අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිපස්වන දිගහැරුම : මේ උත්තමයාණන්ට ඔහුත් සමඟ නම් බැරිය!
චූ වන්නිං මොහොතකට නිහඬ බව රැක්කේ අඳුරුව ගිය සහ මලානික වූ මුහුණකින් යුතුවය
“මෙතනින් පිටවී යනවා යන්න” යන වදන් පෙළ බොහෝ වේලාවක් උගුරේ සිරව
තිබී සැණෙන් පැකිළෙමින් එළියට
පැන්නේ “ඇතුළට එන්න ” යන්නය.
“ආ? ඔබතුමා දොර අඟුළු දාලා නැද්ද?” තුෂ්ණි යුධ පිටියකට පසු මෝ රන් හට අවශ්‍යය වූයේ
ඔහු සමඟ සුහද වීමටය, එහෙයින් කිසිදු දෝෂ්‍යයක් නොවූ ගානට ඔහු ද්වාරය තල්ලු කරමින්
ඇතුළට පැමිණියේ ය. චූ වන්නිං තමා මේසය අසළ අසුන්ගෙන සිටි තැනින්ම කිසිදු භාව ප්‍රකාශනයකින්
තොරව ඔහු දෙස බැලුවේ ය.
හදවතට එකඟව කතා කළහොත් මෝ රන් එක් පෙනී සිටීමකින්
මුළු කුටියම ආලෝකමත් කිරීමට තරම් ඔහු මනහර මෙන්ම කඩවසම් විය, තුරුණු බව චර්මය තුළින් දිදුළන්නට විය, දෙතොලඟ ස්වභාවිකවම
සුන්දර ලෙස නැවී තිබුණේ මධ්‍යස්ථ භාවයන් සමඟ ඔහු මදහසක් පාන්නක් මෙන් ය.
චූ වන්නිං සිය ශාන්තභාවය එලෙසම තදින්ම තාබාගෙන සිටියේ , ඔහු සිය බැල්ම මෝ රන් කෙරෙන් ඉවතට ගෙන ඇසි
පිහාටු බිම හෙළා අත ඔසවා මේසය මත වූ සුවඳ දහනයේ දැවෙමින් තිබූ සඳුන් කූරූ නිවාදමමින් උද්‍යෝගයකින් විමසීමට විචාරන්නට පෙරය.
“ඔබ කුමක් ද මෙහි කරන්නෙ?”
“මම පැමිණියේ.....ඔබතුමාගේ තුවාලය ගැන බලන්න” මෝ
රන් ඔහුගේ උගුර පාදමින් සිය බැල්ම චූ වන්නිං ගේ උරහිස වෙතට එල්ල කර මදක් නැවතී සිට
“ඔබතුමා එයට දැනටමත් වෙදකම් කළේ ද?”
සියුම් ලෙස මෙසේ පැවසුවේ ය “හ්ම්ම්”
මෝ රන් කිසිවක්
කියාගත නොහැකිව නිහඬ වූයේ ය.
ඔහු චූ වන්නිං හට ද්වේෂ කිරීම සත්‍යයකි එමෙන්ම ෂ
මෙයි හට රිදවීම පිළිබඳව ක්‍රෝධයෙන් සිටීමත් සත්‍යයකි එහෙත් ඔහු සන්සුන් වූ පසු මෝ
රන් හට හෘද සාක්ෂියක් නොමැති මෙයි එය නොවූවේ ය ;
එසේම වෛරය යනු වෙනත් කාරණයකි එමෙන්ම චූ වන්නිංගේ උරහිස තුවාල වූයේ කෙසේද
යන්න ඔහුට අමතක නැත.
ආශ්වාස කිරීමට අපහසු තරම් වූ එම ශවභාජනයේ, චූ වන්නිං ඔහුව සිය තුරුළේ තදින්
හොවාගෙන සිටියේ ය, සිය ශරීරය යොදා ගනිමින් අවතාරාධිපතිනියගේ නිය පෙළ අවහිර කළේ ය,
මුළු සිරුරම වේදනාවෙන් වෙවුලුවත් ඔහු එය
සඟවා ගෙන සිටියේ සිය වේදනාව පිටතට පෙන්වීමද ප්‍රත්ක්ෂේප කරමින් ය...
මෝ රන් සක් සුදක් සේ චූ වන්නිංට දැඩි ලෙස නොකැමැතිය.
අකමැත්තෙන් ඔබ්බට , සමහර කරුණු හේතුවෙන් , සමහර
ව්‍යාකූල හැඟීම් සංයෝගයක් ද තිබුණි.
ඔහු තරුණ වියේ දී නිසි අධ්‍යාපනයක් නොලද අශෝභන පුද්ගලයෙක් වූයේ
ය, පසුව තරමක් ඉගෙන ගත්ත ද ඔහුට සිය හිස සෞම්‍ය , මෘදු ,සියුම් දේවල් වටා ගෙන යෑමට
අපහසු කාලයක් විය විශේෂයෙන් චිත්තවේගයන්ට සම්බන්ධව.
උදාහරණයක් ලෙස , චූ වන්නිං පිළිබඳව නම් මෝ රන්
සිය හිස බොහෝ වේලාවක් කසමින් සිතා බලයි, නම් ඔහුට මෙම හැඟීම කුමක් දැයි වටහා
ගැනීමට නොහැකිය.
ඔහුට වටහා ගැනීමට හැක්කේ ; කැමැත්ත , අකමැත්ත,
වෛරය, සතුට, අසතුට යන සරල චිත්තවේගයන් ය.
එහෙත් බොහෝ චිත්තවේගයන් එකට පොදි බැඳුන පසු ඔහුට
දීප්තිමත් මෙන්ම බලසම්පන්න තාශියෑන් ජූන් පිළිබඳ මැවී හිස භ්‍රමනය වී තාරකාවන් ද
පෙනේ.
ඒ ගැන නොසිතන්න , ඒකෙන් ඵලක් නෑ, මොනවද ඔය, මාව
බේරන්න, ආහ්! මගේ ඔළුව
එසේ හෙයින් මෝ රන් ඒ ගැන සිතීම පිළිබඳව තවදුරටත්
වදවූයේ නැත , එවැනි ශක්තියක් ෂ’ මෙයි හැරුණාම අන් කිසිවෙක් වෙනුවෙන් විනාශ කිරීම පිළිබඳව ඔහු තැකුවේ නැත.
සිතින් , කලින් සිදුවූ සිදුවීම චූ වන්නිං වෙතට
පටවා ඔහුට එම ගණුදෙනුව පියවා ගැනීමව අවස්ථාවක් ලද සැණින් ඔහුට
දෙගුණයකින් වන්දි ගෙවීමට ඉඩ සැලසුවේ ය නමුත් වරදකාරී හැගීම් ඔහු වෙතට ගලා එන්නට
විය . හෙතම චූ වන්නිංගේ කුටියට පිවිසෙන දොරටුවට තට්ටු කිරීමට පෙර සිය ඇතුළාන්තයෙන් තමා සමඟ යුද්ධ කළේ ය.
හෙතෙමට ඔහුට ණය ගැතියෙක් වීමට අවැසි නොවීය.
ඒ කෙසේ වෙතත්
චූ වන්නිං යනු ඔහු සිතුවාටත් වඩා
හිතුවක්කාර අයෙකි.
මේසය මත වූ රුධිරයෙන් තෙත් වූ වෙළුම්පටි දෙස
බැල්ම හෙළුවේ ය, ලෝහිත වර්ණිත ජලය සේදුම් දිය බඳුනේ විය, සැතක් ඔහේ පැත්තකට වැටී තිබුණි එහි තුඩෙහි රුධිරය පිරුණු සම්
කැබැල්ලක් එල්ලෙන්නට විය. හිස රිදුම් දෙන්නාක් මෙන් හැඟීමක් ඔහුට ආවේ ය.
මෙසේ ද ඔහු තමාගෙම තුවාල වලට ප්‍රතිකාර කරනුයේ ?
ඇසි පිල්ලම්වත් නොගසා සත්‍යවශයෙන්ම තනිවම
සියතින් ඔහු තමාගේ තුවාලය අවට වූ මැරුණු
සම මෙසේ ඉවත් කළේ ද? මෙය සිතට ආ සැණින් මෝ රන්ගේ හිස් කබල පවා හිරි වැටෙන්නට විය. මේ
මිනිසා ඇත්තෙන්ම මනුෂ්‍යයෙක් ද?
මෝ රන් මොහොතකට පෙර ෂ මෙයිගේ තුවාලය පිරිසිදු කරන
විට ඔහු සිය දෙනෙතේ කඳුළු පුරවාගෙන සෙමින් කෙඳිරිගාන්නට විය. කොතරම් චූ වන්නිංට
අකමැතියි ද යන්න මෙහිදී නොතකා මේ මොහොතේ ඔහුට මනසින් ආචාර කිරීම වළක්වන්නට ද
නොහැකිය.
යූහං වැඩිහිටියා යනු නිසැකවම ලොක්කෙක් ය,
අතිවිශිෂ්ටයි, සත්‍යවශයෙන්ම අතිවිශිෂ්ටයි.
මෝ රන් එහි මදක් සිටගෙන සිට ප්‍රථමයෙන්ම
නිහැඬියාව බින්දේ ය. ඔහු දෙවරක් කැසීමක් කොට
පාදයේ ඇඟිලි තුඩු වලින් බිමට ඇන අපහසුවෙන් කතා කිරීමට පටන් ගත්තේ ය “කලින්
, චන් බංගලාවේදී....සමාවෙන්න ඇදුරුතුමනි”
චූ වන්නිං කිසිවක් නොපැවසුවේ ය.
මෝ රන් හොරෙන් ඔහු දෙස බැලුවේ ය. “මට තිබුණේ
ඔබතුමාට කෑගැසීම නොකර සිටින්නයි”
චූ වන්නිං ඔහුව මඟහැරීම දිගින් දිගටම කළේ ය,
නොවෙනස්වන ඔහුගේ මුහුණු එසේම විය. ඔහු කිසිදාක එය නොපවසාවි නමුත් ඔහුගේ හද පත්තෙන්
ගත් කළ වරදකාරී හැඟීමක් එහි විය.
මෝ රන් අසළට පැමිණියේ ය. ළඟින් බැලූ විට ඔහුට
පෙනී ගියේ අවුල් සහගත ලෙස තිබූ චූ වන්නිංගේ වෙළුම්පටි පමණය, උරහිස වටා ඔහු
වෙළුම්පට වෙලා තිබූ ආකාරය හරියට ඔහු කකුළුවෙක් වෙලනවා මෙන් පෙනී ගියේ ය.
“......”
නැවත හැරී බැලූවෝත් වස්ත්‍ර දෝවනය කිරීමට නොදන්නා
අයෙක්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වන්න ද?
සුසුම් ලමින් මෝ රන් මෙසේ පැවසුවේ ය,
“ඇදුරුතුමනි, තව දුරටත් උරණ නොවනු මැනවි.”
“මා උරණව සිටින වගක් තමුන් දැක්කේ කුමන ඇසින් ද?”
චූ වන්නිං ක්‍රෝධ ආපසු බැල්මක් හෙලුවේ ය.
මෝ රන්: “......”
මොහොතක් ගතව ගියේ ය.
“ඇදුරුතුමනි, වෙළුම්කරණය කරනුයේ මෙසේ නොවේ”
තවත් එකට එක කීමක් මතුවූයේ ය.
මෝ රන් “......”
හෙතෙම සිය හස්තය එසෙවූයේ වූ වන්නිංගේ වෙළුම්පටි
හරි ගැස්වීමට වුවමනාවෙන් වුවද , ඔහුගේ මුහුණේ ඉරියව් දුටු පසු පසුබෑවේ මෙය ඔහුව
ඇල්ලීම නිර්භීත වීම වැනි ඉහළ කරුණක් මුහුණ
හරහා අතුල් පහර වැදීමට තරම් ප්‍රමාණවත් හෙයින් ය.
අත පහළට ගොස් එසවුණේ ය, ඔහු කිහිපවරක් එය නැවත
නැවතත් කළේ ය. චූ වන්නිංගේ කේන්තිය වැඩි වී පසෙකින් බලා විමසුවේ ය. “මොකද ? මට පහර
දීම වැනි දෙයක් කිරීමට ඔබට අවශ්‍ය ද?”
“...........” ඔහුට නිසැකයින්ම පහරදීමට නම අවශ්‍යයි
නමුත් මෙය එයට වූ වේලාව නොවෙයි.
මෝ රන් කෝපයෙන් දත් නියවා අත දිග හරිමින් එය චූ
වන්නිංගේ උරහිස වෙතට හෙන ගොස් සිටියේ ප්‍රථිඵල කුමක් වූවත් යැයි නොතකමින් ඔහුගේ
කම්මුල් දෙපැත්ත වළගැසෙන්නට විය. “ඇදුරුතුමනි, ඉන්න, මම ඔබතුමාට වෙළුම්පටි සාදා
ගැනීමට උදව් කරන්නම්”
සත්‍යවශයෙන්ම චූ වන්නිංට අවශ්‍ය වූයේ ප්‍රතික්ෂේප
කිරීමටය එහෙත් ඒ වන විටත් මෝ රන්ගේ
උණුසුම් ඇඟිලි තුඩු ඔහු වෙත පැමිණ
හමාරවූයේ දෙතොල් ද වියළමින් ය. ඔහුගේ දෙතො නලියන්නට වූවත් අවසානයේ කිසිවක් නොපවසා
මෝ රන් කැමති දෙයක් කිරීමට ඉඩ හැරියේ ය.
තට්ටු තුනක් පමණ වූ රුධිරයෙන් තෙත්වී තිබූ
වෙළුම්පටි ගැලවී ගියේ කොදු නාරටියටම හිරිවට්ටන තරම් වූ සිදුරු තුනක් මතුවෙමින් ය.
එහි මද දැකුමක් පවා වෙවුලුවන සුළු ය; ෂ’ මෙයිගේ
මුහුණේ වූ කැපුමට වඩා එම තුවාලයෙන් වී තිබෙන හානිය දරුණු ය.
මෝ රන්
මද වේලාවකට එදෙස බලා සිටියේ යම් කරුණු කාරනාවක් හේතුවෙන් ඔහුටම නොතේරෙමින් ය. ඔහු
සියුම්ව විමසුවේ ය, “රිදෙනවාද?”
චූ වන්නිංගේ සියුම් නෙතු පිහාටු බිමට හැරවිණ, ඔහු
සියුම්ව යමක් පැවසුවා පමණි. “ගොඩක්
රිදෙන්නෑ”
“මම හිමින් කරන්නම්” මෝ රන් පැවසුවේ ය.
චූ වන්නිං
තමා කුමක් ද සිතන්නේ ද යන්නවත්
දන්නේ නැත නමුත් ඔහුගේ කන්පෙති අඟ රත් පැහැ ගැන්විය ඔහු යලිත් කුපිත වූවේ ය, ඔහුට
දැනුණේ තමා උමතු බවට පත්වී මෙවැනි විකාර සිතුවිලි පැමිණෙන බවයි. එහෙයින් ඔහුගේ භාව ප්‍රකාශනයන් දැඩි වී, මුහුණ
අඳුරුවීම සිතේ ස්වභාවය තවත් නරක අතට හැරී, වියළී ගිය දෙතොල් මතින් මිමුණුවේ ය.
“ඔබට කැමති අයුරකට කරන්න”
ඉටි පන්දම් එළිය පිපිරී ගියේ ය. එහි කහ පැහැති
මන්දාලෝකයෙන් ඖෂධ සමහර තැන් වලටවත් ආලේප
වී නොමැති අයුරු මෝ රන් හට දක්නට ලැබුණි. ඔහුට සත්‍යවශයෙන්ම කිසිවක් කියාගත නොහැකි
විය; යම් ආශ්චර්යයකට අද දින චූ වන්නිං හට මෙලෙස ජීවත් වීමට කළමනාකරණ කරගත හැකිවී
ඇත.
“ඇදුරුතුමනි”
“හ්ම්ම්?”
“අද දින චන් බංගලාවේ කුමක්ද සිදුවූයේ? ඇයි ඔබතුමා
ඔවුන්ට පහර දුන්නේ?” ඖෂධ ගල්වමින් ඔහු විමසුවේ ය.
චූ වන්නිං මොහොතක් නිහඬව සිට පිළිතුරු දුන්නේ ය.
“මම සිටියේ කෝපයෙන්, එපමණයි”
මෝ රන් විමසුවේ ය, “කුමක් ද ඔබතුමාගේ කෝපයට මුල්
වූයේ.”
චූ වන්නිං හට ඔහුගේ කනිෂ්ඨයෙකුට මේ මොහොතේ කරදර
කිරීම ගැන නොසිතුනේ ය, එබැවින් මෝ රන්හට ලුවෝ ශියෑන්ශියෑන් පිළිබඳව කෙටියෙන්
පැවසුවේ ය. සිය සිත නැමති ගිණුම පිරුණු
පසු මෝ රන් හිස සෙලෙව්වේ ය. “එය මහා අනුවණකමක් නේ, එවැනි දෙයක්, ඔබතුමා
කොතරම් කෝපවූවත් කම් නැත, ඔබතුමා ඔවුන් ඉදිරියට එසේ යෑම නොකළ යුතු දෙයක්, ඒ මම
වූවා නම්, මම යම් දෙයක් කොට, භූතයන් පලවා හැරීම ගැන මුලාවක් කර, මාගේ අතට
දුහුවිල්ලක් ගෙන, එය එහි දමා, කාරණා එසේ සිදුවීමට හරිනවා. සමහර වේලාවන් වලදී අපට
අවස්ථ්වට හැඩගැසීමට සිදුවෙනවා, ඔඅබතුමා දන්නවානේ , ඔබතුමා දෙසම බලන්නකෝ, නිෂ්ඵල
අභාග්‍ය විකාර දෙයකට , විශාල ගැටළුවක් ඇති කළා , අනපේක්ෂිත ලෙස ෂ’මෙයිට ද පහර
දුන්නා__”
මෝ රන් දෙඩවීම අතර මඟ තමාවම නවතා ගත්තේ ය. ඔහු කට
වසා ගෙන චූ වන්නිංව නැරඹුවේ ය. ඔහු වෙළුම්පටි සෑදීම ගැන අවධානය යොමුකොට සිටි
බැවින් ඔහු ගැනම එම මොහොතේ අමතකව ගියේ ය,
නොදැනුවත්වම තමාටම තිස් වියැති මනසින් චූ වන්නිං හට අවිනීත ලෙස ගරුසරු නොමැතිව කතා
කළේ ය.
චූ වන්නිං හට ද එය පැහැදිලිවම වැටුහුණේ ය, නෙතඟින් ඔහු මෝ රන් දෙස රවා බලා
සිටියේ එම බැල්මෙන් හුරු පුරුදු වදන් පෙළක් ගෙන එන්නාක් මෙන් ය__ “මම තමුන්ට
මැරෙනකම් කසපාර දෙනවා”
“අ...ම්ම්ම්”
ඔහු නිදහසට කරුණක් පිළිබඳව අමාරුවෙන් සිතමින්
සිටින අතරතුරේ දී චූ වන්නිං ප්‍රථමයෙන් කතා කළේ ය.
ඔහු ශාන්‍ත
ලෙස විමසුවේ ය “ඔබ සිතා සිටින්නේ මට ෂ’ මිංජිංට පහර දීමට අවැසි වූවා කියා
ද?”
ෂ’ මෙයි පිළිබඳව සඳහන් වූ පසු හේතුව පසෙකට දමා
තමාගේ මතයෙන් තර්ක කිරීමක් මෝ රන්ගේ මොළයට ඇවිත් ඔහුගේ ස්වරය පවා කටුමෙන් තීව්‍ර විය. “ඔබතුමා ඔහුට පහර දුන්නේ
නැද්ද?”
එම කස ප්‍රහාරය පිළිබඳව චූ වන්නිං ද පසුතැවුණේ ය,
එහෙත් ඔහුගේ ස්වභාවය දැඩි වූ හෙයින් ඔහු ඒ
පිළිඳව මැඩගෙන සිටියේය එහෙයින් ඔහු රවා බලා කිසිවක් නොපැවසුවේ ය.
චූ වන්නිං මුරණ්ඩු ය, මෝ රන් ආදර හැඟුමන් වල
හිරවී ය , ඔහුන්ගේ බැල්ම එකිනෙකා අතර වාතල අතර ගැටුණ විට ගිනි දළු පිටවන්නාක් වන්
ය. එම අවකාශය තරමක් සන්සුන් මුහුණුවරක් ගත්ත ද එය යළිත් වරක් ඉච්ඡාභංගත්වයේ අවුල්
ජාලාවක් බවට පත්විය.
“නමුත් ෂ’මෙයි එහිදී කිසි වරදක් කළේ නැහැ, ඇදුරුතුමනි,
ඔබතුමාට අත්වැරදීමකින් ඔහුට රිද්දුවාට සමාව ගත නොහැකියි ද?”
චූ වන්නිං නෙත් පටු කරමින් බයන්කර ලෙස බැලුවේ ය. “ඔබ මාව ප්‍රශ්න කරන්නේ ද?”
“නැහැ” මෝ රන් මදක් නැවැත්වූයේ ය. “මට දුක ඔහුට
වැරදීමකින් තුවල වූ නිසා, එමෙන්ම ඔහුගෙන් ඇඳුරුතුමා සමාව නොගැනීම”
ඉටිපන්දම් එළිය මතින් කඩවසම් තරුණයා චූ වන්නිංගේ
තුවාලය වෙලා අවසන් කොට ප්‍රවේසමින් ගැට
ගැසුවේ ය. එම සිදුවීම මොහොතකට පෙර වූවක් හෙයින් ඔවුන්ගේ මුහුණේ ස්වභාවය මහත් සේ
වෙනස් ය, විශේෂයෙන් චූ වන්නිං හට නම් විනාකිරි
බෝතකක් ළයට පෙදෙසට හැලී ඊර්ෂ්‍යාවේ ඇඹුල් ස්වභාවය චර්මය යටින් ඉස්මතු වන්නාක් මෙන්
ය.
සමාව?
කෙසේ ද සමාව යන්න ලියන්නේ? සමාව අයැදීමට හැකි
අයෙක් ඔහුට උගන්වන්න
මෝ රන් සිය කතාව අඛණ්ඩව පැවැත්වූයේ ය, “ඔහුගේ
මුහුණේ වූ තුවාලය සුව වීමට නම් වර්ෂයකින් අඩක් පමණ ගතවේවි, මම ඔහුගේ මුහුණට බෙහෙත්
ගල්වන මොහොතේ දී පවා ඔහු පැවසුවේ ඇදුරුතුමාට දොස් නොපවසන ලෙසයි, ඇත්තෙන්ම ඔහු ඔබතුමාට
නොබනී, මීට පසුව වූවත් ඔබතුමා තවමත් සිතන්නේ ද ඔබතුමා නිවැරදියි කියා”
ඔහුගේ වදන් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා පමණි.
චූ වන්නිංහට එය තවදුරටත් දරා ගැනීමට නොහැකි විය. ඔහු රළු හඩකින් ගර්ජනාන්විත
ලෙස “බහිනවා එළියට” ලෙස කිව්වේ ය.
මෝ රන්: “.........”
චූ වන්නිං කඩා පැන්නේ ය, “යනවා යන්න”
මෝ රන් එළියට ඇඳ දැමූ පසු ඔහුගේ මුහුණටම දොර
වැසුවේ ඔහුගේ ඇඟිලි ආසන්නයටම වැදෙන මෙන් ය. මෝ රන්ගේ
මෝ රන්ගෙ ද ඇගේ මසුන් නටන්නට විය, මෙහෙ බලන්න,
බලන්න! කුමක් ද ඔහුගේ ගැටලුව? එය සමාව ගැනීමක් පමණයි, ඔහුගේ සිකුරුයි කියාගත්
මුහුණ හරිම බලවත් ය, සමාවෙන්න කියන්න එතරම් අපහසුයි ද? මහෝත්තම තාශියෑන් ජූන්
උතුමාණන් වූවත් සමාව ගැනීමට දනී. නමුත් මේ බෙයිදෝව් අමරණීයයාට පමණක් කිසිම හේතුවක්
නොමැතිව ජුවල් ගොස් ඇත.
ඔහුට කෙතරම් කඩවසම් පෙනුමක් තිබුණත් කිසිවෙකුට
ඔහුව අවශ්‍ය නොවීම අරුමක් නොවේ.
මඟුල , නිකම් නාස්තියක් වුනා විතරයි. ඔහු නම්
මුළු ජීවිත කාලයෙම තනිකඩයෙක් ලෙස ජීවත් වේවි, එය තමා ඔහුට සැලකුම් ලැබිය යුතු
ආකාරය.
චූ වන්නිං ඔහුගේ කිසිම අවදානයක් නොදී ඔහුගේ
මුහුණටම දොර වසා දැමූ හෙයින් මනු ලොවට අගරජ ශ්‍රේෂ්ඨ මහෝත්තම අධිරජ තාශියෑන් ජූන් පැහැදිලිවම විලි ලැජ්ජා නැති ගොන් තඩියෙක් මෙන්
දොරට පිටින් වටේ පෙරලෙන්නේ නම් නැත. ඔහු
දැඩි ලෙසටම මුරණ්ඩුය, මැලියම් මෙන් ඇලී සිටීයි ගැලවීමට නොහැකිය, නමුත් ඔහු ඇලවී
සිටින්නේ ෂ’මෙයිටය , ඇඳුරුතුමාට නොවෙයි
ඔහුට අපරික්ෂාකාරී විය නොහැකිය එහෙයින් ඔහු
සැණෙන් ෂ’ මෙයි සමඟ තම සමාගම තබා ගැනීමට ගියේ ය.
“ආයෙත් ආවද?” මෝ රන් පැමිණෙන විට රූමත් ෂ’මෙයි*
ඇලවී විවේක ගනිමින් සිටියේ ය, හිඳ ගැනීමට පෙර ඔහු මදක් නැවත්වූයේය, ඔහුගේ කාල
වර්ණිත දිගු වරලස සිරුර දිගේ කඩා හැලෙන්නට විය. “ඇඳුරුතුමාට කෙසේ ද?”
“එතුමා හොඳින් එමෙන්ම එතුමාගේ කේන්තියත්”
ෂ’ මෙයි: “......”
මෝ රන් අසුනක්
ඇද එහි පුටු ඇන්ද පෙදෙසට මුහුණ හොවා ඇන්ද පපුවේ සහ උදරයේ ගෑවෙන සේ දෙපා
දෙපැත්තට දමා අසුනේ අනිත් පැත්තට හිදගෙන දෙඅත් එහි පිටුපස තබා ගත්තේය . දිගු
සිනිඳු කඩා හැලෙන වරලස විහිදුවා සිටින
ෂ’මෙයි දෙස බලන විට ඔහුගේ වතෙහි මන්දගාමී හසරැල්ලක් ඇදුණි.
“ඇතැම්විට, මමත් ගිහින් එතුමා ගැන සොයා බැලිය යුතුයි මේ කෙසේ වුවත්..” ෂ’මෙයි
පැවසුවේ ය.
“හහ්! ඔබ
ඔහොම වෙන්න එපා” මෝ රන් නෙත් කැරකුවේය. “එතුමා
යක්ෂාවේශ වෙලා සිටින්නේ”
“ඔබ නැවතත් එතුමාගේ කේන්තිය ඇවිස්සුවා ද?”
“එතුමාගේ කේන්තිය ඇවිස්සීමට එතුමාට යමෙක් අවශ්‍යයිද?
එතුමාට තනිවම කේන්තිය අවුස්සගන්න පුළුවන්, ඒ මනුස්සයනම් ගසකින් ද කොහෙද හැදිලා
තියෙන්නේ, පොඩි ගිනි අගුරකටත් ගිනි ගන්න තරම් ඔහොම”
සිනාසෙන්න ද හඬන්නද යන වගක් නොදැන ෂ’මෙයි සිය හිස
සෙලෙව්වේ ය.
“නැවත විවේක ගැනීමට හිත යොමු කරන්න, මම පහළට ගොස්
මුළුතැන් ගෙය ටිකකට ඉල්ලා ගන්නම්, ඔබලාට
කුමක් හෝ ආහාරයට යමක් සෑදීමට” මෝ රන් පැවසුවේ ය.
“ආයෙත් කරදරයක පැටලෙන්නද ඔබ ඔය යන්නේ, ඔබ මුළු
රැයම නිදි වර්ජිතව සිටියානේ, ඔබ නිදාගත යුතු නොවේ ද?” ෂ’ මෙයි විචාලේ ය.
“හාහා, මා ඕනෑ තරම් ඇහැරන් සිටින්නම්” මෝ රන්
සිනාසුණේ ය, “නමුත් ඔබට අවැසි නැති නම් මා යනවාට , ඔබ නිදන තුරු ඔබ සමඟ මා හට මෙහි
සිටිය හැකියි?”
ෂ’ මෙයි ඉක්මනින් අත වනමින් මෘදු ලෙස මෙසේ
පැවසුවේ ය. “අවැසි නැහැ, ඔබ මෙහි එසේ බලාසිටිය දී මා හට නිදාගත නොහැකිය, ඔබ තරමක
විවෙකයක් ගැනීමට උත්සහ කළ යුතුයි, තමව ඔතරම් වෙහෙස කරවන්න එපා”
මෝ රන් තරමක් අධෛර්ය්‍යට පත්විය, එමෙන්ම ඔහුගේ මුහුණේ වූ
සිනහව තරමක් දැඩිවිය.
ෂ’මෙයි ඔහුට කාරුණික විය, නමුත් පෙනෙන අයුරින්
තරමක අදෘෂ්‍යමාන වූ දුරස්ථභාවයක් සැමවිටම තබා ගත්තේ ය. ඔහු තමා ඉදිරියේ නිවැරදි
අයෙක් විය, එමෙන්ම ඔහු කැඩපතට එන චන්ද්‍රයා මෙන්, ජලය මත ප්‍රතිබිම්බගත වන පුෂ්ප
මෙන් මායාවක් විය, දැකුමට හැකිවූවත් ළඟා කර ගත නොහැකි.
“හොඳයි” ඔහු ධෛර්ය්‍යක් රැගෙන බලෙන් හසරැල්ලක්
මුවේ රදවා ගත්තේ ය, මෝ රන් හට දීප්තිමත්
සිනහවක් තිබෙණේ ය, හුරතල් වන විට සහ දඟකාර වන විට ඔහු අමන වූයේ ය. “ඔබට යමක් අවශ්‍ය
වූවොත් කතා කරන්න, මම අල්ලපු කුටියේ හෝ පහළ මහලේ සිටීවි”
“හ්ම්”
ෂ’ මෙයිගේ හිස අතගෑමට මෝ රන් අත එසෙව්වේ ද ඔහු එය කිරීමෙන් වැළකී තම හිස පිටු පසට
අත යවා ඒ වෙනුවට හිස කැසුවේය.
“එසේනම්, මම යන්නම්”
පිටතට ගිය පසු මෝ රන් හට කිවිසුම් යෑම නතර කළ
නොහැකි විය.
ඔහු නාසය උඩට ඇද්දේය
සායි දියේ නුවර සුවඳ ධූප සෑදීමට විශේෂකරණය වී ඇත,
සියලුම ධූපයන් පාහේ ලාභ විය, එහෙයි එම
තානායම ලෝභී නොවීය. සෑම කුටියකම විශේෂිත සුවඳ දුම් කූරක් දැල්විණ.
එකක් දුෂ්ටාත්මයන් පලවා හැරීමට, අනෙක තෙතමනය ඉවත්
කිරීමට, තෙවැන්න හොඳ සුගන්ධයක් කුටිය තුළ තබා ගැනීමට.
සුවඳ දුම් වල සුගන්ධය මෝ රන් හට අපහසුතාවයක් ගෙන
ආවේය, එහෙත් ෂ’ මෙයි එයට ප්‍රිය වූයේ ය, එබැවින් ඔහු එය දරා සිටියේ ය.
පහළ මහලට ගොස් මෝ රන් ආඩම්බර ලීලාවෙන් තානායම්කරු
වෙත ගොස් රිදී කුට්ටියක් තැබුවේය නෙතු
සිනහවකට හැරවිණ “මේ, තානායමේ මහත්තයෝ, මට උපකාරයක් කරන්නකෝ”
රිදී කුට්ටියක් දුටු විගස තානායම් හිමියාගේ සිනහව තවත් ආචාරශීලී විය, “මේ
යහපත් මහත්මයාට කුමක්ද අවශ්‍ය උපකාරය”
“මෙහි බොහෝ පිරිසක් උදෑසන ආහාරයට සිටින බවක් නම්
පෙනෙන්නෑ, ඔබට කරදරයක් ද දන්නෑ මම මෙසේ කීවෝතින් සිටින අනෙක් පාරිභෝගිකයි මදක්
ඉවත් කර මට උදෑසන ආහාර වේල සඳහා මුළුතැන් ගෙය ගැනීමට හැකි වේවි ද?”
උදෑසන ආහාර වේලක් තඹ කාසි කීයක් වටීවි ද? මසකින්
භාගයක උදෑසන ආහාර වේල්වල වටිනාකමින්වත් එක රිදී කුට්ටියක් ඉපැයිය නොහැක,
තානායම්කරු එයට සිනාමුසු මුහුණකින් යුතුව එකඟ
වී තවමත් ආඩම්බර ලීලාවෙක් සිටින මෝ වෙයියූ මුළුතැන් ගෙය වෙත රැගෙන ගියේ ය.
“මහත්මයා තනිවම ද ආහාර පිළියෙල කරන්න සූදානම්
වන්නේ? ඇයි අපේ සූපවේදියාට නොකියන්නේ, ඔහුට හොඳින් කළ හැකියි”
“අවශ්‍ය නැහැ” මෝ රන් පුළුල් සිනහවක් පෑවේ ය.
“ශියංතන්* හි මත්වූ හරිතමණී නිවාසය ගැන ඔබ අසා තිබේ ද?”
“ආ....ප්‍රසිද්ධ විනෝදාස්වාද නිවාසයක්, වසරකට පෙර
මද ගිනිබත් වීමකට ලක්වූ?”
මෝ රන්: “හ්ම්ම්”
තානායම්කරු පිටතට එබී සිය බිරිඳ කර්තව්‍යයන් සමඟ සිය කාර්යබහුල වීම
සවන් නොදෙයි දැයි සෝදිසි කොට කපටි සිනහවක් මුහුණේ රුවා ගත්තේ ය. “ඔය ස්ථානය ගැන අසා නොමැත්තේ කවුරුන්ද? ශියං ගඟ
අසබඩ තිබෙන ප්‍රදානම රංග ශාලාව එයයි, එමෙන්ම තරුවක් වන ගීත ශිල්පිනියක් එහි
නිර්මාණය ද වූවා , තිබෙන දුර ප්‍රමාණය ගැන
ගත්තෝතින්, හරි දුකක් හිතෙනවා, මට ඇගේ සංගීතයට සවන් දීමට හැකි වූවත් එයට බොහෝ
දුරයි ”
මෝ රන් සිනාසුනේ ය “හොඳයි, අගය කිරීම ගැන මම ඇය
වෙනුවට ස්තූති කරනවා”
“ඇය වෙනුවට? ඇය වෙනුවට” තානායම්කරුට ප්‍රෙහේලිකාවක්
මතු විය. “ඔබතුමා ඇය ගැන යමක් දන්නවා ද?”
“එය නම් ඇය ගැන දන්නවාට වඩා දෙයක් ” මෝ රන්
පිළිතුරු දුන්නේ ය.
“ඔබතුමා දැක තිබෙන නිසා අඳුරනවා වැනි දෙයක් නම්
නොවෙන්න ඇති, නමුත් ඔබතුමා වැන ධ්‍යානවේදීන්ට හැකියි ද....එහෙම.....මේ...ආ..මේ”
මෝ රන්ගේ සිනහවෙන් ඔහුව වළක්වාලීය. “ගීත ශිල්පිනී
තාරකාවට වඩා යමක් ඔබ දන්නෙහි ද?”
“ආ..මම අසා තිබෙනවා එහි ආහාර අසමසමයි කියා”
මෝ රන්ගේ දෙතොල් උද්‍යෝගිමත් මුවඟ රැඳි සිනහවකට
පෙරලුණි, හුරුපුරුදු අයෙක් ලෙස මුළුතැන් ගෙයි ආහාර පිසින පිහිය අතට ගත්තේය. “ධ්‍යානවේදියෙක්
වීමට ප්‍රථම මා මත්වූ හරිතමණී නිවාසයෙහි මුළුතැන්ගෙයි සහකරු ලෙස සේවය කළෙමි, ඔබ
සිතනා පරිදි ආහාර පිසීමට රුසියෙක් වනුයේ ඔබේ සූපවේදියා ද නැතිනම් මම ද? ”
තානායම් කරු තවත් වික්ෂිප්ත වී වදන් පවා
පැටලෙන්නට විය “සත්‍ය වශයෙන්ම, ඇත්තෙන්ම මේ යහපත් මහත්මයා....”
ඔහු කොඳුරන්නට වූයේ ය “ඇත්තෙන්ම” එහෙත් ඔහුට වචනය
මෝ රන්
එක් පැතිකඩකින් ඔහු දෙස ඍජුව බලා
ආත්ම අභිමානයකින් වූ සිනහවක් ඔහුගේ මුහුණ තුළින් ඉස්මතු කරමින් ආත්ම විශ්වාසයකින්
මැලිකමක් තබාගෙන “හොඳයි, ඔබ යන්න එසේනම්, මේ සූපවේදී උතුමානන්ට දැන් වැඩ අරඹන්නයි යන්නේ.”
තමා මේ මොහොතේ
කතා කරනුයේ අන්ධකාරයේ පැරණි අධිපතියාණන්ට බව තානායම්කරු හට කිසිදු අදහසක්
හෝ වැටහීමක් නොතිබුණේ ය, එහෙයින් නිර්ලජ්ජිත ආයාචනයක් ඉදිරිපත් කළේ ය . “මත්වූ
හරිතමණී නිවාසය ඇති රසබොජුන් ගැන මා බොහෝ කලෙක සිට අසා තිබේ, ඇතැම්විට මේ
යටත්වැසියාටත් මේ යහපත් මහත්මයා වැඩ නිම කළ පසු රස බැලීමට උත්සාහයක් දැරීමට
හැකිවේවිද”
ඔහු සිතුවේ මෙම ඉල්ලීම ඉතා සුළුපටු දෙයක් ලෙසත්
මෝ රන් හුදෙක් මෙයට එකඟ වේවි යන ලෙසටය.
මෝ රන්ගේ නෙත් දඟකාර සිනහවකට හැරේවී යැයි කවුරු
සිතුවේ ද? “ඔබට රස බලන්න අවශ්‍යද?”
“ඔව්”
“සිහිනෙන් තමා” ඔහු හ්ම්ෆ් ලෙස අහංකාර හඬක් නගා
මුමුණන්නට විය “මේ උත්තමයාණන් එසේ සියල්ලන්ටම ආහාර පිසින්න යන ලෙස ඔබ සිතුවෙහි ද?, එය ෂ’ මෙයි හට නොවූවේ නම්,
එය ඔහු හට නොවූවේ නම් , මේ උත්ත්මයාණෝ මුළුතැන්ගෙට එක් පියවරක් නොතබන්නෙහි ”
ඔහු රාබු ගෙඩියක් රැගෙන තනිව කොඳුරමින් එය කපන්නට
වූයේ ය.
“......” බිම බලාගත් තානායම්කරු හට හැකිවූයේ
අපහසු තාවයට පත්ව සිටගෙන සිය අත් එකට ඇතිල්ලීමට සහ බොළඳ සිනහවක් පෑමෙන් පසු ලිස්සා
යෑමට ය.
ඔහු තමාටම ඇතුළාන්තයෙන් තනිව කතා කරන්නට විය.
කුමක් ද
‘මේ උත්තමයාණෝ’ යන්නෙන් අදහස් කරන්නේ? මේ කොල්ලා තාම කුඩා අයෙක්, ඔහු තවම
ආධ්‍යත්මික ප්‍රතිෂ්ඨාපනයවත් සාදාගෙන නොමැතිව ඇති. ඔහුට සවන් දුන් විට ඒ ෂ’ මෙයි හට මේ ෂ’මෙයි හට යනුවෙන් වැල්වටාරම්
දෙඩවූ නමුත් අද පැමිණි මේ කණ්ඩායමේ එක ගැහැණු ළමයෙක්වත් සිටියේ නැත.
තානායම්කරු නෙත් කරකවා බැලුවේ ය.
උමතුවෙන් සිටිනවා විය යුතුයි, එහෙත් සුළුපටු
ලෙසකට නම් නෙවෙයි.
මුළු හෝරා හතරක් පුරාවටම මෝ රන් මුළුතැන් ගෙය තුළ
කාර්යබහුල විය; ආසන්නව මධ්‍යහ්නය වීමට පෙර ඔහු සිය කාර්යය නිම කළේ ය. ඔහු උඩු මහලට
දිව ගියේ ෂ’මෙයිව අවදි කිරීමට අපේක්ෂාවෙන්ය.
ඔහුගේ පා පියවරයන් මන්දගාමී බවට පත්වූයේ ඔහු චූ
වන්නිංගේ කුටිය පසු කරනා විටය.
ආහාර ගැනීමට හෙතෙම ඔහුටත් කතා කළ යුතුයි ද.....
චූ වන්නිංගේ නුරුස්සන කෝපය ගැන සිතුන විය මෝ රන්
අප්‍රසන්නභාවයේ ගිලී රවන්නට විය.
නැහැ, කෙසේහෝ
ඔහු සෑදුවෙත් සුළු ප්‍රමාණයක්, මොහුට නෙවෙයිනේ!
T/N
රූමත් ෂ’මෙයි : 师美人 Shi
meiren (ෂ’ මෙයි ර’න් ) (beauty)
සුන්දරිය, මෙම Meiren යන්න බොහෝ විට භාවිතා කරනුයේ කාන්තාවන්ගේ
සුන්දරත්වය වර්ණනා කිරීමටය , Meiren සුන්දරිය, රූමතිය ලෙස සිංහලට ගත්ත ද මෙම Meiren නැතහොත් beauty
යන්න ඇතැම් විට පුරුෂයින් සඳහා ද භාවිතා
කෙරේ. English වල
beauty ලෙසම, හරියට Virgin යන්න
සිංහලට හැරවූ විට එය ‘කන්‍යාව’ වුවද male virgin කෙනෙක්ට
කීමට සිදුවෙන්නේ “පවිත්‍රත්වය රකින්නෙක් / කන්‍යාභාවය
රකින්නෙක්” වැනි දෙයක්
ය. එහෙයින් මෙවැනි අවස්ථාවක දී Meiren / beauty
යන්න පුරුෂයෙක්හට කිවහොත් එය සුරූපී අයෙක් හෝ
රූමත් අයෙක් ලෙස ගත හැකියැයි සිතමි.
ෂ’මෙයි යනු තරුණයෙක් හෙයින් රූමත්
ෂ’මෙයි ලෙස තැබීය.
ශියංතන් ; 湘潭 =
Xiangtan, Hunan හූනන් , වල පිහිටි නගරයකි.
Comments
Post a Comment