිටට, චූ වන්නිං ගේ ගත ගල් කිරීමට බදු වූ රුදු නපුරු බැලම ඔහු වෙත වැටීම හේතුවෙන් දිව පැටලෙන්නට විය බියට පත්වූ ඔහු වැල්වටාරම් දොඩන්නට විය “යූහං වැඩිහිටියාණනි! වරක් මෝ-ශදී මාහට ද්විත්ව ධ්‍යානවේදය වැඩීමට සහය වූයේ ය____”

“ප්ෆ්ෆ්ට්!” යමෙකුට තම සිනහවා  පාලනය කර ගත නොහැකි වූවේ ය.

එම ගෝලයාගේ දෙසවන් ලජ්ජිතබවෙන් රත් පැහැ ගැනිවී පසු පසට ගියේ ය.

“යූහං , සන්සුන් වන්න, සන්සුන් වන්න” මෙම ජවනිකාව බලන් සිටි ජියේලු වැඩිහිටියා සැණෙන් ඔහුව අස්වසාලන්නට වූවේ ය.

උරණ ව සිටි චූ වන්නිං “මෙතරම් නිර්ලජ්ජිත පුද්ගලයෙක් මා කිසිදා දැක නොමැත? කුමක් ද මොහුගේ නම? මොහු කාගේ ගෝලයෙක් ද?”

ජියේලු තරමක් පසුබට වූවේ ය, තමාට යම් බලයක් දී හඩ අවදි කර පිළිතුරු දුන්නේ ය: “මගේ ගෝලයෙක්, යාඕ ලියැන්”

චූ වන්නිං දෙබැම උස් කොට “ඔබතුමාගෙ ගෝලයෙක්? මුදාගැනීමේ මුහුණුවර?”

මෙය උග්‍ර ලෙසටම ජියේලු වැඩිහිටියා හට මහත් අපහසුතා ගෙන දුන්නේ ය, වියපත් වූ මුහුණ තද රක්ත වර්ණයට හැරී එම විෂය වෙනතට හැරුවීමට වෑයම් දැරීය. “ගී ගැයීමේදී ඔහුගේ හඩ පෞරුයෙහි වරදක් නොවූවේ ය, ඔහුට එය වරම් ලැබීමට රුකුලක් වේ ”

චූ වන්නිං හ්ම්ම් යනුවෙන් පවසා ඉවත බැලුවේ මෙම නිර්ලජ්ජිත ජියේලු වැඩිහිටියාගේ අහලක හුස්මක්වත් අපතේ වැවීමට අවැසි නොවූ හෙයින් ය.

සෂං කදුකරයේ මිනිසුන් දහසක් පමණ විය.  චාටුකරුවන් දෙදෙනෙක් හැරුණු කොට එහි කිසවක් සාමාන්‍ය  නොවූවේ ය.

තම වාංශික සොහොයුරන්ගේ නිබැඳි දණ්ඩනය දෙස බැලූවිට මෝ රන් පවා ඔවුන්ව විශ්වාස කරන්නට වූවේ ය. කදිමයි, කදිමයි. හැරී බැලූ කල්හි උදේ හවා මුසා බස් දෙඩීමෙහි කෞශල්‍ය ඇත්තේ ඔහුට පමණක්ම නොවන බව මෙම අති දක්ශයින් සමූහය  දුටු කළ ඔහුට වැටහුනේ ය.

“යූහං වැඩිහිටියාණනි! කමා කර අනුකම්පා කරණු මැනවි!” යන කන්නලව් වලින් පසුව , චූ වන්නිං අවසානගේ තම හඩ අවදි කළේ ය.

“මෝ වෙයියූ වෙනුවෙන් සමාව අයැදීම” ඔහු මගදි නවතා නැවත කරගෙන ගියේ ය “හොදයි, ඉදිරියට පැමිණෙන්න”

කුමක් සිදුවේද යන්න පිළිබද නොපතා එම පුද්ගලයෝ බියෙන් වෙලී ඉදිරියට ගියෝ ය.

රන්වන් පැහැ ආලෝක ධාරාවක් චූ වන්නිං ගේ හස්තය මත දිලිසුනේ ය. අණ දුන් පරිදිම තියෑන්වන් එහි පෙනී සිටින්නට විය, මෙන්ම මිනිසුන් දුසිමක් පමණ එකට පොදි බඳිමින් එයින් වෙලන්නට විය, ඔහුන් සියල්ල තදින් ගැටගසන්නට විය.

එපා තවත්නම්!!

මෝ රන්ගේ සියළු බලාපොරොත්තු සුන් වෙමින් පැවතිණි.

තියෑන්වන්හි සෙවණැල්ල පවා මෝ රන්ගේ පාද හිරි වැටීමට ලක් කිරීමට සමත් විය. මොන මගුලකින් චූ වන්නිං මෙවැනි අප්‍රමත අවියක් ලබා ගත්තේ ද: ඔහු පෙර අත්බවයේ බිරිඳක් නොගැනීම ඉතා හොද කරුණකි. එම අසරණ ස්ත්‍රිය ඔහු සමග වසන සිර අඩස්සියකට වැටී සිටීවි. ඇයට මැරෙනතුරු කස පහර වැදේවි, හුදෙක් ඈ ප්‍රශ්න කිරීම් හමුවේම මියයාවි.

චූ වන්නිං අවඥාව සහගත බැල්මක් හෙළා එතැන් සිටි එක අයෙකුගෙන් ප්‍රශ්න කළේ ය. “මෝ රන් තමුන්ට යක්ෂයින් පරදන්න සහය වූවේ ද?”

තියෑන්වන්හි වධ බන්ධනයට එරෙහිව නැගී සිටීමට එම පුද්ගලාට කිසිදු අවස්ථාවක් නොවූවේ ය ඔහු සැණින් “නැත! නැත” ලෙසට කෑගැසුවේ ය.

අනෙක් පුද්ගලයා වෙතට හැරී “මෝ රන් තමුන්ට චී ව්‍යපගමනය වැළදුණු විට උදව් කළේ ද?”

“ආහ්හ්හ්! කොහෙත්ම නැත”

“මෝ රන් තමුන්ට සාරෞෂධයක් ප්‍රධානය කළේ ද? ”

“ආආ___උදව් කරන්න!! නෑ..නෑ! මේක අයින් කරන්න!”

චූ වන්නිං බන්ධනය ලිහිල්  කළේ ය, නමුත් එ සැණින්ම ඔහු තම හස්තය අනුකම්පා විරහිතව එසවූවේ ය. දිස්නය දසත විහිදුනේ තියෑනවන් කුරිරු ලෙසට එම වංචාකාර ගෝලයින්ගෙ පිට ප්‍රදේශයට පහර එල්ල කරමින්ය.

වේදනාත්මක උත්ක්‍රෝෂය මධ්‍යයේ රුහිරු නදියක් මැවුණි

චූ වන්නිං රවමින් “කුමකට තමුන්ලා මෙලෙස කෑගසණුයේ? දණගසනු! විනයධරය ”

“මෙහි සිටින්නෙමි”

“දඩුවම ක්‍රියාත්මක කරනු”

“වැටහිණි”

අවසානයේදී මෙම පුද්ගලයිට කිසිදු සහනයක් නොලැබුණා පමණක්ම නොව , සියල්ලන්ටම වංචාකිරීමට එරෙහි නීතය යටතේ කස පහර දහය බැගින් හිමිවී යූහං වැඩිහිටියාගෙන්  අමතර කස පහරක් ද තිළින විය.

රෑ බෝ වූ විය මෝ රන් තම ඇද මත හතරගාතෙන් වැටී සිටියේ ය. ඖෂධ ගල්වා තිබුණ ද ඔහුගේ පිට ප්‍රදේශය එකිනෙකට කැපී යන ලෙස තුවාල වී තිබිණ, එහි මෙහි හැරීමට පවා අපහසු විය. හුස්ම ඉහළට අදිමින් වේදනාවෙන් නෙත් කදුලින් තෙත් විණ.

ඔහුගේ හුරුබුහුටි මුහුණත්, මෙවැනි කෙදිරිගෑමත් හෙයින්  ඔහු හිරිහැරයට ලක් වූ ලොම් පිරුණු සුරතල් බළල් පැටවුකු මෙන් දිස්විය. නමුත් ඔහුගේ ඇතුලාන්තයේ වූ සිතුවිලි නම් බළල් පෝතකයකුගේ ඒවාට සමාන නොවීය. 

ඔහු ඇද ඇතිරිල්ල දැඩිකොට අල්ලා ගනිමින් චූ වන්නිං නැමති පාහරයා තමා සිටින තැනම සිටීම පිළිබදව සිතින් මවා ගත්තේ ය. එලෙස සිතමින්  ඔහු සපමින්, දගලමින් , පයින් ගසමින් , ඉරා දැමුවේ ය.

ඔහුගේ එකම සැනසුම වූයේ අතින් සාදන ලද වොන්ටොන් බදුනක් රැගෙන ෂ මෙයි ඔහුගේ සුවදුක් බැලීමට පැමිණීම පමණි. ෂ මෙයි ගේ කරුණාව පිරි දයානුකම්පිත බැල්ම යටතේ මෝ රන්ගේ කදුළු සැඬ පහරක් ලෙසට සැලෙන්නට විය.

“පුරුෂයින් හට ඇඬීම නුසුදුසු දෙයකි” යන සංකල්පය ඔහු නොතැකුවේ ය. ඔහු තමා ප්‍රිය කරන පුද්ගලයා ඉදිරියේ මෙලෙස හැසිරෙමින් අවදානය දිනාගැනීමට කැමති විය.

“ගොඩක් රිදෙනවාද? ඔබට හිද ගැනීමට හැකිද?” ෂ මෙයි ඔහුගේ ඇදෙහි  කෙළවර හිද ගත්තේ ය. සුසුම් ලමින් “ඇදුරුතුමා එතුමා....එතුමාගේ හස්තය නම් බෙහෙවින් දරදඩුයි, බලන්න ඔබගේ තුවාලා දෙස...තවමත් සමහර ඒවායෙන්  රුධිර වහනය නැවතී නැහැ”

“ෂ මෙයි මාව බලාකියා ගන්න තුරාවට මට කිසිදු අයුරක වේදනාවක් තවදුරටත් කෙලෙසකවත් නොදැනේ”

“අහ්! බලන්න මේ තුවාල වල තත්ත්වය දෙස, කෙලෙසද නොරිදෙන්නේ? ඔබ දන්නවානේ ඇදුරුතුමාගේ ස්වභාවය පිළිබදව: මින් මත්තටත් මෙවැනි වැරදි කිරීමට ඔබ නිර්භීත වන්නේ ද? ”

අසරණබවින් සහ සානුකම්පිත සම ප්‍රමාණ කොටගෙන ෂ මෙයි ඔහු දෙස බැලුවේ ය, ඔහුගේ භාව ප්‍රකාශක දෙනෙත් ඉටිපන්දම් එළිය හමුවේ උණුදිය උල්පතක් විලස දිදුලන්නට විය.

මෝ රන්ගේ හෘද ස්පන්දනය තීව්‍ර විය, ඔහු කීකරු විලසට පිළිතුරු දුන්නේ ය “මින් මත්තට එවැන්නක් යළි නොවන බවට දිවුරමි”

“ඔබේ ඔය දිවුරුම් කවුද විශ්වාස කරන්නේ ඉතින්?” ෂ මෙයි බැන්න නමුත් මදහසක් පෑවේය “වොන්ටොන් සීතල වෙයි, ඔබට නැගිටින්නට හැකි ද? එසේ නොමැති නම් ඔහොම ඉන්නකෝ මම ඔබට කවන්නම්”

මෝ රන් අඩක් නැගිට සිටී නමුත් එම වදන් ඔහුව යළි සැණින් වැතිරවීමට ප්‍රමාණවත් විය

ෂ මෙයි “.........”

මෙම ජීවන ද්විත්වයේම මෙන්ම අවසානයේ දී ද , ෂ මෙයි ගේ වොන්ටොන් මෝ රන් ගේ ප්‍රියතම ආහාරය විය. සියුම් සළුවනක් ලෙස තුනීව ඔතන ලද වළාකුළු මෙන් වූ රසවත් සාරය පිරී තිබූ එයින් මදක් රස බැලූව ද ප්‍රීති ප්‍රමෝදයට ලක් කිරීමට එය බලවත් විය. මොළොක් මෙන්ම දිව පිනවයි  මුව තුළ දියවන විට අහර ගත් පසු වූවද රස දිව තුළින් නොයයි.

විශේෂයෙන්ම සූපය, අනර්ඝ ගණයේ ක්ෂීරවල කැකෑරෙන විලසට උණ කරන ලද, කොළ පැහැති හීනියට ලියන ලද ළූණු ඉස, බිත්තර කහ මදයක් මැදි කොට මිරිස් හැන්දක් සහ බදින ලද සුදුළූණු මිශ්‍රණයක් දමා සාදන ලද්දක් වන අතර එහි රසය අහරට ගත් පසුවද වියකී නොගොස් ඔබගේ ගත උණුසුම් කරයි.

ෂ මෙයි ප්‍රවේෂමෙන් ඔහුට හැන්දෙන් හැන්ද කවන ලදි “මම අද වැඩිපුර තෙල් මිරිස් දැම්මේ නැහැ , ඔබේ තුවාල දරුණුයි, සැර අධික අහර සුව වීමට එතරම් හොද නෑ, මේවාටත් හුරු වෙන්න, හොද ද?”

මෝ රන් ඔහු දෙස බලාසිට නෙතු ඉවතට ගැනීමට නොහැකි පරිද්දෙන්ම මදහසක් පාන්නට විය “ඔබ අතින් සාදන සියල්ලම ඉතා ප්‍රනීතයි, සැර වූවත් නැතත්”

“චාටු බස්”. ෂ මෙයි ද මදසිනාවක් පෑවේ ය. ඔහු බිත්තර කහ මදය හැන්දකට ගෙන “මෙන්න ඔබගේ ත්‍යාගය, මම දන්නවා ඔබ මේවාට ප්‍රිය බව”

මෝ රන් දඟකාර ලෙස සිනාසුනේ ය, ලැජ්ජාශීලි ලෙස හිසි පිටුපස පිරිමදිමි, හරියට ඉහේ මලක් පිපුණු විලස “ෂ මෙයි” ලෙසන් ඇමතුවේ ය.

“ඔව්?”

“නෑ කිසිවක් නෑ මේ... මට ඔබේ නම කියන්න හිතුනා”


“......”

නැවතත් හිස පිටුපසට පිරිමදිමින්
“ෂ මෙයි.”

ෂ මෙයි  තම සිනහව මැඩගත්තේ ය “ආයෙත් නම කියන්න හිතුන ද?”

“හ්ම්ම්! ඔබේ නම කියවනකොට මට ලොකු සතුටක් දැනෙනවා”

ෂ මෙයි මදක් බලා සිටියේ ය, මෘදු ලෙස ඔහුගේ නළලට අත තබා බැලුවේ ය. “මෝඩ කොල්ලා, ඔබ අසනීපෙන් වත් ද?”

මෝ රන් ප්‍රමුදිත සිනාවක් පෑවේ ය, අඩක් ඇල වී ඔහු දෙස පැතිකඩකින් බැලුවේ ය, දෙනෙත් තරු මඩලක් සේ ප්‍රභාවත් ලෙස දිදුලන්නට විය.

“හැම දවසකම වගේ ෂ මෙයි ගේ වොන්ටොන් වල රස බලන්න ලැබීමට හැකිවීම මගේ පැතුමයි ”

ඔහුගේ එම සියළු වදන් එක සිතින් පැවසූ ඒවා විය

ෂ මෙයි ගේ මරණයින් පසු , වොන්ටොන් වල රස බැලීමේ දැඩි ආශාවක් මෙන්ම රුචිය මෝ රන් සතු විය, නමුත් එහි රසය සදහටම වියකී ගොස් තිබිණ.

එම මොහොතේ, චූ වන්නිං තමා සමග තිබූ සියළු සබඳකම් බිද දමා නොතිබුණේ ය. ඇතැම් විට තමා වරදකාරී යන හැගීම් නිසා විය හැක, විමෝහයෙන් සිහිමුළාවට  පත්ව සිටි මෝ රන් ෂ මෙයි ගේ ශවභාජනය ඉදිරිපිට දණ ගසාගෙන සිටි අයුරු දුටු චූ වන්නිං යුහුසුළුව  මුළුතැන්ගෙට ගොස් අමුද්‍රව්‍ය නිසි ලෙස යොදමින් ප්‍රවේශමෙන් වොන්ටොන් කිහිපයක් පිළියෙල කළේ ය.  නමුත් මෝ රන් එය සම්පූර්ණ කිරීමට පෙර දුටුවේ ය, තම සත්‍ය ප්‍රේමය අහිමිව සිටි මෝ රන් හට එය කිසිසේත්  ඉවසීමට නොහැකි විය. ඔහුට එය පෙනුනේ චූ වන්නිං තමාට සමච්චල් කරන අන්දමින් ය, එය හුදෙක් අශෝභන අනුරකණය කිරීමට වෙර දැරීමක් ලෙස දැනුණු සිතාමතා එල්ල කර ලද පිහි පහරක් විය.

ෂ මෙයි මියගිහින්, චූ වන්නිං හට ඔහුව බේරා ගැනීමට හැකියාවක් තිබුණි, නමුත් ඔහු උදව් කිරීම ප්‍රතික්ෂේප කළේ ය, ඉන්පසු ෂ මෙයි ගේ තැන ගනිමින් මෝ රන් හට වොන්ටොන් පිළියෙල කිරීමටත් එඩිතර වූවේ ය. මෙය මෝ රන් ව තෘප්තිමත් කිරීමට ප්‍රමාණවත් වේ යැයි ඔහු සිතුවේ ද?

මෝ රන් මුළුතැන්ගෙට කඩා වදිමින් එහි සියළු දෑ පෙරලමින් සුණු විසුණු කළේ ය, සුදු පැහැති වොන්ටොන් පොළොව මත පතිතව පෙරළී ගියේ ය. 

මෝ රන් චූ වන්නිං හට උස් හඩින් ගර්ජනය කළේ ය, “උඹ කවුරු කියා ද උඹ ඔය සිතාගෙන සිටින්නේ? ඔහු භාවිත කළ දේවල් වලට අත තියන්නවත් උඹට අයිතියක් තියෙනවා ද? ඔහු පිළියෙල කළ ආහාර පිළියෙල කරන්න? ෂ මෙයි මියගිහින්, ඇයි උඹට දැන් සතුටු නැද්ද? උඹේ මනදොළ සන්සිදී තෘප්තිමත් වෙන්නේ මේකෙ ඉන්න උඹේ ගෝලයෝ සියල්ල මරා ගත්තට පසුවද නැත්තම් ඔවුන් වියරු වැටුනාට පසුව ද? චූ වන්නිං! මෙම වොන්ටොන් නැවත සෑදිය හැකි කිසිවෙක් මෙලොව ඉතිරිව නැත. ඔබ ඔහුව කෙතරම් අනුකරණය කළත් , ඔබට ඔහුගේ අහලකටත් එන්නට බැහැ”

මේ මොහොතේ මෙම වොන්ටොන් බදුන , ඔහුව අධික ලෙස ප්‍රීතියෙන් පිනවන්නට විය, හද පත්ලටම දැනුණි. ඔහු සිනාසෙමින් රස බැලුවේ ය, දෙනෙත් සෙමින් තෙත් වන්නට විය, කෘතඥතා පූර්වකව ඉටිපන්දම් දල්ලෙහි දීප්තිය හීනව තිබිණ, ඔහුගේ භාව ප්‍රකාශනයන් පිළිබදව ෂ මෙයි හට කිසිදු තොරතුරක් නොදීය.

“ෂ මෙයි” මෝ රන් පැවසුවේ ය.

“හ්ම්ම්?”

“ස්තූතියි”

ෂ මෙයි මොහොතකට නැවතී , සෞම්‍ය ලෙස මදහසක් පෑවේ ය.  “මේක නිකම්ම නිකම් වොන්ටොන් ටිකක් නේ, ඔතරම් ස්තූති කරන්න ඕනෙද, ඔබ එයට කැමති නම්, මම සෑම දිනකම ඔබ වෙනුවෙන් හදලා දෙන්නම්”

මෝ රන් හට ස්තූති කිරීමට අවශ්‍ය වූයේ වොන්ටොන් වලට පමණක්ම නොවේ

ඔහුට තුති පුදන්න අවශ්‍ය වූයේ මෙම ජීවන ද්විත්වයේම අවසානය දක්වා ඔහුට පහත් කොට නොසලක ලද එකම පුද්ගලයා වීම හේතුවෙන් ය. ඔහුගේ වර්ගය පිළිබද නොසලක ලද, දහහතර වර්ෂයක් මුළුල්ලේ ඔහු ජීවත් වීමට සාධාරණ හෝ අසාධාරණ කුමක් හෝ දෙයක් කිරීම පිළිබද නොසලකා හරින ලද එකම පුද්ගලයා වීම හෙයින් ය.

ඔබට තුති පුදන්න අවැසි වූයේ මට ඔබව මතක නිසාම නොවේ, මගේ යළි ඉපදීමෙන් පසු පළමුවරට මට බොහෝ විට රොං ජියෝ ව මරා දමන්නට ඉඩ තිබුණා , පෙර කළ මහා පරිමාණයේ වැරදි නැවත කිරීමට ඉඩ තිබුණා , නැවතත් අදුරු අප්‍රසන්න මාවත තුළට ගමන් කිරීමට ඉඩ තිබුණා

කෘතඥතා පූර්වකව ඔබේ මරණයට පෙර මා යළි ඉපැදිලා. මෙවර  මම නිසැකවම ඔබව රකින්නෙමි. ඔබට කුමක් හෝ සිදුවූවෝතින්, අර දරුණු රාක්ෂයා චූ වන්නිං ඔබව බේරා නොගත්තෝතින් , මම.

එහෙත් ඒ කිසිවක් ඔහුට පැවසීමට නොහැකිවිය.

අවසානයේ , කිසිවක් නොපවසා ඔහූ ළූණු කැබැල්ලක් වත් ඉතිරි නොකොට සූපය රස විදීම අවසන් කළේ ය. ඔහු තම දිවගින් තම දෙතොල් පිරිමැද්දේ තවත් අවශ්‍ය යැයි පැවසීමට මෙනි, ඔහුගේ  ආකර්ෂණීය ලෙස ඔහුගේ කම්මුල වළ ගැසෙන්නට විය. එය දිස්වූයේ හුරුබුහුටි බිළාල පෝතකයෙකු විලසිනි.

“මම හෙට මීට වඩා ලබා ගැනීමට හැකිවේවි ද?”

ෂ මෙයිට මෙයට අඩන්න ද සිනහසෙන්න ද කියා නොවැටහුණේ ය “ඔබට අනෙකුත් දෙයක් ගැන සිතෙන්නේ නැද්ද, ඕකම කන්න ගියොත් එපා වේවි”

“ඔබට මාව එපා නොවන තුරාවට මටත් කවමදාවත් වොන්ටොන් එපා වෙන්නේ නැහැ”

හිස සලමින් ෂ මෙයි සිනාසුණේ ය “නිසැකවම කෙතරම් පිටි ප්‍රමාණයක් ඉතිරිව ඇත්දැයි මට කීමට අපහසුය. අවශ්‍ය පමණින් පිටි ඉතිරිව නොතිබුණෝතින් ,කෙලෙසද බිත්තර වලින් සාදන ලද සූපයක් ? මට මතක විදිහට ඔබ ඒවාටත් ප්‍රියයි”

“හරි හරි! ඔබේ අතින්ම පිළියෙල කරනවා නම් ඕන දෙයක්”

මෝ රන් ප්‍රමුදිත වූවේ ය, සතුටින් ඉපිලීම නිසාවෙන් ඔහුට එහෙට මෙහෙට පෙරලී ඇතිරිල්ල බදා ගැනීමට පවා හැකියාව තිබිණ.

බලන්න ෂ මෙයි කෙතරම් කාරුණික ද: චූ වන්නිං , සිතෙන පරිදි ඇතිතරම් කස පහර දීපං, මම ඇදට වැටුනොත් රූමත් අයෙක් සිටී මාව රැකබලා ගැනීමට , හෙහෙහෙ!

ඔහු ඇද සහ ඇද වියන මත වූ පැල්ම කෝපාවිෂ්ඨව තදින් හාරන්නට විය, ඇතුළතින් බැණවදිමින් මොන රෑ අහසේ උදුල තරුවක් ද ඔය යූහං, මහ ලොකු බේයිදෝව් අමරණීයයා. සියල්ල විගඩමක් විතරයි

චූ වන්නිං , මෙම දිවියේ දී, උඹ බලාගෙන හිටපං වෙන දේ!!

 

කතු වදන :

ෂ මෙයි වොන්ටොන් හදනකොට :
තීන්ත පෑන් මාළුවා : කනවා

Shizun වොන්ටොන් හදනකොට
තීන්ත පෑන් මාළුවා: විසිකරනවා

සෂං කදුමුදුනේ ඉන්න මේ තීන්ත පෑන් මාළුවා ආහාර අපතේ යවයි, ගොවියන්ගේ වෙහෙස මහන්සියට අගෞරවය කරයි. මේක මනුෂ්‍යයන්ගේ ස්වභාවයට කරන අවමානයක් ද නැත්නම් ශිෂ්ටත්වය පිරිහිලා ද ? අද  දවසේ [[ව්‍යවස්ථාමය සාකච්ඡාව]]

ඇත්ත තත්ත්වය :

Shizun උයන කෑම එච්චර රස නැහැ, එයාගේ විවිධ වර්ගයේ කෑම වට්ටෝරු ගැන ගෝලයන්ට තියෙන් විශ්වාසයත් බිදිලා තියෙන්නෙ.


T/N 

වොන්ටොන් (wonton) කියන්නේ චීනෙ ගොඩක් ප්‍රසිද්ධ කෑමක්

ෂඩ් ශීල ශාලාව =  六德殿  [Liù dé diàn / ලියො ද දියැන්] =  Six virtues hall

ෂඩ් ලාක්ෂණික ද්වාරය =  六行门 [Liù háng mén / ලියො හං මන්] = Six Demeanor Gate

ෂඩ් ශිල්ප කථිකාසනය =  六艺台 [Liùyì tái / ලියෝඊ තායි] = Six Arts Platform

කුසල් අකුසල් කථිකාසනය = 善恶台 [Shàn è tái/ ෂන් අ තායි] = Platform of Sin and Virtue

යැන්ලුවෝ ශාලාව =  阎罗殿  [Yánluó diàn / යැන්ලුවෝ දියැන්] = Yanluo Hall

·         阎罗 [Yánluó] / 阎罗王 [Yánluó wáng/ යැන්ලුවෝ වං , “වං” යනු “රජ”] හි අරුත Yama, the King of Hell  සංස්කෘත භාෂාවෙන් “යම රාජා/ Yama Raja යන්නයි, සිංහලෙන් “යම රජ්ජුරුවෝ” ලෙස හැදින්වේ

නයිහ පාලම =  奈何桥 [Nàihé qiáo / නයිහ චියාඕ] Naihe Bridge

·         “අසරනකමෙහි පාලම” ලෙස මෙය හැදින්වෙන මෙය චීන මිත්‍යාවන්ට අනුව , නැවත් පුනර්භවය ලැබීමට මෙම පාලම තරණය කරීමට අවශ්‍යයි එහි දී එය තරණය කරන්නන්ට  Mengpo soup පානය කිරීමට සැලැස්වීම තුළින් වත්මන් ජීවත් වූ ආත්මයේ සියල්ල අමතක කරමින් ඔහුන් පුනර්භවයකට සූදානම් වේ. 

{මූලාශ්‍ර = https://en.wikipedia.org/wiki/Diyu }

මංපෝ ශාලාව = 孟婆堂 [mèngpó tangමංපෝ තං] = Mengpo Hall

චී ව්‍යපගමනය = 氣功出 [Qìgōng chū piān / චී ගෝං චූ පියෑන්] = qi deviation

·         මම දන්න තරමින් මේක cultivator කෙනෙකුගේ චී ජීව ශක්තිය ස්වභාවය අස්ථිර අසමතුලිත වීම මගින් අභ්‍යන්තර අවයව වලට බරපතල හානී සිදුවීම .මේක බොහෝ දුරට වෙන්නේ එයාලගෙ ක්‍රියාකරකම් වල යම් වැරැද්දක් උනොත්, එයා කරන පුහුණු වීමකදී හෝ යම්කිසි දෙයකදී වැරදි විදිහට ධ්‍යානවේදය කරොත් වගේ තමා මේක වෙන්නේ, තව යම් කිසි තහනම් විධික්‍රම අනතුරු ඇගවීම් ගැන නොතකමින් කරහොත් මේ දෙය සිදුවෙනවා සමහර අය මෙයින් මරණයට පවා පත්වෙන අවස්ථා ඇත.

ද්විත්ව ධ්‍යානවේදය = 双修 [Shuāngxiū/ ෂුවාං ශියෝ] =  to dual cultivate

·         Dual Cultivation කියන දෙය නිතර හමුවෙන දෙයක් , මෙහි තේරුම කාන්තාවක් සහ පුරුෂයෙක් ලිංගික එක්වීමකින් එකට Cultivation කිරීම, එය Yin  සහ Yang එහි අදාළත්වයක් තියෙන්නේ. මෙයි cultivators ලගේ ආධ්‍යාත්මික බලයට යම් බලපෑම් විය හැකි. දෙදෙනාටම ධ්‍යානවේදය වැඩීම පහසු කිරීමක් මේකෙන් වෙන්නේ. ගොඩක් පැති මේකෙ තියනවා මමත් මේ ඒවා හොයාගෙන යන ගමන්  🤣 මෝ රන්  එයාට උදව් කරා කියලා එයා කියනවා කොහොම උදව් කරාද දන්නෑ Theory  Lecture එකක් දුන්න කියලා හිතාගමු 🤣 🤣

·         Husband and Wife උනා කියලා හැමෝටම මම දන්න තරමින් Dual Cultivators ල වෙන්න බෑ එක්කෙනෙක්ගේ Yin වැඩිවෙන්න ඕනෙ අනිත් එක්කෙනාගෙ Yang වැඩිවෙන්න ඕනේ , මම දන්න තරමින් Yin Yang ඒ කියන්නෙ එක්කෙනෙක් Yin අනිත් එක්කෙනා Yang උනොත් තමා ඒක කරන්න පුළුවන් මම දන්න තරමින් පිරිමි කෙනා බොහෝ දුරට Yang ගෑනු කෙනා Yin මෙතනදි.

[මූලාශ්‍ර : Immortal Mountain ]

ශදී = 师弟 [Shīdì] = junior apprentice brother කියන එක තමා මේකෙ තේරුම, පාසැලක හෝ විශ්ව විද්‍යාලයක හෝ ඕනෑම අධ්‍යාපනික ආයතනයක තමන්ට වඩා කනිෂ්ඨ වන සොයුරු ශිෂ්‍යයෙක් අදුන්වන විදිහ මේ ලංකාවෙ “ජූනියර් මල්ලි” වගේ

 

Previous | TOC | Next



 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

 

 

 

Comments

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.