අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිතුන්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ඔහුව නවතාලිය නොහැකි විය.



පාලනයකින් තොරවා බාල  පුත්‍රයා වෙවුලුවේ ය, හිස උඩ හරවා සිය පියාණන් දෙස බලත්ම ඔහුගේ දෙපා ගැසෙන්නට විය. චන් ඉඩම්හිමියාගේ නෙත් වමට සහ දකුණය යොමුවන්නට විය; මොහොතකට පසු ඔහු “ඒ..ඒක ද්...දන්නෑ, අදුරගත්තේ නෑ ඒක! ”  ලෙස පැවසුවේ ය.

චූ වන්නිංගේ මුහුණ හිම පර්වතයක් මෙන් රළු විය. ඔහු ධ්වනිය අඩු හඩකින් “බොරුකාරයා” ලෙස පැවසුවේ ය.

ඔහුගේ පෙනුම කෙමෙන් කෙමෙන් දැඩි විය; එම මොහොතේ ඔහුගේ දෙබැම පහත් විය මෙන්ම ක්‍රෝධයේ රැහැන් ඔහු වටා දැවටින, ඔහු දුෂ්ටාත්මයකටත් වදා භයන්කර , ඝාතක ලෙස පෙනී ගියේ ය.

සිහියකින් තොරව චන් ඉඩම් හිමියා පියවර දෙකක් පිටුපසට ඇදුණි, නොවූවිරූ ලෙස චූ වන්නිං  තියෑන්වන් ගෙන පොළව මතට පතිත කළේය, එමෙන්ම ලතාව මෙන්ම එහි පත්‍ර මරුතයේ ලෙළ දෙන්නට විය. එක් නිමේෂයෙන් චන් ඉඩම්හිමියා තට්ටම බිම ඇණෙන සේ බිමට වැටිණ.

“සියක් සමනොළ ධූපය නිමැයුවේ තමුන්ගේ පවුලද? එය තමුන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ පළමු විවාහයද? ලුවෝ ශියෑන්ශියෑන් ද සීනුව නාද කළේ?  තමුන් මේ වියපත් වියේදී කොතරම් නම් නිර්ලජ්ජිතයි ද?”

චන් ඉඩම් හිමියාගේ මුව විවර වී වැසිණි නැවත විවර වී වැසිණි, ඔහුට එකදු වදනක් පැවසීමට කළමනාකර ගත නොහැකි විය, ඔහුගේ මුහුණ අළු වී රතුව ගියේ ය.

සැම විටම බියෙන් වහන් වී සිටි චන් පවුලේ බාල දියණිය , ලුවෝ ශියෑන්ශියෑන්ගේ නම ඇසූ විට හඩා වැලපෙන්නට පටන් ගත්තා ය.

ඇය සිය මෑණියන්ගේ දණ මුල වැටී මන්ද සිහියෙන් යුතුව සිරුර සෙලවෙන විට “ලුවෝ අක්කණ්ඩි, ලුවෝ අක්කණ්ඩි , ඒ ඔබද?, මම දන්නවා , ඔබට සිදුවූයේ වැරැද්දක්, ඔබට පිළිගන්නවත් බැරි වැරැද්දක්, නමුත් මම ඔබෙන් වැදලා ඉල්ලනේ මා වෙනුවෙන්මත් කරුණාකරලා මගේ පවුල අත්හරින්න..... ලුවෝ අක්කණ්ඩි... ”

චූ වන්නිං තරමක් ඇලවුණු විට තියෑන්වන් රන්වන් පැහැයෙන් දිදුළන්නට විය, ඔහු එහි මිට චන් ඉඩම් හිමියාගේ මුහුණ එසවීමට භාවිතා කළේ ය.

ඔහුට මිනිසුන්ව ස්පර්ශ කිරීමේ භීතිකාවක් තිබිණි, ඔහු එය අප්‍රසන්න දෙයක් මෙන්ම එය ඔහුට හිරගඬු ඉපදවීමක් ගෙන දුණි.

“යමෙක් මා මුලා කිරීමට තැත් කරන විය , එය හඳුනා ගැනීමට මට නොහැකි වේ යැයි ඔබ සිතුවේ ද?” ඔහු රළු ලෙස ඇමතුවේ චන් ඉඩන් හිමියාගේ මුහුණ වෙතින් එම බියකරු නේත්‍රයන් ප්‍රතිබිම්බ ගත කරමින් ය.

එය සැබැවින්ම  අසදෘශ මුහුණක් විය, මිදුණු හිම තුහිනෙන් වැසී ගිය තලයක් මෙන්  රළු මෙන්ම සැර පැරුෂ

කෙසේවූත් කුමක් වූත්

රෑ අහසේ උදුල තරුව යූහං හට අන් අයගෙන් ස්නේහයක් අවශ්‍ය වූවේ නැත.

“දාඕජං , දාඕජං , සෂං කඳු ශිඛරයෙනුයි  ඔබව එවන ලද්දේ , මම ඔබේ සේවාදායකයෙක්, ඔබතුමා කෙසේද මගේ පෞද්ගලික දේවල් වලට මැදිහත් වෙන්නේ, මම____”

“හොඳයි, එසේ නම් මම ඔබේ පෞද්ගලික දේවල් වලින් ඈත් වී සිටින්නම්, ඔබට මියයා හැකියි.”

“ඔහොම ඉන්න! ඔහොම, ඔහොම ඉන්න ඔබතුමාට බෑ___”

“මට නොහැකියි?” අන්තරාව චූ වන්නිංගේ පුළුල් නෙත් වලින් දිදුළන්නට විය. “මොනවද මට නොහැකි?”

“ඔබ වැන්නෙක් මගේ වංශයේ ශිෂ්‍යයෙක් වූවා නම් ” චූ වන්නිං පැවසුවේ තියෑන්වන් හි පහර වා තලයට එකතු කරමින් ය. “මම තමුන්ට ගහන්නේ  අස්ථි බිදී ලේ පනින තුරු ය.”

මෙය ඇසූ පසු චන් ඉඩම් හිමියා අමනයෙක් මෙන් හැසිරීම අත්හළේ ය. චූ වන්නිංගේ දරුණු පැතිකඩ දුටු ඔහුට වැටහුණේ ධ්‍යානවේදියෙකුගෙන් බලාපොරොත්තු වන දයානුකම්පාවේ එකඳු බිදුවක්වත් එහි නොමැති බවය, ඔහුගේ පාද වෙවුලමින් ඔහු නිතැතින්ම දණින් වැටුණේ ය, ආත්ම ගෞරවය කවුළු පියන් වලින් පිටතට විසි කොට වැලපෙන්නට විය, “දාඕජං අ-අ- අපට අන් විසඳුමක් තිබුණේ නැහැ, අපට ආණ්ඩුකාරතැනගේ දියණියගේ කීමට පිටින් යන්න බැහැ, අපි වදවූයේ අපිට හරියට කෑමක්, බීමක්, නිදසක්, සැනසීමක් , නින්දක්වත් නොලැබේවි කියා”

ඔහු චූ වන්නිංගේ දෙපාමුල වැටී ලතෝනි දෙමින් දෙපා අල්ලා ගැනීමට සැරසුණේ ය.

චන් ඉඩම් හිමියා තමාව අල්වා ගැනීමට සූදානම් වෙමින් සිටින අයුරු දුටු චූ වන්නිංගේ භීතිය බුර බුරා ඇවිලෙන්නට විය, ඔහු දෙපාරක් නොසිතා තප්පර කිහිපයකින් විලෝ වැල ඇඳ බිමට පතිත කළේ  අප්‍රසන්නතාවය ප්‍රකාශ කිරීමටය “මාව අල්ලන්න එපා!”

“ආ!” ඔහුගේ අතේ පිටුපස තියෑන්වන්හි කස පහරට ලක් විය, එම පහරෙහි  කිසිදු ආධ්‍යාත්මික ශක්තියක් නොවූවත් චන් ඉඩම් හිමියා වේදනාවෙන් කෙදිරි ගාන්නට විය, කෑගසන්නට විය “ඇදහිය නොහැකියි, සෂං කඳු ශිඛරයේ ධ්‍යානවේදියෙක් සාමාන්‍ය වැසියෙකුට පහර දෙනවා”

“තමුන්____”

මෝ රන් තුවාල ලැබ සිටි මිනිසුන් දෙදෙනෙකු හට චන් නිවසට පැමිණීමට උදව් කළේ ය, ඔහුට පළමුව ආචාර කළ දර්ශනය වූයේ චන් ඉඩම් හිමියා ඔහු දණින් වැටී සිටි තැන සිට  සොටු පෙරාගෙන හඬා වැටෙනා අයුරුය, ඔහු චූ වන්නිං වෙත  සිය වෙවුලන  ඇඟිල්ල දිගු කරමින් කෑගසන්නට විය, “කුමනාකාරයේ අනෙකුත් වංශයක් ද මෙවැන්නක් කරනුයේ , ඔබතුමන්ලගේ සෂං ශිඛරය අය කර ගත්තා, එහෙම කළාටත් පසු තම සේවාදායකයාව රැකනොගත්තා පමණක් නොවේ ඔ-ඔබතුමන්ලා  ඒ වෙනුවට  ඔහුට පහරත් දෙනවා, මෙය__ම්_මෙය මහා නිර්ලජ්ජිත ක්‍රියාවක්! මම-මම ගිහින් හැමෝටම කියනවා! මම මුළු ලෝකෙටම දැනුම්දෙනවා, මම ඔබතුමන්ලගේ වංශය ඈයන්ගේ ආකල්ප  ගැන හැමෝටම කියනවා! මම ඔබතුමන්ලගේ වංශයේ නම්බුවා හැදිගෑවිලා විනාශ වෙලා යන තැනටම කටයුතු සිද්ධ කරනවා, බාලගෙන සිටින්න ආයේ කවදාවත් ඔබතුමන්ලා තඹ සතයක්වත් ගනී ද කියලා! ”

චූ වනීනිං දත් නියවමින් කේන්තියෙන් කතා කළේ ය “ඔබට කාසි පනම් යහමින් තිබෙනවා යන්නෙහි අර්ථය  නිවැරදිබව වැරැද්දිබව , කළු සුදු උඩු යටිකුර කොට කාරුණිකත්වයට කෙළෙහෙගුණ සලකන්නේ දුෂ්ඨත්වයෙන්ද?  මුදල් අවසර දෙන්නේ ද තමුන්ට කරන්න සිතෙන ඕනම දෙයක් කිරීමට, ඔබේ සියලුම පොරොන්දු කඩ කිරීමට”

චන් පවුලේ බාලම පුත්‍රයා පසෙක සිට තැති බයාදු ලෙස පවසන්නට වූයේ ය, “හොඳයි මෙයින් කියවෙන්නේ , අපි අර ලුවෝ ශියෑන්ශියෑන්ව මරලා දැම්මා කියන එක නෙවෙයි, අපි ඇයට පහරක් දෙකක් ගසා එළියට දැම්මා, ඇයටයි ජීවත් වීමට අවශ්‍ය නොවූයේ,  ඇය හිමෙන් ආවරණය වීමට ස්ථානයක් සොයා නොගැනීම අපේ වරදක් නොවේ. ඔබට හැකිද එයට අපට දෝෂාරෝපණය  කිරීමට? අපි කාවවත් මැරුවේ නැහැ, ඔබතුමාට සිතැඟි පරිද්දෙන් ඇඟිල්ල දිගු කරන්න, මොකද ඔබතුමා මහා බලධාරී ධ්‍යානවේදියෙක් නේ”

ඔහුගේ වදන් අතිශය කෛරාටිකයි.  රීතියානුකූලව චන්වරු කිසිඳු නීතියක් උල්ලංඝනය කර නැත, චූ වන්නිං ඔවුන්ව අධිකරනයට ගෙන ගියත් බොහෝ නිළධාරීන් ඔහුට බැණ වදීවි අකාරුණික සහ වංක වීම පිළිබඳව, එහෙත් මොවුන්ගෙන් කිසිවෙක් වැරදිකරුවන් නොවණු ඇත.

“*මම ලොකු අප්පොච්චිව මැරුවේ නෑ ලොකු අප්පොච්චි මැරුණේ මං නිසා, ඔබ කෙසේ හෝ ඔබ ගැන පැහැදිලි කළා ”

චූ වන්නිංගේ අත විලෝ වැල මිටමොලවා අල්ලා ගෙන සිටියේ කේන්තියෙන් වෙවුලමින් ය.

චන් ඉඩම්හිමියා, වයසක කෛරාටිකයා , බියේ වැටි තැනින් ඔහුගේ ඉන්ද්‍රියන් උසවා ගත්තේ ය. ඔහු ප්‍රථමයෙන් බිය වූයේ  චූ වන්නිං මෙය පසෙක භූතාන්මය ගැන නොතකා ඔවුන්ව අතහැර දමා යාවි කියා ය, නමුත් පසුව ඒ ගැන සිතනා විටත්  සෂං කඳු ශිඛරයෙන් එවූ  ම්ලේච්ඡම දාඕජං මොහු විය. සියල්ලටම ප්‍රථමයෙන් ඔවුන් පහළ ධ්‍යානවේදී ලොවේ වංශයක් විය, ඔවුන් ගෙවීම අයකොට ඇති හෙයින් , සාමාන්‍ය බුද්ධියට අනුව  ඔවුන් මේ  වන විට සත්‍යවශයෙන්ම කාර්‍ය නිම කොට ඇත  .

ඔහු අවබෝධයට ලක් වූ පසු , ඔහුගේ තද  බියට පත් වීම නැවතිණ.

ඔහු සිය සියුම් තුවාල වලින් වූ කුර වලටම බරදී සිටගත්තේ ය, ඔහු හඬා වැටුණාත් සමඟම සොටු කඳුළු වැගිරෙන්නට විය, “පැහැදිලි කර දුන්නා? මේ අපි චන්වරු, කිසිම දුෂ්ට නපුරක් සිදු කළේ නැහැ, මිනී මැරුවෙත් නැහැ, ගෙවල් වලට ගිනිතිබ්බෙත් නැහැ, මිනී මරන්න තැත් කළෙත් නැහැ, ලුවේ ශියෑන්ශියෑන්ට ජීවත් වීමට අවශ්‍ය නොවූයේ නම්, එය අපේ වරදක් වන්නේ කෙසේද? ඔබතුමා නිවැරදිව භූතයා පළවා නොහැරියේ නම් මම සෂං ශිඛරය ගොස් ක්ෂණිකව ඔබට විරුද්ධව පැමිණිලි කරනවා!ඔබතුමා වගේ මෙවැනි දේවල් කරන්නේ කවුරුන්ද ? ඔබ මුදල් අයෙක්ගේ ගත්තේ නම්, ඔබ ගැටළුව පිළිබඳව සොයා බලන්න ඕනේ, ඔබතුමාට මෙවැනි සුළු දෙයක්වත් නොතේරෙන්නේ ඇයි, එමෙන්ම ඔබතුමා_”

 
ඔහු සම්පූර්ණ කිරීමටත් පෙරාතුව චූ වන්නිං ඔහුගේ පසුම්බිය ගෙන බිමට විසිකළේ ඇසිපිල්ලමක් ගසනා ක්ෂණයෙන් ය. “ඔබ වංශයට සිදු කළ ගෙවීම , මම සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමි, ඔබව පැමිණිලි කිරීමට අවැසි නම් එයට නිදහස ඔබ සතු වේ!”

තියෑන්වන් ලතා මඩුල්ල තියුණු සැතක් මෙන් බැබැළෙන්නට විය.  

චන් ඉඩම් හිමියා ඩැහැගන්නා ලදි, ඔහු වේදනාවෙන් මොරගාමින් බියෙන් හඬ නගන්නට විය,  හිස බදාගෙන බියගුළු මූසිකයෙක් මෙන් දුවන්නට විය, ඔහුගේම දියණියද ඇදගනිමින් අවහිර කරන්නට වූයේ හෙතමගේ වියරුවෙන් සැලෙනා කස පහරින් බේරීමට.

භාග්‍යයට මෙන් චූ වන්නිං මිනිසුන්ට කස පහර දීමට අත හුරු කර ගත් අයෙක් ය, එමෙන්ම තියෑන්වන් ඔහුගේ මනසට අනුකූලව හැසිරෙයි, විලෝ ලතාව ඈ ගිය මාවතින් හැකි ඉක්මණින්  යළිත් පිටුපසට ඇදුණේ පහරවල් වළකමින්  චන් දියණිය බේරමින් ය, වෘතයක් ලෙස  කැරකී ගොස් ඍජුවම චන් ඉඩම් හිමියාගේ මුහුණට පතිත විය. සැණින්, එහි විශාල කෑගැසීමක් සමඟ රුහිරු ක්ෂණයෙන් විසිරිණ.

චූ වන්නිං තමා පැවසූ දෙයින් සසල නොවී එය කනකටවත් නොගනීවි යැයි චන් ඉඩම් හිමියා නොසිතුවේ ය. ඔහුහේ මහන්තත්වකමේ වාතලය පයට පෑගෙන වාලුකා ගාණනට සැණින් අතුරුදන්ව යන්නට වී කිසිවක් කරකියා ගත නොහැකි හික්මීයෙක් බවට පත්වී කෙඳිරිගාමින් දුවන්නට විය. “ඔහොම ඉන්න, ඔහොම ඉන්න, ඔහොම ඉන්න, කස පහර නවත්වන්න, කසපහර නවත්තන්න! දාඕජං! දාඕජං! මම විකාර  ඒ දෙඩෙව්වේ! ඒව නිකම්ම නිකම් විකාර! මාව අතහරින්න! අයියෝ! කරුණාවෙන් අතහරින්න, මම ඔබතුමාගෙන් අයදිනවා, මම වයසට ගිහින්, මට මේවා දරාගන්න බෑ! දාඕජං අනුකම්පා කරන්න, ඒය මගේ වරද, එය මගේ වරද ”

චූ වන්නිං අඩු තරමකින්වත් ඔහුට  අහුකම් නොදුණි. ඔහුගේ ළය කෝපයෙන් පිරී තිබුණි, ෆීනික්ස් විහඟ නෙතු සඟල විලෝ ලතාව නටනා දෙසට පටු විය, චන් ඉඩම් හිමියා වේදනාවෙන් සොටු පෙර පෙර හඬමින් බිම පෙරලෙන්නට විය.

මෝ රන් කඩුල්ල අසල විෂ්මයට පත්ව සිටන් සිටියේ ය: “...................”

චූ වන්නිං තියෑන්වන් යොදා ගෙන සාමාන්‍ය වැසියෙකුට පහර දෙනවා ඔහු මින් පෙර දැක නැත, එමෙන්ම දුෂ්ඨ මෙන්ම අකාරුණික ලෙස, ඔහු මෘගයෙක් වූවා නම් විලෝ ලතාව හැසිරෙන වේගයට එය යාන්තමින් දැකගත හැකිවන තරම් ය.

මොන අවුල් ජාලාවක් ද මේ ? සේවාව සපයන්නෙක් , සේවාග්‍රාහකයෙකුට පහර දීම, එය උසස් වූත් පහළ වූත් ධ්‍යානවේදී ලොවේ කීර්තිනාමයට ද හානියකි, කීරිතිය විනාශ කරන්නකි.

චූ වන්නිංගේ ස්වභාවය කෙතරම් රළු වූවත් කම් නැත, ඔහු කේන්තිය පාලනය කිරීමට අසමතෙක් වූවත් කම් නැත්‍ය, ඔහු කෙතරම් නීති රීති වලර හිසේ හදවතේ සිට තද බල වූවත් කම් නැත, ඔහු අතින් මෙතරම් මහත් ද්‍යෝෂයක්  වීමට තරම් මෙය දුරදිග ගියේ කෙසේ ද?

මෙය ඔහුගේ “චෞරකම, අනාචාරයේ හැසිරීමට එරෙහි නීති ” වලට වඩා දරුණු ය.

ෂ මෙයි තැතිගැන්මට ලක්ව සුදු මැලිව ගොස් තිබිණ. ඔහු තිගැස්මෙන් යුතුව මෝ රන්ව අඳින්නව විය “ඉ-ඉක්මනින් ඇඳුරුතුමාව වළක්වන්න!”

මෝ රන් අතෙහි තවමත් සිහිසුන්ව සිටින චන් යාඕ පවුලේ අනර්ඝ මාණික්‍ය වූ__යාඕ  විය__ඇයව ෂ මෙයි වෙතට දී ඔහු පියවරක් ඉදිරියට තබා චූ වන්නිංගේ අතඟ බියෙන් සග තැතිගැනිමෙන්. “ඇඳුරුතුමනි__ඔබතුමා___ඔබතුමා මේ කුමක් කරන්නේ ද?”

චූ වන්නිං බියකරු නියාවකි යුතුව, දෙබැම හකුළා ගර්ජනා කරන්නට විය “අත අරිනවා!”

“ඇඳුරුතුමනි, මෙය නීතියට පටහැනියි”

“තමුන්ට දැන් මට කියන්න අවැසි සෂං කඳු ශිඛරයේ වූ හත් දහස් පහහක් වූ නීති පිළිවෙත් තමුන්ට වඩා මා හොදින් නොදන්නා බවද? අත් අරිනවා”

මෝ රන් සිය හඬ උස් කළේ ය. “එසේ නම් ඇයි ඔබතුමා මෙය නොනවත්වන්නේ?”

චූ වන්නිංහට ඔහුත් සමඟ වදන් අපතේ හැරීමට සුදුසු නැතියි හැඟීගිය හෙයින් එවෙනුවට ඔහුගේ අත ඉවතට ගෙන අනෙක් කස පහරක් අනුකම්පා විරහිතව චන් ඉඩම් හිමියා වෙතට යොමු කළේ ය.

“ඇදුරුතුමනි!”

චූ වන්නිං හිම මෙන් වූ නෙත් විහිදා ගර්ජනා කළේ ය, “යනවා යන්න මෙතනින්”

මෝ රන් කඩවසම් මනහර අයෙක් මෙන්ම ඔහු සුහදශීලී ලෙස පෙනෙන අයුරු චන් ඉඩම් හිමියා දුටුවේ ය, ඔහු නිසැකවම යහපත් අයෙක් ලෙස සිතා ඔහු වෙතට බඩ ගාන්නට විය, මෝ රන්හට මුවා වී ඔහුගේ වස්ත්‍රයේ කෙරවල අල්ලා ගත්තේ ය. “දාඕජං, ඔබතුමාගේ ඇදුරුතුමාට කතා කරන්නකෝ, මම මහල්ලෙක්, මම වැරදි වූවත්, මම වැරදි වූවත්, මගේ මහළු ශරීර කූසුවට දරන්න බෑ ඔය ගුටි බැට.....”

නමුත්, ඔහුගේ අපේක්ෂාවන්ට වඩා සිදුවූ දේ පරස්පර විරෝධී විය, මෝ රන් හැරුණු විටි කඳුළු සහ සොටු දුටු පසු ඔහුට හැඟී ගියේ අනුකම්පාවක් නොව අප්‍රසන්න බවකි, ඔහු සැණිය පසෙකට වී “ආ!”ලෙස කොඳුරා අප්‍රසන්න ලෙස “මාව අල්ලන්න එපා” ලෙස පැවසුවේ ය.

“.......” චන් ඉඩම් හිමියා මේ පුද්ගලයා පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි බව වැටගී, ඔහුගේ බැල්ම ඈත සිට චන් යාඕ හට අසුනක් මත සිඳ ගැනීමට උදව් කරනා  ෂ මෙයි වෙත යොමු කළේ ය. ඔහුගේ අවසන් බලාපොරොත්තුව පෙර දැරිව  ඔහු කෙඳිරිගාමින් හඩමින්  ෂ මෙයි වෙත බඩ ගාන්නව විය.

“දාඕජං , දාඕජං, අනේ! කරුණාව දක්වනු මැනවි, අනුකම්පා කළ මැනවි, මම දන්නවා මමයි වැරදියි, මමයි නරක, හැම වැරදි ක්‍රියාවක්ම මගේ, කරුණාකරලා, මම ඔබතුමාගෙන් අයදිනවා, ඔබතුමාගේ ඇදුරුතුමාට කතා කරන්න, මම වැරදියි, මම වැරැද්ද පිළිගන්නවා..මම...මම..මම ඔබතුමා කියන ඕනෙම දෙයක් කරන්නම, අනේ කරුණාකරලා මට තවත් ගහන්න එපා, මම මහළුයි, මගේ ශරීරයට දරන්න බැහැ.. දරන්න බැහැ.. ”

ඔහු අනුකම්පාව උපදවන ලෙස හඩා වැටුණේ ය, අව්‍යාජ ලෙසම ඔහු ෂ මෙයි වෙත බඩ ගා ඔහුගේ වස්ත්‍රයේ එල්ලී ජීවිතය අයැද සිටියේ ය.

“.......” ෂ මෙයි කරුණා දයාවෙන් පිරී ගිය අයෙක් ය, ඔහු චූ වන්නිං වෙතට හැරී බැගෑපත්ව ආයාචනා කළේ ය. “ඇදුරුතුමනි, මේ අය කියනවනේ ඔහු තම ද්‍යෝෂය පිළිගත් බව, කරුණිකව ඔහුට අනුකම්පා කොත ඔහුව නිදහ__”

චූ වන්නිං: “මාර්ගයෙන් ඉවත් වෙනු!”

ෂ මෙයි : “......”

චූ වන්නිං රළු ලෙස පැවසුවේ ය; “තමුන්ට මම කියන දේ නොඇසෙන්නේ ද?”

ෂ මෙයි බියෙන් හැකිළී පසෙකට වූයේ ය.

තියෑන්වන් වා තල පසාරු කරමින් වූෂ් හඩකින්  බියෙන් දෑත් දෙපා  හකුළාගෙන හිස වසාගෙන වකුටුව   හඬනා චන් ඉඩම් හිමියා වෙත ඍජුව පතිත වෙමින් පවතින විට එය ඉතා සානුකම්පිත අවස්ථාවක් විය,  ෂ මෙයි හට එය දැරිය නොහැකිව ඔහු ඉදිරියට පැමිණ අනෙකා වෙනුවෙන් පහර අවහිර කරන ලද්දේ ය.

දෝංකාර දෙමින් කස පහර පතිත විය.

ෂ මෙයි වේගයෙන් සංචලනය වූ  හෙයින් චූ වන්නිං පසු පසට ඇදීමට තැත් කළ ද එය ප්‍රමාද විය.

රුහිරු බිඳිති කඩා හැලෙන්නට විය, ඔහුගේ දුර්වල තත්ත්වය මත එය දැරිය නොහැකිව ඔහු කස පහර හමුවේ ක්ෂණයෙන් දණින් වැටුණේ ය.  ඔහු තම සියුමැලි කොපුල් වසා ගත්තේ ය. නමුත් සිය දෑගිලි අතරින් රුහිරු ගලා බැසීම ඔහුට නවතාලිය නොහැකි විය.

 

කතු වදන

 

පෝරමයේ වර්ගීකරණය : සබඳතා ලොව

OP ID :  පරපුරේ බුද්ධිමත් අදිරද මෝ වෙයි යූ

ප්‍රශ්නය : කලින් පෙම්වතා (ගණන් කරපු විදිහට) අනපේක්ෂිත ලෙස මගේ සිහිනයකට එනවා, මොකද කරන්නේ? හදිස්සියි, උත්තරයක් එනකම් ඔන්ලයින් බලන් ඉන්නවා

ස්ථානව ; සායි දියේ නුවර, චන් බංගලාව

Post 1 : ඒක රදා පවතින්නේ OP ට ආයෙමත් පරණ පෙම්වතා එක්ක සබඳකම් අලුත් කර ගන්න ඕනෙ ද නැත්තම් ඔබේ හීනේ එන්න පුද්ගලාව ලුහුබඳිනවද යන්න මත.

Post 2 ; පරණ කෙනාට ගහන්න, පරණ කෙනාගේ කැමැත්තටත් ගහන්න ඍන 10, සුඩු හඳ එළියේ මනාපය ධන 10, මුකුත් නොදැක්ක ගානට ඉන්න, පරණ කෙනාගේ කැමැත්ත වෙනස් වෙන්නෑ, සුදු හඳ එළියේ මනාපය  ඍන 10 OP ට අවස්ථාවක් තියෙනව තරඟය තමා වෙතට හරවා ගන්න සැලසුම් කරන්න

Post 3 ; ස්වයං විනාශයට ලක්වෙලා මැරුණා වගේ ඉන්න

Post 4 ; මට කුතුහලයක් තියෙනවා මොකක්ද ( ගණන් කරපු විදිහට) කියන්නෙ? කොහොමද කාට හරි ගණන් කරන විදිහට පෙම්වතුන්  ඉන්නේ? ඒක OP බලෙන් පාවිච්චි කරලද?

Post 5 ; ඔහුට සමාව දීම තෝරගන්න

Post 6 ; අපේ කඩේ සුවඳ වැඩි තෙල්  (lubricant ) විකුණනවා, යින් සහ යං අතර විවාහය*, රහස් ද්විත්ව ධ්‍යානවේදය, අවශ්‍යතවක් ඇත්නම් , 48481438 fried විදිහට  add කරන්න, සම්බන්ධීකරණය, සෂං කඳු ශිඛරයේ වං මෙය.

 

T/N

·         මම ලොකු අප්පොච්චිව මැරුවේ නෑ ලොකු අප්පොච්චි මැරුණේ මං නිසා ;-   我不杀仁,伯仁因我而死 (Wǒ bù shā bó rén, bó rén yīn wǒ ér sǐ / වෝ පු ෂා බෝ ර’න් , බෝ ර’න් යින් වෝ අර් ස’)  මෙය චීන බසෙහි එන ආප්තෝපදේශයකි , (bó) යනු චීන බසින් පියාගේ වැඩිමල් සොහොයුරාට ආමන්ත්‍රණය කරණ අයුරුය.

 

·         යින් සහ යං අතර විවාහය : 阴阳合欢散 (Yīnyáng héhuān sàn / යින් යං හ’ හුවන් සන්)  රතිප්‍රබෝධක (aphrodisiac ) වර්ගයකි.

 

 Previous | TOC | Next

 

 

 

Comments

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.