අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිඅට වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ මනස වංකගිරියක පැටලුණි



  

නෛතික උල්ලංඝණයන් කිරීමේ වරද මත යූහං වැඩිහිටියාන් හට දඬුවන් ලබා දීමේ උණුසුම් පුවත ලැව්ගින්නක් මෙන් පැතිරෙන්නට විය. පසුදින අළුයම උදාවීමටත් පෙරම , රාත්රියේදීම වංශයේ සියල්ලන්ම පාහේ මෙම පුවත ගැන දැන ගන්නට විය.

දෙසියක් කස පහරවල් යනු සාමාන් පුද්ගලයෙකු හට නම් ජීවිතය පවා අහිමිකර දීමට ප්රමාණවත්. ධ්යානවේදියෙකුට පවා එය දරාගැනීමේ ධාරිතාවෙන් ඔබ්බට වූවකි.

මෙය ඇසූ වනම ෂුවේ මං සැණෙන් සිය දෙපා මතින් එක පිම්මේ සිටගත්තේ . "කුමක්ද? ඇදුරුතුමා ශික්ෂණාධිකරණයට ගියා?"

" ස්වාමිපුත්රයාණෙනි, කරුණාකර , ඉක්මණින්ම වංශ ප්රධානීතුමාට මේ පිළිබඳව පවසා සිටින්න, ඇදුරුතුමා තුවාල ලබා සිටින්නේ, එතුමා කෙසේද දෙසියයක් කස පහරවල් දරාගන්නේ මේ තත්ත්වය මත?"

ෂුවේ මං මහත් සේ කාංසාවට පත්වූයේ , ඔහු මනසින් කඩා වැටීමට ආසන්නව සිටියේ . "මගේ පියාණන්? ඒය දැන් කිරීමට නොහැකියි, පියාණන් තාෂුවේ මාලිගයේ සිය තවමත් ආපිට පැමිණියේ නැහැ; පක්ෂියෙකු අතේ යවන පණිවුඩයක් පවා පසු දින වනතුරුවත් එතරම් ඉක්මණින් එහි ළඟා විය නොහැකියි. ඔබලා ඇයි ඇදුරුතුමාව නොවැළැක්වූයේ?"

මෝ රන් සහ ' මෙයි මුහුණෙන් මුහුණ බලාගත්තෝ .

චූ වන්නිංව නවත්තන්න?

මේ මුළු මවත් ජගත්තලයේම සිටින කවර ජගතෙකුට එය කළ හැක්කේ?

"ඕන මඟුලක් වෙච්ච දෙන්!මේ දැන් මම එතුමා පසු පස යනවා" ෂුවේ මං කඩිනමින් ශික්ෂණාධිකරණය දිව ගියේ . ශාලාවේ ප්රධාන දොරටුව අසළ ජියේලු වැඩිහිටියාණගේ සිසුන් එහි රැස්ව සිටි එකිනෙකාට කොඳුරමින් සිටින අයුරු දකින විටදී ඔහු තවමත් අංගනය තුළට ඇතුළුවී නොසිටියේ .

 

"මෙතන හිටගෙන තමුන්ලා මොනවා කරනවාද, අහකට වෙනවා මට යන්න! යනවා යන්න!"

"ස්වාමිපුත්රයාණෙනි"

"! ස්වාමිපුත්රයා මෙහි ඇවිත්"

"ස්වාමිපුත්රයාට යන්න ඉඩ දෙන්න"

ගෝලයින් කඩිනමින් පසෙකට ඉවත් වී ෂුවේ මං හට ඉඩ ලබා දුන්නෝ . සුපැහැදිලි ශාලාවේ ද්වාරය විවරව තිබුණි. සිය දිගු නෙතු සගල වසාගෙන වදනකුත් නොදොඩා චූ වන්නිං ඇතුළත දණ ගසාගෙන සිටියේ . අතෙහි ලෝහ යෂ්ටියක් රඳවාගෙන සිටි ජියේලු 'ෂං කඳුකරයේ නීති මහා හඬින් කියෙව්වේ , සියළු නීතීන්ට අනුකූලව චූ වන්නිංගේ පිටට ලෝහ යෂ්ටියෙන් දරුණු පහරක් උරුම විය.

 

"එක්-අනූ වෙනි වංශ නීතිය; අවිහිංසකයින්ට පහර නොදීම, ධ්යානවේද විධික්රම සාමාන් ජනයාට එරෙහිව භාවිතා නොකිර්රිම, මෙම දණ්ඬනයටයටත් වීමට පෙර ඔබට නිදහසට කරුණු තිබේ ?"

"කිසිදු නිදහසට කරුණක් නැත."

" දෙඅනූ වෙනි වංශ නීතිය; සිය ඒකමතික තීරණ වලට නො එළඹීම, ස්වයං තෘප්තියට ඉඩ නොදීම, මෙම දණ්ඬනයටයටත් වීමට පෙර ඔබට නිදහසට කරුණු තිබේ ?"

ජියේලු වැඩිහිටියාණන්හට දණ්ඬණය ලිහිල් කිරීමට තරම් ධෛර්යක් නොවීය. අනූ හෝ මොනයම් හෝ කස පහරවල් හෙයින් චූ වන්නිංගේ ස්වේත වස්ත්රය රක්ත වර්ණයෙන් නැහැවී පෙගී ගොස් තිබුණි.

ෂුවේ මං චූ වන්නිං හට ලබා දුන්නේ ඉහළ ගෞරවයකි. එය දැකීමෙන් ඔහුගේ නෙත් රත් පැහැයට හැරුණි, ඔහු සිය පෙනහළු තුළින්ම හදවතින්ම "ඇදුරුතුමනි" ලෙස ඇමතුවේය.

චූ වන්නිං නෑසුනාක් මෙන් සිටියේ ; ඔහුගේ නෙත් වැසී තිබුණේ , සියුම් ලෙස දෙබැම හැකිළී තිබුණි.

ජියේලු වැඩිහිටියාණන් දොර දෙසට සිය බැල්ම යොමු කොට සියුම්ව පැවසුවේ . "යූහං වැඩිහිටියාණෙනි, ස්වාමිපුත්රයා මෙහි ඇවිත්"

"මගේ සවන් හොඳින් ඇසෙනවා, මට ඇසුණා" මුවඟින් රුහිරු දහරක් ගලන්නට විය එනමුත් ඔහු ඉහළ නොබැලුවේ . "මේ දරුවගේ සද්දේ මදක් වැඩියි, ඔහුට අවධානය දෙන්න යන්න එපා"

ජියේලු වැඩිහිටියාණන් සුසුම් ලෑවේය ".......යූහං ඇත්තවශයෙන්ම මෙය කළ යුතුම ?"

"මගේ ගෝලයන් නිතර අකීකරු වීම වැළැක්විය නොහැකි වේවි" චූ වන්නිං සිය හඬ අවදි කළේ සියුම්ව . "අද මා මේ දණ්ඩනය නොලැබුවෝතින් , කෙසේද මා අනාගතයේදී මගේ සිසුන්ව හික්මවන්නේ?"

"........"

"කරගෙන යන්න"

"සුසුම් ලමින්..." ජියේලු වැඩිහිටියා චූ වන්නිංගේ කරබඳ තුළින් විවරව තිබූ සුදුමැලිව ගිය සියුම් ගෙල මිහිදුමක් මෙන් සිහින්ව කඩා වැටෙන අයුරු දෙස බැලුවේ . "එසේ නම් ලිහිල්ව මෙය සිදු කරමුද?"

".....එය වංචා කිරීමකින් වෙනස් නොවේ" චූ වන්නිං පැවසුවේ . " ගැන කලබල වීමට අවැසිනෑ, කස පහරවල් දෙසියයක් පමණයිනේ, මට එය දරාගත හැකියි."

"ජියේලු, තවත් කිසිවක් කීමට අවශ් නෑ, කරගෙන යන්න"

ලෝහ දණ්ඩ නැවතත් සිය කාර් අරඹන ලදි.

ෂුවේ මං නැවතත් නොමඟ යවන්නෙක් බවට පත්වූයේ . "ජියේලු වැඩිහිටියාණෙනි, ඔය කරන මඟුල දැන් වත් ඔබතුමා නවත්වන්නේ නැද්ද? ස්වාමිපුත්රයා ගැනවත් තකන්නේ නැත්ද? ඔබ ඔය පහර දෙන්නේ මගේ ඇදුරුතුමාට!!! මගේ ඇදුරුතුමාට!!!"

ජියේලු වැඩිහිටියා නෑසුනාක් මෙන් සිටීමට බලහත්කාරයෙන් මෙන් වෙර දැරුවේ .

 

ෂුවේ මං ගේ පෙනහළු කේන්තියෙන් පිපිරීමට ආසන්නව තිබුණි. "තමුන්ගේ කන් ඇහෙන්නැද්ද, ජරා නාකි මිනිහෝ? උඹේ ස්වාමිපුත්රයා මේ උඹට අණ කරන්නේ, නවත්තපන්න ඕක! උඹ නැවතත් එතුමාට පහර දුන්නොත් මම, මම, මම_____" ඔහු "මම" යන්නේ සිරව සිටියේ ඔහුට කිව යුත්තේ කුමක් යන්න සිතා ගත නොහැකිවය. "සුරලොව පුත්රයා" හෝ කුමක් වූවත් ඔහු තවමත් පහළොස් වියැති කොලු ගැටයෙක් , ඔහුගේ නිලයන් සහ බලයන් තවමත් වැඩිහිටියන්ට සාපේක්ෂව අවමය. අවසානයේ ඔහු රතුවූ වත සමඟ මුරණ්ඩුකම යටපත් කරගෙන____

"මම මගේ පියාණන්ට පවසනවා!!!"

ජියේලු වැඩිහිටියා: "......"

චූ වන්නිං අගෝචර අයුරින් සුසුමක් පිට කළේ .

සත්-අනූ වෙනි පහර. අට-අනූ වෙනි පහර. නව-අනූ වෙනි පහර. සියක් පහර.....

රෙදි පිළි පහරින් ඉරී ගොස් තිබූ අතර, රුහිරු බියකරු ලෙස රක්ත වර්නිතව දිස් විය.

ෂුවේ මං හට මෙය තව දුරටත් ඉවසා ගත නොහැකිවිය. රක්ත ගිය නෙත් බියෙන් බරව ඔහු අපරික්ෂාකාරී ලෙස ශාලාවට කඩා වැදුණේය, එහෙත් චූ වන්නිං නෙත් විවර කොට එක් අතක් ලෙළවමින් කඩිනමින් අවකාශය දෙකඩ කොට බාධකය තැනුවේ, ද්වාරය අවහිර කරමින් බලයක් යොදාමින් ෂුවේ මංව පියවර කිහිපයක් පසෙකට යවා බිමට හෙළමින් .

වූ වන්නිංගේ කසිමින් සිටි අතර මුවගින් රුධිරය වැගිරෙන්නට විය, ෆීනික්ස් විහඟ නෙතු සඟල දැඩි ලෙස ආලෝකනය වන්නව විය

"බොහෝ අවිනීතයි! ආපිට යනු !, තමුන් තැනටම!"

"ඇදුරුතුමනි!"

"'ෂං කඳුකරයේ ස්වාමිපුත්රයෙක්ට කවද්ද හැකිවූයේ ජියේලු වැඩිහිටියාණන්ට නීති වෙනස් කරන්න යැයි අණ දීමට? වහාම මෙතනින් පිටත්ව යනු! කිව්වාම යනවා යන්න!" චූ වන්නිං සැර පරුෂ ලෙස පැවසුවේ .

ෂුවේ මෙන් නෙත් විසල් කොට ඔහු දෙස බලා සිටියේ , තෙත්ව ගිය නෙත් දිලිසෙන්නට විය.

මෝ රන් සිය නිකට පිරිමැද්දේ , ඔහුගේ මුවඟ තවමත් රැළිවී තිබුණි. "අයියෝ! අනේ පවු! ෆීනික්ස් පැටියා අඬන්න යන්නේ?"

මේ වදන් හෙයින්, ෂුවේ මං සිය හිස ගසා මෝ රන් දෙන බැලුවේ . ඔහුගේ නෙත් රත් පැහැ ගැන්ව තිබුණත්, ඔහු කඳුළු සැලෙන්නට නොදී දැඩි ලෙස දරා සිටියේ .

වැටී සිටි නැගිට බිම හිඳ, සිය ඇඳුමේ තිබූ දූවිලි ගසා දමා හිස බිමට හරවා දත් මිටි කමින් සුපැහැදිලි ශාලාව දෙසට දණනමා සිටියේ . "ඇදුරුතුමනි! මේ ශිෂ්යයා වැරදියී ."

චූ වන්නිං තවමත් පහරවල් දරා ගනිමින් සිටියේ , කෙතරම් පිටට පහර එල්ලවූව එක්වරකුදු බිමිට නොනැමී සිටියේ . මුහුණ සුදුමැලිව ගිය අතර නලළ සිහින් දහදිය බිඳු වලින් දිස්නයක් දක්නට ලැබුණි.

 

ෂුවේ මං හිතුවක්කාර ලෙස නොයා එහි සිටියේ , "නමුත් මම මෙහින් නොයමි. මම ඇදුරුතුමා සමඟම මෙහි සිටිමි" එසේ පවසමින් ඔහු එහි දණ ගසා ගෙන නැගිට සිටීම ප්රතික්ෂේප කරමින් සිටියේ .

මෝ රන් ඔවුන්ගේ පේනමානයෙන් සමාරම්භක ප්රදර්ශනය ආසන්නව සිටියේ . ෂුවේ මං , ෂුවේ 'මිං , සුරලොව පුත්රයා චූ වන්නිං හට මෙතරම් බාල්දු වන්නේ . ඔහු අන් සියල්ලන්ටම ෆීනික්ස් විය, එහෙත් ඇදුරුතුමාහට නම් වහලෙක් . ෂුවේ මං හට පුරුෂයින් ගැන උනන්දුවක් නොමැති බව මෝ රන් හට එතරම් නිශ්චිත නොවුණේ නම්, ඔහුට චූ වන්නිං ගැන අදහසක් තිබෙන බවට සිතාවි, කිසිදු පසුතැවීමක් නොමැති තරමට තිර වූ. ඇදුරුතුමා ඔහුට අත දිග හැර කම්මුල් පහරක් ගැසුවත්, මේ වහල් පැටියා අභීතව අනෙත් කම්මුලත් දිගු කරාවි මීළඟ පහර කෑමට.

ඊට කම් නැත, ඊට කම් නැත

ගැත්තන්ගෙත් හොඳම ගැත්තා

කුමක් හෝ හේතුවක් මත ඔහුගේ හදවතට අවමානයක් , මුවට ඇඹුල් රසක් දැනෙන්නට විය. මෝ රන් මොහොතකට ෂුවේ මං දෙස බැලුවේ , බලා සිටින්න සිටින්නම මහත් උද්ඝෝෂණකාරී හැඟීම් මතු වූයේ , හෙතෙමට ඔහු භක්තිය පෙන්වන එකම කෙනා වීමට ඉඩ දිය නොහැකි හෙයින්.

චූ වන්නිං ඔහුට කෙසේත් අකමැතියි , ෂුවේ මං යොදන මෙවැනි සුළු උපක්රම වලින් , අනාගතයේදී ඔහු තව තවත් පක්ෂපාති නොවේවිද?

ෂුවේ මං අසළ හිද ඔහුට මෙසේ දැනුණේ .

' මෙයි ස්වභාවිකවම මෙන් අනුගමනය කළේ . ගෝලයින් ත්රිත්වයම පිටස්තින් දණගසාගෙන බලාගෙන සිටියෝ . අනෙකුත් වැඩිහිටියන් මෙන්ම සිසුන්ද මෙම පුවත ඇසූ විගසම සියල්ලෝම නිදහසට කරුණු සොයාගෙන හෝ අනිත් ක්රම තුළින් ශික්ෂණාධිකරණය වෙතට නැරඹීමට පැමිණියෝ .

"අපොයි, කෙසේ මේ යූහං වැඩිහිටියා වූයේ..."

"මට ඇසුණු අයුරින් නම් එතුමා කෝපයට පත්ව සාමාන් පුද්ගලයෙකුට පහර දීලා"

"! එතරම් භයන්කරයිද?"

"ෂ්ෂ්ෂ්! නිහඬ වෙන්න, යූහං වැඩිහිටියාණන්ට ඇසුණොත්, මීළඟට පහර කන්නේ ඔබයි"

තවත් අයෙක්: "නමුත් ඇයි මේ තරුණ ස්වාමිපුත්රවරු මෙසේ දණින් වැටිලා ඉන්නේ?"

"මෝ-ගොංස'ත්...."

මෝ රන් බොහෝ ආකර්ශණීය මෙන්ම මනවඩන කවසම් විය එමෙන්ම ගැණිය නොහැකි තරමට සිය දෛනික දිවියේදී සිසුවියන් වන තරුණියන්ගේ සිත් දිනාගත්තේ . ඇතැම් බලා සිටින්නන්ට ඔහු ගැන කණගාටුවක් දැණී "අනේ පව් මෝ-ගොංස'...... කුමක් කරන්න්ද, අපි ඔහු වෙනුවෙන් ආයාචනයක්වත් කරමුද? "

"පෙනෙන අයුරින් නම් අපි ඔවුන්ගේ ගුරු ගෝල කාරණාවන්ට මැදිහත් වීම නරකයි. ඔබට හයියක් තිබේ නම් ඔබ ඉදිරිපත් වෙන්න, මට නම් දැන්ම මිය යෑමට අවශ් නෑ, ඔබට දැන්ම අමතක වී ගියාද ජ්යෙෂ්ඨ අක්කණ්ඩියකට යූහං වැඩිහිටියාණන්ගෙන් කස පහරවල් සියයක් ලැබුණු බව...."

 

".............."

 

දෙසියක් වූ කස පහරවල් නිමාවට පත්විය.

අවසානයේදී බාධකය ඉවත් කෙරිණි.

බිම සිටි ෂුවේ මං කඩිමුඩියේ වැටි වැටී නොඉවසිලිවන්තව සුපැහැදිලි ශාලාව වෙතට දිව ආවේය. ඔහු අසළට පැමිණි පසු චූ වන්නිංගේ තත්ත්වය දුටුවේය. "" ඔහු ක්රෝධයෙන් සිය හඬ අවදි කොට හැරී ජියේලු වැඩිහිටියාගේ කරෙන් අල්ලාගෙන කෑගැසුවේ . "ජරා නාකියා! උඹ කිසිම මඟුලක් නොදන්න එකෙන්ද, වැළකී ඉන්නවත් උඹ දන්නැද්ද!!!"

"ෂුවේ 'මිං." චූ වන්නිංගේ නෙත් වැසී තිබුණි, රුධිරයෙන් තෙමී ගිය මුව විවර වන්නට යළි වැසෙන්නට විය. අණකිරීම හමුවේ ඔහුගේ හඬ රළු වන්නට විය.

ෂුවේ මංගේ කර ගැඩ හඬක් නඟමින් කැඩෙන්නට වූයේ ඔහු ජියේලු වැඩිහිටියාණන්ව පසෙකට තල්ලු කර දමනවාත් සමඟය. මෙම මොහොතේදී මෝ රන් එහි පැමිණියේ මුවේ සිනහවක් රඳවාගනිමින්, ජියේලු වැඩිහිටියා චූ වන්නිංගේ තත්ත්වය පිළිබඳව දැන පහර දීමෙන් වැළකීසිට ඇති බවට සිතමින් . එහෙත් ඔහුගේ මුවෙහි වූ සිනහව සැණෙන් වියැකී ගියේ ඔහු චූ වන්නිංගේ තත්ත්වය දුටු විටය.

ඔහු ඇත්තෙන්ම ජියේලු වැඩිහිටියාට ඔහුගේ උරහිසේ ඇති තුවාලය පිළිබඳව පවසා නැතිද ?!

බොහෝමයක් පහරවල් වලට එම තුවාලය බේරීමටද ඉඩ නොලැබී ඇත.

පැරණි තුවාල මත නව තුවාලයන්?

චූ වන්නිං, ඔබ.....

ඔබේ සිහි විකල් වෙලාද?!

මෝ රන්ගේ නෙත් හැකිලෙන්නට විය, ද්වේෂය නැමති උදම් රළ තීව් ලෙස ඔහු වෙතට හබා එන්නට විය.

කුමක් සඳහා, කුමකද ද්වේෂ කරන්නේ දැයි ඔහු නොදන්නේ , කුමක් නිසා ඔහු කුපිතව සිටින්නේ දැයි ඔහු නොදන්නේ , ප්රකෝපකාරීත්වය ඉහළ නැඟි කුස දවාගොස් ඔහුගේ අවයවයන් තුළයට කිදා බැස සියල්ල දවන්නාක් මෙන් ඔහුට දැනුණි. චූ වන්නිං හට සිය අතින්ම අන්තයටම වධහිංසා පැමිණවීමට, ඔහුගේ ගරුත්වය කෙළෙසීමට, ඔහුගේ පවිත්රත්වය අපවිත් කිරීමට ඔහු හුරුව සිටියේ . එහෙත් ඔහුට තවකෙකු අතින් චූ වන්නිං හට තැලීම සීරීම් ඇති කිරීම කැලැල් ඇති කිරීම දරා ගත නොහැකි විය.

ඇතැම්විට පෙර අත් භාවයේ සිදුවූ දේ ඔහුට අමතක කිරීමට නොහැකි හෙයින් විය හැකි, නමුත් සිය යටි හිතේ උප විඥානයෙන් ඔහුට සිතුනේ මෙම පුද්ගලයා ඔහුට අයිතියි කියාය, ඔහුට ජීවත් වීමට ඉඩ හරින්නේද , ඔහුට මියයෑමට ඉඩ දෙන්නේද, ප්රිය නොකරන්නේද , ද්වේෂ කරන්නේද, ඔහුට අයිතිය කියාය.

 

ඔහු මුලින් චූ වන්නිං හට දඬුවම් ලැබීම ගැන නොතැකුවේ ඔහු වැඩිහිටියෙක් හෙයින්, කස පහරවල් දෙසියයක් ඇත්තෙන්ම සත් බලයක් යොදා නොවේවි යැයි සිතමින් .

 

එසේ නැතිනම් පහරවල් හරිහැටි සුවවී නොමැති ඔහුගේ බාහුශීර්ෂයෙහි වූ තුවාලය වළකමින් සිටී යැයි සිතුවේ .

එහෙත් චූ වන්නිං ගන පවසා නොමැත. ඔහු ගැන පවසා නොමැත!

මේ උමතු මනුස්සයා කුමක් එහෙයින් මෙතරම් මුරණ්ඩු වෙන්නේ? කුමකට ඔහු තමාටම මෙතරම් බලපෑම් කරන්නේ? මොන හැමිනීමකට මේ අමන මුග්ධයා ප්රත්යක්ෂ කිරීමට වෑයම් කරන්නේ? !

ඔහුගේ හිස අවුල් ජාලාවක පැටලුණි. මෝ රන් සිය අත ඔසවා චූ වන්නිං හට උපකාර කිරීමට උත්සාහ කළේ , එහෙත් ෂුවේ මං ඔහුව පරදවා චූ වන්නිංහට උපකාර කරමින් සිටියේ .

"........." මෝ රන් හස්තය වාතල මත නතර කරගෙන සිටියේ , ඉන්පසු මොහොතකින් පහළට දැමුවේ .

ඔවුන් දුරින් ඇවිදන් යන අයුරු මෝ රන් බලා සිටියේ , ෂුවේ මං චූ වන්නිං හට සහය වූයේ , නාඳුනනා අප්රකාශිත යම් හැඟීමක් මෝ රන්ගේ ළයෙහි දෝලනය විය.

ඔහුට ඔවුන් පසු පස යෑමට අවැසි වූවත් , ඔහුට සිය දෙපා සෙලවීමට නොහැකි විය.

පෙර අත් බවයේ සිදුවූ සියල්ලම අයිති වනුයේ අතීතයටයි.

දැන් චූ වන්නිං යනු ඔහුගේ ඇදුරුතුමා පමණි.

කිසිදු පැටලවිල්ලක්, ද්වේෂ සහගත බවක්, සොමි සබඳකමක් කිසිවක් ඔවුන් අතර සිදුව නොතිබුණි.

හෙතෙම හට මෙවැනි සිතුවිලි නොතිබිය යුතුය. චූ වන්නිංට පහර දෙන්නේ කවුද, ඔහු කා සමඟ කල් ගත කරන්නේ, ඔහුට උපකාර කරන්නේ කවුද, ඔහුව කවුරුන්හෝ මරා දැමුවෝතින් වුනත් කිසිවකින් හෙතෙම හට ඵලක් නොමැත, හෙතෙම හට කිසිවක් ගැන තැකීමට අවැසි නැත.

' මෙයි ඔහු අසළට ඇවිද ආවේ . "කෝ එන්න, අපි ඔවුන් සමඟ ගොස් බලමු"

මා සමත් වූවෝතින් ෂුවේ මං එය අවහිර කරාවි, කෙසේ වෙතත් මට කිසිවක් කළ නොහැක, බොහෝ මිනිසුන් මේ අවුල් ජාලා වංකගිරියට එකතුවේවි. මෝ රන්ගේ භාව ප්රකාශන වෙනස් නොවී තිබුණි, එහෙත් ඔහුගේ මනස වංකගිරියක පැටළුණි.

සැබැවින්ම සත්යවශයෙන්ම ඔහුට මේ හැඟුණේ කුමක් දැයි කියා ඔහුටම තේරුම් ගැනීමට නොහැකි විය.

එය ද්වේෂය ?

 

 

 

කතු වදන ;-

 

බෝනස් චරිත කාඩ්පතක් , #2

 

ෂුවේ මං

නිල නම :- ෂුවේ 'මිං

අන්වර්ථ නම් :- තවමත් නොමළ තැනැත්තා

රැකියාව :- කන්දේ රජා තාත්තා, ඔහු තමා රජාගේ පොඩි හාමු

සරලවම කීවෝතින් :- ව්යවසායෙකුගේ දරුවෙක්

සමාජීය තත්ත්වය :- ධ්යානවේදී නිපුණත්වේ අභ්යාසලාභීත්වය නිම කිරීමට නියමිතයි

සරලවම කීවෝතින් : විරැකියාවෙන් පෙළෙන ළමයෙක්

දැනට තිබෙන කැමැත්ත :- යමෙක් ඔහුව අගයනවා නම්, ඔහුව අධික ලෙස වර්ණනා කරනවානම්, ඔහුව මැරීගෙන වර්ණනා කරනවා නම්.

කැමතිම ආහාර :- හොට්පොට්, අසීමිත සැර දේවල්

අකමැති දේ :- ඔහුව අධික ලෙස වර්ණනා කිරීමට කිසිවෙක් නොසිටීම

උස : වෙනකොට 169 cm සම්පූර්ණයෙන් වර්ධනය වූ විට 178 cm

 

T/N

 

ඇඹුල් රසක් :- vinegar is sour කියලා කියන්නේ, චීන කතා එහෙම නැත්තම් තායිවාන් කතා බලන අය නම් දන්නවා ඇති මේ විනාකිරි කතාව, මේක කියන්නේ මොකක් හරි තැනකදී කාට හරී jealous එකක්, පොඩි ඊරිසියාවක් දැනුනාම මෙයට චින වලින් කියන්නේ "吃醋" (Chīcù/ ' (ට්ස්)සු) කියලා, නැතිනම් "විනාකිරි කෑම" මේකට අදාල කතාවක් තියෙනවා, මම ඒක වෙන දවසක කියන්නම්

ජ්යෙෂ්ඨ අක්කණ්ඩිය :- 师姐 (Shījiě/ 'ජියේ) senior sister මෙය ශාස්ත්රාලයක, අධ්යාපනික ස්ථානයක තමන්ට වඩා වැඩිමක් සිසුවියන් හට ගෞරවාන්විත ලෙස ඇමතීමට යොදා ගන්නකි. තවත් තමන්ගේ ක්ෂේත්රයේ සිටිය වැඩිමක් නමුත් තම වයස් කාණ්ඩයේ සිටින අයට අමතන්න යොදා ගනී, හරියට කැම්පස් වල සීනියර් අක්කාලා කියන්නේ අපි වගේ.

ගොංස' :- 公子 (Gōngzǐ) මෙහි අර්ථය තරුණ ස්වාමිපුත්රයා වේ.

 

"Laoshi, gongzi, zongshi, zishu, සාමාන් ව්යවහාරයේ දී මේ වචන ගොන්සි, ලාඕශි, සොංශි, සිෂූ ලෙස උච්චාරණය නොවේ, ඒවා බෙහෙවින් "ෂ්, ත්ස්, ශ්, වගේ අකුරු සමඟ ""කාරය (කරන යන වචනයේ "" කාරය සමඟ මිශ් වේ)"

  

Previous |TOC |Next

Comments

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.