අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ සොරා නොගත්තෝ ය.
පක්ෂපාති
ශාලාව
දීප්තියෙන් ප්රභාවත් වන්නට විය.
ෂ මෙයි
ඔවුන්ට සමුදී ආපිට ගියේ ය. මෝ රන් ෂුවේ මං ට පසුව ශාලාවට පැමිණියේ ය. එය සංකීර්ණ වූවත් ඇතුලෙහි සිදුවන සිදුවීම
කුමක් දැයි තේරුම් ගැනීමට හැකිවිය.
රොං
ජියෝ , අර ඔමරි ලතාව එහි විය
පිටවීමට පෙර මෝ රන් ඔහුගෙන් යම් මුදලක් සොරා ගත්තේ ය, ඔහුට සෂං කදුමුදුනට විත් එය
පිළිබදව පැමිණිලි කිරීමට තරම් එඩියක් විය.
තරබාරු
මිනිසෙකුගේ අතෙහි දැවටෙමින් රොං ජියෝ දුක්මුසු සේ හඩා වැලපෙන්නට විය. මෝ රන් සහ
ෂුවේ මං එහි පැමිණිය විගස ඔහුගේ ඇඩිල්ලෙහි
ස්වරමානය තවත් තීව්ර විය.
ඔහු එම අතෙහි දැවටී නොසිටියේ නම් මුවෙන් සෙම පෙරමින් ඔහු දැනමත් සිහි මුර්ච්ඡා වී
බිම ඇද වැටී සිටීවි.
පබළු ඇමුණූ තිරය පිටුපස
සුකුමළ සුන්දර කුලස්ත්රීයක්
සම්පූර්ණයෙන්ම පාහේ අන්දමන්ද වී
උස් අසුනක් මත වාඩිවී සිටියා ය.
මෝ රන් අප්‍රසන්න වූ දෙය හට
එකදු බැල්මක් වත් නොදී , ඒ වෙනුවට ආර්යාව දෙසට හැරී ආචාර කළේ ය. “නැන්දණියනි! මම
ආපිට ආවෙමි”
සත්‍යවශයෙන්ම මෙම කත
අන්කවරෙකුවත් නොව සෂං වංශයේ ළමාතැනිය වන වං මැතිණිය යි.
තම සම තලයේ පුරුෂ සගයන්ට
සියලු අතින් සමාන වන ස්ත්‍රීන් මෙන් ඇය පිටස්තර ප්‍රශ්න ගැටළු වලට ඇගිලි නොගසන සෞමය සහ
විනීත ගෘහණියක් වූවා ය. ඇයගේ ස්වාමි පුරුෂයා මෙහි නොමැතිව මෙවැනි දෑ සමග ගනුදෙනු කරන්නේ කෙසේද
යන්න ඇය නොදැන සිටියා ය. අවසානයේ දී ඈ
කුලෑටි ලෙස “ආ-රන්, ඔබ කෙසේ හෝ යළි ඇවිත්” පැවසුවා ය.
මෝ රන් එහි සිටි
පැමිණිලිකරුවන් දෙපල නොදැක්කා සේ කටයුතු කළේ ය, ඔහු ඇය වෙත සිනාසෙමින් “නැන්දණිය
මේ රෑ මැද අවදියෙන් නේ, ඔබට මා ලවා කිරීමට අවැසි දෙයක්වත් ඇත්ද?”
“ම්ම්! මේ! ඔබට පෙනවා නේද ,
මෙම රොං පොඩි මහත්මයා පවසනවා....ඔබ මොහුගේ මුදල් ගත්තු බවට”
ඇයට සිහින් වතක් තිබුණි,
එමෙන්ම මෝ රන් වේශ්‍යාකමේ ගිය බවට පැවසීමට ඇය ලැජ්ජාශීලිකම හෙයින්ම මැලි විය.
එහෙයි ඇය සුළු පරිමාණයේ වැරැද්දක නාමයක් අලලා එය එලෙස සදහන් කළා ය.
මෝ රන්ගේ දෙනෙත් සිනහවකට
හැරවිණි. “ඇත්තට? මම මුදල් වලින් අහ හිග කම් ඇති අයෙක් නම් නොවේ, එහෙයින් මා
මොවුන්ගේ මුදල් සොරා ගන්නේ මන්ද, එහෙන්ම මොවුන් දැක පුරුදු ඇත්තන් නොවෙයි, අපි
හදුනනවා ද?”
තරබාරු මිනිසා සමච්චල් සහගත
ලෙස සිනාසුනේ ය “ඔබගේ මෙම විශ්වාසවන්තයාගේ පෙළපත් නාමය චං , පවුලේ වැඩිමලා, ව්‍යාපාරිකයෙකු
හෙයින් නිරර්ථක චාරිත්‍රවිධිය
කිසිවක් අදාල නොවේ, මට චං තා/දා (වැඩිමහල්
පුත්‍රයා) ලෙසට අමතන්න
මෝ රන් සිනාසී හිතාමතාම ඔහුගේ නම උසුලුවට ගත්තේ
ය : “ආ! මේ දා චං [මහා අන්ත්රය] පොඩි මහත්මයා නේ, ඔබේ හමුවීමට මට ගෞරවයක්, මගේ
අතින් වැරැද්දක් වූවා නම් සමාවෙන්න, එතකොට මේ අනිත් පොඩි මහත්මයා....”
මහා අන්ත්‍ර පොඩි මහත්මයා
: “හහ්! මෝ ස්වාමිපුත්‍රයා , අමනයෙක් වගේ රැගුමට මහත් ලැදී වාගෙයි, මේ මම ඔබතුමාව
මුණ ගැසෙන පළමු වතාව , නමුත් මෙම මස තිස් දිනක් , දහහතර රාත්‍රියක් ඔබ කල් ගතකළේ ජියෝ-අර් ගේ කුටියෙහි. ඔබේ පෙනීම
දුර්වල වෙලා ද? ඔබ කෙසේ ද මොහුව හදුනා නොගත්තේ?”
මෝ රන් එය පිළිබද
කිසිසේත්ම කරදර වූයේ නැත, ඔහු සිනාසෙමින් රොං ජියෝ වෙත බැල්ම යොමු කළේ ය “මොකක් ද
මේ? මට විරුද්ධව අපවාද කිරීමට වෙර දරණුයේ? මම ඉතා වැදගත්, ශිෂ්ටසම්පන්න , ගෞරවණීය
පුද්ගලයෙක්මි, සැබැවින්ම එය සත්‍යකි, මම කවරාකාරයේ සන්-අර් කෙනෙකු හෝ ජියෝ-අර්
සමග නිදි වැදුණේ නැත”
රොං ජියෝ ගේ වත රත් පැහැ
වී ක්‍රෝධයෙන් අකුණු ගසන්නට විය, නමුත් ඔහු දිගින් දිගටම චං ගේ ළයට තුරුලු වී ඉකි
ගසන්නට විය, “මෝ මෝ ස්වාමිපුත්‍රයාණනි! මම පහළ මට්ටමේ අයෙක් බවත් මගේ නිලය අශෝභන
බැව් මා දනිමි....... , ක්‍රෑර ලෙස ඔබතුමා මාව සූරා කෑවේ නැත්තම්, මෙලෙස කතා කරනවා
අසන්නට වත් මෙවැනි සැලකීම් ලබන්නටවත් මා මෙහි නොපැමිණිමි, මම....මම...”
මෝ රන් ගේ හඩ පරාසය ඔහු
තබා ගත්තේ තමා අගතියට පත් වූ තැනැත්තා ලෙසට ය. “ඇත්තවශයෙන්ම , මම ඔබව
නොහදුනමි, තමුන් කාන්තාවක් ද පුරුෂයෙක් ද
යන වගවත් මට කීමට නොහැකිය, ඉතින් කෙසේ ද අප මුණගැසුනා වෙන්නේ?
“ගෙවුණු රාත්‍රියේ දී
ඔබතුමා මගෙන් සේවය ලබා ගත්තා, කෙලෙස ද ඔබතුමා මෙතරම් නපුරු වන්නේ? චං ස්වාමිපුත්රණෙනි! චං ස්වාමිපුත්‍රයාණෙනි! මා
වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙනු මැනවි.” ඔහු චං ගේ තුරුලට තව තවත් නැඹුරුවෙමින් මහ
හඩින් හඩා වැලපෙන්නට විය.
පසෙකින් සිටි ෂුවේ මං ගේ
මුළු මුහුණම අළු විය, ගත හිරිවැටිමෙන් වාගේ රවමින් මෙම හාස්‍යෝත්පාදක දෙයට සවන්
දුන්නේ ය. දැඩි ස්වයං ශික්ෂණයකින් හෙබි ස්වාමිපුත්‍රයාණන් නොවූවේ නම් දැඩි ලෙස අප්‍රසන්න
මොවුන් දෙපලට කන්දෙන් පහළට වැටෙන්නට ඔහු දැනට මත් තඩි බා අවසන් ය.
මහා අන්ත්‍ර පොඩි මහත්මයා
රොං ජියෝ ගේ හිස පිරිමදිමින් ඔහුව මිහිරි වදනින් අස්වසා ලන්නට විය , ඉන්පසු
තර්ජනාත්මක ලෙස මෙසේ පැවසුවේ ය “වං මැතිණියනි! සෂං යනු ගුණවත්, ශික්ෂණයකින් හෙබි
වංශයක්, නමුත් මෝ ස්වාමිපුත්‍රයා අශ්ශිලයි එමෙන්ම නින්දිතයි! ජියෝ-අර් බොහොම වෙහෙස මහන්සියෙන් තම මුදල් ඉපැයුවේ,
ඉක්මනින්ම තමාගේ නිදහස ලබා ගැනීම සදහා. නමුත් මේ කොල්ලා! ජියෝ-අර් ට පහත් අයුරින්
සැලකුවා පමණක් නොවේ, ඔහු ලේ දහඩිය මහන්සියෙන් උපයගත් ධනයත් හොරා ගත්තා, චං වරු වන
අප ධ්යානවේදියෝ නම් නොවේ නමුත් අපි අතේ මිටේ මුදල් ඇති පරම්පරාගත ව්‍යාපාරිකයින්, ඔබතුමියගේ වංශය අද අපට සෑහීමකට
පත්වීමට තරම් විවරණයක් ලබා දුන්නේ නැත්නම්, බාෂු හි දී ඔබලාට අමාරුවේ වැටීමේ
යුගයක් අපෙනුත් උදා වේවි!”
වං මැතිණියගේ සිත කලබලයට
පත් විය “ආ! චං පොඩි මහත්මයා, කරුණාකර සන්සුන් වන්න, මම....මේ...මම”
මෝ රන් උපහාසයට මෙන් දෙතොල්
මදහසකට නැගුවේ ය “චංවරු යනු ලුණු වෙළෙන්දෝ වූවෝ ය, හාස්‍යත් එලෙසම් පිරී ඇත. චං
පවුලේ වැඩිමහලු පුත්‍රයාට රොං ජියෝ ගේ නිදහස ලබා ගැනීමේ වියදම දැරීමට නොහැකි බව
කවුරු විශ්වාස කරම් ද? ඇරත් එමෙන්ම ඔහුගේ මේ විදිහෙන් ඔහුට එම වියදම උපයා ගැනීමට
ඉඩහැරීම? එය නම් තරමක් සැක සංකා උපදවයි”
ඔහු ගේ වත සම්පූර්ණ කළ
සිනහව එලෙසම රදවා ගෙන “අ! එසේනම් මහා අන්ත්‍ර සොහොයුරා තමයි ඊජොව් හි ධන කුවේර ව්‍යාපාරික
පවුලේ පුත්‍රයා, සිත් ඇද ගන්නා සුළුයි, බලාපොරොත්තු වූ අයුරින්ම තේජස්වීය යි. ඇත්තෙන්ම අදහන්න වටිනවා, ප්‍රශංසනීය
යි.
තරමක් උදාසීන වූ අයුරින්
මහා අන්ත්‍ර පොඩි මහත්මයා බැලුවේ ය “තමුන්ගේ තරම ගැන තමුන් දන්නෙහි ද? තමුන් ගැන
එලෙස සැහැල්ලුවට සිතන්නට එපා, කියමු බලන්න, ජියෝ-අර් ගේ දෑ කොහේද ඇත්තේ කියා?
ඉක්මන් කරනවා ඉතින් ආපසු දෙනවා ඒවා සේරම ටික.”
සිනහව තවමත් මුවෙහි රදවාගත් මෝ රන් “මෙය මහ
අරුමයක් නේ, ජියෝ-අර් දිනකට කෙතරම් ගණුදෙනුකරුවන් පිරිසක් ලබා ගන්නවා ද, ඔහු නැතිකරගත් දේවල් වලට මට දොස් පවරන්නේ මන්ද ?” ලෙස පැවසුවේ ය.
“තමුන් නම්!” මහා අන්ත්‍ර
පොඩි මහත්මයා දත් මිටි කෑවේ ය, උපහාසාත්මක ලෙස මදහස පාමින් ඔහු “හොදයි! හොදයි!
හොදයි, මම දන්නවා ඔබ ඔය උත්සාහ කරනුයේ මෙයින් පලා යෑමටයි! වං මැතිණියනි, ඔබතුමියට
පෙනෙනවා නේද, මෝ ස්වාමිපුත්‍රයා යුක්තිගරුක නොවන බව, එමෙන්ම ඔහු මෙය විසදීමත් ප්‍රතික්ෂේප
කරයි, මට තවත් කාලය කා දැමීමට අවැසි නැති, ඔබතුමියයි මෙතන භාරකාර තැනැත්තිය,
ඔබතුමියම තීරණයකට එළඹෙණු මැනවි!”
මෙවැනි ගැටළු සහගත තැන්
විසදීමට වං මැතිණිය එතරම් නොදැන සිටියා ය, තැතිගැන්මකට ලක් වූ ඈ වදන් සිරවූවාක්
මෙන් තරමක් ගොත ගසන්නට වූවාය. “මම......මේ...ආ-රන්...මං-අර්....මේ......”
එවැනි තත්වයකට තම මෑණියන්
හෙළීමට නොහැකි වූ ෂුවේ මං මැදිහත් වීමට සිතා ඉදිරියට පැමිණ තම හඩ අවදි කළේ ය. “චං
මහත්මයා, සෂං වංශයේ ගෝලයින්ට පනවා ඇති නීති දැඩියි, ඔබතුමාගේ දෝෂාරෝපණ සත්‍ය
වුවහොත්, මෝ රන් සත්‍යවශයෙන්ම නීති
උල්ලංඝනය කොට ඇත්තනම් ඔහුට විරුද්ධව තණ්හාව සහ අනාචාරයේ හැසිරීම යටතේ නියෝග පැනවේ,
අපි ස්වභාවයෙන්ම දැඩි දඩුවම් ලබා දෙන්නෙමු. ඒ කෙසේ වුවත් ඔබතුමා ඔහුට එරෙහිම කතා
කරන්නුයේ ඔබ සතුව සාක්ෂි ඇතිව ද?”
මහා අන්ත්‍ර පොඩි මහත්මයා
උදහසින් මදහසක් පා “ඔබගේ වංශය මෙය විසදන බව මම දැන සිටියෙමි, එම නිසයි මෝ රන්
පැමිණීමට පෙර මා වං මැතිණිය ඉදිරියට මෙහි
පැමිණියේ ” ලෙස පැවසුවේ ය.
ඔහු තම උගුර පාදමින්
“ජියෝ-අර් ගේ මාපක දෙකක මුතු අස්ථාන ගත වී තිබේ, රත්රන් කුට්ටි දෙකක් මෙන්ම ,
ප්ලම් කැකුළු මුද්‍රා කළ වළයාභරණය ජෝඩුවක්, හරිතමණි
කොණ්ඩා කටු දෙකක්, හරිතමණි සමනළයෙකු
කැටයම් කළ මාලපෙත්තක් ද නැතිවී තිබේ. මගේ දෝෂාරෝපණයෙහි සත්‍ය නිරවුල් කිරීමට නම් මෝ රන් ව පරීක්ෂා කරන්න.”
මෝ රන් එයට විරුද්ධ වූවේ ය,
“මගේ අඟ පසඟ පරීක්ෂා කිරීමට තමුන්ට ඇති අයිතිය කුමක් ද?”
“හහ්! මට පේන්නෙම
වැරදිකාරයෙකු ලෙසටමයි” මහා අන්ත්‍ර පොඩි මහත්මයා ගර්ව ලීලවෙන් නිකට ඔසවමින් “ වං මැතිණියනි, සෂං වංශයේ චෞරකම සහ සල්ලාලකම
වැනි පාප කර්ම වලට ඇති දණ්ඩනය කුමක්ද?”
වං මැතිණිය මෘදු ලෙස
පිළිතුරු දුන්නා ය “සෂං වංශයේ භාරකරු මාගේ ස්වාමිපුරුෂයා ය, වාංශික ගැටළු වලට
නිරාකරණය කරන්නේ ඔහුයි, සත්‍යයෙන්ම මා මේ ගැන නොදනිමි ”
“සැක සහිතයි, හරිම සැක
සහිතයි, මට සිතෙන්නේ නම් වං මැතිණිය තම බෑණනුවන් රැකීමට කිසිවක් නොදන්නා ගානට රග පානවා, සෂං කදුමුදුන මෙතරම් දූෂිත ,
අපවිත්‍ර ස්ථානයක් යන වග කවුද සිතුවේ?”
“තමුන් තමුන්ගේ පමණ
ඉක්මවනවා, මාගේ
නැදණිය දැනටමත් පවසා අවසන් එතුමියට මෙවැනි තීරණ අරන් පුරුදු නොමැති බව, තවමත් ඔබ
මෙම ගෘහණියට කරදර කිරීමේ ඉවරක් දකින්නේ නැතිද?” ඔහුගේ අඥාන කතා ඇසීමෙන් තෙහෙට්ටුවට
පත්ව මෝ රන් අවසානයේ මැදිහත් වූවේ ය. නමුත් තුට්ටුවකට මායිම් නොකරන මෝ රන් ගේ
උපහාසයෙන් හෙබි මදහස තරමක් සැගව ගියේ ය. ඔහු පසෙකින් වූ අප්‍රසන්න දෙපල දෙස රවා
බැලුවේ ය.
“හොදයි එසේ නම්, මාව
පරීක්ෂා කරන්න, නමුත් කිසිවක් හමු
නොවූවෝතින් තමුන් සෂං වංශයට නින්දා අපවාද වලට කුමක් ද කළ යුත්තේ?
“එසේ වූවෝතින් මම හැකි
විගසින් මෝ ස්වාමිපුත්රයාගෙන් සමාව අයදිමි”
“හොදයි එසේ නම,” මෝ රන් එයට
එකග විණි. “නමුත් එක දෙයක්, තමුන් වැරදිකරු වූවෝතින් , තමුන්ට සිදු වේවි දෑත් දෙපා
බිම තබා සෂං කදු මුදුනෙන් පහළට දණින් ගොස්
සමාව අයැදීමට”
මෝ රන්ගේ ආත්ම විශ්වාසය
දුටු මහා අන්ත්‍ර පොඩි මහත්මයා ගේ සිතෙහි සැකය නැමැති බීජය රෝපණය වී දළු ලන්නට
විය.
ඔහු ධ්‍යානවේදීන් අතර ලොකු
පැසසුම් දිනා සිටියත්, අවාසනාවන්ත ලෙස ඔහුට ධ්‍යානවේදය වැඩීමට මොන යම් ආකාරයේ හෝ
කෞශල්‍යයක් නොතිබිණ.
දෙදිනකට පෙර , තම පැරණි
අනියම් ප්‍රේමවන්තයා වූ රොං ජියෝ මෝ රන් ගේ සිත දිනාගත් බව දැනගත් පසු ඔවුන්
දෙදෙනා සම්මුතියකට එළඹුණි. මෝ රන්ගේ ධ්‍යානවේදී බල පරාක්‍රමය ඩැහැගැනීමේ ක්‍රමයක්
පිළිබදව රොං ජියෝ හට වැටහුණේ ය එමෙන්ම මහා අන්ත්‍ර පොඩි මහත්මයා ගනුදෙනුවක් වශයෙන්
රොං ජියෝගේ ස්වතන්ත්රතාව මිළදී ගැනීමට කටයුතු සුදානම් කරන්නේ ය. එපමණක් නොව, තම
ගෘහයට ඔහුව කැටුව යන බවටද , දිවි ඇතිතෙක් ඔහුට සත්කාර කරන බවටද ඔහු රොං ජියෝ හට
වචනයක් දුන්නේ ය.
මහා අන්ත්‍ර පොඩි මහත්මයාට
ධ්‍යානවේදයට අභිරුචියක් තිබිණ, රොං ජියෝ හට ධනයට ගිජු බවක් තිබුණේ ය. දුර්ජනයින්
දෙපලගේ මෙම එකතුව දුස්සන්ධානයට මැනවින් සමාන වේ.
පෙර භවයේදී ඔවුන්ගේ මෙම වංචාවට මෝ රන් හසුවිණි.
අවසානයේ දී ඔහුට එයින් අත්පත් වූයේ දුක් පීඩාවක් පමණි. මෙම මොහොතේ දී ඔවුන්ගේ
කූටෝපක්‍රමය සුන්විය. මෙම මොහොතේ මෝ රන් හට ඔහු අහඹු ලෙසින් මෙන් මුහුණට සිදු කිරීමට ගිය
දෙය පිළිබදව කිසිදු සාධාරණ පැහැදිලි හේතු කාරණාවක් නොතිබුණි. දින කිහිපයකට
පෙර වෙරි මතින් මත්ව විමෝහයෙන් සිහිවිකල්ව සිටි හෙයින් ජියෝ-අර් මෙය, ජියෝ-අර් අරක
ලෙස පවසමින් සියුම් විලසට රොං ජියෝගේ
ආලිංගනයට තුරුලු වී සිටියේ ය. නමුත් උදෑසන ඔහුට දෙවරක් කුරිරු ලෙස රමණය කර
, අනපේක්ෂිතව ඔහු සතු වටිනා දෑ ඩැහැගෙන පලා ආවේ ය.
මහා අන්ත්‍ර පොඩි මහත්මයා
කෝපයෙන් ඉපිළී විගසින් රොං ජියෝ ව ඇදගෙන සෂං කන්දට චෝදනා කිරීමය පැමිණියේ ය.
මෙම ලුණු විකුණන පොඩි
මහත්මයා විචක්ෂණශීලී ව්‍යාපාරිකයෙකි; ඔහු සිතා සිටියේ ඔහු මෝ රන් ව කම්මුතු කළහොත්
. වං මැතිණියට ඔහුගේ ධ්‍යානවේදය විසිරුවා හැරීමට ඇවිටිලි කළ හැකි බවය. ධ්‍යානවේදී-අවශෝෂක
හරිතමණි මාල පෙත්තක් සූදානම් , පහසුවෙන් රැස්කොට
පසුව තම ආධ්‍යාත්මික සංචය තුළට ස්වීකරණය කිරීමටය
නමුත් ඇන්, මෝ රන්ව
දැකීමෙන් පසුව , මහා අන්ත්‍ර පොඩි මහත්මයා පසුබට වූයේ ය.
මෝ රන් සටකපට පුද්ගලයෙක්
විය. ඔහු සොරා ගත් දෑ දැනටමත් විකුණා , ඔහුගෙන් ඒවා ඇදලා ගන්නා තුරු වත් බලා
සිටින්නේ ද?
එමෙන්ම කෙළවරක් දැනටමත් ළගා
වී තිබේ, එය අතහැර දැමීමත් නාස්තියකි, සමහර විට ඔහු කරනුයේ මුළා කිරීමක් ද විය
හැක....
මෙහි ඔහු තවමත් එකිනෙක වූ
ඔහුගේ සිතුවිලි සමග පොර බදිමින් සිටියේ ය, ඒ කෙසේ වූවත් මෝ රන් තම වස්ත්‍රයන් උනා
දැමීම එහිදී ආරම්භ කළේ ය.
ඔහු තම පිට වස්ත්‍රය ගලවා
බිම දැමුවේ ය, අරාධනාත්මක ලෙස සිනහවක් මුවග රදවාගෙන පැවසුවේ ය. “හරි! දැන් පරීක්ෂා
කරලා බලන්න එසේ නම්”
ගාල ගෝට්ටියකින් පසුව මාරු
කාසි කිහිපයක් හැරුණු කොට කිසිවක් සම්බ වූයේ නැත. මහා අන්ත්‍ර පොඩි මහත්මයාගේ මුහුණේ ඉරියව් මුළු
මනින්ම වෙනස විය.
“විය නොහැකියි! ඔබ අපිව
ගොනාට අන්දවනවා!”
මෝ රන් තම දම් පැහැති ඇස්
කොනකින් බලා, තම නිකට පිරිමදින්නට විය “ඔබ මාගේ වස්ත්‍ර දස වතාවක්ම අත දමමින් ,
අත එළියට ගනිමින් පරීක්ෂා කළා, සත්, අට වතාවක් පමණ මාගේ සර්වාංගයම අතපත ගාමින්
පරීක්ෂා කළා, මුළුමනින්ම නිරුවත් වී පෙන්වීම හැරෙන්නට අන් කිසිවක් කිරීමට ඉතුරු
වෙලා නැහැ දැන්, ඔබ එහෙත් නොසැනසෙන්නෙහි ද?”
“මෝ රන්, තමුන් නම්____”
මෝ රන් හට එක්වර යමක්
වැටහිණි “ආ! මට දැන් නේ වැටහුණේ, මහා අන්ත්‍ර පොඩි මහත්මයා මාගේ මේ ආකර්ෂණීය
කඩවසම් භාවයට රාගයෙන් බැදිලා වගේ, මෙවැනි සන්දර්ශනයක් රග දැක්වීම මාර්ගයෙන් තමුන්
ඔය ලාභ ප්‍රයෝජය උපයන්නේ කෙසේ හෝ මාව අතපත ගෑමට නේද? ”
මහා අන්ත්‍ර පොඩි මහත්මයා තම කෝපය පිට කිරීමට ළංව සිටියාක් මෙන් ඔහුගේ
මුළු මුහුණම කේන්ති සහගත භාවයෙන් රත් විණි. ඔහු මෝ රන් දෙසට ඇගිල්ල දිගු කළාත්
ඔහුට කිසිවක් කීමට නොහැකි විය. පසෙකට වී මෙම ජවනිකාව නැරඹූ ෂුවේ මං ගේ ඉවසීමේ සීමා
මායිම පැන ගියේ ය; ඔහු කොතරම් මෝ රන්ව ප්‍රතික්ෂේප කළත්, ඔහු සෂං වාංශික
සාමාජිකයෙකි, පිටස්තරයින්ට ඔහුට නිගරු කිරීමට කිසිදු අයිතියක් නොවූයේ ය.
ශිෂ්ටසම්පන්නතාවයේ
සලකුණක්වත් නොමැතිව ඉදිරියට විත් ඔහු තම අත ඔසවා මහා අන්ත්‍ර පොඩි මහත්මයාගේ
ඇගිල්ල පැකිලීමකින් තොරව කැඩුවේ ය “අපි උඹව අඩ රත්රියක්ම ඉවසාගෙන සිටියා, නමුත්
උඹ අපිට ගෙනාවේ අන් කිසිවක් නොවේ ප්‍රශ්නක් නැති ප්‍රශ්නයක් විතරයි” ලෙසට තරවටු
කළේ ය.
මහා අන්ත්‍ර පොඩි මහත්මයා
වේදනාවෙන් මොරගහන්නට වූවේ ය, ඔහුගේ ඇගිල්ලා ගසා දමමින් “තමුන්ලා සේරම! තමුන්ලා
සේරම එකට එකතුවී එය කරන්නට ඇත්තේ! අරුමයක් නොවෙයි එය, මෝ රන් ළග නොවූ දෙය එසේ නම්
තමුන් ළග ඇති, තමුනුත් වස්ත්‍ර උනා දමා මට පරීක්ෂා කරන්නට ඉඩ දෙනවා!”
යමෙක් ඔහුට තම ඇදුම් උනා
දැමීමට නියෝග කළා?! ෂුවේ මං සැණකින්
සමච්චලය පිරි ක්‍රෝධයකට ඉගිල ගියේ ය. “නිර්ලජ්ජිතයි! උඹේ ඔය සුනඛ අත්ලෙන් මාගේ රෝම කූපයක් වත් ඇලීමට
උඹ සිතුවා ද? මගෙ දෑහැට පේන්නෙ නැතුව මකබෑවිලා පලයං මෙතනින්”
ස්වාමිපුත්‍රයා තම හඩ අවදි
කිරීමෙන් අනතුරුව , පක්ෂපාති ශාලාවේ සිටි සේවකයින් පවා සැඩපහරක් මෙන් සිටි දෙපල
පිළිබදව අප්‍රසාදයෙන් සිටි හෙයින් කදු මුදුනින් පහළට පා පහර දී ඇද දැම්මා මෙන්
ශාලාවෙන් පිටතට ඇද දැමූහ.
දුර සිට ඇසෙන පරිද්දෙන් මහා
අන්ත්‍ර පොඩි මහත්මයා ක්‍රෝධයෙන් මොර දෙන්නට විය “මෝ රන් උඹ බලාගෙන හිටපං, මම උඹව එලෙස පහසුවෙන් අතහරින්නේ නැහැ”
පක්ෂපාත ශාලාවෙන් පිටත
සිටන් සිටි මෝ රන් රාත්‍රී නුබ ගැබ දෙස වලා, ඔහුගේ දෙනෙත් සිනහවකට හැරෙව්වේ ය ,
සුසුම් හෙළමින් “මා මහත්සේ බිය වූවා”
ෂුවේ මං ඔහු දෙස ඔරවා
බැලුවේ ය “කුමකට ද ඔබ බිය වූයේ~?”
මෝ රන් අව්‍යාජ කණස්සල්ලක්
යුතුව පැවසුවේ ය “ඔවුන් ලුණු වෙළෙන්දන්, මා බිය වූයේ අනාගතයේ දී මට කිසිදු
අයුරකින් ලුණු නොලැබීම නිසයි~”
“............”
ෂුවේ මං මද වේලාවක් නිහඩව සිට ඇසුවේ ය “ඔබ ඇත්තටම අභිසාරිකයා සමග
රමණය කළා ද”
“නැත.”
“එහෙත් ඔබ ඇත්තටම සොරකම් කළා ද”
“මම ඇත්තතම නොකළෙමි”
ෂුවේ මං සුසුම් ලෑවේයා “මට නම් ඔබව විශ්වාස නැහැ”
මෝ රන් මහ හඩින් සිනාසෙමින් හස්තය එසෙව්වේ ය “සුරලොව! මා මුසා
පැවසුවොත් මට හෙනයක් එවනු මැනවි!”
ෂුවේ මං තම අත ඔසවා මෝ
රන්ගේ හස්තය තදින් ග්‍රහණය කළේ ය, ඔහු මෝ රන් දෙස රවා බැලුවේ ය. “කුමක් ද ඔබ ඔය
කරනුයේ” ෂුවේ මං සුසුම් ලමින් මන්ත්‍රයක් මැතිරුවේ ය. සෝයා බෝංචි වැනි පබළු ගොන්නක් එකිනෙක ගැටී බිම වැටී විසිරෙන හඩක්
ඇසිණි, ඒවා සියල්ල මෝ රන් ගේ ඇදුමේ අතින් රූරා විත් බිමට වැටිණි.
ෂුවේ මං තම ආධ්‍යාතිමික
බලය තම හස්තය මතට එක් රොක් කොට එම පබළු දෙසට යොමු කළේ ය. පබළු දිලිසී රත්‍රං
ගොඩක් සහ වටිනා කියන දෑ බවට පත්විය, ප්ලම් කැකුළු මුද්‍රා කළ වළයාභරණ සහ හරිතමණි කුණ්ඩලාභරණ රත්‍රං පැහැයෙන්
පොළොව මත් දිස්නෙ දෙන්නට විය.
මෝ රන් : “අපි එකම වාංශික මිත්‍ර
ගෝලයෝ වෙමු, මෙය දුරගිය ගෙනියන්නට එපා”
ෂුවේ මං රවා බැලුවේ ය “මෝ
වෙයියූ , උඹට ලැජ්ජාවක් කියා නාමයක් නොමැති ද?”
මෝ රන් සුසුම් හෙළුවේ ය.
“නියෝග වලට මට හඩා වැලපීමට නම් බැරිය”
ෂුවේ මංගේ වත අන්ධකාරයේ
ගිළිණ “මෙසේ ද ඔබ සෂං වංශයේ සැගවීමේ විධික්රමය භාවිතා කරනුයේ”
“හ්ම්ම්! ප්‍රායෝගික
උපයෝගයන්”
ෂුවේ මං උරණ වූවේ ය “අර
ලුණු වෙළෙන්දා කරදකාර ණහවෙක්, ඔහු ඉදිරිපිට මම තමුන්ගේ රෙදි ගැලෙව්වෙ නැහැ, නමුත්
ණහ වැඩ යනු චෞරකමේ යෙදී, සල්ලාල කමේ යෙදී මෙහි ඇති නීති උල්ලංඝනය කිරීම නොවන්නේ ද?
තමුන් කරා වගේ ? තමුන් ඉන්න වංශය අදාළ නැත, තමුන්ව ගැන හෙළිවූවා”
මෝ රන් නිර්භයව උපහාසාත්මක
ලෙස සිනහ වූවේ ය “දැන්, කුමක්ද ඔබ මෙයට කරන්නේ? මාමණ්ඩිය පැමිණි පසු මා ගැන කේළාම්
පවසන්නේ ද”
ඔහු එය පිළබදව නොසැලුණේ ය.
ඔහුගේ මාමණ්ඩිය දැනටමත් ඔහුව සුරතල් කොට තිබිණ: ඔහු මෝ රන් හට සුලු වශයෙන් බැණ
වැදුනාට ඔහුට කිසිදා තලා පෙලා නොමැත
ෂුවේ මං හැරුණේ ය ඔහුගේ
දිගු කොණ්ඩය පවනේ පාවෙයි, ඔහුගේ දෙනෙත් අවඥානයෙන් රාත්‍රී අන්ධකාරයේම දිලිසෙන්නට
විය
“පියාණන්? නැත, එතුමා
කුන්ලුන් හි ය. මසක් හෝ දෙමසක් යනතුරු නැවත නොපැමිණේ”
මෝ රන් ගේ සිනහව ගල් ගැසිණි අශුභ හැගුමක් ඔහු
වෙතට පැමිණිය. එකවරම එක් පුද්ගලයෙක් ඔහුගේ මතකයට නැගුණි
නමුත්____
ඔහු මෙහි සිටියේ නම්
අනවධානයෙන් යුතු වං මැතිණිය වෙනුවට පක්ෂපාති ශාලාවේ දී චං ස්වාමිපුත්‍රයාගේ ගැටළුව
පිළිබදව ඔහු වග බලා ගන්නේ ය,
ඒ පුද්ගලයා....මෙහි නොසිටිය
යුතුයි....එහෙම නේද?
ඔහුගේ නෙත් හි වූ චංචලනව
දුටු ෂුවේ මං ගේ පිළිකුල නැමැති වා තල තවත් පැහැදිලි විය.
“පියාණන් තමුන්ව බොහෝ
සෙයින් සුරතල් කරලා, නමුත් මෙම සෂං කදු මුදුනේ , තමුන්ව සුරතල් නොකරන අයෙක් ඇත්තේම
නැද්ද?”
මෝ රන් පියවර කිහිපයක් පසු
පසට තැබුවේ ය, බලයෙන් මෙන් මුවග සිනහවක් රදවා ගත්තේය “මාගේ ගරු සම්මාන ලද ඥාති
සොයුරාණනි, දැන් බොහෝ රෑ බෝ වෙලා, වැඩිහිටියාගේ
නිදහසට බාධා කළ යුතු අවස්ථාවක් නොවෙයි මෙය, මම වැරදියි, මෙවැනි වරදක් අයේ
මා අතින් සිදුනොවේවි, කෙලෙස ද එය? යන්නකෝ, ගොස් විවේක ගන්න, හෙහෙ!, ඔබට ගොඩක්
තෙහෙට්ටුයි වගේ පෙනෙන්නේ”
ඉන්පසු ඔහු එතනින්
ක්ෂණයකින් දිව ගියේ ය
ඔබට හැකි වූවා මට උසුලු
විසුලු එසේනම්! ෂුවේ මං සගයා බොහෝ සෙයින් දරදඬු ය.
මෙම මොහොතේ ඔහු මනු ලොව
පාලකයා වන තාශියෑන් ජූන් නොවන්නේ ය, එම පුද්ගලයාගේ අතට හසුවීමේ අවධානම ගැනීමට ඔහුට
ගත නොහැක්කේ කෙලෙස ද? එම පුද්ගලයාට හසුවූවෝතින් සොරකම සහ වේශ්‍යාකමෙහි යෙදීම ,
නිසැකවම ඔහු මෝ රන්ගේ දෙපා යුගලම කඩා දමන්නේ ය. ඔහු මේ මොහොතේ පලා නොගියහොත්, ඔහුට
දෙවෙනි අවස්ථාවක් උදා නොවේවි.
T/N
පක්ෂපාතී ශාලාව - Loyalty Hall
❤️ ❤️ ❤️
ReplyDelete