අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | සිව්වන දිගහැරුම : මේ උත්තමයාණන් ගේ ඥාති සොහොයුරා

 



  මෙයි යනු ඔහුගේ නමයි, එය “ශ මෙයි” [shi mei / junior sister ]කනිෂ්ඨ සොහොයුරිය යන්නට සමාන නොවේ , එහි රෑපාක්ෂරයන් වෙනස වේ.

 

ෂ මෙයි යනු අව්‍යාජ ලෙසම  තරුණයෙකි, ඔහු වංශයට සම්බන්ධ වූ දා පටන් ඔහුව සැලකුවේ මෝ රන් ගේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු ලෙසය.  ඔහුට එවැනි අවසනාවන්ත නමක් උරුම  වූයේ සෂං වංශ ප්‍රධානිතුමාගේ වියත්කමෙහි හිඟය බාවය නිසාය.

ෂ මෙයි යනු අනාථයෙක් විය. වංශ ප්‍රධානී තුමා ඔහුව කැළෑවක සිටිය දී සොයා ගෙන තිබේ. ඔහු දුර්වල සහ අසනීප ගතියෙන් හෙබි දරුවෙකු විය, එහෙයින් වංශ ප්‍රධානීතුමා ඔහුට නියාලු නමක් දෙන්නට ඇත, හරියට  නියාලු නම් රැගෙන එන්නේ  ජීවිතයේ මුල් අවදියේම ලෙසට ය.

කුඩා දරුවෙක් ලෙසට  සිටින කල ඔහු ගැහැණු දරුවෙකු ලෙසටම ලස්සන සහ පියකරු එමෙන්ම සිත් ඇදගන්නා සුළු ලෙසට ආදර්ණීය විය. බොහෝ වේලාවක් සිතීමෙන් අනතුරුව , ප්‍රධානියා අවසානයේ දී “ෂුවේ යා” නැමති නම තේරුවේ ය, එහි අරුත “කොහොඹ දල්ලක් වැනි කෙල්ල” විය.

ඔහු වැඩෙත්ම ඔහුගේ  රූපමත් බාවය වඩන්නට විය. ඔහුට කෙසඟ ස්වරූපයක් හිමිවූයේ ය. දෙබැමි අග සහ දෙනෙත් කෙළවර මනා ලෙස තියුණු විය, එය ඔහුගේ රෑපය වඩ වඩාත් සුරූපී සහ රූපසම්පන්න කරන්නට විය. මේ සියල්ලෙහි බලපෑමෙන්  ඔහුට අසමසම ස්වභාවික සුරූපී බාවයක් ලැබුණි.

අශෝභන අසංස්කෘතික ගම්බද ගොවියෝ ෂුවේ යා යන නමෙහි භාවිතයෙහි වරදක් නොදුටුවේ ය, නමුත් කිසිවෙක් අසා තිබේ ද ඓතිහාසික සුරූපිනියක් ව “සුනඛ මුෂ්කය” හෝ “යකඩ පොල්ල” යන නම් වලින් ?

ඔහුගේ වංශික  සගයෝ  එම නාමය සුදුසු බවට නොසිතුවෝ ය. එහෙයින් ඔවූහු සෙමින් “ෂුවේ යා” යනුවෙන් ඇමතීම නතර කළෝය. නමුත් එය වංශ ප්‍රධානීතුමා විසින් පිරිනමන ලද්ද්ක් හෙයින් කිසිවෙකුට එය වෙනස් කිරීමට අනුමාන කිරීමට පවා දිරියක් නොතිබිණ. ඔවුහු උසුලුවට මෙන් ෂ මෙයි යනුවෙන්  ඇමතීම ඇරඹුවෝ ය.

ෂ මෙයි මේක, ෂ මෙයි  අරක; ඉන් පසු වැඩිය නොතකමින්, සෂං වංශයේ  ප්‍රධානීතුමා තම ඇඳුමේ දිගු අතසොලවමින් කරුණාවන්ත ලෙස “ෂුවේ යා ඇයි ඔබ ඔබගේ නාමය ෂ මෙයි ලෙසය වෙනස් නොකරන්නේ? “මං මෙයි” වන වචනයෙන් එන “මෙයි” යන්නෙහි අර්ථය “අනුවණ සහ අශිෂ්ට” යන්නයි , ඔබේ අදහස කුමක්ද?

ඔහු එය ඇසීමට තරම් එඩිතර විය....
කුමනාකාරයේ සාමන්‍ය පුද්ගලයෙක් ද එම නාමය අප්‍රිය නොකරන්නේ? ඒ කෙසේ වෙතත් , ෂ මෙයි තවමත් සන්සුන් ලෙස ශාන්තව සිටියේ ය, එමෙන්ම වංශ ප්‍රධානීතුමා ඔහු දෙස උද්‍යෝගිමත් ලෙස සහ ජයග්‍රාහී ලීලාවෙන් බලා සිටියේ ඔහු විශ්මිත් කාර්යක් කළ බව සිතමින් ය. ඔහුගේ හදවත එය ප්‍රතික්ෂේප කිරීමට තරම් දිරමත් නොවීය. එහෙයි ඔහු දනගසා ආචාර කොට  එම නාමය ප්‍රසාදයෙන් යුත්ව භාර ගත්තේය. එදා සිට ඔහුගේ නම “ෂ මෙයි” ලෙසට වෙනස් විය.

කළු ලෝගුව හැදි පුද්ගලයා කිහිපවරක් කසින්නට විය, අවසානයේ දී ඔහු හුස්මක් ගත්තේ ය. ඔහුගේ නෙත් මෝ රන් වෙතට යොමු විය. “මේ?  ආ-රන් ? ඔබ කුමක් ද මෙහි කරන්නේ?”

තුනී සළු තීරුවට පිටුපසින්  වූ, සුකුමල දෙතු සහල උල්පත් දිය මෙන් විය, එමෙන්ම එය නිශා ගගනතලයේ තුරු රටා මෙන් බබළමින් මෝ රන් ගේ හද මන්දරයේ ගිල්මටම සිදුරු කරන්නාක් මෙන් දැනුණි.

එම එකදු බැල්මකින් අදිරද තාශියෑන් ගේ සැගවුණු හැගුමන් උද්දීපනය වීමට සහ සෙනහස මෝරා ගෙන ඒමට පවා ප්‍රවනතාවයක් තිබිණි.

ඒ ෂ මෙයි ම විය.
එහි කිසිදු වැරදි උපකල්පනයක් නොවීය.

මෝ රන් යනු දුර්ජනයෙකි, පෙර භවයේදී ඔහු නන්විද ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින් සමග රතී ක්‍රීඩාවෙහි නියැලුනේ ය. එවැනි ලිංගික ක්‍රියාවලින් ඔහු මිය නොයෑම ඔහුටම අරුමය දනවන කරුණකි.

ඒ කෙසේ වුවත් ඔහු හදවත දුන් එකම පුද්ගලයාව ස්පර්ශ කිරීමට තරම දිරියක් ඔහුට නොවීය.

ඔහු සහ ෂ මෙයි එකිනෙකාට බොහෝ සේ ළං වූහ. ඔවුන්ගේ  සබදතාව සක්සුදක් සේ ප්‍රේමාන්විත විය, ඒ කෙසේ වෙතත් ෂ මෙයි මියයන තුරාවටම මෝ රන් ඔහුගේ අත අල්ලා තිබෙනුයේ එක් වරක් පමණි. ඔවූහු අහම්බෙන් මෙන් තොල් සිප ගත්තෝ ය, එය එක්තරා අහඹු සිදුවීම්කි.

මෝ රන් හට එය අශිෂ්ට දෙයක් සහ කැලලක්  ලෙස හැගුනි මන්ද යත් ෂ මෙයි යනු පිවිතුරු වූ මොළොක් වූ අයෙකි. මෝ රන් ඔහු සමග සිටීම නුසුදුසුය.

ජීවිත කාලයේදී, මෝ රන් විසින් ෂ මෙයි ව උතුම් කොට සලකූ අයෙක් ලෙසටම රක්ෂා කෙරුණි. ඔහුගේ මරණයෙන් පසුව ද ඔහු තාශියෑන් ජූන් ගේ චන්ද්‍රකාන්තිය බවට පත්විය. බලාපොරොත්තු සුන්වූ විලසට කෙතරම් මතකයන්ට පණ දීමට වෙර දැරූව ද, නැසී ගියා වූ තැනත්තන් අයත් වනුයේ අතීතයට පමණි, එය හරියට හැගෙණුයේ සියල්ල දියවී ගොස් පොළොවේ එක් ගැටිත්තක් පමණක් ඉතිරි වූ විලසටය, යටන් වූ පාතාල ලෝකයේ, අත්‍යුත්තර මං සලකුණු මැකී ගියාක් මෙනි.

නමුත් මේ මොහොතේ ෂ මෙයි ඔහු ඉදිරි පිට සිටන් සිටී, ජීවතු අතර. හැගීම් සගවා ගැනීම යනු ඔහු විසින්  දැරන ලද මහගු ප්‍රයත්නයක් මෙන්ම ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය ඔහුව මැඩලීමට රුකුල් විය.

මෝ රන් ෂ මෙයි ට සිට ගැනීමට සහය වූයේ ය, සහ ඔහුගේ ලෝගුවෙහි වූ දුහුවිලි පිස දැමුවේ හදවතේ ලොකු වේදනාවක් තබා ගෙන මෙන් ම ශරීරිකව වේදනාවන්ගෙන් ද යුක්තවය.

“මා මෙතන නොසිටීයේ නම් ඔවුන් ඔබට තවත් කරදර කරාවි, ඇයි ඔබ ඔවුන්ට පෙරළා පහර නොදුන්නේ?”

“මට උවමනා වූයේ පළමුව මෙයට හේතුවක් සොයා ගැනීමටයි....”

“ඔය වගේ මිනිස්සු එක්ක ඔබට හේතු පහදා ගන්න බැහැ, කෝ බලන්න ඔබට තුවාල උනා ද? කොහෙද රිදෙන්නේ?”

[කසිමින්], “ආ-රන්, මම......මේ.....මම හොදින්”

මෝ රන් ඔහුගේ හිස හැරෙව්වේ ය, ඔහුගේ  මුහුණේ ඉරියව් රෞද්‍ර විය “සෂංවරයෙකුට අත එසවීමට බිය නොවීමට  තරම් තොපිලට හයියක් ආවා නේද?  ” ඔහු ධ්‍යානවේදීන් දෙස හැරී පැවසුවේ ය.

“ආ-රන්....., එය ගැන එතරම් සිතන්නට එපා.....”

“තොපිලාට ඕනේ ගහගන්න ද? වරෙනං ඉතින්! ඇවිත් මාත් එක්ක ගහගනිං”

මෙම ධ්‍යානවේදීන් කණ්ඩායම දැනටමත් ඔහුගෙන් සැපසේ පහරකා තිබුණි. ඔහුගේ එක ප්‍රහාරයක් ඔහුගේ ධ්‍යානවේදී ශිල්ප කලාව ඔවුන්ට වඩා බලවත් බව මැනීමට තරම් බොහෝ සෙයින් ප්‍රමාණවත් වේ, ඔහු සමග කෝලහල වීමට බිය වී ඔවුහු පසුබැස්සෝ ය.

ෂ මෙයි සුසුම් හෙළුවේ ය. “ආ-රන් , ඔය රණ්ඩුව දැන් නවත්තන්න , ඔවුන්ට සමාව දීලා ඕක අමතක කරලා දාන්න”

මෝ රන් ෂ මෙයි වෙතට හැරුණේ ය. ඔහුට බොහෝ කලක සිට එන හදවතේ ඇති වූ වේදනාව නතරකර ගැනීමට නොහැකි විය, ඔහුගේ නෙතගෙහි යම් උණුසුමක් දැනිණි.

ෂ මෙහි යනු කාරුණික හදවතකින් හෙබි අයෙකි. පෙර භවයෙහි දී, මරණාන්න මොහොතේ දී පවා ඔහුට යල්පැන ගිය කිසිදු ක්‍රෝධයක් හෝ වෛරයක් නොතිබුණේ ය. තම ජීවිතය බේරා ගැනීමට තිබූව ද පසෙලකට වී බලා සිටි   ඇදුරුතුමා හට පවා වෛර නොකරන ලෙසට ඔහු මෝ රන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය

“නමුත් ඔවුන්......”

“මම හොදින්නේ, මේ බලන්නකෝ! කිසිවක් සිදුවේලා නැහැ, සුළු ප්‍රශ්න විසදා ගැනීම, ලොකු ප්‍රශ්න ඇති කරගන්නවාට වඩා හොදයි,  මේ අයියණ්ඩි කියන දෙයටත් සවන් දෙන්න”

මෝ රන් සුසුම් ලෑවේය ය. “හොදයි එසේනම්, මම ඔබට සවන් දෙන්නම්කෝ,  මා ඔබ පවසන සියල්ලටම  සවන් දෙන්නම්” ඔහු හිස මදක් සොලවා ධ්‍යානවේදීන් දෙස බැලුවේ ය.  “තොපිලාට එය ඇසුණා ද? මගේ මේ ජ්‍යෙෂ්ඨ අයියණ්ඩිය තොපිලා ගැන මොහුට තිබෙන අනුකම්පාව නිසා , තොපිලා වෙනුවෙන් කතා කළා, තොපිලා මොනවා ද තවත් මෙතන බලාගෙන ඉන්නෙ, මකබෑවිලා පලයව් මෙතනින්, නැත්තම් මම එනකම් ද බලාගෙන ඉන්නෙ?”

“එසේය, එසේය, අපි පිටවෙන්නම්”

“මදක් නවතින්න!” ෂ මෙයි ධ්‍යානවේදීහු කණ්ඩායමට පැවසුවේ ය.

පහර කෑමෙන් පසු ෂ මෙයි ඔවුන්ට පහසුවෙන් යන්න නොදීවි යැයි ඔවුහු උපකල්පනය කළෝ ය.  ශියැන් ජූන්, ශියැන් ජූන්, වරද අපේ, කමා කරනු මැන, අපි අනුවණ වූවා, අනේ! කමා කරලා අපට යන්න දෙනු මැනවි” බිම දණ ගසමින් ඔවුහු පැවසුවෝ ය.

“මම මීට පෙර කරුණු පහදා දීමට වෙර දැරූ විට ඔබලා මට සවන් දුන්නේ නැහැ” ෂ මෙයි සුසුම් ලෑවේ ය. “දෙමව්පියන්ට ලොකු දුකක් දීලා , ඔබලා අන් අයගේ දරුවන් පැහැර ගත්තා, මේ දේවල් කරලා කොහොමද ඔබලා හෘද සාක්ෂියට එකගව ජීවත් වන්නේ?”

“අපට කමා කරනු මැන ශියැන් ජූන්!, අපට කමා කරනු මැන! අපේ අතින් ලොකු වරදක් සිදුවුණේ,  අපි යළි කිසිදාකවත් එවැන්නක් සිදු නොකරමු”

“මෙතැන් පටන් ඔබලා පවිත්‍ර දිවි පෙවෙතක් ගත කළ යුතුයි, මෙවැනි දුෂ්ට ක්‍රියාවන්ගේ තොර වූ, ඔබලාට වැටහුණෙහු ද?”

“එසේය, ඔබතුමා අපට පාඩමක් කියා දුන්නා, අප, අප එය හොදින් ඉගෙන ගත්තා, අපි අපේ පාඩම හොදින්ම ඉගෙන ගත්තෙමු”

“එසේනම් මේ මැතිණියගෙන් සමාව අයදින්න! ඇගේ දැරුවන්ව  පරිස්සමෙන් සුව කරලා දෙන්න”

සිදුවීම එසේ නිමා විය. මෝ රන් ෂ මෙයි හට අසු පිට නැගීමට උදව් කළේ ය, ඔවුහු  තව අශ්වයෙකු කුලියට ගෙන ගත්හ. ඔවුන් දෙදෙනා එකිනෙකාට දෙපැත්තෙන් වී තම වංශය පිහිටි වාසස්ථානය කරා පිටත් වූහ.

 ගගනතලය මුදුනේ තාරකපති ලෙළ දෙන්නට විය, එහි කාන්තිය වෘක්ෂ පත්‍ර සිදුරු කරමින් පා මග ට විසිරෙන්නට විය. ඔවුහු ගිය පසු මෝ රන්ට  යම් ප්‍රමෝදයක් තමා තුළ වැඩෙන බව දැනෙන්නට විය. ඔහු පළමුව සිතුවේ සෂං කදු මුදුන  යන තුරු ඔහුට ෂ මෙයි ව දැකීමට නොලැබන බවය. අහඹු ලෙස හෝ ෂ මෙයි කදු මුදුනෙන් බැස විත්, ඔහු කරා දිව ඒවි යන වගනම් ඔහු බලාපොරොත්තු නොවූවේ ය. මෙය තහවුරු කළේ මෝ රන් ගේ විශ්වාසය වූ  ෂ මෙයි සහ ඔහු දෛවෝපගතයි යන වග පමණි.

ෂ මෙයි සහ ඔහු අතර දැනට කිසිවක් නොවූවත්, පෙර බවයේ ඔවුන් දෙදෙනා රාගික සිපගැනීම ප්‍රේමවිතයන් වල වෙලී සිටියෝ ට, ඒ සියලු ඉගිබිගි පෑම් ,මේ අත් බවයේද එලෙසම ගලායාවී, එය කාලයත් සමගම සිදුවේවි.

ඔහුට වද දුන් එකම ගැටලුව වූයේ, ෂ මෙයි ට ආරක්ෂාව ලබා දෙන්නේ කෙසේද යන වගයි, එම වර්ෂයේ සිදුවූවාක් වැනි දෙයක් යළිත් නොවීමට වග බලාගත් යුතුයි, එදා ෂ මෙයි මෝ රන්ගේ  අතෙහි මිය ගියේ ය.

ෂ මෙයි හට මෝ රන් යළි උපන්න බවක් දැනගැනීමට ක්‍රමයක් නොවිය, පෙර විරූ සේ කතාබස් දොඩමින් ඔවූහු යළි පැමිණියෝ ය, ඔවූහු සෂං කදුමුදුන පාමුලට ළගාවිය.

යකුන් ගස් නගින මොහොතක, අයෙක් කදු ද්වාරය ඉදිරි පිට සිටගෙන, තර්ජනාතමක විලසකින් ඔවුන් දෙස බලා සිටීවි යැයි කවුද සිතුවේ

“මෝ රන් ! තමුන්ට අවසානයේ ආපසු ඒමට එසේ නම් මතක් වුනා ??”

“ඈ!?”

මෝ රන් හිස ඔසවා බැලුවේ ය. ආ!  සුරලොව පුත්‍ර සිඟිත්තා කෝපාවිෂ්ට වී ඇත.

ඒ අන් කවරෙකු වත් නොවී ය, එනම යෞවනාවධියේ සිටින්නා වූ ෂුවේ මං ම විය.

ඔහු මිය යන විට දුටු පුද්ගලයාට වඩා දාහතර වියැති අය ඉතා සිත් ඇදගන්නා සුළු විලසට කඩවසම් විය. ඔහු නිල් සහ කළු මිශ්‍ර ළා පැහැති සන්නාහයකින් සැරසී සිටියේ ය. දිගු කොණ්ඩය කඩා හැලෙන සේ උස් කොට බැද , රිදී පැහැති කොණ්ඩා කටුවකින් සරසා තිබිණි. ඔහුගේ ශක්තිමත් වූ සිහින් ඉණ වටා  බැද  බද පටියෙහි සිංහ මුහුණක් අලවා තිබිණ , ඔහුගේ මැණික් කටුව සහ වළලු කර කෙණ්ඩා වැස්මකින් ඔතා තිබිණ. හීනි වකුටු වූ අසිපතක් ඔහුගේ පිසිපසින් දිලිසෙන්නට විය. ඔහුගේ වමතෙහි වූ  හියොවුර (ඊතල බහාලුම) රිදි පැහැයෙන් දිස්නෙ දෙන්නට විය.

මෝ රන් සුසුම් හෙළමින් තනිව සිතන්නට විය

හ්ම්ම්, පුහු ආටෝප.

ෂුවේ මං වැඩිහිටියෙකු වුවත්, යෞවනයෙකු වූවත් ඔහු නිසැකයෙන්ම පුහු ආටෝප වලින් හෙබි විය.

ඔහු දිහා මදක්  බලන්න; සන්නාහ වලින් සැරසී සිටීම, නිදා ගැනීම හැරුණු කොට ඔහු කරනුයේ කුමක්ද?
විහගුන්ගේ සංවාස සමයේදී රැගුම් රඟන කළ මයුරන් තම පිල් කළඹ පෙන්වා නෘත්‍ය රංගනයෙහි යෙදීමට මෙහි ආවා ද?

මෝ රන් ෂුවේ මං හට අකමැති විය, ෂුවේ මං ද එලෙසම ඔහුට අකමැති විය.

මෝ රන් යනු සම්මත විවාහයකින් පිට ඉපැදුනු දරුවෙකි. ඔහුගේ බලවියේ දී, ඔහු තම පියා කවුරුන් දැයි කියා නොදැන සියේ ය. ශියං තන් හි වූ විනෝදාශ්වාද මඩමක ඔහු අමුතු ආකාරයේ වෘතීන්හි නියැලමින් සිටියේ ය. ඔහු දාහතර වෙනි වියේ දී ඔහුගේ ඥාතීන් විසින් ඔහුව සොයා ගෙන සෂං කදු මුදුනට රැගෙන ආහ.

ෂුවේ මං  යනු සෂං වංශයේ ස්වාමිපුත්‍රයා වූයේ ය, ඔහු මෝ රන් ගේ ඥාති සොහොයුරෙකු විය. ඔහු ආශ්වර්‍ය මත් ගුණ ඇත්තෙක් මෙන්ම ඥානවන්තෙකු වූ හෙයින් මිනිසුන් ඔහුව හැදින්වූයේ “සුරලොව පුත්‍රයා” , “ෆීනික්ස් ගේ පුත්‍රයා ” යන නම් වලින් ය. සාමන්‍ය ධ්‍යානවේදියෙකු මුල් වර්ෂ තුනේ දී මූලික දැනුම ලබා ගනී, ආධ්‍යාත්මික මධ්‍ය ලක්ෂය සාදා ගැනීමට දස වසරක් පමණ ගත වේ. නමුත් ෂුවේ මං ගේ සහජ නිපුණත්වය හෙයින් ඔහු පස් වසරක් වැනි කෙටි කාලයකින් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කර ගත්තේ ය.

නමුත් මෝ රන් හට නම් , ෆීනික්ස් පක්ෂියෙකු වූවත් සැවුලෙකු වූවත්, මයුරෙකු වූවත් තාරාවෙකු වූවත්, ඒ සියල්ලෝම කුරුල්ලන් ය. එකම වෙනස වූයේ ඔවුන්ගේ පියාපත් වල ඇති දිග ප්‍රමාණය යි.

මෝ රන් ට ෂුවේ මං ව පෙනුණේ පක්ෂියෙකු විලසින් ය.

ෂුවේ මං හට මෝ රන් ව පෙනුණේ සුනඛයෙකු විලසින් ය.

ඇතැම් විට එය පවුල් පසු බිම තුළ සිදුවන්නක් විය හැක, නමුත් මෙය මෝ රන් හට වඩ වඩාත් විශ්මිත තිළිණයක් වූවකි, ෂුවේ මං ටත් වැඩියෙන්.

මෝ රන්ගේ පළමු පැමිණීමේ දී ෂුවේ මං තමාවම ඉහළ පාංතිකයෙකු ලෙසට සලකා ගෙන සිටියේ ය. ඔහු වඩාත් නිපුණ විය, උගත් විය, ශක්තිමත් මෙන්ම කඩවසම් විය. කෙලෙසක ද ඔහුව මෙම අවජාතක, දියාරු දාමරික ඥාති සොයුරා  සමග සැසදිය හැක්කේ?

මෙම ආත්මරාගී ෆීනික්ස් පක්ෂියා ඔහුගේ සේවකයින් සමග පුරසාරම් දොඩන්නේ “මේ අහනවලා, මෝ රන් යනු අලසයෙක්, වීදී සංකරයෙක්, තමුන්ලාට ඔහුට කිසිදු විදියේ අවදානයක් දීම සපුරා තහනම්, ඔහුව සුනඛයෙකු යැයි මවාගන්නවලා”

“ස්වාමිපුත්‍රයා නිවැරදියි, මෝ රන් දැනටමත් දාහතර වියේ පසුවන්නෙකි, ඔහු ධ්‍යානවේදය දැන ඇරඹුවෝතින්, ඔහුට මූලික දැනුම උගැනීමට දස වසරක් වත් ගතවේවි, ආධ්‍යාත්මික මධ්‍ය ලක්ෂය පිහිටුවා ගැනීට තවත් විසි වසරක් ගත වේවි, ඒ වන විත ස්වාමිපුත්‍රයා දැනටමත් කිරුළු පළදාගෙන අවසන්, ඔහුට පහළ සිට බලාගෙන සිටීම්ට පමණක් සිදුවේවි” සේවකයෝ ඔහුව ආපිට පැසසුමට ලක් කරමින් පැවසුවෝ ය.

ෂුවේ මං අවඥාවට මෙන් සිනා සී “විසි වසක්?, මේ කුණු ගොඩ දිහා බැලුවෝතින් නම් පෙනෙනුයේ , මොහුට ආධ්‍යාමික මධ්‍ය ලක්ෂය සාදා ගැනීමට හැකිවේද යන්නත් සැක සහිතයි”

තම ඇදුරුතුමා යටතේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසු  වසරක් ඇතුළත  එම කුණු ගොඩ තම ආධ්‍යාත්මික මධ්‍ය ලක්ෂය ඉක්මණින්ම සාදා ගනීවි යැයි කවුද සිතුවේ.

ෆීනික්ස් පක්ෂියාට දැනුණේ තමා අකුණු ගැසීමකට මැදිවූවක් මෙන්‍ ය. තිත්ත වූ සත්‍ය නම් ගිලීමට අපහසු ය.

ඔහු අනෙකා ඔහුගේ අසිපත මත ගමන් කරන විට ලිස්සා වැටේවා යැයි රහසින් ප්‍රාර්ථනා කරමින් සිටියේ ය. ඔහු තම දිව ඇඹරෙණ තුරු එලෙස නැවත නැවත  ශාප කළේ ය. 

ඔහු මෝ රන් දුටු සෑම විටම, කුඩා ෆීනික්ස් පක්ෂියා හට ඇස් කරකවා බැලීම නතර කිරීමට නොහැකි විය, එමෙන්ම ඔහුගේ සමච්චලයන් සැතපුම් තුනකට පමණ විහිදෙන සේ ඇසෙයි

මෙම බාලවියෙහි මතකයන් මෝ රන්ට මතක සිටියා සේ, ඔහුට ද විනෝදය පිරි පටු බැල්ලමක්  නො දමා සිටීමට නොහැකි විය. ඔහු  එවැනි සුළු දේවල් අත්විද දිගු කාලයක් විය. දස අවුරුදු හුදෙකලා වීමෙන් පසු , අතීතයේ සිදුවූ අමිහිරි දෑ පවා ඔහුට රසදුනක් විය.

ෂුවේ මං දැකීමෙන් පසු ෂ මෙයි අසු පිටින් බැස , තම උණබට වලින් සාදන ලද හිස් වැසුම ගලවා , අත්ද්විතීය  ලෙස විශ්මයාකාර වූ මුහුණ අනාවරණය කළේ ය.

එය ඔහු මෙලෙස හැද පැළද ගෙන තනිව ගිය බවක් ගම්‍ය කළේ ය. මෝ රන් මදක් එබී බලා, මෙම පුද්ගලයා බෙහෙවින් වශීකෘත අයෙක් යැයි තනිව සිතමින් , ප්‍රහර්ෂයට පත්වූයේ ය, මන්ද යත එවැනි රූ සපුවක් මෙලොව අන් කවර තැනකවත් නොමැති ය.

“ස්වාමිපුත්‍රයානෙණි” ෂ මෙයි ෂුවේ මං හට ආචාර කළේ ය.

ෂුවේ මං හිස සැලුවේ ය. “ඔබ ආපිට ඇවිත්? මිනිස් සෙල්ලම් බඩු  ප්‍රශ්නය ගැන වග බලාගත්තෙහි ද?”

ෂ මෙයි සිනාසුනේ ය “ආ-රන් ට ස්තූති වෙන්න ඒ සියල්ල විසදුනා”

ෂුවේ මං ගේ අහංකාර වූ උඩඟු බැල්ම පිහි තලයක් මෙන් තීව්‍ර විය, එය මෝ රන් වටා එතුණේ ය, සැණින් ඉවත බැලුවේ ය. ඔහු දෙබැම හකුළා ගනිමින් , මුහුණ අප්‍රසාදයෙන් රැළි කරගත්තේ ය. අප්‍රසාදයෙන් යුතු දෑස් වලින් මෝ රන් දෙස යළිත් වරක් බැලුවේ ය

“ෂ මෙයි, ඔබ ගොස් විවේක ගන්න, මොහු සමග එහි මෙහි යෑම නවතාලන්න, මොහු නිසැකයෙන්ම චෞරයෙක්, මොහු සමග විසීමෙන් ඔබට ඉගැනීමට වෙන්නෙත් අශිෂ්ට දෑ පමණයි”

මෝ රන් කිසිදු දුර්වලතාවක් පෙන්වූයේ නැත, ඔහු සමච්චලයට මෙන් “ෂ මෙයි, මගෙන් ඉගෙන නො ගන්නේ නම් එහි අර්ථය තමුන්ගෙන් ඉගෙන ගන්න ඕනේ කියන එකද? මහ රෑ යාමේ සන්නාහ වලින් සැරසී , පක්ෂියෙකු මෙන් වල්ගය වනන්නේ, ඔබ ඇත්තටම සුරලොව පුත්‍රයා ද......? හාහාහා... නමුත් පෙනෙන අයුරින් නම සුරලොව දියණිය කීවෝතින් වඩාත් නිවැරදියි!”

ෂුවේ මං කෝපාවිෂ්ට විය “මෝ රන්! තමුන්ගේ කට පරිස්සම් කරගන්නවා! මේය මගේ නිවසයි, තමුන් කුමක්ද  තමුන් ගැන සිතා සිටින්නේ?”

මෝ රන් මදක් සිතින් මෙනෙහි කරමින්, තම දෑහිලි වලින් ගණන් සාදා “මමයි වැඩිමහල් සොහොයුරා, ඔබ ඒ ගැන සිතුවෝතින් , ඇත්තවශයෙන්ම  මා ඔබට වඩා උසස් ය.”

ෂුවේ මං හට වත පුරා  සුනඛ වසුරු ඉසුනා මෙන් දැනුණි, ඔහු ක්‍රෝධයෙන් රවා බලා “උඹ වගේ ඥාති සොහොයුරෙකු අවශ්‍ය වූයේ කා හටද? තා ගැන ඕනවට වඩා උදම් අනන්නේ නැතුව හිටපං, මගේ දෙනෙත් උඹව දකින්නේ මඩේ ලගින පෙරලෙන සුනඛයෙක් වගෙයි” තියුණු ලෙස පැවසුවේ ය.

ෂුවේ මං අන් අයව සුනඛයින් යැයි ඇමතීමට රුසියෙක් ය. බලු බිත්තර, බැල්ලිගෙ පුතා එවැනි විශේෂණ නාමයන් ඔහුගේ මුවට  සැණින් හමා එයි, මෝ රන් ගේ දෙසවන් එම වැකි වලට මේ වනවිට උදාසීන වී ඇත. ඔහු මේවාට දිගු කලක සිටම පුරුදු පුහුණු වී තිබුණි. නමුත් මෙහෙයි ෂ මෙයි හටනම් අපහසු තාවයක් හැගුණේ ය. ඔහු සියුම් හඩකින් මෘදු වදන් තෙපුලුවේ ය. සමච්චල් සහගත සිනවකින් ෂුවේ මං තම ධාර්මිෂ්ඨ හොට වසාගත්තේ ය.

ෂ මෙයි සිනහ මුවග රදවාගෙන "ස්වාමිපුත්‍රයාණ! දැන් බොහෝ රෑ බෝ වෙලා, ඔබතුමා, යමෙක් එනතුරු ද මේ බලාසිටින්නේ?"

"වෙන කුමක් ද මට කළ හැක්කේ? චන්ද්‍රයා නැරඹීම ද?"

මෝ රන් කොක් හඩලා සිනාසුණේ ය "ඔබ මෙලෙස සැරසී සිටින්නේ නම්, ප්‍රේම චාරිකාවකට වගේ,  අනේ ! කවුරුන්ද එතරම්ම අවාසනාවන්ත වූ තැනැත්තිය? මට නම් ඇය ගැන අනුකම්පාවක් දැනෙයි, හාහාහාහාහා"

ෂුවේ මං ගේ භාවයන් තව තවත් අදුරු විය, "උඹ" ඔහු එක්වර කඩා පැන්නේ ය.

"...මම?"

"මම මෙතෙක් වෙලා බලා සිටියේ උඹ එනතුරුයි, දැන් කුමක්ද උඹ ඒ ගැන කරන්නේ එසේනම්?"

මෝ රන්: "......................................."

 

T/N

ශියැන් ජූන් -     (Xian-Jun / immortal Lorad ) අමරණීය අධිපති යන අර්ථයක් මෙහි ඇත

ආධ්‍යාත්මික මධ්‍ය ලක්ෂය -  Jin dan

 

 Previous  TOC | Next

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






 

 

 

 

 

 

 

 

Comments

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.