අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිහතර වන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔහුට තුෂ්ණි යුද්ධයක් ප්‍රකාශ කරති.
{අවවාදයයි : අවසානය දක්වා තරමක ලේ ගැලීම්}
මොහොතකට සියළු දෙනාම මුනි වත රැක්කෝ ය. චන් ඉඩම්
හිමියාගේ ඉකි ගැසීම පමණක් ඇසිණි. ෂ මෙයිගේ හිස පහතට හැරවී තිබිණි, අත කොපුල් මත
විය, චූ වන්නිං දෙස බලන විට ඔහුගේ දෙනෙත්
අව්‍යාජ විය. “ඇදුරුතුමනි, මෙය නවත්වන්න, ඔබතුමා මෙය දිගටම කර ගියෝතින් සෂං කඳු
ශිඛරයට දොස් පවරාවි....”
මෝ රන්ගේ ආත්මය මුවෙන් එළියට පැනීමට ආසන්නව
තිබිණි. ඔහු දුෂ්ටයෙක් විය හැක නමුත් ඔහු ෂ මෙයි ට මුළුමනින්ම ඇප කැප වී සිටියේ ය.
මේ පුනර්භවය ලද දිවියේදී ඔහු ෂ මෙයි පරික්ෂාකාරී ලෙස සලකන බවටත් ඔහුව රකින බවටත්
ප්‍රතිඥා දුන්නේ ය, නමුත් දින දෙකක් පමණයි ගත වූයේ ෂ මෙයි දැනටමත් කස පහරට ලක්ව
තුවාල වී ඇත, කෙසේද මෙය සිදුවූ යේ!
දැන් ඔහුට චූ වන්නිං සමඟ වූ ගණු දෙනුව පියවා
ගැනීමටවත් කාලය නොවීය, ඒ වෙනුවට ඔහු ෂ මෙයි අසළට දිව ගොස් ඔහුගේ කම්මුලෙහි වූ
තුවාලය පරීක්ෂා කළේ ය.
“මම හොඳින්” ෂ මෙයි සියුම් ලෙස පැවසුවේ ය.
“ඒ කුමක් වූවත් කෝ මට බලන්න දෙන්න”
“ඇත්තෙන්ම එය එතරම් දෙයක් නෙවෙයි”
ෂ මෙයි ප්‍රතිවිරෝධය දැක්වීමට උත්සාහ කළත් මෝ රන්
හට තුවාලය වසා සිටි අත ඉවතට ඇදීමට කළමනාකරණය කිරීමට හැකි වූවේ ය. ඔහුගේ කළු
ඉංගිරියාව ක්ෂණයෙන් හැකිළිණ.
එය ඉතා යටට හෑරී ගිය වලකි, අමු මෙන්ම රුධිරයෙන් පිරී තිබුණි, ගෙල වෙතට යන
තුරු සීරී තිබුණි, තවමත් රුහිරු ගලා බසිමින් තිබිණ....
මෝ රන් ලෝහිත වර්ණය දුටුවේ ය. ඔහු සිය තොල්
විකමින් දිගු වේලාවක් බලා සිටියේ ආපසු හැරී
අහස ගුගුරන්නාක් මෙන් චූ වන්නිං හට කෑ මොරදීමට පෙරය. “තමුන් ඉවර කරන්නැද්ද
මේක”
චූ වන්නිංගේ මුහුණ අඳුරුව ගියේ ය, නිහඬව සිටියේ ය. ඔහු සමාව ගැනීමක් හෝ අසළට යෑමක්
නොකළේ ය, කිසිඳු ආධ්‍යාත්මික ශක්ති දහරාවක් ගලා නොබසිනා තියෑන්වන් අතෙහි රදවා
ගෙන මුල් ඇදී ගියාක් මෙන් සිටි තැන එලෙසම
සිටියේ ය.
“.....”
මෝ රන් හට දැනුනේ උමතු වූ ගැණීමට නොහැකි තරම් වූ
යක්ෂයින් ප්‍රමාණයක් ඔහුගේ හදවතේ අරක්ගෙන සිටින්නාක් මෙනි.
පෙර භවයේ දී මිය ගිය තමා ප්‍රේම කළ අයෙක් නැවත
වතාවක් මෙලෙස වේදනාවට පත්වීම කවුරු ඉවසාවි ද?
චූ වන්නිං සහ ඔහු එකිනෙකා දෙස ඉවතටත් නොයා, පරාජයත් භාර නොගෙන බලා සිටියෝ ය. මෝ රන්ගේ නෙත්
රත් පැහැ ගැන්විණ; ඔහු චූ වන්නිංට වසර ගණනාවක සිට වෛර කළේ ය, එම වෛරය ඇට මිදුළු
තුළටම කිඳා බැස කා වැදී තිබුණි- මෙම පුද්ගලයා සෑම විටම ඔහුට විරුද්ධව නැගී
සිටින්නට යනුයේ මන්ද?
ඉක්බිතව ඔහු ප්‍රථම වරට වංශයට එකතු වූ විට ඔහු
වරදක් සිදු කළ හෙයින් චූ වන්නිං විසින් මරණාසන්න වනතුරු කස පහර කෑවේ ය. ඉන් පසු, ෂ
මෙයි තුවාල ලැබුවේ ය. මුළු ජීවිත කාලයටම
චූ වන්නිං හට සිටියේ ගෝලයින් ති දෙනෙකි, ඔහු ෂ මෙයි මියයන අයුරු කිසිවක් නොකට බලාගෙන සිටියේ ය, සෂං කඳු ශිඛරය විනාශ විය, මෝ
වෙයියූ ධ්‍යානවේදී ලොවේ ඒකාධිපතියා බවට පත්වූයේ ය, දිනකර යට වෙසෙන සියළු මිනිස්සු
හෙතෙම ඉදිරිපිට දණින් වැටී බඩගෑවෝ ය. චූ වන්නිං පමණක් ඔහුට එරෙහිව සෑම විටකම
නැගීසිටියේ ය, වාමාන්ශිකව සහ දක්ෂිණාන්ශිකව ඔහුගේ මාර්ගයට භරස් වී, සිහි නුවණින්
ඔහුට හී තල විදිමින්___ නිතර දෙවේලේ මතකාවර්ජණක කළ දෙනු ලැබුවේ අධිරජ මහෝත්තම
තාශියෑන් ජූන් කෙතරම් ප්‍රබල වූවත්, සියල්ලටම පහළින් හෙතෙම තමා අසළ සිටි සියල්ලෝම
විසින් අතහැර දැමූ නිකම්ම නිකම් උන්මත්තකයෙක් පමණක්ම වන බවයි.
චූ වන්නිං
චූ වන්නිං
දිවියේදී හා මරණයේ දී , සෑම විටකම ඔහුම පමණයි!
මේ සියල්ලටම මත්තෙන් තවමත් ඔවුන් දෙදෙන ගැලපෙන
මංගල වස්ත්‍ර වලින් සැරසී සිටීහ, රතට රත ගැලපී, මුහුණට මුහුණ ලා, නමුත් ඔවුන්
දෙදෙන අතරවූ හිදස විසල් පැල්මකින් විවර විය.
අවසානයේදී චූ වන්නිං තියෑන්වන් ඉවතට ගත්තේ ය.
චන් ඉඩම්හිමියා සැනසුම් සුසුම්ක් හෙලුවේ ය, ඉන්
පසු ෂ මෙයි ඉදිරිපිට දණ ගසමින් නොනවත්වා අෂ්ටාංග නමස්කාරය කළේ ය. “කරුණාවන්තයි ඔබතුමා, හරිම කරුණාවන්තයි,
සත්පුරුෂයාණෙනි ඔබතුමා මිහිපිට වසන දේව පුත්‍රයෙක්, මගේ ගැලවුම් කරු, පින්සිදු
වෙනවා මාවත් මගේ මුළු පවුලත් බේරා ගත් නිසා, තුති වේවා මහතාණෙනි, තුති වේවා
මහතාණෙනි.”
එය සෑම මොහොතකම මෙසේ අවසන් විය.
දුෂ්ටාත්මයන් පිළිබඳව බලාගත් තැනැත්තා ඔහු විය,
නමුත් රුදුරු කස පහරවල් වලට මුහුණ දුන්
කෙනාත් ඔහුම විය. චූ වන්නිං සිදු කළේ ඔහු සිදු කළ යුතු දෙයක් මෙන්ම නොකළ යුතු
දෙයක් ය එහෙත් අවසානයේදී වෙනත් අයෙක් දයානුකම්පිත ගැලවුම්කරු යන නම්බුනාමය ලද්දේ
ය, එමෙන්ම ඔහු දුෂ්ටයා බවට පත්විය.
එය සැම විටම මෙසේ විය.
ඔහු යුහුසුළුව කෝපයට පත්වන අයෙක් ය, ඔහු දැනටමත්
එයට අනුගත වී ඇත.
ඔහු පසුතැවෙන්නේ ද නැත.
අනපේක්ෂිත ලෙස තම ගෝලයෙකුට කස පහර දීම,
ඇත්තවශයෙන්ම ඔහු ඒ පිළිබඳව කණගාටු වන්නේ ය. නමුත් ඔහුට ඇති රළු ගතිගුණ හෙයින්
පියවර ඉදිරියට තබා උණුසුම් වදන් තෙපලමින් , මෘදු ලෙස පවසන්නට ඔහුට නොහැකිය, එහෙයින්
ඔහු එතැනින් නික්ම ගොසින් චන් පවුලේ බාල දියණිය වෙතට පැමිණ සිටගත්තේ ය.
කුඩා ගැහැණු ළමයා ඔහු දෙස බලා මන්ද සිහියෙන්
යුක්තව බියෙන් පිටුපසට පියමැන වෙව්ලන්නට වූවා ය. මුළු චන් පවුලෙන්ම කරුණාවන්ත සිත්
ඇත්තෙකුට වූයේ ඇය පමණි. චූ වන්නිං ඔහුගේ හඬ ස්වර මෘදු කළේ ය “ඔබේ මෑණියන් භූතාත්ම ආවේෂයකින් පීඩා වින්දා ය, ඇයේ ආයුෂ
අඩුතරමින් විසි වසරකින් පමණ කෙටිවී ඇත. ඇත පසුතැවීමකට පත් නොවී දිගින් දිගටම
දුශ්ශීල වූවෝතින් , ඇය ඍණාත්මක බලයන් නිසා වසංගත වලට හසුවී ඉක්මනින්ම මියයාවි. ඇය
අවදි වූ පසු අනුස්මරණ පුවරුවක රක්ත පීච් දැව භාවිතා කරගෙන නිම කරන ලද ලුවෝ
මෙනෙවියගේ නම අත්කම් කර සටහන් කරන්න කියා, ඇගේ තරාතිරමත් එහිදි පිළිගත යුතුයි, ඇය
චන් බො’හුවන්ගේ රීතීන්ට අනුව නිසියාකාරව විවාහයට පත් පතිනියයි, ඇගේ පැතුම්
සාක්ශාත් කිරීමට නම් ඔබගේ පවුල වසර ගණනාවක්
රහසක්ව තබා ගත් මේ කරුණ ප්‍රසිද්ධ කළ යුතුයි.”
ඔහු මදක් නැවතී ඇගේ අතට ග්‍රන්ථයක් දුන්නේ ය
“මීට අමතරව , ඔබේ පවුලේ අය, දණ ගසාගෙන “ගැලවුම්
යාගය” හඬ නගා කීමට අවශ්‍යයි, දිනකට තෙවරක්, ලුවෝ මෙනෙවියගේ ආත්මයට සැනසීම ලැබීමට
සහ භූතාත්ම සැරිසැරීමෙන් නිසාවෙන් ඔබේ පවුල පවිත්‍ර කිරීමට, මෙය දස වසරක් අඛණ්ඩව
නොනවත්වාම කළ යුතුයි, එසේ නොමැති වූවහොත් ලුවෝ මෙනෙවිය ආපසු ඒවි වාඩු ගැනීමට”
කුඩා ගැහැණු ළමයාගේ හඬ වෙවුලුම් කන්නට වූයේ ඇය
මෙසේ පවසනවාත් සමඟය “එහෙමයි, ස්තූතියි දාඕජං.....”
චූ වන්නිං හැරී චන් ඉඩම් හිමියා සහ ඔහුගේ පුත්‍රයා
දෙස රවා බැලුවේ ය. හිමෙන් වැසීගිය තියුණු සැතක් මෙන් එම බැල්ම තීව්‍ර විය. “චන්
යාඕ අවදි වූවාට පසුව ඔහේලා දෙදෙනා ඇයට සියල්ල පැවසිය යුතුයි, ඇයට තනිව තීරණ ගැනීමට
ඉඩදිය යුතුයි, එසේ නොවූවහොත් මම තමුන්ලා දෙදෙනාගේ දිවවල් ඉරනවා! ”
සියල්ල මෙලෙස සිදුවූවාට පසුව දැන් මොවුන් දෙදෙනා
කිසිදු ප්‍රතිරෝධයකින් තොරව උඩබලා සිටිනා බියගුල්ලන්ට එහා කිසිවෙක් නොවූහ. ඔවුහු
බිම දණගසමින් උඩට පහළට වැදී වැටෙමින් උපදෙස් පිළිපදිමින් දිවුරුම් දුන්නෝය.
“සියක් සමනොළ ධූපය පිළිබඳව කීවෝතින් එය ලුවෝ මහතාණන්
විසින් තනිව නිපැයූවක්, නමුත් තමුන්ලා නිර්ලජ්ජිත ලෙස එය තමුන්ලාගේම සූත්‍රයකින්
නිපැයූවක් බවට සඳහන් කර ඇත, තමුන්ලා දැන යුතුයි කුමක්ද කළ යුතු කියා, මම තවත් මෙතන
සුසුම් පොදකවත් කාලය අපතේ හරින්නේ නැහැ තමුන්ලා වෙනුවෙන්” චූ වන්නිං සිය වස්ත්‍රයෙහි
වස්ත්‍ර බාහුව ගසා දමමින් එතැනින් නික්ම ගියේ ය.
“වචනාර්ථයෙන්ම අපි-අපි ගිහින් ගබඩාවට ගොස් ධූපය
නිර්මාණය කළේ ලුවෝ මහත්මයා විසින්..විසින්.. බවට නිවැරදි කොට පැහැදිලි කරන්නම්...”
මේ සියල්ල විසදීමෙන් පසුව , චූ වන්නිං විෂ ඉවත්
කරනවා සේම චන් යාඕව බලාගැනීමට මෝ රන් හට උපදෙස් දුන්නේ ය.
මෝ රන්ගේ හදවත වෛරයෙන් වෙලී තිබුණ ද , සිය තාරුණ්‍යයේදී
ඔහු තම ඇදුරු ආචාරීන් විරෝධය දැක්වීමට වඩා ගෞරවය දක්වන බව මෝ රන් හොඳින් දන්නේ ය. එහෙයින් ඔහු
විරෝධයක නොනියැලී ෂ මෙයිගේ අත අල්ලා ගනිමින් සෙමින් කෙඳුරුවේ ය. “ඔබ දැන් ගිහින්
ඔබේ මුහුණට ප්‍රතිකර්මයක් කරන්න, රුධිර වහනට නැවැත්වීමට යමක් කරන්න, මා ඇයව ඇතුළට
රැගෙන යන්නම්.”
විසල් වූ “ශි” අක්ෂරයක් තවමත් වැඩිමහල් චන් පුත්‍රයාගේ
කුටියේ තවමත් නිබිණ. සියල්ල ශීඝ්‍රයෙන් සිදුවූයේ ඇතැම්විට ඔවුනට එය හැකි පමාවෙන්
ඉවත් කිරීමට පවා අමතක කරමින් ය. චන් බො’හුවන් දූවිල්ලක් බවට පත්ව සිටින කලෙක එහ
ඉමහත් ලෙස සරදමක් මෙන් පෙනී ගියේ ය.
මෙම ධනතෘෂ්ණාවෙන් උපන් ප්‍රෙහේලිකාත්මක සමච්චල්
සහගත ප්‍රහසනය කාරණාවක් කොටගෙන චන් යාඕ ද්වීතික වශයෙන් හානියට පත්වී ඇති පසුබිමක
ඇය අවදි වූ කලෙක ඈ විසින් කුමක් තෝරා ගනීවිද?
සාමාන්‍ය වැසියෙක් ලෙස ගත් කල ඇය ෂ මෙයි තරම්වත්
ශක්තිමත් නොවීය. විෂ රුධිරට පිටතට ඇදීමෙන් අනතුරුව චූ වන්නිං ඇයට නිහැඬියාව මධ්‍යයේම
ඖෂධයක් ගිල්ලුවේ ය. මුළු කාලය පුරාවටම මෝ රන් දිය බඳුනක් අතින් රැගෙන සාලු ලබා
දෙමින් සිටන් සිටියේ ය. එහෙත් ඔවුන් දෙදෙනා කිසිවෙක් සමඟ කතා නොකළේ ය. එකිනෙකා
වෙතින් බස් හුවමාරුවක් වත් සිදුනොවී ය, එතරම් බැලුම් හෙලීමක් ද නොවීය.
ඔහු පිටව යන්නාක් සේම, චූ වන්නිංගේ බද්ධ දෘෂ්ටිය
බිත්තියෙහි පසුපිට වෙතට පෙර නොවූ විරී ලෙසින් යමක් අවබෝධයට ලක් වූවාක් මෙන්
යොමුවිය, නිරීක්ෂය කුතුහලයෙන් පුරවගෙන නැවත බිත්තිය මත එල්ලෙන පැදි පෙළක් වෙතට
යොමු විය.
අක්ෂර පේළී විධිමත් මනා පිළිවෙලකින් ඍජු ලෙස පිටපත් වී තිබුණි; බොහෝ කලෙකට තීන්ත පවා
නොවියළී තිබුණි, පත්‍රයේ කෙළවර කහ ගැන්වීම පවා ඇරඹී නොතිබුණි.
ලියා තිබුණේ නම්______
මෘදු මන්ද වර්ණ දෑත්
රන් මුද්‍රිකපාන වත්කරයි
මුළු නුවරම වත්සානයේ සිටින කලක , ඈ...
පිටි මහල් ප්‍රකාරයේ විලෝ ලතාව
ඉඳුරු මාරුතය, දුටු බවින් පිරී
සියුම් උල්ලාසයක් රැගෙනාවේ
ශෝකයේ නූල් පට___
වත්සරයන්ගේ විප්‍රයෝග__
දෝෂ්‍යයි දෝෂ්‍යයි
වත්සානය තවම වත්සානයයි
අහේතුවකින්, අපතේ ගියේ ඒ අපිමයි
කඳුළු ගංගා තර වෙයි, සේද සළු මෙන්
පීච් මුකුලයෝ ගිලිහී යති
තටාකය අසළ වූ ඔබ නිවස, හිස්‍ව ගොස් ය.
අප දිවුරුම් පර්වත මෙන් උස් වූවාට ඵල කිම් ද?
සන්දේශ වැටුණු සන්දේශ සමඟ?
කිසිවක් නොමැත, කිසිවක් නොමැත, කිසිවක් නොමැත__*
චූ වන්නිං හට හද ස්පන්දන හිර කරන්නාක් මෙන්
දැනුණි. සූක්ෂම මෙන්ම සුපැහැදිලි පිළිවල ලියමන චන් බො’හුවන් අතින් ලියවී තිබුණු
අතර එය ඉස්මතුවී පෙනීමට තරම් කැපී පෙනෙන්නක් ද විය.
තම මනාපයන්ට පටහැනිව අකමැත්තෙන් චන් ගොංස’ යාඕ
පවුලේ දියණිය සමඟ විවාහ වී සිටි හෙයින් එය
ඔහුගේ හදවතට ශෝකය පමණක් ගෙන දෙන්නක් විය. සිය දිවියේ අවසන් කාලයේදී ඔහු කවුළුවක් අසළට සිටගෙන අතෙහි
පින්සලක් තබා ගෙන <<චායී තොඋ ෆං>> හි එන වියෝවේ සහ වෙන්වීමේ
ස්ත්‍රෝත පිටපත් කරමින් ගත කළේ ද?
ඔහුට තව නිමේෂයක්වත් චන් බංගලාවේ සිටීමට සිත් නොදුන් හෙයින් ඇදුම්කන
උරහිසේ වූ තුවාලය ද නොතකා පිටවී යෑමට
සැරසුණේ ය.
චූ වන්නිං සහා ෂ’ මෙයි දෙදෙනාම තුවාල ලබා සිටි
හෙයින් ආපසු සෂං ශිඛරය කරා යෑමට අපහසු අවස්ථවක චූ වන්නිං ද අසිපත උඩ නැගී ගමන් යෑම
සඳහා ද නොකැමති විය. මෙහියින් ඔවුහු තානායමක රැ පහන් කිරීමට තීරණය කළෝ ය. එහෙයින් ඔවුනට
පසු දින ආපසු දෙවොලට ගොස් එහි හරි හැටි දේවල් විසදී ඇත්දැයි විමසා බලා
තහවුරු කර ගැනීමට ද හැක.
යකුන් සහ අවතාරයන් චූ වන්නිංගේ “මාරුතයෙන්”
සුණුවිසුණු කර දැමූව ද , විනාශ වූයේ
ඔවුන්ගේ ආත්ම නොව ශරීරයන් පමණි. ගැටළුකාරී යමක් මඟහැරී ඉතිරිව ඇති දැයි සහතික
කර ගැනීමට කලක් යාවී කීමෙන් කිසිදු හානියක් ද නැත.
චූ වන්නිං නිහඬව ඉදිරියට ගියේ ය. ඔහුගේ ශිෂ්‍යයින්
දෙදෙනාද ඔහු පසුපස ආවෝ ය.
සැනෙකින් ෂ’මෙයි හට යමක් මතක් වූ ඔහු ඒ පිළිබඳව
විමසුවේ ය. “ආ-රන් ඔබයි ඇදුරුතුමායි පැළඳ සිටිය වස්ත්‍ර එක සමානයි නේ, කුමක්....
කුමක් ද මේ සිදුවන්නේ?”
එක් නිමේෂයක් යෑමට මත්තෙන් මෝ රන් හට තමා සහ සිය
ඇදුරුවරයා තවමත් මංගල වස්ත්‍රයෙන් සැරසී සිටින බව සිහි වූ හෙයින් ෂ’ මෙයි හට එය
වරදවා වැටහේවී යැයි බියෙන් සැණෙන් එය උනා
දැමුවේ ය.
“මේය. මෙහෙමයි, මායාවේදී , ඊට කලින් ඉදන්මයි
මෙහෙම, මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ, මේ මම....”
කතාව සිදුකරන මැදකදී මෝ රන් හට ෂ’ මෙයි ද
භූතයින්ගේ විවාහය තුළට ඇදගෙනයෑම හේතුවෙන් මංගල වස්ත්‍රයකින් සැරසී සිටින බව වැටහී
ගියේද එහි මෝස්තරය වෙනස් වූ නමුත් පළුදු වීම් සහ ඉරී යෑම නිසා එය හඳුනා ගැනීමට
අපහසුය.
ඒ කෙසේ වූවත් එය තවමත් මංගල ඇඳුමක්ම විය.
ෂ’ මෙයි අසලින් සිටගෙන අවතාරාධිපතිනියගේ මායාවේ
සිය තුරුලෙහි රැදී සිටි අය, ඔහු සමඟ විවාහ චාරිත්‍ර කළ අය , ඔහු සමඟ මුද්‍රිකපානය
බෙදා ගත් අය ෂ මෙයි ලෙසට ඔහු හට
චිත්තරූපකරණය කිරීමට හැකිවූයේ ය.
ඔහුට මෙය නැවැත්වීමට අපහසු වූ හෙයින්ම ෂ මෙයි දෙස
එක එල්ලේ බොහෝ වේලාවක් බලා සිටියේ ය.
ෂ මෙයි උණුසුම් මදහසක් පිරිනැමුවේ ය, “කුමක් ද? ඔබ ඔබේ කතාව සම්පූර්ණ කළේ නෑනේ”
චූ වන්නිං
පියවර කිහිපයක් ඉදිරියෙන් සිටි හෙයින් ඔහුට ඇසුණු තරම නොපැහැදිලි වූ නමුත්
ඔහු නැවතී හැරී බැලුවේ ය.
අහස දීප්තිමත් වීම ඇරඹිණ රාත්‍රිය පහන් වීමෙන්
පසු ප්‍රථම කිරණ ක්ෂිතිජය මතින් මතුවන්නට විය. පසාරු වූ හදවතකින් ගලා බසිනා ලෝහිත
රුහිරු නදී ගංගාවන් අඳුරු ආගාධයකින් පිටතට
රල පෙරලා බසින්නට අරගල කරන්නාක් මෙන් සූර්යයා ගගනතලාවම විචිත්‍රවත් ලෙස පැහැ
ගන්වන්නට විය.
චූ වන්නිං සිටන්
සිටිනා ස්ථානයේ පසු පසින් ද ආලෝකය
ගලා යන්නට වූයේ දිගු රාත්‍රී කාලයකට පසු ආලෝකය පැමිණියේ නැගෙන දිනකර මේඝයන් තුළින්
ආලෝක රැස් විහිදන්නාක් මෙන් ය.
ඔහු පැතිකඩකින් සිටන් සිටිනා විට මංගල වස්ත්‍රය
රුහිරු මෙන් දිස්වූයේ හිරු රන් පැහැ ප්‍රභා
මණ්ඩලය විහිදා හරිනා විට ඔහුගේ භාව ප්‍රකාශනය බොඳව ගියේ ය.
සැණින් ආධ්‍යාත්මික ශක්තිය දියවැල් මෙන් ඉදිරියට
ගලා විත් මංගල වස්ත්‍රය කැබලි වලට ඉරා දැමිණ.
රත් පැහැ කැබලි පවන් නල මත ළෙලදෙන්නට වූයේ මැලවී
යන හායිතං කැකුළු මෙන්ම, පවන ඒවා රැගෙන ගොස් දසත විසිරුවා හැරී ය.
යටින් වූ ස්වේත වස්ත්‍රය සහ තීන්තමෙන් කාල වර්ණිත
දිගු වරලස සුළඟ සමඟ කරට කර පොර බදන්නට විය.
රුහිරු උර මත විය
වස්ත්‍රයේ කැබලි පවනේ විය.
ඔහු මෝ රන්
රක්ෂා කිරීමට යෑමේදී ලැබූ තුවාලයේ
රුධිර පැල්ලම තවත් විචිත්‍ර ලෙස කැපී
පෙනෙන්නට විය.
බොහෝ වේලවක් ගතවීමට පෙර වූ අතරවාරයේ දී චූ වන්නිං
රළු ලෙස කට කොනින් මදහසක් පෑවේ, සමච්චල් සහගත බවක් වෙලාගෙන ය. “මෝ වෙයියූ වරදවා වටහා ගැනීමට තරම් තමුන් සහ මා
අතර තියෙන්නේ කුමන ගනුදෙනුවක්ද?”
ඔවු මෝ රන් හට , මෝ වෙයියූ ලෙස ආමන්ත්‍රණය කරන්නේ
ඔහු කෝපයෙන් සිටින විට තදින් සිටීමෙන් සහ
සුහදශීලී නොමැතිව යාමෙන් දුරස්ථ බව
හැඟවීමකට මිස ආචාරශීලී උණුසුම් වදනක් ලෙසකට නොවීය.
විශ්මයට පත්ව මෝ රන් හට සුසුම් ද සිරවිය.
චූ වන්නිං ඉවතට හැරී පිටව ගියේ ය.
එම හෝරාවේදී කිසිවෙක් අසළ නොවීය, ඔහු ඉදිරියට
ඇවිද ගියේ ධරණීතලය සහ ගගනතලය එකටම බොඳව පෙනෙන්නාක් මෙන්ය.
ඔහුගේ රුදු සහ සරදම් ගිලී තිබේ භාව ප්‍රකාශන
වෙන්ව ගියේ ඔහු තානායමේ කුටියට පැමිණ දොරගුළු ලා ගැනීමත් සමඟය.
චූ වන්නිං තම දත් නියවන්නට වූයේ හෙතෙම සිය හස්තය
ඔසවා උරහිස මත තබා ගන්නා විට වූ වේදනාකාරී භාව ප්‍රකාශනයන් මුහුණේ පෙන්නුම්
කරන විටදී ය.
තියෑන්වන්ට අඩු නොවන අවතාරාධිපතියගේ නියපෙළ
අමරණීය බලැති විය, මෙම අවි ද්විත්වය හටම මහා බල පරාක්‍රමයක් විය. ඔහුගේ මුළු
උරහිසම ඉරී ගොස් තිබුණ මුත් යක්ෂාක්‍රමණ
මොහොතේ දී ප්‍රතිකාර කිරීමටවත් කාලයක් නොවීය. මේ මොහොත වන විට එය ආසාදනයට ලක්වීම හේතුවෙන් පැසවමින් පැවතීම
හේතුවෙන් දරා ගැනීමටද අපහසු තරම් රිදුම් දෙයි
කාමරයේ සිටගෙන සිට චූ වන්නිං සෙමින් හුස්ම පිට
කරමින් ඇඳුම ඉවත් කිරීමට උත්සාහා කළ ද එම
ඇඳුම තුවාලයට ඇලී තිබී වියළී ගොස් තිබුණි එමෙන්ම අදින විට මුළු ශරීරයෙන්ම වේදනාව
පිට වන්නටම විය.
මෝ රන්ගේ කුටිය ඊට යාබදව තිබුණි. එම තනායම ශබ්ද
ඇසීම අඩුවන සේ සදා තිබූවක් නොවූ හෙයින්
ඔහුට කිසිවෙක් හට මෙය දැනගැනීමට ඉඩ තැබීමට අවැසි වූයේ නැත, එහෙයින් ඔහු තොල්
විකමින් තදින් ඇද දැමුවේය.
“න්න්..ම්ම්ම්.....!!”
චූ වන්නිං සියුම් කෙදිරිය මැඩගෙන පසුව පිට කළේ ය,
ඔහු තදින් සපාගෙන සිටි ස්ථානයෙන් රුහිරු විත් ඔහුගේ දෙතොල් සහ දත් අතර රැදින. ඔහු
වේගයෙන් සුසුම් ඉහළ පහළ හෙළූ පසු ඔහුගේ වතෙහි පැහැය ද සම්පූර්ණයෙන් තොරව ගොස් ය,
සිරුරම සිහින් දහදියෙන් තෙත්ව ගොස් තිබුණි
ඔහු සිය දිගු
නෙතු පිහාටු පහත හරවා වෙලුලමින්
හානිවූ ප්‍රදේශය දෙස සෙමින් බැලුවේ ය
එය එතරම් නරක අතට හැරී නොතිබිණ
එහෙයින් කළමනාකරණය කර ගත හැක.
ආදාරකයක් ලෙස මේසයෙන් අල්ලාගෙන ඔහු සෙමින් අසුනක
හිදගෙන සෙමින් සෙමින් වේදනාව විදගෙන තානායම් සේවකයෙකු ලවා ගෙන්වාගත් ජල බඳුන ගෙන ,
තුවායක් ජලයෙහි පොගවා ඔහුගේ තුවාල වී නැති හස්තය ආදාර කරගෙන තුවාලය පිරිසිදු කළේ
ය.
තියුණු සැතක් යොදාගෙන මැරුණු හම කපා ඉවත් කළේ ය.
ඉන් පසු වං මැතිණිය සාදා දුන් ඖෂධ ආලේපනය ගැල්වූයේ ය.
අවසානයේ දී සෙමින් සෙමින් අපහසුවෙන් වෙළුම්පටක් ගෙන ඔහු තනිවම උරහිස වටේ එතුවේය.
ඔහු අන් අය ඉදිරියේ සිය දුරුවලකම් පෙන්වීමට හුරුව නොසිටියේ ය. පෙරත් මෙවැනි වේදනාවන්ට ලක්වීමට ඔහුට කීපවරක්ම සිදුව
ඇති හෙයින් ඔහු එම සෑම අවස්ථාවකදීම
ඒවාට තනිව මුහුණ දුන්නේය.
තුවාල ලැබූ සත්ත්වයෙක් තැනක් සොයාගෙන තනිවම් සිය
තුවාලය ලෙව කා වේදනාව සමනය කර ගන්නේය. තමා එවන් තිරිසනුන්ගෙන් වෙනස් නොවන බව ඔහුට
ඇතැම්විට සිතුණේ මෙම හුදෙකලා පැවැත්ම බොහෝ විට අනාගතය දක්වා එක දිකට එසේම පැවතිය
හැකි නිසාය.
ඔහු වෙනස් බව ඔහු දැන සිටිය හෙයින් ඔහුට
කිවිවෙක්ගෙන් අනුකම්පාව අයැදීමට අවැසි වූයේ නැත, ඔහුට තමාගේම යැයි කිව හැකි
අභිමානයක් විය.
එනමුදු ඔහු සිය වස්ත්‍රය ඉවත් කළ පසු විසිතුරු
ගෙත්තම් කළ පසුම්බිය බිමට වැටිණ..
රත්පැහැ සැටින් රෙද්දෙහි සේද පුෂ්ප ත්‍රිත්වයක්
ගෙත්තම් කොට තිබුණි. ඔහු වේදනාව විද දරාගෙන එය අහුලා ගෙන එය විවර කොට බැලූ පසු එහි
ඇතුළත එකට ගැට ගසා තිබූ කෙස් රොද දෙකක් විය.
ඔහුගේ සහ මෝ රන්ගේ
මොහොතකට චූ වන්නිංගේ මනසට සිදුවූ දේ සිතා ගැනීමට
නොහැකි විය. ඔහුට මෙම හාස්‍යජනක දෙන ඉටි පන්දම් දැල්ලට අල්ලා පුළුස්සා දැමීමට අවශ්‍ය
වූවත් අවසානයේ ඔහුටම එය දරාගත නොහැකි විය.
කේශ ගැට ගසා පති පතිනි වූහ , වෛවාහිකව බැඳුණ ප්‍රේමය සැකයක්
නොම වේ.
ඔහුර ජින් තොං සහ යූන්‍යූ සිහින් සිනහ හඬද
ඇසෙන්නාක් මෙන් දැනුණි.
සිය ළය තුළින් නැගෙන්නා වූ මහත් ස්පන්දනය පිළිබඳ
ඔහු අවධානයෙන් විය, එම හේතුව නිසා ඔහුට තමා තුළ ද තරහක් උපන්නේ ය. පසුම්බිය පිට
සිය හස්තය තුළම මොළවා ගෙන ඔහු සිය නෙත් පියා ගත්තේ ය.
ඔහු තුළ මෝ රන් කෙරෙහි උපන් මෙම සිතුවිලි
ඔහුටම පිළිගත නොහැකිය, ඔහු සිතන්නට වූයේ
සිය ළය පලා හදවත ඉවතට ඇඳ ඇතුළාන්තයෙන් හටගත්
මෙම අධම සිතුවිලි ඉරා තලා පෙලා ඉවතට විසි කිරීමට ය.
විනීත බව ශිෂ්ටත්වය කොහේ ගිහින්ද?
මෝ වෙයියූ යනු එසේ සිතිය යුතු අයෙක් ද?
කුමනාකාරයේ ගුරුවරයෙක් ද ඔහු ? ඇත්තෙන්ම මෘගයෙකුටත් වඩා පහත්!!
ටොක් ටොක් ටොක්
දොරට ගසනා හඩක් ඔහුට සැණෙන් ඇසෙන්නට විය. චූ
වන්නිං තමාගැන කල්පනා කර කර සිටින අතරවාරයේ දී තිගැස්මට ලක්වූයේ ය. නෙත් පුළුල්ව
විවර කොට හෙතෙම සැණින් පසුම්බිය බාහුවස්ත්‍රය
තුළ රඳවාගෙන සිය රළු භාව ප්‍රකාශනයන් නැවත වතටම කැඳවා ගත්තේ ය.
“කවුද ඔය?”
“ඇදුරුතුමනි, මේ මම” මෝ රන්ගේ හඬ පිටතින් ඇසෙන්නට
විය, චූ වන්නිංගේ හද ගැස්ම තරමක් තීව්‍ර විය. “මට ඇතුළට ආ හැකි ද?”
T/N
* මෙහි
හි එන කවියකි ;- Poem translation from link
චායී තොඋ ෆං = 钗头凤/ Chai Thou Feng කවිය , සොං රාජවංශ
සමයේ විසූ , සිය මව විසින් සිය බිරිඳ අත් හරින්න යැයි බල Lu You/ලූ යොඋ නම් නම් කවියා විසින් ලියන ලද්දකි
❤️ ❤️ ❤️ ❤️
ReplyDelete