අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දහනවන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔබට කතාවක් කියන්නම්.




[අවවාදය : ප්‍රචණ්ඩකාරී වදන් අඩංගුය. ]

එම තරුණිය පැහැපත් සමක් හෙබි , ශෝභන, ඕවලාකාර හැඩැති වතක් සහ රවුම් නෙත් යුගලයක් හිමි ඉතා කමනීය අයෙක් විය. ඇය ලා රෝස පැහැ රුචුන් ඇඳුමින් සැරසී වරලස උඩින් බැද සිටියේ අවිහිංසක ජීවන අද්දැකීම නොලද නව පතිනියකගේ ආයුරු විදහා පාමින් ය. ඇය ඇගේ නෙත් අඳුරු කරමින් අන්ධකාරයේ නෙත් පිරිමදිමින් වට පිට බැලුවා ය.

“මා කොහෙද සිටින්නේ?”

“ඔබ සිටින්නේ මා විසින් ඉදිකළ සත්‍ය ප්‍රතිසාධන බාධකයේ” චූ වන්නිං පිළිවදන් දුන්නේ ය.

යුවතිය විස්මයට පත්ව ව්‍යාකූල වූවා සේම ඇසුවා ය, “ඔබ කවුද? ඇයි මෙතන මෙතරම් කළුවර ? මට ඔබව නොපෙනේ, කවුරුන්ද ඔය කතා කරන්නේ?”

“ඔබට අමතක වී ගොස් ද? ඔබ දැනටමත් මිය ගිහින්,” චූ වන්නිං පැවසුවේ ය.

තරුණිය නෙත් විශාල කළා ය. “මම....දැනටමත්..”

ඉක්බිතිව , සෙමෙන්, ඇය මතකාවර්ජනයක නිරත විය. ඇය සිය හිස නවා ළය දෙසට ඇගේ අත් යවන ලදි. එහි හෘද ස්පන්දනයක තරංගයක්වත් නොවීය. ඇය “අහ්” ලෙස සුසුම් හෙළා මිමිණුවා ය, “මම...මම දැන් මැරිලා....”

“ආත්මයන්ට පමණයි මෙම සත්‍ය ප්‍රතිසාධන බාධකය තුළට ආ හැකි. මෙහිදී වෛරය මකා දමයි. මළගිය ඇත්තන්, ඔවුන් භයානක භූතාත්මයකට  ද සාමාන්‍ය භූතාත්මයකට ද හැරී ඇත්තේ යන්නද නොතකා , ඔවුන් ජීවත් වූ විට  වූ චරිතය සහ පෙනුම මෙහිදී ඔප්පු කරයි, එය සත්‍ය ප්‍රතිසාධනයයි.”

මවිතයට පත්ව යුවතියට මොහොතකට  උන්හිටි තැන අමතක විය. ඇය සෙමින් ඇගේ පෙර දිවිය පිළිබඳව මතකාවර්ජනය කළා ය, ඉන්පසු ඇය එකවර හිස පහත් කොට නිහඬව ඉකිබිඳින්නට වූවා ය.

“ඔබට....දුකක් ඇත් ද?” චූ වන්නිං විමසුවේ ය.

යුවතියගේ හඬ කඳුලින්ම බර විය. “ඔබ පාතාලයේ රජ්ජුරුවෝද? නැතිනම් මළගිය ඇත්තන් කැඳවන් යන්නෙක් ද , ඔබ මට යුක්තිය ඉටු කරන්න ද?”

චූ වන්නිං සිය අතින් නළලේ කෙළවර පිරිමැද්දේ ය. “....මම පාතාලයේ රජ්ජුරුවෝවත්, මළගිය ඇත්තන් කැඳවාගෙන යන අයෙක්වත් නොවේ”

යුවතිය සෙමින් හඬා වැටුණි. චූ වන්නිං මද වේලාවක් කිසිවක් නොකියා නිහඬව සිටියේ ය, ඇය සිටි තත්තවයෙන් මිදී යථාතත්ත්වයට පත්වන තුරු රැදී සිටියේ ය. “කෙසේ වුවත් නියතවම මා මෙහි සිටින්නේ ඔබට යුත්තිය ඉෂ්ට කිරීමටයි.”

එය සවනට ඒමෙන් පසු , ඇය හිස ඉහළට යොමු කළා ය. ඇගේ හුස්ම වේගය ඉතා ඉහළ වූයේ ඇය සතුට සහ වේදනාව යන දෙකම පෙන්වූ හෙයින් ය. “ඔබ නම් සැබැවින්ම පාතාලයේ රජ්ජුරුවෝ”

“.....” මේ විෂය පිළිබඳව ඇය සමඟ දිගින් දිගට කතා නොකිරීමට චූ වන්නිං තීරණය කොට ඒ වෙනුවට ඇයගෙන් මෙලෙස විමසුවේ ය. “මියගියැයින් පසුව ඔබ කළේ කුමක්ද කියා ඔබ දන්නෙහි ද?”

“මම දන්නෙ නෑ...එය පැහැදිලි නෑ. මට මතක එකම දෙය මම දුකින් හිටිය එක ගැන. මට පළිගන්න ඕනෑ වුන එක ගැන...මට ඔවුන්ව හොයා ගන්න ඕනෑ වුනා....මට ඔහුව සොයා ගන්න ඕනෑ...”

ආත්මයන් පළමුවෙන් අවදි වූ විට, ඔවුන්ට බොහෝ දේ තාවකාලිකව මතකාවර්ජණය කිරීමට නොහැක. නමුත් එය ගැටළුවක් නොවූ බැවින්  චූ වන්නිං ඉවසීමෙන් විචාළේ ය. “කාවද ඔබට සෙවීමට අවශ්‍ය වූයේ?”

යුවතිය මෘදු ලෙසට පිළිතුරු දුන්නා ය, “මගේ සැමියා , චන් බො’හුවන්”

චූ වන්නිං මදක් මතක් කරන්නට විය. චන් බො’හුවන්___නොවේද චන් පවුලේ වැඩිමහල් පුත්‍රයාගේ නම?

“ඔබේ නම කුමක් ද? කොහේ සිට ද ඔබ පැමිණෙන්නේ?” ඔහු විමසුවේ ය.   

බාධකය පිටිපස වූ මායා ලොව තියෑන්වන්හි බලයෙන් පිරී ඇත. එබැවින් මෙම ලොවට එන බොහෝ මළවුන් චූ වන්නිං සත්‍යගරුකව සහ අවංකව සාකච්ඡා කරති. කෙසේ හෝ මෙම යුවතිය පිළිතුරු දුන්නා ය. “වර්ණ ශලබ නුවර ජීවත් වන මෙම යටත් වැසියාගේ නම  ලුවෝ ශියෑන්ශියෑන්”

“මා වර්ණ ශලබ නුවරට පැමිණීමට පෙර පෙළපත් නම් ලියවැල පරිශීලනය කළෙමි, මෙම නුවර පන්සියයකට අධික පවුල් විසූවත් ලුවෝ යන නම් හිමි කිසිවෙක් නොවූහ. ඔබගේ පියාණන් කවුරුන්ද?”

තොරතුරු පිළිබඳ මතාකාවර්ජණය සඳහා යුවතිය මඳ වේලාවක් ගත්තා ය, ඇගේ දෙනෙත්හි වූ ශෝකය වැඩි වන්නට විය. “මගේ පියාණන් එකල මෙම නුවර සිටි විද්වතෙක්, වර්ෂ කිහිපයකට පෙර ඔහු මගේ ස්වාමිපුරුෂයාගේ පියාණන්ගේ කුලුපග මිතුරෙක්, පෙනහළු වල හටගත් රෝගයක් නිසා පියාණන් මියගියා, නිවසේ ඉතුරුවූයේ මා විතරයි.”

“මක්නිසාද ඔබ මියගියේ?”

යුවතිය මදක් පසුබැස , මහ හඬින් හැඩුවා ය. “මියැදෙනවා විනා මට අන් කිසිදු මාර්ගයක් නොවීය. එයාලා_ එයාලා මගේ අප්පච්චිට බොරු කළා, එයාව සුගන්ධය හදන වට්ටෝරුව දමායන තැනට එයාව පත් කළා, එයාලා මට ගැහුවා, කෑගැහුවා, බය කළා, තර්ජනය කළා, සායි දියේ නුවර දාලා යන තැනට මාව පත් කළා, මම...මම.. දුර්වල ගැහැණියක්, මට කොහෙද යන්න පුළුවන්? මට මේ ලෝකෙ වෙන නෑදෑයෙක් නැහැ...මෙලොව ඉතා විශාලයි , මාහට යා හැක්කේ කොහෙද මළවුන්ගේ භූමියට හැර, වෙන කොහෙන්ද මට ඉඩ ලැබෙන්නේ...”

ඇගේ පෙර දිවියේ මතකයන් ආවාත් සමඟම , පෙනී යන තව යමක් කීමට පෙර  අයුරින් හද දුක්, වේදනාවන්ගෙන් සහ සාංකාවෙන් පිරී යයි. චූ වන්නිං වුව ද පන්න පන්නා වැඩි දුර ප්‍රශ්න කළේ නැත, සෙමෙන් ඇයම කතාව කරගෙන ගියා ය.

හෙළිදරව් වූ පරිද්දෙන් මෙම ලුවෝ ශියෑන්ශියෑන් ඇය ඉතා කුඩා අවදියේම සිය මෑණියන් අහිමි වූ අයෙකි. ඇගේ පියාණන්ගේ වදන් වල ඇයට වැඩිමහල් සොහොයුරෙක් සිටින බව අනාවරණය කොටගෙන සිටියා ය. පහළ ධ්‍යානවේදී ලොවේ වූ කෝලාහලයක් අතරතුරු ඇගේ සොහොයුරා අතුරුදන් වී ඇත, එහෙන්ම ඔවූහු යළි කිසිදිනෙක ඔහු නොදැක සිටියෝ ය, එමෙන්ම ඔහු ජීවත්ව සිටී ද නැද්ද යන වග නොදන්නෝ ය. ඇගේ සොහොයුරා අතුරුදන් වන විට ඇයට අවුරුද්දක්වත් වයස නැත, ඇය තවමත් රෙදි කැබලි වල ඔතා සිටින්නියක් විය. ඇය සිය අයියණ්ඩිය පිළිබඳව පසු කලෙක මතක් කිරීමට උත්සාහ කළ ද කිසිවක් සංකල්පනාවක් මතක් කිරීමට නොහැකි විය.

ලුවෝ නිවසෙහි වාසය කළේ ලුවෝ ශියෑන්ශියෑන් සහ ඇයේ පියාණන් පමණි, ඔවුන් දෙදෙන එකිනෙකා වෙනුවෙන් ජීවත් වූවෝ ය. ඔවුහු  තැන් තැන යමින් ජීවත් වූ නමුත් අවසානයේදී වර්ණ ශලබ නුවර කුඩා නිවසක් තනා ජීවත් වූවෝ ය.

එම වර්ෂයේදී ලුවෝ ශියෑන්ශියෑන් පස්වන වියේ පසුවූවා ය. චන් පවුලේ වැඩි මහළු පුත්‍රයා වන චන් බො’හුවන් ඇයට වඩා වසර දෙකකින් පමණ වැඩිමල් විය.

ඒ වන විට චන් පවුල් සිය ධනස්කන්දය ළඟා නොකර ගෙන තිබුණි. මුළු පවුලම පොල් අතු සෙවිලි කළ පැලක කාමර දෙකක එකට සිරවී ජීවත් විය, එහි අංගනයේ  වූ ගල් බැම්ම අසළ  දොඩම් වෘක්ෂයක් තිබුණි. සරත් ඍතුව පැමිණි පසු වෘක්ෂයෙහි අතු ඵල වලින් බරවී බැම්ම මතින් ලුවෝ නිවසට ද එබෙයි.

ලුවෝ ශියෑන්ශියෑන් හිස ඔසවා බලන කල්හි පෙනී ගියේ ශාඛාවෝ දොඩම් ඵල සමඟ එල්ලා වැටෙන කල්හි පහන් කූඩු උත්සවය මෙන් දිස්වන අයුරුය.  ඇය වැඩි සමාජ ආශ්‍රයක් නොමැති නිහඬ දැරියක් විය, අනෙක් අය සමඟ කෙළි සෙල්ලමේ ද නොයෙදුනා ය, ඇගේ ලී බංකුව මත වාඩි වී නිහඟව සිටීම පමණක් කළා ය. සෝයා බෝංචි පොතු හරිමින් දොඩම් ගස දෙසට  බලමින් එයට පහළින් වූ චන් පවුලේ අංගනය දෙස බලමින් සිටියා ය.

දොඩම් ගස කලේලි සහිත බෙහෙවින් චිත්තාකර්ෂණීය එකක් විය; දිනකරට මුවාව බලන කල්හි පහසු ලෙසටම එහි ඇති මනදොළ වඩන පැණි වෑහෙන සුමිහිරි ඇඹුල් රසය ගැන පරිකල්පනය කළ හැක.

ලුවෝ ශියෑන්ශියෑන් ඒවා දෙස නොසෙල්වී බලා සිටින්නීය, අපහසුවෙන් කෙළ ගිලිමින් ,ඇගේ දෙකම්මුල් ආශාවෙන් වණ වූවාක් මෙන් ය.

නමුත් ඒවා නෙලා ගැනීමට ඇය ඇගේ අත් කිසි දිනෙක දිගු නොකළා ය. ඇගේ පියාණන් බල රහිත පරීක්ෂණයන්ගෙන් අසමත් විද්වතෙක් වූ සමාන්‍ය පුරවැසියෙක් විය; නමුත් ඔහු ගෞරවයෙන් හෝ අවංකකමින් අසමත් නොවීය. මෙම නොරිස්සන සුළු විද්වතාගේ පෙනීගිය අයුරින්  මනසින් කඩාවැටී සිටි අයෙක් ය. ඔහු නිරන්තරයෙන් සිය දියණියට ඔවදන් දුන්නේ “අවංකභාවයේ සත්පුරුෂයෙක් වීමටය

තුන් වන වියේදී පමණ ලුවෝ ශියෑන්ශියෑන් උගත් දෙයක් නම් ධනය අවභාවිත නොකළ යුතුය ආශාව හට  දිළිඳු බව ආපසු හැරවිය නොහැක යන්න ය. ඇගේ නේත්‍රයෝ කෙතරම් අශාවෙන් පිරී ගියත් ඇගේ හස්තයෝ අඟලකින්වත් එම දොඩම් වෙතට යොමු නොවීය.  

එක් රාත්‍රියක , ශශිප්‍රබාව විදිමින් සිටින කලක ඈ අංගනයේ හිඳ වස්ත්‍ර දෝවනය කරමින් ගීතයක් මුමුණමින් සිටියා ය.

ඇගේ පියාගේ ශරීර සෞඛ්‍ය එතරම හොඳ මට්ටමක නොතිබුණි, ඔහු විවේක ගනිමින් සිටියේ ය. දිළිඳු දරුවන් නිවසක බර කුඩා වයසේම කරට ගනී; කුඩා දැරිය ඇගේ ඇඳුමෙහි අත නවමින්, කුඩා අත දැවෙන් තනන ලද භාජනයෙහි පොගවමින්, දෙකම්මුල් පුරවාගෙන වේගයෙන් අතුල්ලමින් සහ මිරිකමින් සිටියා ය.

ක්ෂණයෙන් අශ්වයෙකුගේ හඩ සහ අයෙකු කහින හඬ ඇසුණා ය. රුහිරු පෙරාගෙන සිටි තරුණයෙක් පය පැටලී වැටි වැටී විත් ඈ දෙස බලා සිටියේ ය.

කුඩා දැරිය ගල් ගැසුණු වන ඇයට කෑගැසීමට ද අමතක විය.

තරණයාගේ මුහුණ රුධිරයෙන් තෙත් වී දුර්වර්ණව ගොස් තිබූ නමුත් ඔහු තද දෙබැමක් හිමි කඩවසම් අයෙක් ලෙස පෙනී ය.   ඔවුන් දෙනනාම එකිනෙකා දෙස බලා සිටියෝ ය, අයෙක් විශාල වන විට අනෙක් අය කුඩා විය, ඔවුහු හිටිතැන් වලම ගල් ගැසී සිටියෝ ය. අවසානයේ තරුණයාට තවදුරටත් සිටගෙන සිටිය නොහැකිව බිත්තියට බැම්ම ආධාර කොටගෙන එය දිගේ ලිස්සා හිඳ ගත්තේ ය.  අපහසුවෙන් හුස්ම ගනිමින් සිටි හෙයින් ඔහුගේ හඬ ද රළු විය, “මට වතුර ටිකක් ගේන්න”

එම තරුණයා දුෂ්ටයෙකු ලෙස නොපෙනුන හෙයින් හෝ ලුවෝ ශියෑන්ශියෑන්ගේ කරුණාව හෙයින් හෝ ඇය බිය වූවත් ඇය ගෙතුලට දිවගොස් තේ බඳුක් පුරවාගෙන එය තරුණයාගේ දෙතොල් මතට ළං කළා ය.

තරුණයා ද පසුබට නොවී ජලය පානයේ කළේ ඉතා කඩිනමින් ය, ජල පානය අවසන් කළ පසු ඔහු මුව කෙළවර පිස දැමුවේ ය, නෙත් ඔසවා ලුවෝ ශියෑන්ශියෑන්ගේ සුරතල් මුහුණ දෙස බලා සිටියේ ය. ඔහුගේ බැල්ම වේතනාවලින් පිරී තිබූද ඔහු වචනයකුදු නොපැවසුවේ ය.

ඔහු කතා නොකළේ ය, ලුවෝ ශියෑන්ශියෑන් ද කතා නොකළා ය. ඇය කලබලයට පත්ව ඔහු දෙස බලමින් ආරක්ෂාවට දුරින් හිද අගේ අත් අල්ලා ගනිමින් දුරින්මත් ළඟින්වත් නොහිඳ , ආගන්තුකයා දෙස බලමින් ඇස්පිල්ලම් ගැසීම පමණක් කළා ය.

“ඔබේ පෙනුම හරියට මම දන්නා අයෙකුගේ වගේ” සැණින් තරණයාගේ දෙතොල් විවර විය, නෙත් ළසඳක් මෙන්  කරමින් ඔහු ඇය දෙස රළු ලෙස මඳහසක් පෑවේ ය. ඔහුගේ රුහිරු පිරි මුහුණ ද සිනාවට එකට කැපෙන ලෙස ගැලපුණි, ඔහු තරමක් දරුණු ලෙස පෙනුණි. “විශේෂයෙන්ම නෙත්, ලොකු රවුම්, මිනිස්සුන්ට ඒවා එළියට ඇද ඒවාට ඇඟිල්ලෙන් ඇන, එකින් එක ගිලින්න සිතෙන ”

මෙවැනි බයංකර දරුණු අප්‍රසන්න වදන් බොහෝ සැහැල්ලුවෙන් පැවසුවේ ය, එමෙන්ම තරමක් සිනාසුණේ ය. ලුවෝ ශියෑන් ශියෑන් අපහසුතාවට පත්ව වෙවුලුවා ය, කිසිවක් නොසිතමින් ඇය නෙත් ආවරණය කර ගත්තා ය.

“හෙහ්! කොච්චර බුද්ධිමත් චූටි කෙල්ලෙක් ද,” තරුණයා පැවසුවේ ය. “ඇස් වසාගෙන ඉන්න , ඔය ලෙසටම, නැත්තම් මට කීමට නොහැක මගේ අත් කුමක් කරාවි ද කියා”

ඔහු කතා කරනා විට ඔහුගේ දිව සෙලවුණේ නැගනෙහිර උච්චාරණ විධියට අනුකූලවය.
ශශිප්‍රබාව අංගනය පුරා විසිරිණ. තරුණයා සිය පැලී ගිය දෙතොල්  දිවඟින් තෙත් කරමින් සිටි විසට අංගනයේ තිබූ දොඩම් වෘක්ෂය නෙත ගැටුණේ ය. යම් හේතුවක් මත ඔහුගේ නෙත් බබළන්නට විය, ඔහුගේ කණිනිකාව ප්‍රජ්වලිත ලෙස බබළන්නට විය. නමුත් එම දීප්තිය වැඩි වේලාවක් නොගොස් මැකී ගියේ ය. ඔහු සිය නිකට පිරිමදිමින් බලා සිටියෙ ය.

“චූටි කෙල්ලෙ”

ලුවෝ ශියෑන්ශියෑන්: “.......”

“මට දොඩම් ගෙඩියක් කඩලා පොතු ඇරලා දෙන්න බලන්න”

ලුවෝ ශියෑන්ශියෑන් සිය දෙතොල් පළමු වතාවට සොලවා කතා කළා ය, ඇගේ කුඩා හඬෙහි සිහිල් වෙවුලුමක් තිබුණි. ඇය පැකිළීමෙන් යුතුව පැවසුවා ය. “තා ග’ග, ඒ පළතුරු මගේ පවුලට අයිති නෑ. ඒවා වෙන කාගෙද, මට බෑ ඒවා කඩන්න”

එම තරුණයා මඳක් නිහඩව ගියේ යමක් මතකයට ආ විලසින් ය. ඔහුගේ මුහුණ යළි අඳුරු විය.

“මම එසේ කීවාම ගිහින් කඩන් එන්න, මට දොඩම් කන්න ඕනේ, යනවා ගිහින් දැන්ම  කඩන් එනවා!” දත් පෙළ අතර තෙරපෙමින් කැබලි විකාගෙන සිටියාක් මෙන්  අවසන් වදන් මදක් ගෙරවුම් සුළු ලෙස රෞද්‍ර වී, කලහකාරී වී එළියට ආවේ ය. ලුවෝ ශියෑන්ශියෑන් බියෙන් තැතිගෙන වෙවුලන්නය විය.

කුඩා දැරිය කෙතරම් මෘදු පෞරුෂයෙකින් වූවත් ඇයටත් ඇගේ පියාට මෙන්ම ශක්තිමත් කශේරූකාවක් තිබීය.
“මම බැහැ”

තරුණයා නෙතු කුඩා කරමින් , නාසය රැළි කරන්නට වූයේ කාලගුණය මෙන් ඔහුගේ වතෙහි භාවයන් ද වෙනස් කරමින් ය. “කැත කෙල්ල! තමුන් දන්නෙහි ද තමුන් ඔය කාට ද කතා කරන්නෙ කියලා?!”



“ඔබට වතුර ඕනෙ නම් ,  මම අරන් එන්නම්, ඔබට කෑම ඕනෙ නම් ගෙදර තියෙනවා. ඒත් මේ දොඩම් ගහ මගේ පවුලට අයිති එකක් නෙවෙයි, මට කඩන්න බෑ, මගේ පියාණන් කියලා තියෙන්නෙ, අහන්නැතුව ගන්න එක සොරකමක් කියලා, අවංකභාවයේ සත්පුරුෂයෙක් වීමට, ධනය අවභාවිත නොකළ යුතුය ආහාර  හට  දිළිඳු බව , දිළිඳු බව, ආපසු හැරවිය නොහැක”

තැති ගැනිමට පත්ව සිටීම මධ්‍යයේ , ඇය “ආශාව යන්න ආහාර” ලෙස  දෝෂ්‍ය ලෙස උච්චාරණය කළාය. කුඩා දැරිය ඇත්තක් විලස රඟ පාමින්, ඇගේ මුහුණ රතුවී පිම්ඹී යන්නට විය. සිය පියාණන්ගේ ඉගැන්වීම තුළ දැඩි ලෙස එල්බ  ගෙන සිටි ඇය ගොත ගසමින් ඇයට කීමට අවැසි වූ සියල්ල කියවාගෙන යන්නට විය, එහෙත් තරුණයාගේ සමාහිත බැල්ම හමුවේ තැති ගෙන වෙවුලමින් ගනිමින් පාදයන් එකට තැබීමට ද අපහසුවෙන් මෙන් සිටියාය.

තරුණයා මඳ වේලාවකට නිහඬ විය.

එය වැරදි වේලාවක් නොවූවා නම් , කුඩා දැරියකගේ මුවෙන් “ධනය අවභාවිත නොකළ යුතුය ආශාව හට  දිළිඳු බව ආපසු හැරවිය නොහැක,” එමෙන්ම___ “අවංකභාවයේ සත්පුරුෂයෙක් වීම?? ප්ෆ්ට්” ඔහුට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

එහෙත් ඔහුට සිනහ වීමට ද නොහැකි විය.

ඒ වෙනුවට , එහි ප්‍රචණ්ඩකාරීත්වයක් ඇති විය, ක්‍රෝධයෙන් දළු ලමින්, ළය තුළට කා වදිමින්, හද පත්ල තුළ තෙරපෙන්නට විය.

“මම උඹ වගේ මිනිස්සුන්ට කැමතිම නෑ, මහ ලොකු” බිත්තියෙන් වාරු ගනිමින් , වෙවුලන දෙපා සමඟ නැගිටිමින්, වදන් ඔහුගේ දෙතොල් මත නලියන්නට විය, “දයානුකම්පාවේ සත්පුරුෂයින් , අවංකභාවයේ සත්පුරුෂයි, ත්‍යාගශීලීභාවයේ සත්පුරුෂයින්, වීරයින්”

භීතියට පත්ව සිටි ලුවෝ ශියෑන් ශියෑන්ගේ නිරීක්ෂය මධ්‍යයේ, ඔහු වේදනාව  දරාගෙන සිය දෙපා ඇඳගෙන දොඩම් ගස යටට ගියේ ය. මත්සර රුචියක් ඉපැද ඔහු දොඩම් පුසුඹට ඉව අල්ලන්නාක් මෙන් හුස්ම ඉහළට අල්ලමින් විදින්නට විය, ඉනික්බිතව ද්වේෂයේ රුහිරු රැළි ඔහුගේ නේත්‍රයන් මත දැවටෙන්නට විය, සිදුවන්නේ කුමක්ද යන්න  ලුවෝ ශියෑන්ශියෑන්ට දැනීමට පෙරාතුවම ඔහු  දොඩම් ගසට නැග, ප්‍රචණ්ඩකාරීත්වයේ උග්‍රත්වයෙන් එය සොලවමින්, පයින් ගසමින් , පහර පිට පහර දෙමින්, එය තලන්නට විය.

හඬ නගමින් දොඩම් ගසේ ශාඛාවන් කඩා හැලී බිමට පතිත වී , පසෙකට පෙරලෙන්නට විය. තරුණයා සිනාවකට මුව පෙරලමින්ම කෑගසන්නට ද විය, “ඇසීමකින් තොරව යමක් ගැනීම සොරකමක්! ධනය අවභාවිත නොකළ යුතුය! බලය තිබෙන්නේ සූරා කන්නත් නෙවෙයි!”

“අයියණ්ඩි! ඔබ මොනාද මේ කරන්නේ , අනේ නවත්තන්නකෝ! අප්පච්චි! අප්පච්චි! ”

ලුවෝ ශියෑන්ශියෑන් හට ගිලන්ව දුර්වලව සිටින සිය පියාණන් හට කතා කිරීමට අවැසි නොවූවා ය, එම විද්වතාහට ශරීරයේ කිසිදු ශක්තියක් නොවීය. ඔහු පැමිණිය ද ඔහුට එතරම්  ප්‍රබල දෙයක් කිරීමට, එහෙත් ඇය කුඩා දැරියකි, මෙවැනි අවස්ථාවක් එළඹීම තුළ අවසානයේ බියට පත්ව ඈ කඩා වැටිණ.

“උඹ මොකද ඔය කෑගහන්නේ, උඹේ අප්පොච්චා ආවොත් මම ඌවත් කෑලි කරනවා”

කුඩා දැරිය බියට පත්විය , ඇගේ ලොකු රවුම් නෙත් වලින්  කඳුළු කඩා හැලෙන්නට විය.

අසැල්වැසි නිවසේ විසූ චන් පවුල  සිය ළඟපාත ඥාතීන් බැලීමට ගොස් සිටියහ, කිසිවෙක් එහි සිටියේ නැත. කිසිවෙක් මෙම උමතුවාව නැවැත්වීමට නොසිටියහ.
උන්මත්තකයා දොඩම් ගෙඩි ගසෙන් බිමට වැටෙන තුරු සෙලෙව්වේ ය, එසේ කරත් ඊට පසුවත් ඔහුගේ වියරුව නොනැවතිණි, ඔහු තදින් පොළවේ අඩි හප්පමින් ඒ මේ අත ගියේ පලතුරු සියල්ල තලමින් ය. ඔහු කෙතරම් කලහකාරී වූවේ ද යත් එයින් ලැබුණු ක්ෂණික බලයකින් පැන ගොස් චන්වරුන්ගේ අංගණයට වැදී, පොරවක් සොයා ගෙනවිත්  ගසා කපා දැමුවේ ය. ඉන්පසු ඔහු ආපසු විත් මහා හඬින් සිනාසුණේ ය.

ඔහු මහ හඬින් සිනාසී , සිනාසී  , සැණින් නවතා උක්කුටියෙන් වාඩී වී උමතුවෙන් මෙන් ඒ මේ බලන්නට විය, ඔහුගේ නෙත් අනවධනයේ තිබුණි.

සැණින් ඔහු හිස හරවා ලුවෝ ශියෑන්ශියෑන් හට සංඥා කොට කැඳෙව්වේ ය. “චූටි කෙල්ලෙ මෙහෙ ආවනම්”

“.....” කහපාට මලින් ගෙත්තම කළ කුඩා ඇඳුම තදින් අල්ලා ගනිමින් කහ පැහැති පාවන් පැලදි සිටි ලුවෝ ශියෑන්ශියෑන් ඈ සිටි තැනම නොසෙල් වී සිටියා ය.

ඇය පැකිළෙන බව දුටු තරුණයා සිය හඬ මෘදු කළේ කරුණාබරව ඔහුට හැකි පමණින් සෙමින් කතා කළේ ය. “එන්න, මට ඔබට දෙන්න හොඳ දෙයක් තියෙනවා”

“මට....මට බෑ....නෑ, මම එන්නෙ නෑ....” ලුවෝ ශියෑන්ශියෑන් මිමුණුවා ය, ඇයට සිය වදන් සම්පූර්ණ කිරීමට නොහැකි වූ විලසටම තරුණයා නැවතත් ක්‍රෝධයෙන්  පිපුරුවේ ය.

“තමුන් මේ මොහොතෙම නාවොත් මේ මම තමුන්ගේ නිවසට ගිහින්  තමුන්ගේ පියාණන්ව මංශ කරලා කෑලි වලට කපනවා”

ලුවෝ ශියෑන්ශියෑන් චණ්ඩ ලෙස වෙවුලමින් සෙමින් සෙමින් ඔහු වෙත පියමැන්නා ය.

තරුණයා ඇය දෙස නෙත් කොනින් බැලුවේ ය. “ඉක්මන් කරනවා, මට යංකෝ නර්තන බලන්න වෙලාවක් නෑ”

ලුවෝ ශියෑන්ශියෑන් මදක් ඔහු අසලට ගියත් , හිස බිමට හරවාගෙන සිටියා ය. ඇය තවමත් තරමක දුරින් සිටින විට , ඔහු සිය අත දිගු කොට ඈව ළඟට ඇඳගත්තේ ය. ලුවෝ ශියෑන්ශියෑන් බිය මුසු සියුම් හඬක් නැගුවා හෝ උත්සාහ කළාය නමුත් හඬ පිටවීමට පෙර ඇගේ මුව තුළට යමක් තල්ලු විය. තරුණයා දොඩම් ගෙඩියක් ඇගේ මුවේ සිර කළේ ය, ලෙලි ගසා නොමැති, සෝදා නොමැති , මඩ වලින් පිරී ඇති.

කෙසේ ද ලුවෝ ශියෑන්ශියෑන්ට හැකි වන්නේ එක කටින් දොඩම් ගෙඩියක් ගිලීමට? තරුණයා බලෙන් එය සිර කළේ ය. දොඩම් ගෙඩිය පැලී ගියේ එය ඇගේ මුවේ තෙරපෙනවාත් සමඟය යුෂ සහ මඩ ඇගේ මුහුණෙහි අඩක් පමණ වැසෙන පරිදි තැවෙරෙන්නට  විය. උන්මන්‍තකයා මහ හඬින් සිනාවෙමින් තව තවත් පළතුර ඇගේ මුව තුළට තල්ලු කළේ  දෙතොල් තදින් වැසෙන තුරු ය.

“ඔබ අවංකබවේ සත්පුරුෂයෙක් නේද? ඔබ සොරකම් කිරීම නෙවෙයි ද මේ කරනුයේ? මොනවද තමුන් මේ කන්නෙ? මොනවද තමුන් මේ කන්නේ දැන්? ”

“ම්ම්ම්හ්.....එපා.....මට බෑ.....අප්පච්චී....අප්පච්චී..”

“ගිලිනවා ඕක.” තරුණයගේ නෙත් සඳ පළුවකට හැරිණ, ඔහු පළතුරේ අවසන් කොටස ඇගේ මුවට තල්ලු කළේ ය. ඔහුගේ නෙත් අඳුරේ දිලිසිණ, රළු සිහිල් හඬකින් ඔහු “ගිලලා දානවා ඕක” ලෙස පැවසුවේ ය.  

තරුණයා ලුවෝ ශියෑන්ශියෑන් බල කළ සේම දොඩම් ගෙඩිය  ගිලින දෙස බලා සිටියේ ය. ඉකි ගැසීම ඇගේ උගුර තුළම සිර වූයේ ඇය සිය පියාණන්හට දුර්වල ලෙස කතා කරන සේම ය. ඔහු මඳ වේලාවකට නිහඬ වී ක්ෂණයෙන් සිනාසුණේ ය.

ඔහුගේ සැහැසි භාවයන්ට වඩා එම සිහහව බියකරු විය.

ඔහු ලුවෝ ශියෑන්ශියෑන්ගේ හිස පිරිමැද්දේ ය, තෘප්තියට පත්ව එහි උක්කුටියෙන් වාඩි වී සිටියේ ය. “ඇයි අප්පච්චිට  කතා කරන්නේ? ලොකු අයියණ්ඩිට කතා කරන්නේ නැද්ද? මේ අයියණ්ඩි දුන්න දොඩම් රස ද? ඒක හොඳ ද?”

ඔහු තවත් දොඩම් ගෙඩියක් බිම තිබී අහුල ගත්තේ ය.

මෙම මොහොතේ ඔහු එය බලෙන් ඇගේ මුව තුළට තල්ලු නොකළේ ය. ඔහු ඒ වෙනුවට අවධානයෙන් පොතු හැරියේ ය, සුදු පැහැති කෙඳි ඉවත් කර මඳය ඉවතට ගෙන පිස දැමුවේ ය, එයින් කැබැල්ලක් ඉවතට ගෙන ලුවෝ ශියෑන්ශියෑන්ගේ දෙතොල් අසළ ළං කළේ ය, “ඔබ එයට කැමති නම් තව කන්න”

ලුවෝ ශියෑන්ශියෑන්හට එම දින තමා මානසික ආබාධයක් ඇති අයෙක්ව මුණ ගැසුණු බටට වැටහිණ. කිසිදු විකල්පයක් නොමැතිව ඇය හිස පහත් කොට කිසිවක් නොපවසා උන්මන්තකයා දුන් දොඩම් කැබැල්ල කන්නට විය. එය මිහිරි වූවත් එහි යුෂ උගුරෙහි විසිරිණ එය ඇගේ උදරයෙහි කැලඹෙන්නට විය.

තරුණය එහි උක්කුටියෙන් වාඩි වී ඇයට කැබැල්ලෙන් කැබැල්ල දොඩම් කවන්නට විය. ඔහු නැවතත් සන්සුන් තත්ත්වයක සිටින බව පෙනී ගියේ ය, යමක් තාලෙට මුමුණන්නට විය.

වහලයක් මතට බොරළු විසිකරනාක් මෙන් ඔහුගේ හඬ රළු මෙන්ම කැඩී කැඩී ඇසෙන්නට විය. නොපැහැදිලි මෙන්ම බොඳව ගොස් ඇත, නමුත් යම් යම් වචන ලුවෝ ශියෑන්ශියෑන්ගේ සවනට පාවී විත් වැටෙන්නට විය.

“පොකුණ මත පෙති තුන සතරක්  වැටී ගොස් ඇත”

“වෙරළෙන් එක් හැඬුම් තරංගයක් එමින් ඇත”

“දුර්වල තාරුණ්‍යයේ දැකීමට ඉස්තරම් දෙයක් ඇත”

“එනම්  කුර දිලිසෙන හිඟු තුරඟුන් ඇත”

“ඔවුන් සමඟ ඔබට ලොවෙහි අවසාන දැකීමට ඇත ”

“චූටි කෙල්ලෙ” ක්ෂණයෙන් ඔහු පැවසුවේ ය

“........”

“ට්ච්ක්” ඔහු දිවෙන් තල්ල පිරිමදිමින් ශබ්ද කළේ ලුවෝ ශියෑන්ශියෑන්ගේ  කම්මුල් මත අත තබා මුහුණ අල්ලා ගනිමින් ය. “බලමු ඔබේ දෙනෙත් දෙස”

ලුවෝ ශියෑන්ශියෑන් වෙවුලන්නට විය, නමුත් කිසිදු බලයක් නොමැතිව ආපසු පහර දීමක්වත් කළ නොහැක, ඇයට හැකි වූයේ තරුණයාට ඇගේ නෙත් නිරීක්ෂණය කිරීමට ඉඩ හැරීමය, එම රුහුරු තැවරුණු ඇඟිලි වලින් ඇස්බැමි පිරිමැදීමට ඉඩ හැරීමය.

“එක වගේමයි” ඔහු පැවසුවේ ය.

ලුවෝ ශියෑන්ශියෑන් ඉකි බිඳමින්  මෙම උන්මත්තයා සිය නෙත් දොඩම් ඩැහැගත් විලසින් ඩැහැගනීවියැයි බියෙන් වසා ගත්තා ය.

නමුත් තරුණයා එය සැහැල්ලුවට නොගත්තේ ය.

ඔහු යළිත් රළු විලසකින් පවසන්නට විය. “ඔබ මට කියා දුන් නැති ද ධනය අවභාවිත නොකළ යුතුය ආශාව  හට  දිළිඳු බව , දිළිඳු බව, ආපසු හැරවිය නොහැක බව? ලොකු අයියණ්ඩිටත් තියෙනවා ඔබට යමක් කීමට”

“ඉකි බිඳිමින්”

“ඔබේ ඇස් අරින්නකෝ”

ලුවෝ ශියෑන්ශියෑන් තදින් ඇස් වසා සිටියා ය. එම තරුණයා මහ හඬින් සිනසුණේ කුපිත වූ විලසින් ය. ගොර හැඬි හඬකින් ඔහු පැවසුවේ ය. “මම ඔයාගේ නෙත් ඩැහැගන්නෑ, දැන් ඇස් අරින්නකෝ”

“......ඔබ හිතනවා ද ඔබ මෙසේ ඇස්වසා ගෙන ඉන්න කොට මට ඇණිය නොහැකී කියලා?!”

ලුවෝ ශියෑන්ශියෑන් කීකරු වීම පමණක් කිරීමට හැකි විය. ඇය ඇගේ ලොකු රවුම් නෙත් විවර කළා ය. ඇගේ දිගටි සුමුදු නෙතු පිල්ලම් නලියන්නට විය. බියකරු සහ අනුකම්පා සහගත භාවයන් කෙසේ හෝ අබිරහස් තරුණයාව සන්තෝෂ කිරීමට ප්‍රමාණවත් විය. ඔහු සිය අත ලිහිල් කොට ඇගේ කම්මුල මිරිකුවේ ය. මොහොතකට එහි වාතල අතර ඉඩක් මැවුණි, ඉන්පසු ඔහු සෙමින් ඇගේ ඔළුවට තට්ටු කළේ ය.

ඔහු ඇගේ නෙත් දෙස උනන්දුවෙන් බලා සිටියේ ය, ඔහුගේ වෙවුලන සිනහව මුවඟට සීම විය. ඔහු සමච්චල් සහගත සිනාව සත් පරාසයක විහිද තිබුණි, දෙපෙදසකින් සාහසිකබව, එක් පෙදෙසකින් ශෝකය

ඔහු පැවසුවේ ය. “ලින්යී වල මිනිසෙක් සිටියේ ය, විසිවන වියේදී හදවත මියැදුණු

ඔහු සිය කතාව අවසන් කොට ආපසු හැරිණ, සෙමෙන් සෙමෙන් ඔහුගේ ඡායා රුවෙහි සේයාවක් විලසින් අතුරුදහන් විය.

එම පුද්ගලයාගේ ආගමනය මායාවක් බඳු විය, ඝනඳුරු රත්‍රිය මධ්‍යයේ රුහිරු පෙරාගෙන මතුව , මිදුලෙහි වැනසුමක් මැදින් අවුල් ජාලාවක් නිමවා දමා ගොස් ඇත.

 

T/N


රුචුන්                                    :  襦裙 (Rú qún) චීන සාම්ප්‍රදායික ඇඳුමකි, මුලින් මෙය ස්ත්‍රීන් සඳහා වූවත්  පසුව පුරුෂයින් විසින් ද අඳින ලදි.

සත්‍ය ප්‍රතිසාධන බාධකය          : 归真 (Guīzhēn/ ගුයි (ච්)ජන්) “Return to truth / Truth restoration

පාතාලයේ රජ්ජුරුවෝද             :
 King of underworld , Alias = Yama ,  සමහර විට “King of underworld“ කියන විට ග්‍රීක මිත්‍යාවල එන Hades  මතක් වූවත් මේ පවසන්නේ චීන මිත්‍යාවන්හි එන  Yanluo Wang (阎罗)  එනම් සංස්කෘත සාහිත්‍යයේ එන ඔබ අප කවුරුත් දන්නා යම රජ්ජුරුවෝ “Yamarāja

මළගිය ඇත්තන් කැඳවන් යන්නා 
Greeter of the dead ලෙස සඳහන් විය, මෙයට නිසි සිංහල පරිවර්තනයක් නොමැත මන්ද යත් මුල් චීන කෘතියේ සදහන් වන්නේ “白无常” ලෙසය  (Bái wúcháng/ බයි/බැයි වූචං) “White Impermanence

·         黑白无 (Hēibái wúcháng/හෙයි බයි වූචං ) “Heibai Wuchang,  Hak Bak Mo Seong, literally "Black and White Impermanence", යනු චීන මිත්‍යාවන්හි එන මළවුන්ගේ ආත්ම පාතාල ලොවට(අපායට) කැදවාගෙන යන දූතයන් දෙදෙනෙකි, ඔවුන් ස්වේත සහ කාල වර්ණයෙන් සැරසී සිටින අතර , යෑන්ලුවෝ වං (යම රජ්ජුරුවෝ) ගේ යටතේ සිටින්නන්ය.  ”  (මූලාශ්‍ර : https://en.wikipedia.org/wiki/Heibai_Wuchang )

තා ග’ග                                      :     大哥哥 (Dà gēgē / මෙය උච්චාරණය කළ යුතු “තා ක’ග (ක...ග... හෝ ග...ග.. “ක වලට බෙහෙවින් බරය, මන් ද යත් අකුරු දෙක අතර ඇති ශබ්දයක් නිසා”) ලෙසය  ඩා ගේගේ ලෙස උච්චාරණය නොකරන්න”) “big brother , ලොකු අයියා”

මේ මම ; 老子 (Lǎozi/ ලාඕ  (ත්)ස) = චීන භාෂවෙන් මෙය ක්‍රෝධයට පත්ව සිටි මොහොතක හෝ හාස්‍යක් ලෙස  “මම” යන සර්ව නාමය ලෙස භාවිතා කරයි

 

යංකෝ නර්තනය :  秧歌 (Yānggē/ යංග / යං(ක්)ග) චීනයේ සාම්ප්‍රදායික නර්තන කලාවකි. 


Previous | TOCNext

 

 

   

   

 

Comments

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.