අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දොළොස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ වැරදි පුද්ගයෙක් සිපගත්තෝ ය.....මොන මගුලක් ද ඒ??!!.....
[අවවාදයයි: අවසරයකින් තොරව සිපගැනීම, (බව්වෙක් වගේ
kiss කරා කියලා තමයි තිබුණේ XD)]
මොහොතකට ඇවිදීමෙන් පසුව වුවද ඔහුට තවමත් නිවැරදිම දිශාව කොහේදැයි කීමට නොහැකි විය.
එනමුදු සියක් සමනොළ ධූපයෙහි සුගන්ධය වාතල තුළ
තීව්ර් වීම ඇරඹිණ. උච්චත වූ හැගුමන් සහ උඝ්ර වූ සංවේදයන් අනාවරණය කිරීමට මෙම
සුගන්ධය රුකුල් වූයේ ඒවා සියල්ලම
සාධාරණයෙන් ඔබ්බට ගිය ආකාරයේ දේවල් කිරීමට පෙළඹවීමෙන් ය.
මෝ රන් සෙමින් සෙමින් කලබලයට පත්වූයේ නොසන්සුන් බව උඩු දිවීමත් සමගය .
එය උදරයෙහි වූ ගිනිසිළු දහනය වී රුධිරය උණු කරනවාක් මෙන් දැනේ.
ඔහුට ජලයෙහි අවශ්යභාවය වැඩිවන්නට විය. කොහේද මේ උල්පත තිබෙන්නට ඇත්තේ?
මායාන්විත භුවනෙහි උල්පතක් වූ බව ඔහු දැන සිටියේ
ය. පෙර දිවියේ දී එය හමුවන විටත් ඔහු හිස
කරකැවිල්ලට පත්ව සිහි මද ගතියෙන් සිටි මෙන්ම දැඩි පිපාසයෙන් වියළි සිටියේ ය. මොන
යම් හෝ විකල්පයක් නැතිකොට ඔහු දිය දෝතක්
ගෙන කිහිප වරක් පානය කළේ පිපාසයෙන් මියයෑමට වඩා විෂ වීමෙන් මිය යෑම අගනේය යන බව
සිතමින්ය.
ජල පානයෙන් පසු ඔහුගේ සිහිය කෙමෙන් කෙමෙන් බොද වී
විකල් වන අයුරු ඔහුට හැගුණි. ඔහු මද සිහියෙන් ඒමේ යන අතරතුරේ ඔහුට ෂ මෙයි හමුවූයේ
ය. සුවකිරීමේ මායාකර්මයක් මගින් ෂ මෙයි
යුහුසුළුව ඔහුගේ සිරුරෙහි වූ විෂ පහව හැරීමට කටයුතු කළේ ය. මද සිහියෙන් සිටි ඔහු
විකල් වී විෂෙහි බලපෑමෙන් එම මොහොතේ ෂ මෙයිගේ දෙතොල් සිප ගත්තේ අත්පත් කරගත් විලසකිනි.
මනු ලොවිහි අධිරාජ්යයෙක්ව සිටි අයෙක් ජවසම්පන්න
වූයේ සුළග විදුලි වේගයෙන් හමන්නක් මෙනි,
එහෙන්ම ඔහුගේ මනාපය හිමි පුද්ගලයා සමග එම ස්වප්නයක් බදු වූ දෙය යළි ක්‍රියා කරවීමට
ඔහුට අවැසි විය. ඔහු මයාන්විත භුවනේ බොහෝ වේලාවක්
ඉබාගාතේ ඇවිදිමින් සිටියේ ය , අවසානයේදී උල්පතෙහි වතුර ගැටෙන හඩක් ඇසෙන්නට
විය. ප්‍රීතියෙන් පිනා ගිය ඔහු එක පිම්මෙන් එතැනට ළගා වී හද පිරී ඉතිරෙන තුරු
කිසිදු චකිතයකින් තොරව ජලය පානය කළේ ය.
ඔහු බලාපොරොත්තු වූ පරිදිම උල්පත් ජලය සුගන්ධයෙහි
වූ නොසන්සුන් කලබලකාරීත්වය අවුස්සන්නට
විය. ඔහුට කිසිවක් අවැසි වූයේ නැත අවැසි වූ එකම දේ නම් උල්පතෙහි ගැඹුරින් ගැඹුරටම යාමටයි, ඔහුගේ සිරුරෙන් අඩක්ම ඔහු
දැනගැනීමට පෙරාතුව ගිලී තිබුණි.
එමෙන්ම පෙර භවයේ දී මෙන්ම මෝ රන් ක්ලාන්ත වීමට ආසන්නව සිටියේ ය,
හස්තයක් විත් එක්වර ඔහුව උඩට ඇද්දේ ජලය
සතර අත විසි කරමින් ය. වාතය ඔහුගේ නාසය
තුළට යළි එන විට ඔහු හුස්ම ඉහළට ඇද්දේ ය, ජල බිදිති එහි මෙහි යෑම හෙයින් එල්ලා
වැටෙමින් තිබුණ නෙතු පිහාටු විවර කරමින් ඔහු ඉදිරියෙන් වූ රුව දෙස බැලුවේ ය.
රුව කෙමෙන් දෘෂයපථය වෙතට ඇදුණේ තරමක කෝපය මුසුවූ හඩක් ද
සමගය
“කුමක් ද ඔබට මේ සිදුව තිබෙන්නේ, මෙතන තිබෙන ජලය
පානය කිරීමට තරම්, ඔබ ඔය මැරෙන්නද සූදානම?”
මෝ රන් ජලය ගසා ඉවත් කළේ තෙත බරිත වුණ සුනඛයෙකු
මෙන්ය , සැනසුම් සුසුමන් හෙළමින් ඔහු උත්සුක වූයේ පැමිණියේ කවුරුන්දැයි තහවුරු කර
ගැනීමට ය. “ෂ මෙයි.....”
“කියවන්නේ නැතුව මේ ඖෂධය ගන්න!”
මෝ රන් මුව විවර කරමින් කීකරු විලසින් ෂ මෙයි අත
තිබූ දම් පැහැ ඖෂධ ගුලිය ගිල දමමින් ෂ මෙයිගේ අසමසම ලෙස සුන්දර වූ මුහුණ දෙස මුළු වේලාවෙම බලා සිටියේ ය.
ක්ෂණයකින්
ඔහුගේ පෙර දිවියේ මෙන්ම කලබලකාරී තීව්ර හැගුමන් සියලුම සිමා මායිම්
උල්ලංඝනය කළේ ය_ එය ගෞරවාන්විත මිනිසෙක් අරඹන අයුරින් නොවූවකි_ඔහු ෂ මෙයි සිය ග්‍රහණයට
හසුකරගෙන දෙතොල් මත දෙතොල් තද කළේ අනෙකාට ප්‍රතිචාර දැක්වීමටවත් ඉඩ නොහරිමින් ය.
ගිනි පුපුරු සැමතැන ඉගිල විසි වූවාක් මෙන් ඔහුගේ
මනස මුළුමනින්ම හිස් විය. ඔහු
තිබුණේ නීච මෙන්ම දුරාචාරයේ හැසිරුණු ඉතිහාසයකි, ඇතිරිලි අතර වූ රාගයට
දෙතොල් අතර වූ හමුවීමව වුවමනා නොවීය, ස්නේහය ද අවැසි වූයේ නැත. ඔහුගේ කාමුක
පැටලිලි උතුරන්න තිබූවත් අවාසනාවට මෙන් සිපගැනීම් අල්ප මාත්‍රයකට සීමා විය.
ෂ මෙයි මෙවැනි ආක්‍රමණයක් අපේක්ෂා නොකළේ ය. ඔහු
ගල් ගැසී තිගැස්මට පත්ව සිටියේ දිවක් මුව තුළට කඩාවැදෙන තුරුය, එමෙන්ව
අවසානයේ ඔහුට ප්‍රතිචාර දැක්විය වූයේ යම්
තරමක දැගලීමක ඇරඹුම් සනිටුහන් කරමින් ය.
“මොනව ද තමුන් මේ කර-....ම්ම්ම්ෆ්!” ඔහුට
කළමණාකරනය කර ගත හැකිවූයේ වාක්‍යයෙන් අඩක් පැවසීමට ය ඔහුගේ මුහුණ ආපසු තදින් හැරවී
දෙතොල් මත යමක් පතිත විය. මෝ රන් පෙර දිවියටත් වඩා මෙවර තියුණු ලෙස සිපගත්තේ ය.
ඔවුන් දෙදෙනා උල්පත පසෙක එකට වෙළිණ. මෝ රන්
ෂ මෙයිව තම කය යට දැඩි ලෙස තදකොට
රදවා ගෙන උණුසුම් හාදුව තෙත් වූ දෙතොල් මත තබාගෙන සිටියේ ය. එම සිසිලස පිරි දෙතොල්
ඔහුට මතකාවර්ජණය වූ සේම ලයාන්විත විය. ඉන් පසු දෙකොපුල් මෙන්ම කන්පෙති මතට ද
උණුසුම් හාදු වැස්ස වැටිණ.
“කෝ දගලන්නැතුව ඉන්න....” ඔහුවම මවිත කරවන තරමට
ඔහුගේ හඩ ස්වරය රළු විය.
මගුල.
පෙනී යන අයුරින් උල්පත් දිය මෙවර පෙරට වඩා කෙසේ හෝ තියුණු ලෙසකට බලපෑම් කර
ඇතුවාද?
පෙර දිවියේ සිදුවූ පරිදි ඔහුට වැඩි වේලාවක් ෂ
මෙයි තුරුලට ගෙන වැළදගෙන සිටිමට ඉඩ ප්‍රස්ථාවක් නොවූවේ ය. යොවුන් මෝ රන් හට හාදු
කිහිපයක් දුන් පසු සිහිය එලවිණ; ඔහුගේ ග්‍රහණය ලිහිල් වූ පසු ෂ මෙයි හැකි සැණින්
ජලය මතින් පැන ගියේ චිංගොං සමගය.
නමුත් අධම මෙන්ම නිර්ලජ්ජිත වූ මේ දිවියේ දී කිසිදු ආකාරයෙන් සචේතනය පවා අරගල නොකළේ ය.
එහි වූයේ ආශාව සහ ඔහු කෙරෙහි වූ ප්රණෝදය
පමණි. අනෙකාව උල්පත අසල සිය කය යට රදවාගෙන
තෘප්තිය වඩන තුර ඔහු සිපගත්තේ ය.
ඔහුගේ කය යට වී, ෂ මෙයි
අරගල කළේ කෝපයෙන් කෑගසමින් ය, එනමුදු ඔහුගේ හදවත අරග්ගෙන තිබිණ, අනෙකා පවසන්නේ
කුමක් ද යන්නට සවන් යොමන්නට නොහැකි විය. ඔහුට දැක ගත හැකි වූයේ තම දෘෂ්ටිය තුළ
සුන්දර මුහුණ ඉදිරියට පිටුපසට පැදවීම පමණි, එම තෙත් වූ ආකර්ෂණීය දෙතොල් විවරව වැසී
යයි.
සිය උදරයෙහි ගිනි ගුලාවක් ඇවිලී තිබෙන්නාක් මෙන් දැණින. මෝ රන් සිය ආශාවට මං පෙත් විවර කළේ
ය, සිපගැනීම දැඩි වූයේ ඔහුගේ අභිරුචියත් සමග අනෙකාගේ හකු විවර කරමින් දිව මුව තුළට
තල්ලු කරමින් ඇතුලාන්තයෙහි වූ මාධූර්ය ඩැහැ ගැනීමෙන් ය.
ළය තුළ වූ හද ගැස්ම දැනුණේ
බෙර නාදයක් මෙන් ය.
ව්‍යාකූලත්වය කෙතරම් ද
කිවහොත් ඔහු ෂ මෙයි ගේ සංකීර්ණ පිටි ඇදුම ඉරා ඉණෙහි වූ බදපට විවර කළේ ය. ඔහුගේ
හස්තය ඇතුළට යවමින් සවිමත් වූත් සෞම්‍ය සම මෘදු ලෙස පිරිමැද්දේ ය. ඔහුගේ කය යට
සිටි පුද්ගලයා එම ස්පර්ශය සමගම පැන්නේ ය. මෝ රන් නැවත ඔහුව බිමට තබා තද කළේ ය.
මෝ රන් ෂ මෙයිගේ කන සැපුවේ ය . “මට කීකරු වුනොත් නම්
ඒක අපි දෙන්නටම හොදයි” ලෙස මිමුණුවේ ය.
“මෝ වෙයියූ___!!”
“අයියෝ! ඇයි ඔබ මේ කිපිලා?
මට ආගන්තුකයෙකුට වගේ කතා කරන්නේ? ” මෝ රන් මදහස පාමින් අනෙක් මිනිසාගේ කන්පෙත මත
සිය දිව ගාවන්නට විය. හස්තය ද නිදැල්ලේ නොසිට ඍජුවම ඔහුගේ ඉන මතට වැටින.
මෝ රන් මී හරකා , එම සොළොස් හැවිරිදි ළපටි මී
හරකා නම් සැබැවින්ම වත්මන් දෙතිස් හැවිරිදි ප්‍රවීණ මී හරකා හට නම් කිසිසේත් සම කළ
නොහැකියි.
දිනෙන් දින මොහු තීව්ර බවට පත්වේ.
ෂ මෙයිගේ මුළු සිරුරම තද වීමකට ලක්ව තිබුණි. මෝ
රන් හට ඔහු වෙවුලන අයුරු ද සියුම් ලෙස
දැනිණ. සැබැවින්ම ඔහු දිස්වූයේ හීන්දෑරි පුද්ගලයෙකු ලෙසටය. ඔහුගේ දේහ මූර්තිය
පුදුම සහගත ලෙස සිය හස්තය යට ය.
ඔහුගේ හීලෑ නොවූ ආශාවන් වඩ වඩාත් දුවන්නට විය,
අවහිරය තව තවත් ඉවත් කිරීමට ඔහු අනෙකාගේ
යට හැදි වස්ත්‍රය ද අදින්නට විය.
අවසානයේ ෂ මෙයිගේ ඉවසීමෙහි සීමාව පැන්නේ ය.
“මෝ වෙයියූ, තමුන් ඔය හදන්නේ මැරුම් කන්නයි”
එහි විශාල ඝට්ටනයක ශබ්දයක් ඇතිවිය. අධ්‍යාත්මික
ශක්ති දහරාවක් පුපුරමින් විත් ඔහුව පසෙකට විසි කරන ලදි. මෝ රන්ට සුදානම් වීමට
නොහැකි තරම් එහි බලය රෞද්‍ර විය. ඔහුගේ මුළු සිරුරම විසව ගොස් උල්පත අසල වූ ගලක
වැදුණි, ඔහු ලේ වමනව දැමීමට ආසන්නව සිටියේ ය.
ෂ මෙයි තම අවුල් වූ වස්ත්‍රයන් නැවත හරි ගස්සමින්
නැගිට සිටියේ ය. සිත් කැලඹීමක් ඇති කරමින් රන්වන් පැහැ විදුලි බල දහරාවක් ආවේශයෙන්
මෙන් ඔහුගේ අල්ලමත පිපිරෙන්නට විය. විදුලි
පුපුරු ඉගිල ගියේ ඔහුගේ කෝපාවිෂ්ට දෙනෙත්
වල කැඩපතක් සේමය.
සිදුවූ දෙයහි බලපෑමෙන් මෝ රන් තවමත් ක්ලාන්ත
ගතියෙන් සිටි හෙයින් අවිශද ලෙසින්ම යම් දෙයක
වරදක් ඇති බව හැගුණි.
“තියෑන්වන් මෙහි එනු!”
රන් පැහැ විලෝ ලතාවක් ෂ
මෙයිගේ අත්ල මත මතුවන්නට වූයේ කෝපාවිෂ්ඨ ගර්ජනාවට අහුම්කන් දුන් සෙයින්ය. විලෝ
වැල සිදුර කරන අයුරින් දිස්නය පතුරවමින්
දිදුලන්නට විය. රන් පැහැ විදුලි පුපුරු සහ
ගිනි පුපුරු එහි දිගට සරිලන ලෙසටම වාතය මත ඉරි ගසන්නට විය, විලෝ පත්‍ර වාතල මතින් ඒමේ අත යන්නට විය.
මෝ රන් මවිතයට පත්වූයේ ය.
ෂ මෙයි කෙදිනක ද තියෑන්වන් කැදවීමට ඉගෙන ගත්තේ?
එම සිතුවිල්ල මනස තුළට
හරිහැටි කාවැද්දීමට පෙරාතුවම තියෑන්වන් වාතල ඉරමින් රුදුරු ලෙසට ඔහු වෙතට පැමිණිය!
කස පහර පිටුපස කවුරුන්ද සිටියේ යන්නට එය සීමා නොවීය නීච දුර්ජනයෙකු වූ තාශියෑන්
ජූන් ගේ රුධිරය සානුකම්පා විරහිතව ගලන්නට විය. මෝ රන් අතින් වේදනාවට පත් රොං ජියෝ
වැනි අයෙක් මෙය දුටුවෝතින් ඔවුන්
අත්පොළසන් දෙමින් “කදිම පහරක්! මසුරන් දෙයක්! තව ගහන්න, තව! මේ අසත්පුරුෂයා
නැතිකරලා දාන්න! කදිම ක්‍රියාවක්!”
අවසානයේ දී නිමක් නැති සුළි කුණාටු වන් දරුණු කස පහරවල් මතින් මෝ රන් සිහියට පැමිණියේ ය.
ෂ මෙන් කොතරම සෞම්‍ය
කරුණාවන්ත අයෙක් ද , මේ ඔහු වෙන්නේ කෙසේ ද?
මිනිසුන්ට මෙලෙස කස පහරවල්
දීමට පළපුරුද්ද ඇත්තේ නම් වෙන කවර අයෙකුට ද චූ වන්නිංට මිසක!!!
චූ වන්නිංගේ අත් කසපහර
දීමෙන්ම වෙහෙසට පත්වූයේ ය, ඔහු මදක් නතර
කළේ හුස්මක් ගැනීමට පමණි. ඔහු තම මැණික් කටුව පිරිමැද මෝ රන් ගලට ඇලවෙන තුරු පහර
දීම කරගෙන ගියේ ය. එක්වරම මෝ රන් කසිමින්
අඛණ්ඩව ලේ වමනය කළේ ය.
“...තවත් නම් එපා, මම ඇත්තටම මැරිල යයි ..”
මෝ රන් තවත් කසිමින් ලේ වමනය කළ හෙයින් ඔහුගේ
හදවත ආගාධයක පතුලට වැටුණාක් මෙන් දැනුණි. එය වචනාර්ථයෙන්ම ඔහුගේ සල්ලාලකමේ ඉතිහාසය පුරාවටම වූ අතිවිශිෂ්ට, අපූර්වම, කැපී
පෙනෙන , අති මහත් දෙයයි.
මොන මගුලකට ද මෙතනට චූ වන්නිං ආවේ?
අන් කවරක් ද, ඇතැම් හේතුන් මත චූ වන්නිං ගේ මුහුණු
ෂ මෙයිට සමාන වූ සෙයින්ම ඔවුන්ගේ කටහඩවල්
පවා සත්‍ය වශයෙන්ම සමාන විය.
ඔහු තම මුව අග වූ රුධිරය පිස දමමින් හති දමමින් උඩ බැලුවේ ය.
ඇතැම්විට එය පහර කෑමට ලක් වූ හෙයින් විය හැකි,
ඇතැම්විට එය චූ වන්නිං මුලදී ලබා දුන්
ඖෂධය මෙම මොහොතේ ක්‍රියා කරන හෙයින් විය
හැකියි. ඔහු ඉදිරිපිට සිටින පුද්ගලයා
තවදුරටත් ෂ මෙයි නොවූවේ ය.
චූ වන්නිං කෝපයෙන් උණුවී ගසයට සිටගෙන සිටියේ ය.
මුහුණ අදුරුවී මෝ රන් දෙස රවමින් බලා සිටියේ නෙත් ඊතල විදින්නාක් මෙන් අකුණු ගසන
ආකාරයෙන් ය.
ඔහුගේ ක්‍රෝධය පිරි නපුරු බැල්ම අතිශය භයංකර විය.
එහෙත්....
මෝ රන් මදක් බලා සිටියේ ය.
ඔහුට දැනුණේ තමා.... දැඩිලෙස නිර්ලජ්ජිතවම
වැඩී ඇති බවය.
චූ වන්නිං සෑමවිටකම පාහේ නිර්මල ලෙස හැද පැළැන්දේ ය. කෙස් රොදක්වත්
අපිළිවල වූයේ නැත, ඔහුගේ සංකීර්ණ ස්වේත වස්ත්‍රයන් ගෙල ගාවට යනතෙක් උස්ව ඇදුම්හි
කර තදින් වැසී තිබිණ. නමුත් මේ මොහොතේ
අවුල්ව ගොස් ඔහුගේ සුදුමැළි දිගටි අත් මිට මොලොවාගෙන තිබුණි. හාදු වලින් ඔහුගේ
දෙතොල් රත් පැහැයට හැරී ඉදිමී ගොස් තිබුණි. ආදර දත් පහරවල් ඔහුගේ ගෙලෙහි තදින්
වැදී තිබිණ. ඔහුගේ භාව ප්රකාශනයන් තීව්ර විය. නමුත් එය එකතු කළේ යම්කිසි
ආකර්ෂණයක් පමණි.
පෙර භවයේ සිට එන චූ වන්නිං පිළිබද ගොඩගැසුණු සියලු මතකයන් සිහිමුළාවට , ලේ වියරුවට ,
ද්වේෂයට, වෛරයට, පැරදවීමට මෙන්ම වින්දනයට
සබැදුණු ඒවාම වේ.
මො රන් හට ඒවා ගැන සිතීමට ඇවැසි වූයේ නැත. ඒවා
මතකාවර්ජනය කිරීමට සැලසුම් කළේ ද නැත, නමුත් එම වායුව මල බැදුණු ලෝහ
එකිනෙකට ගැටෙන්නාක් මෙන් රුධිරය සමග සියක් සමනොළ සුවද මුසුවූ එකකි. එහෙයින් මතකයන්
යටපත් කරගත නොහැකි වන්නේ ය.
එය ඔහුගේ සිතුවිලි තුළට කුණාටුවක් ආවා සේ තදින්
බැදුණි.
සත්‍යවශයෙන්ම ඔහුට චූ වන්නිං මෙලෙස සිටිය අයුරු
ඔහුට දැක්මට පවා නොහැකි විය.
හෙතෙම ඔහුට කෙතරම් වෛර කරත්, ද්වේෂ කරත් , ඔහුව
වොන්ටොන් වගේ කෑලි කැපා කෑමට අවැසි වූවත්
, ඔහු මෙලෙස සිටිනවා දැකිය නොහැක.
පෙර දිවියේ දී ඔහුගේ උත්තේජනාත්මකම එකතුවීම්, තීව්ර
වූ සුරාන්තයන් චූ වන්නිංගේ සිරුරෙන් පිටවිවූහ.
ඔහුට වෛර කිරීම එක් දෙයකි
නමුත් මිනිසෙකු වශයෙන් , විශේෂයෙන් මෝ රන් වගේ
අශ්ශිල, නිර්ලජ්ජිත අයෙකුගේ කය සහජයෙන්ම ප්‍රතික්‍රියා දැක්වීම අනෙක් කරුණකි.
චූ වන්නිං සුසුමක් පිට කළේ ය. ඔහු සැබැවින්ම උරණව
සිටියේ ය, ඔහු තියෑන්වන් රදවා සිටි අතර හස්තය මදක් වෙවුලන්නට විය.
“පියවි සිහියට එනව ද දැන්වත්?”
මෝ රන් ලේ මුසුවූ කෙළ බිමට ගසමින් ; “.....ඔව්
ඇදුරුතුමනි.”
පෙනී ගිය අයුරින් නම් චූ වන්නිං හට එම පහර දීම
තවමත් ප්‍රමාණවත් නොවුණි, නමුත් ඔහුට අවබෝධ වී ගිය අයුරින් මෝ රන් මායාන්විතයෙහි
බලපෑමට නතුව සිටි හෙයින් ඔහුට දොස් පැවරීමට ද නොහැක. ඔහු මදක් පසුබට වී අවසානයේ දී
විලෝ වැල ඉවත් කළේ ය.
“අද මොකද සිදුවුණේ?”
ඔහු කතාව අවසන් කිරීමට පෙර මෝ රන් කඩිනමින් තම
කතාව ඇරඹුවේ ය. “ඔබතුමයි මමයි හැරුණු කොට අන් කිසිවෙක් මෙය නොදනීවි, මම දිවුරමි,
සත්තකින්ම මා කිසිවෙකුට නොපවසන බවට , මා ඒ ගැන වදනක් වත් පැවසුවහොත් මට හෙණ ගහන්න ඕනෙ”
චූ වන්නිං මදක් නිහඩව සිට , අවඥාව පිරි ලෙසට කට
කොනින් සිනාසුනේ ය. “සියවතාවකට නොවැඩි වූ ඔබේ ඔය දිවුරුම් නම් මම අසා තිබෙනවා, ඒ
කිසිවක් කිසිවිටෙක විශ්වාසදායක වූයේ නම්
නැහැ. ”
“මේ වතාවෙ නම් සත්‍යවශයෙන්ම අවංකයි!, “
අනිවාර්යයෙන්ම, ඔහුගේ ශරීරය ප්‍රතික්‍රියා කළේ මෝ රන් සිතූ විරූ සෙයිමය. ගද ගසන ටොෆූ කෑමට අවැසි
මෙන්ම ඔහුට චූ වන්නිං හට රමණය කිරීමට අවැසි විය එසේ නොවුවගොත් ප්‍රසිද්ධියේ
කඩුගසා දැමිය යුතුය.
ඔබේ ගදගසන ටොෆු කෙළවරකට වී කෑමෙන් අනෙකෙකුට එහි
සුවද නොදැනේ. චූ වන්නිං සමග යහන්ගත වීමත් එලෙසම සමාන වේ.
එක් අතකින් මෝ රන් චූ වන්නිංට බෙහෙවින් වෛර කරයි.
ඔහුට හැකියි සියල්ලන්ටම එය දැනගැනීමට ඉඩ හැරීමට,
නමුත් අනෙක් අතින් රහසින් මෙන් ඔහුව රමණය කිරීමට ද අවශ්‍යයවේ ? මෙය කවර
රෝගයක් ද?
ගිය ආත්මයේ චූ වන්නිං සමග කළ පහත් ගණුදෙනු? ඔහුව
අතහැර දමන්න, ඔහුට එය සිහි කැදවීමටවත් අවශ්‍ය නැත.
“මායාන්විතයෙහි බලපෑම බොහොම ප්‍රබලයි, එහි ඇතුළත
දී ඔබව මුණගැසෙන පුද්ගලයා කවුරුන්හෝ වේවා, ඒ ඔබේ හදවතෙහි සිටින කෙනා මෙන්
දිස්වෙයි. ඔබ වැඩිපුරම හමුවීමට කැමති කෙනාගේ ස්වරූපය ගනී”
මෝ රන් සමග ඇවිද යනවිට චූ වන්නිං එය පැහැදිලි කළේ
ය.
“ඔබ සන්සුන් වී මෙම බලපෑමෙන් අත්මිදීම පිළිබදව
අවධානය යොමු කරන්න.”
“ඔහ්!”
ඈ? මදක් සිටින්න!
මෝ රන් යමක් ගැන සිතුවේ ය ඒ සමගම වෙවුලුවේ ය.
එය එසේ
නම් පෙර භවයේ ඔහුට මායාන්විත භුවනේ මුණගැසුණු ෂ මෙයි ද ෂ මෙයි නොවිය යුතු
ද?
කෙලෙසද එය මෙසේම වූවෝතින්___
ඔහු
පසෙකට වී චූ වන්නිං දෙස හොරැහින් බැලුවේ ය ඉන්පසු දැවත වෙවුලන්නට විය.
විය නොහැකියි!
ඔහු පෙර භවයේදී ඒ සිපගත්තේ චූ වන්නිං නම් ඔහුට
හොද වැයින් කස පහරවල් කිහිපයක් හෝ අඩුම අඩු වශයෙන් කම්මුල් පහරක්වත් ලැබේවි!
ඒ නම් කෙසේවත් චූ වන්නිං විය නොහැකිය! කොහෙත්ම
බැහැ.
ඔහු තම මනසින් කරන තර්කයන් සමග කාර්‍ය්බහුල වූයේ ය,
සැණින් චූ වන්නිං නතර වී මො රන්ව තමාගේ පිටුපසට ඇද්දේ ය. “නිහඩ වෙන්න”
“කුමක් ද ඒ?”
“ඉදිරියේ යමක් චලනය වෙනවා”
සියල්ල පෙර භවයට වඩා වෙනස් ය. පෙර භවයේ සිදුවූ
සියලුම සිද්ධීන්. මෝ රන්ට තවත් බලාපොරොත්තු වීමට යමක් තිබේ ද යන්න නොදනී. චූ
වන්නිං ගේ වදන් වලින් පවා, ඔහු විගසින් “ඒ
ෂ මෙයි ද” යනුවෙන් ඇසුවෙ ය.
චූ වන්නිං රවා බලමින් “මයාන්විත භුවනේ සිටින විට
, නියත වශයෙන්ම ඔබ හමුවේවි කියා සිතන පුද්ගලයා ගැන නොසිතිය යුතුයි, එසේ නොවූවහොත්
ඔබට කුමක් මුණ ගැසුණත්, කවරෙකු මුණ ගැසුනත් එම පුද්ගලයා ගේ බාහිර ස්වරූපය ගනී. සිත
අන්දමන්ද වී නොමග යන එක වළක්වා ගන්න, ඔබගේ සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න ”
“......” මෝ රන් උත්සහ කළේ ය, එහෙත් එය
කිරීමට නොහැකි විය.
චූ වන්නිං ඔහු දෙස බලා සිටියේ ය. ආධ්‍යාත්මික බලය සාන්ද්‍රණය කර තිබූ කිරිච්චියක් ඔහු අතින් සාදා විගසින් මෝ රන්ගේ අතට ඇන්නේ
ය.
“ආහ්___!”
“කෑගන්න එපා” චූ වන්නිං
මෙය බලාපොරොත්තු වූයේ ය; ඔහුගේ අනෙක් අත මෝ රන්ගේ මුව මත රත්‍රං පැහැ ආලෝකයක් සමග
රදවාගෙන සිටියේ ය. සැණින් මෝ රන් හට කිසිදු ශබ්දයක් නැගීමට නොහැකි විය. “රිදෙනවද?”
“......” මොනවද උඹ හිතන්
ඉන්නේ ! ඇයි උඹටම ඇනගෙන බලා ගන්නෙ නැත්තේ රිදෙනවද නැද්ද කියලා?
කදුළු පිරි දෙනෙතින් අසරණ
වූ අයුරින් මෝ රන් හිස සැලුවේ ය.
“හොදයි. ඔබේ අවධානය මේ
වේදනාව වෙත යොමු කරන්න, වෙන කිසිම දෙයක්
ගැන සිතන්න එපා, මගේ පසුපසින් එන්න, ගිහින් බලමු”
මෝ රන් සිතින් චූ වන්නිං
හට පරුෂ වචනයෙන් බැද වදිමින් නිහඩව ඔහු පසුපස සුළං හමන දිශාවය ගියේ ය. අනපේක්ෂිත ලෙස ඔවුන් ළං වනවාත් සේම
සංවාද වල හඩවලුත්, මහ හඩින් සිනාසෙන හඩවලුත් ඇසෙන්නට විය. මෙවැනි පාළු
පෙදෙසක එය බොහෝ සැකසහිත වේ.
ඉන්පසු උස් වූ දිගු බැම්මක් වටා ගොස් ඔවුන් දෙදෙන
අවසානයේ හඩ ඇසෙන ප්‍රදේශයට ආහ__
එය උද්දීප්ත වූ වර්ණ වලින් තිර දමා තිබූ බංගලාවක් විය. , දීප්තිමත් ලෙස
ආලෝකමත් විණ. , රත් පැහැ සේද රෙදි තාලෙට නැළවිණි. මිදුලෙහි සියයකට වඩා කවුළසුනයන්
තිබුණි. සියළුම ආකාරයේ උත්කෘෂ්ට වූ ආහාර වර්ග එහි තිබුණි. ක්‍රියාකාරකම් හෙයින් එම
ස්ථානය බොහෝ කලබලකාරී විය. අමුත්තෝ පානය කරමින් හර්ෂය විදිති
ප්‍රධාන ශාලාවේ දොරටුව පසු
කළ පසු විශාල ලෝහිත වර්ණිත , නේත්රාකර්ෂණ
හෙබි විශාල ශී අක්ෂරයක් තිබුණි. එහි ස්වරූපයෙන් සිය මංගල භෝජය සංග්‍රහයක්
යැයි පෙනී යයි.
“ඇදුරුතුමනි...” මෝ රන් කෙඳිරුවේ ය. “බලන්න මේ මිනිස්සු දිහා....ඔවුන්ට
මුහුණු නැහැ”
කතු වදන ;
මෙම මැරුණු බව්වාට ප්‍රශ්නයක්
තිබුණා. මෝ රන්ගේ කලින් ජීවිතේ කාවද ඇත්තටම kiss කරේ?
T/N
චිංගොං : 轻功 (Qīnggōng) = චීන සටන් කලාවේ එන්නක්
{ https://en.wikipedia.org/wiki/Qinggong }
ශී ; 囍 /Xi
❤️ ❤️ ❤️ ❤️
ReplyDelete