අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ටෝෆු කෑමට අවැසි නැත.
“ මේ, මේ ඔබ තමුන්නාන්සේලාට ඇසුනා ද? අන්න නීති කඩකලා කියලා යූහං වැඩිහිටියාණන් යෑන්ලුවෝ ශාලාව ඉදිරිපිට තුන් දොහක් යනතුරු දණගසාගෙන සිටින්නනටු සැරසෙන්නේ”
පසුදින පූර්වහ්න දේශනයන් ඇරඹීමට මත්තෙන් ශිෂ්‍යයන් කුසල් අකුසල් කථිකාසනය වෙත භාවනාවන්හි යෙදීමට පැමිණියහ, හදවත ආපෝවන් ශාන්තියකට සම වැදුණු කළ මේ දේ ඔවුන් හට අසම්භාව්‍යවිය. ඇදුරු ආචාර්‍යයාණන් ඉවත බලන කල්හි කසු කුසු නාදයන් විගසින් අවදි විය.
චූ වන්නිං හට දඬුවම් පැමිණවූ පවත ලැව් ගින්නක් මෙන් පැතිරයන්නට විය.
මේ සිද්ධිය පෙර දින නෙත් ගැටුණු කන් වැටුණු ඡාත්‍රයන් කිසිදු පසුබෑම් වලින් තොරවම කටලුකතා පතුරන්නට විය.
“හපොයි, කෙසේ ද ඔබලා ඒ පවත් නොදන්නේ?ආ.... පෙර දින ලුසුන් වැඩිහිටියා ඔබලත් සමඟ කඳුකරයෙහි නිශා තුෂර පුෂ්ප නෙලන්න රැගෙන ගියේ ද? හොඳයි___ඔබලාට මඟහැරී ගියේ කුමක්දැයි යන්න මා දොඩන්නම්! පෙර දින රාත්‍රියේ , නිලඹර ශාලාවේදී රුහිරු නදියක් ගලා ගියා! යූහං වැඩිහිටියානන් හට කස පහරවල් දෙශතකයක් අභිබවා උරුම වූවා! දෙශතකයකට වඩා, සියලු පහරවල් සාහසිකයි, බොහොම කුරිරුයි!
එම සිසුවා විරාම ලක්ෂණයන් තැබිවේ සියල්ල දෙගුණ තෙගුණ කරන භාවයන් මවාපාමින්, තමා කෙරෙහිම සිය මාන්‍ය උපදවා ගෙන කනිෂ්ඨ මලණුවන්ලා සහ නැගණියන්ලා තමා වටා පිරිවරාගෙනය.
“දෙශතයක් අධික කස පහරවල් ගැන සමුදායක් ගැන ඔබලාහට සිතා ගැනීමට තරම් පහසුද? දැවැන්ත පුරුෂයෙක් හටවත් එය දාරා ගැනීමට හැක්කක් ද? යූහං වැඩිහිටියාණන් ගැන කවර කතා ද, එතුමා එම මොහොතේදීම සිහිසුන් වූවා, අර අපේ බාල ස්වාමිපුත්‍රයාහට යක් ආවේසයක් මෙන් ජුවල් නැග්ගා, එතුමා එතැනට දිවවිත් ජියේලු වැඩිහිටියාණන් සමඟ අලකලංචියට සැරසුණා, යූහං වැඩිහිටියාණන්ගේ රෝමකූපයකටවත් අත නොතැබීමටම, මහත් වූ මගඩියක් තමා එහි සිදුවූයේ ”
කැවුමක් හට ජීවය ලැබුවාක් මෙන් සිය කලබල වූ මුහුණ සාදාගත් දෙබැමි එසේවූ හෙතෙම සිට සිය ඇඟිල්ලක් ඔසවා දිගු කරමින් වනමින් අවසන් වැකි තුන පැවසුවේ ය. “ච්ක්. ච්ක්,ච්ක්”
එක් කුඩා කනිෂ්ඨ නැගනියක් සුදු මැලි වී ගියාය. “අනේ, යූහං වැඩිහිටියාණන් සිහිසුන් වූවා ද?”
“බාල ස්වාමිපුත්‍රයා ඇත්තෙන්ම ජියේලු වැඩිහිටියාණන් සමඟ සටන් කළේ ද?”
“යූහං වැඩිහිටියාණන් අද දින පෙරවරු දේශනයන්ට සහභාගී නොවීමේ අරුමයක් නෑ.....දුක්ඛිතයි... කුමක් ද එතුමා උල්ලංඝණය කළ නීතිය”
“මා කන වැටුණු පරිදි නම් එතුමා ප්‍රකෝපයෙන් මිරිකී තම සේවාලාභියෙකුට පහර දීලා”
“.....”
මෙම පලක් නොමැති කටලුකතාවන් නැවත වරක් ෂුවේ මංහේ සවනට පැමිණියහ. ස’ෂං කඳු ශිඛරයේ ස්වාමිපුත්‍රයාණන්හට ද සිය ඇදුරුතුමාණන්ගේ වහා කිපෙන සුළු ස්වභාවය උරුම වී තිබුණි. අභාග්‍යකට මෙන් , පුද්ගලයින් දෙදෙනෙකුට සීමා වීමකින් තොරව_ කුසල අකුසල කථිකාසනයේ සිටි සියල්ලෝම පාහේ දොඩවන්නට වූයේ යූහං වැඩිහිටියාණන් හට දඬුවම් ලැබීම පිළිබඳවය; එම රාවයන් සිය පිහාටු අතරින් ගියද , ඔහුට කළ හැකි දෙයක් නොමැති විය.
ෂුවේ මංගේ නළලෙහි වූ නහර සීරුවෙන් ඉලිප්පෙන්නට විය. මේ අතරවාරයේදී මෝ රන් නොනවත්වම
ඈනවිලි අරිමින් සිටියේ රැය මුළුල්ලේ එක් නිමේෂයකටවත් නිදාගැනීමට ආකාරයක් නොතිබූ හෙයින් ය.
ෂුවේ මං හට වෙන අතක් නොතිබූ හෙයින් කේන්තිය පහ කිරීමට ඔහුට මෝ රන්ව ඉලක්කයක් කර ගනිමින් අවලාද කියන්නට වූයේ ය “දිනක තිබෙන ඉතාම සුවිශේෂී කාලය පෙරවරුවයි, උඹ මොකද බල්ලෝ උදේ පාන්දර අලසකම් පාන්නේ , උදේ දවල් මෙහෙමද ඇදුරුතුමා උඹට ඉගැන්නුවේ”
“ඈ! නෙත් නිදිමතින් බරව යළි ඈනවිලි අරිමින් මෝ රන්, “ෂුවේ මං තමුන්ට කම්මැලි හිතිලවත් ද, නැත්තම් මොකක්ද, ඇදුරුතුමා මට ගුරුහරුකම් දෙන එක එකක්, ඒත් උඹ මොකෙක්ද? මම උඹේ ඥාති අයියණ්ඩි, උඹ ඒක දැනගෙන ගරුසරු ඇතුව කතා කරපන්, නරුමයෙක් වෙන්නැතුව ”
ෂුවේ මං රුදු ස්වරූපයකින් පැවසුවේ ය. “මගේ ඥාති අයියණ්ඩි නම් ඉතින් සුනඛයෙක්නේ, උඹ බලකරනවා නම්, එසේනම් එලෙස ඉමුනේ”
මෝ රන් සිනාසුනේය. “කුමක්ද මේ අශ්ශිල හැසිරීම, අශිෂ්ට කොල්ලෝ, මෙසේ ඔබේ අයියණ්ඩි ඉදිරියේ අශිෂ්ට වන්නේ, ඇදුරුතුමා දැන ගත්තෝතින්, එතුමා කලකිරේවි ”
“උඹට කොහෙන් ආ හයියක් ද ඇදුරුතුමාව මෙලෙස මෙයට ඈදා ගන්න! පෙර දින ඇයි උඹ ශික්ෂණාධිකරණයට යෑමෙන් එතුමාව නොවැළැක්වූයේ”
“මංමං, උඹ ඔය කතා කරන්නේ ඇදුරුතුමා ගැනයි, රෑ අහසේ උදුල තරුව යූහං ගැනයි, බේයිදෝව් අමරණීයයා ගැනයි, එහෙමනේ? උඹටම ගිහින් නවත්ත ගනින්කෝ, අපිටත් ආසයි බලන්න ”
ෂුවේ මං කෝපාවිෂ්ඨභාවයෙන් පුපුරන්නට වූයේ ය, දෙබැම හකුළා ගනිමින් ඈදාගන්නට වූයේ සිය කේන්තිය පාදයෙන් පිට කරන පරිද්දෙන්ම සිය අසිපත ඉවතට අදිමින්ය. “මොන හුත්තක් ද උඹ මේ මට කියවගෙන එන්නේ?!!”
මෝ රන් දත් නියවා සිනා සෙමින් , කම්මුලෙහි අත් රුවා ගෙන “මංමං, හොඳ ළමයා වගේ ඉඳගන්නකෝ”
ෂුවේ මං ගර්ජනා කළේ ය. “මෝ වෙයියූ, මම උඹව මරනවා!!”
මොවුන් දෙදෙගේ නිෂ්ඵල කලහා කිරීම් මධ්‍යයේ ෂ’මෙයි දිගු සුසුමක් හෙළා නළලෙහි කෙළවර පිරිමැද්දේ සිය පුස්තකය වෙත අවධනය යොමු කිරීමට වෙර දරමින් ය. “ශශිකර සහ දිනකර සිය බඳුන් පුරවා ලද්දී, ආධ්‍යාත්මික මධ්‍ය ලක්ෂය කලට වෙලාවට හැඩ ගැස්වෙයි. ස්වර්ගයෙහි ආඥාව තිර වෙයි, දිවි හා මරු ෂ’න් සහ ෂං තරු මෙන් වෙන්ව සිටියි.”
තෙදිනක් ජල වාෂ්ප මැකී යන්නාක් මෙන් ගතවිය, චූ වන්නිං ප්‍රතිබිම්භ මධ්‍යයේ දණ ගසා ගෙන සිට සිය දඬුවම සම්පූර්ණ කළේ ය.
නීතීන්ට අනුකූලව මීළඟ තුන් මස නිවාස අඩස්සියේ සිටිය යුතුයි, එම කාලවකවාණුව තුළ ඔහුට ස’ෂං කඳු ශිඛරයෙන් යෑමට නොහැක, ඔහු සාමාන්‍ය ගේ දොර වැඩ වන මං පෝ ශාලාවේ වැඩ කටයුතු වලට සහය වීම, නයිහ’ පාලමෙහි කුළුණ පිරිසිදු කිරීම, දොරටුව පාමුල වූ පියගැටයන් මැදීම වැනි රාජකාරි සහ අනෙකුත් වැඩ රාජකාරී ඉටුකළ යුතුය.
ජියේලු වැඩිහිටියාණෝ කණස්සල්ලට පත්වූහ. “යූහං, අවංක වශයෙන්ම ඔබ මෙවැනි දේ නොකළ යුතුයි, ඔබ මහා ප්‍රතිභාපූර්ණ ධ්‍යානවේදී අත්‍යෝත්තමයෙක් , ඒ හැරත් ඔබ මෙලෙස පිඟන් සේදීම, බිම පවිත්‍ර කිරීම, ඔබේ තත්ත්වයට එතරම් හොඳ නෑ” ඔහු නුවණක්කාර ලෙස ඔහුගේ අනෙකුත් සිතුවිය නොකියා සිටීමට වග බලා ගත්තේ ය___
මෙහි වූ වැදගත්ම දේ නම් සැබැවින්ම බිම පවිත්‍ර කිරීම, ආහාර පිළියෙල කිරීම වැනි මූලික කටයුතු ගැන ඔබ දන්නේ ද යන්න ගැන මෙම වියපත් මිනිසා හට සැකයක්ව තිබිමයි.
කෙසේ හෝ වේවා චූ වන්නිං සිය හැකියාවන් පිළිබඳව කිසිදු සැකයක් ඇති බවක ඉඟියක්වත් නොපෙන්වමින් මංපෝ ශාලාවට වාර්තා කිරීමට ගියේ ය.
මංපෝ ශාලාවේ සිටි සියල්ලෝම, සේවකයින්ගේ සිට අධීක්ෂකයින් දක්වා සියල්ලෝම චූ වන්නිං දඬුවම් ලෙස වැඩ කිරීමට පැමිණෙන බව අසා තිගැස්සී බියට පත්ව සුදු මැලිව ගියේ ඔවුන්ගේ භයානක ශතෲවෙක් පිවිසෙන ආකාරයෙන් ය.
චූ වන්නිං සම්ප්‍රාප්ත වූයේ ය, ස්වේත වස්ත්‍ර ලෙළෙන්නට විය.
ඔහුගේ කඩවසම් මනහර වත ශාන්ත විය. සම්පූර්ණයෙන්ම පාහේ භාව ශූන්‍ය විය. ඔහුයේ පා යට මේඝයන් තබා පියාපත් ද්විත්වයක් බාහු දෙපසින් තැබුවෝතින් ඔහු හා සිතුවම්හි සිටින අමරණීයයක් අතර වෙනසක් නොවේවි.
මංපෝ ශාලාවේ අධීක්ෂකවරයා අධික ලෙස අසීරුතාවයටත් අපහසුතාවටත් ලක්වූයේ මෙතරම් සොඳුරු රූමත් මිනිසෙක්ව එළවළු සේදීමට සහ ආහාර පිසීමට යොමු කිරීමට තරම්ය.
එහෙත් චූ වන්නිං තමා සොඳුරු රූමත් මිනිසෙක් බව ගැන එතරම් තේරුමක් නැත, හුදෙක් ඔහු මුළුතැන්ගෙය වෙත සැහැල්ලුවෙන් පිවිසුණේය. එහි කර්තව්‍යයන්හි යෙදී සිටි පිරිස කරන්නට අන් කිසිවක් නොමැතිව ඔහුගේ දැඩි බැල්ම ඔවුන් කර හඹා එනවිට පියවරෙන් පියවර පිටිපසට පියමන් කළහ.
“.......” චූ වන්නිං ඍජුවම කාරණයට පිවිසියේ ය. “කුමක් ද මා කළ යුතු?”
ලැජ්ජාවෙන් මිරිකී අපහසුතාවට පත්ව සිටි අධීක්ෂකයා සිය වස්‍ත්‍රයේ කෙළවර පිරිමදිමින් තරමක් සිතමින් සිට සැලකිලිමත් ලෙස ප්‍රවේශමෙන් සිය වචන හැසිරුවේ ය. “වැඩිහිටියාණනි, ඔබතුමා අහිතක් හිතන්නෑ නේද එළවළු සේදීම ගැන”
චූ වන්නිං : “අනිවාර්යෙන්”
අධීක්ෂකයා සැනසුම් සුසුම් හෙළුවේ ය. චූ වන්නිංගේ මනහර දෑත් රළු වැඩට සුදුසු යැයි ඇරත් හෙතෙම පිරිසිදු කිරීම් වැනි කාර්යයන්ට සුදුසු යැයි නිසැකවම ඔහු මින් පෙර නොසිතුවේ ය. ඒ කෙසේ වෙතත් දූවිලි කුණු නොගෑවෙන අනෙකුත් වැඩ රාජකාරි සඳහා යම් තාක් දුරක ශිල්පය අවශ්‍ය වූ අවශ්‍ය විය, එමෙන් චූ වන්නිං හට මෙම රාජකාරී හරිහැට කළමනාකරගත නොහැකිවේ යැයි ඔහු කණ්ස්සල්ලට පත්විය. චූ වන්නිං නිතැතින්ම එළවළු සේදීමට එකඟත්වය පල කළ හෙයින් ඔහුට තවදුරට ඒ ගැන කරදර වීමට අවශ්‍ය නොමැති බව ඔහු සිතුවේය.
අන් කෝණයකි බැලූ විට දිස් වන්නේ නම් මෙම අධීක්ෂකයා එක්තරා නිවට නියාලු අයෙක් වීමයි.
මං පෝ ශාලාව ඉදිරිපිට සුපැහැදිලිවූ කුඩාවූ ගංගාවක් ගලා බසින්නට විය. චූ වන්නිං තද හරිත වර්ණිත ගෝවා පිරි බඳුනක දමාගෙන ගඟ අසබඩට ගොස් සිය හස්ත බාහු වස්ත්‍රය උඩට පෙරළා හකුළා ඒවා සේදීම ඇරඹුවේ ය.
එම ප්‍රදේශය ෂුවැන්ජි වැඩිහිටියාණන්ට අයත් වූ හෙයි ඇතැම්විට, ඔහුගේ ඡාත්‍රයෝ එහි පසුකර යති. ඔවුහු එහි චූ වන්නිං එළවළු සෝදමින් සිටින අයුරු දැක, තිගැස්මට පත් වී කිසිවක් කර කියා ගැනීමට සිය මුවට නැගුන වැකිවත් සම්පූර්ණ කරගත නොහැකිව ගොත ගසන්නට විය. තුන් හතර වතාවක් නෙත් පිරිමැදීමෙන් අනතුරුව සිය නෙත් රැවටී නොමැත බව සනාථ කර ගනිමින්, ඔවුහු ගොත ගසන්නට වූහ. “පූ-පූර්වහ්නය සු-සුභවේවා, යූ-යූහං වැඩිහිටියාණනි”
චූ වන්නිං හිස ඔසවා බැලුවේ ය. “එසේම වේවා!”
ෂුවැන්ජි වැඩිහිටියාණන්ගේ ගෝලයෝ බිරන්තව එතැනින් විගසින් පලා ගියෝය.
චූ වන්නිං ඔවුන් ගැන වද වීමට තරම් කාලය අපතේ නොහැරියේ ය. ඔහු සිය ගෝවා වෙතට අවධානය ළඟා කරමින් , ඒවා සෝදමින් නැවත බඳුනට විසි කළේ ය.
ඔහු අත්‍යාධික අප්‍රමාදීභාවයෙන් යුතුව, ප්‍රවේශමෙන් ගෝව පත්‍රයෙන් පත්‍රය ඉවත් කරමින් පත්‍ර හරින්නට විය, එමෙන්ම සුපරික්ෂාකාරී ලෙස මහත් උනන්දුවෙන් එකින් එක නැවත නැවත සේදුවේ ය.`මෙවැනි ප්‍රකාරයකින් වූ ප්‍රතිවිපාකය නම් හිරුමුදුන්ව මද්දහන වන විටත් ගෝවා බඳුන සෝදා අහවරයක් නොවී තිබීමයි.
සේවකයෝ මුළුතැන්ගෙට වී ඒ මේ අත ඇවිදිමින් බලා සිටියෝය. “කුමක් ද අප කළ යුත්තේ? එතුමා ආපසු නොපැමිණියෝතින්, ගෝවත් නැතිවේවි; අප කෙසේද මද තෙලේ බැඳපු ගව මාංශ සමඟ එළවළු සාදන්නේ?”
අධීක්ෂකයා ආකාශය දෙස බලන විට හිරු ඌ අහසේ දිස් වන අයුරු දුටුවේ ය. “එය අල්ලලා දාන්න, අපි භෝජන වේල ජලය සමඟ පිසින ලද ගව මාංශ ව්‍යෑංජනයාක් ලෙස සාදමු, තවදුරටත් බලා සිටින්න එපා”
ඉන් පසු චූ වන්නිං නැවත පැමිණෙන විට ගව මාංශ කුළු බඩු සමඟ මිරිස් රටස පිසෙන ව්‍යෑංජනයක් ලෙස ඉදෙමින් පැවතුණි. සුපැහැදිලි ලෙස ගෝවා වල අවශ්‍යතාවයක් ද තව දුරටත් එහි නොතිබුණි. චූ වන්නිං ඔහු දිගු වේලාවක් පිරිසිදු කළ ගෝවා බඳුන අතෙහි රුවාගෙන අසන්තෝෂයෙන් පැවසුවේ ය. “අවශ්‍යතාවයක් නැතිනම් මොකද තමුන්ලා මට ගෝවා සෝදගෙන එන්න කිව්වේ”
අධීක්ෂකයාට හීන් දාඩිය දමන්නට විය, රෙදි කඩක් රැගෙන සිය නළල පිසමින් තිගැස්මට පත්ව සිය වදන් වල දිගු කාලීන පසුතැවීමක් ගැබ්ව තිබූවාක් මෙන් ඔහු පසන්නට විය. “මක්නිසාදයත් අප සිතා අපේක්ෂා කරමින් සිටියේ, වැඩිහිටි උතුමාණන් පිසින ලද ටෝෆු බඳුනක් සමඟ පිසින ලද ගෝවා රැගෙන ඒවි කියා”
භාව ප්‍රකාශනයකි තොරව චූ වන්නිං ගෝවා බඳුන අතෙහි රුවාගෙන සිටියේ ය. කිසියන් නොපසවා නිහඬ
අධිචිත්තයක එල්බ සිටියේ ය.
අධීක්ඪකයා මොහොතට යමක් එක් කළේ ය, “වැඩිහිටියාණන්‍ට අවශ්‍ය නොමැති නම්, ඊට කිසිසේත් කම් නැත___”
ඔහු වැකිය සම්පූර්ණ කිරීමටත් ප්‍රථම චූ වන්නිංගෙන් ඊට බාධකයක් වැටුණි. “කෝ ටෝෆු?”
“යූහං වැඩිහිටියාණි, ඔබතුමා....ඔබතුමා ආහාර පිසින්නට දන්නේ ද?”
“මා ඒ ගැන කිසිසේත් නොදන්න අයෙක් නොවේ, මටත් හැකියි උත්සහයක් දැරීමට”
මධ්‍යහ්නය උදා වූ විගස පෙර මෙන්ම සිසූහු සන්සුන්ව මංපෝ ශාලාව වෙත පියමැන්නෝ ය, උද්‍යෝගිමත්ම මෙන්ම කසු කුසු දොඩමලු වෙති. තිදෙනෙක්, පත්දෙනෙක් ලෙස කණ්ඩායම් වෙමින් ඔවුහු සිය ස්ථානයන් සොයාගෙන සිය ආහාර වේල සඳහා ආහාර කවුළුව වෙත පැමිණියහ.
ආහාර සැමවිටම රසවත් බවින් මෙන්ම පොහොසත් බවින් යුතු ඉහළ මට්ටමකින් තිබෙන හෙයින් එදින භෝජනයන්හි යම් වෙනස්කමක් වේ යැයි ඔවුහු අපේක්ෂා නොකළහ.
ජලයෙන් පිසින ලද ගව මාංශ ව්‍යෑංජනයේ යහමින් තෙල් සහිත බවක් විය, මිරිස් රසට සාදන ලද තීරූ කපන ල්ද සූකර මාංශ ව්‍යෑංජනයේ පොහොසත් බවින්යුත් පෙනුමක් මෙන්ම ප්‍රියකර ආඝ්‍රහණයක් විය, ගොවිපලේ වූ සූකර මාංශ තීරු රන්වන් පැහැමෙන්ම හොඳින් හැපෙන සුළු විය. එමෙන්ම ගම්මිරිස් තවරන ලද අලංකාර මෙන්ම රත්පැහැති මත්ස්‍ය ව්‍යෑංජනය කුසගිනි අවුලුවාලන්න්නට විය. ශිෂ්‍යයින් සිය ප්‍රියතම ආහාරය ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටියේ අරක්කැමියා අතිරේක පැණි රස සහ ඇඹුල් සූකර අස්ථි හෝ වැඩිපුර ඉස්ම හෝ මිරිස් තෙල් ඔවුන්ගේ බත්පතට ලබා දෙයි යන බලාපොරොත්තුවෙන් ය.
වේගවත්ම පෙල වූයේ ලුන්සුන් වැඩිහිටියාණන්ගේ ශිෂ්‍යයින් සිටි පෙළ විය.
පෙලේ ඉදිරියෙන් සිටි විසල් නාශිකා කුරුලෑවක් හෙබි කොලු ගැටයෙක්හට මපෝ ටෝෆු කෙරෙහි වූ සිය දැඩි ආශාව හෙයින් අපේක්ෂාවක් හට ගත්තේ ය. ඔහු ඉතා ප්‍රවේසමෙන් සිය දැව බන්දේසිය ඔසවාගෙන පෙලෙහි පිටුපසට විත් හිස ඔසවා නොබලා පැවසුවේ ය. “අරක්කැමියණි, මට ටෝෆු බඳුනක් අවශ්‍යයි”
අරක්කැමියාගේ සුන්දර රමණීය ස්වේත දෑගිලි ඔහුට ත්‍යාගශීලී ලෙස ටෝෆු බඳුනක් පිරිනමන ලදි.
කෙසේහෝ ඒ ඔහු හුරුව සිටි මපෝ ටෝෆු නොවීය, එය කාලවර්ණිත ද්‍රව්‍යක් අඩංගු බඳුනක් විය, අවිච්ඡේදීත ද්‍රව්‍ය බොහෝමයක් පිරි අපිළිවෙල බඳුනක් විය.
චකිතයට පත්වූ ශිෂ්‍යා බලා සිටියේ ය. “මේ මොන මඟුලක් ද මේ”
“ටෝෆු සහ පිසින ලද ගෝවා”
මංපෝ ශාලාව කසුකුසු මිමිණුම් වලින් පිරීගියේ ය. එම ශිෂ්‍යයා එම පුද්ගලයාගේ හඬ හඳුනා ගැනීමවත් නොසලකා ඊට කාලය ද නොගෙන පිළිතුරු දෙමින් කෝපයෙන් කතා කළේ ය, “ඔබ හදන්නේ අමරණීයන්ගේ කසාය වට්ටෝරුවක් ද, කවර ලෝකයක ද මේවාට ටෝෆු සහ ගෝවා ව්‍යෑංජන කියන්නේ? මට එපා මේක, ආ මේක ඔබව ආපහු තියාගන්න!”
නොකඩවා කරන ලද දෝෂාරෝපණ අතර මධ්‍යයේ ඔහු හිස ඔසවා අරක්කැමියා දෙස බැලුවේ ය, ඒ මොහොතේ ඔහු සේවා කවුළුවට පිටුපසින් සිටගෙන සිටින්නේ කවුදැයි යන්න ඔහු එවිට දුටුවේ ය, ශිෂ්‍යයා භීතියට පත්ව යටි උගුරෙන් කෑගසන්නට වූයේ නොබෝ විටකින් මුළු බන්දේසියම බිම පතිත වීමට ඉඩ ඇති තරමින් ය.
“යූ-යූහං වැඩිහිටියාණන්”
“හ්ම්”
ශිෂ්‍යයා කඳුළු සැලීමට ආසන්නව සිටියේ ය. “නෑ..මේ...මම..මේ..මම හිතුවේ නෑ...දැන්....මම”
“ඔබ එය කෑමට රුචි නැතිනම් ආපසු දෙන්න” චූ වන්නිං භාව විරහිතව පැවසුවේ ය. “අපතේ හරින්න එපා”
යන්ත්‍රයක් සෙමින් සෙමින් ක්‍රියා කරන ආකරයෙන් ශිෂ්‍යයා බඳුන රැගෙන ගස් ගැසී චූ වන්නිංහට දුන්නේ ය. ඉන්පසු අපහසුතාවට ලක්ව විගසින් නික්ම ගියේ ය.
ඒ මොහොතේ දී යූහං වැඩිහිටියාණන් එහි සිටින බව සියල්ලෝම දත් හෙයින් ක්‍රියාශීලීවූ මංපෝ ශාලාවේ දිගු නිහැඬියාවක් පැතිර ගියේ ය.
සුනඛයින්ව කරපටියෙන් ඇදන්යන්නාක් මෙන් ශිෂ්‍යයින් පිළිවෙලකට පෙලෙහි සිටගෙන බියෙන් සිය බඳුන් පුරවා ගත්තේ ය. ඔවුහු ගරු සරු ඇතිව සේවා කවුළුහි අවසානයට පැමිණියෝ ය. ගොත ගසමින් කැඩි කැඩී වූ වදන් වලින් වැඩිහිටියාණන්හට ආචාර කළෝ ය, ඉන් පසු ඔවුනට හැකි වේඑගයෙන් පිටව ගියහ.
“ආයුබෝවන්, යූහං වැඩිහිටියාණෙනි”
“ම්ම්”
“දිනය ශුභ වේවා, යූහං වැඩිහිටියාණෙනි.”
“එසේම වේවා!”
“ඔබට කරදර වූවා නම් අපට සමාවෙන්න, ස්තූතියි යූහං වැඩිහිටියාණෙනි”
“......”
සියලු ශිෂ්‍යයෝ තම උපරිම ගෞරවය දැක්වූවෝ ය එමෙන්ම දැඩි ලෙස සුපරික්ෂාකාරි විය, ඔවුන්ගේ බියමුසුවූ ආචාරයන් සියල්ලම චූ වන්නිං පිළිගත්තේ ය....එහෙත් ඔවුන්ගෙන් එක් අයෙක්වත් ඔහුගේ ටෝෆු සමඟ ගෝවා බඳුනක් ලබා ගැනීමට නොපැමිණියේ ය.
කෙමෙන් කෙමෙන් , පෙල කෙටි වීම ඇරඹුණි, අනෙකුත් අරක්කැමියන් ඉදිරියේ වූ සියළුම ආහාර අවසන් විය. චූ වන්නිංගේ සැලිය පමණක් මුවවිටට පිරෙන්නට තිබුණි. ඇතුළත වූ ආහාර නිවී ගොස් තිබුණත්, තවමත් කිසිවෙක්ට එම අවශ්‍ය නොවුණි.
චූ වන්නිංගේ මුහුණ අප්‍රකාශිත වූවත් යමක් හදෙහි කොනියන්නට විය. ඔහු මුළු පෙරවරුවම වැය කළේ වෙහෙස මහන්සියෙන් මෙය සේදීමට යි.
එමොහොතේ , ඔහුගේ ගෝලයින් තිදෙනා පැමිණියහ. ෂුවේ මං, ඔහුගේ සුපුරුදු රිදී නීල දීප්තිමත් සන්නාහ නිල ඇදුමින් සැරසී සිටියේ ය. ඔහු උද්‍යෝගිමත් ලෙස පැමිණියේ ය. ඔහු සන්තෝෂයෙන් චූ වන්නිං වෙතට විත්. “ඇදුරුතුමනි, ඔබතුමාට කෙසේ ද? ඔබතුමාගේ තුවාලය රිදෙනවා ද?”
“නෑ” චූ වන්නිං සන්සුන්ව පිළිවදන් දුන්නේ ය.
“එසේ නම්, එය හොඳයිනේ” ෂුවේ මං පිළිතුරු දුන්නේ ය.
චූ වන්නිං ඔහු දෙස බලා සැණකින් විමසුවේ ය, “ඔබ ටෝෆු කන්නේ ද?”
“.......”
කතු වදන :
චූ වන්නිං : ඔයාලට ටෝෆු කන්න ඕනෙ ද?
ශිෂ්‍යයා අ : න්-නෑ
චූ වන්නිං : ඔයාට ඕනෙද ටෝෆු කන්න?
ශිෂ්‍යයා ඉ : ම්-ම්-මට ටෝෆු කෑමව ආසාත්මිකතා ඇතිවෙනවා
චූ වන්නි : ඔයාට ඕනෙ ද ටෝෆු කන්න?
ෂුවේ මං : මොකක්? (කම්මුල් රතු වී) මම ආස ගෑණු ළමයින්ට, මට බෑ ඇදුරුතුමාගේ ටෝෆු කන්න
චූ වන්නිං :.. මොනවද තමුන් ඔය හිතන්නේ? යනවා නිලඹර ශාලාවට , එහෙට ගිහින් තමුන් දිහාම බලාගෙන ඉන්න්නවා, මෝ වෙයියූ එක්ක ඉන්න එපා එහෙ මෙහෙ ඇවිද ඇවිද (තරහින් මේසයට ගසමින්)
T/N
ටෝෆු කෑම - 吃(chī)豆(dòu)腐(fu) (ච’ දොඋ ෆු)යමෙකුගේ ටොෆු කෑම යනු එම පුද්ගලයාගෙන් ප්‍රයෝජන ගැනීමයි, එනම් ලිංගික වශයෙන්, දන්නවානේ හරියට ලිංගික හිංසන වගේ
නිලඹර ශාලාව - 青(qīng)天(tiān) (චිං තියෑන්) පැහැදිලි අහස හෝ නිල් අහස යන තේරුම ඒ
ඥාති අයියණ්ඩි - 堂(táng)哥(gē)哥(ge) (තං ග’ග’) පියාගේ සොහොයුරාගේ පුතා, ඔබට වඩා වයසින් වැඩිමල් ඥාති සොහොයුරෙක්ට (පියාගේ සොහොයුරෙකුගේ පුතෙක් නම්) මෙසේ ඇමතිය හැක.
මංමං - මෙලෙස අග නම ද්විත්ව කිරීම ආදරයට සහ බොහෝ සමීප අයට කරනු ලැබේ, බොහෝ විට තමාට වඩා බාල හෝ සම වයසේ අයට මෙසේ අමතයි
ප්‍රතිභාපූර්ණ ධ්‍යානවේදී අත්‍යෝත්තමයෙක් : 好歹是一代宗师 (hǎodǎi shì yīdài zōngshī/ හාඕ දායි ෂ’ ඊදයි (ද්ත්)සොංශ’) මෙතන 宗(zōng)师(shī) කියන එකෙන් අදහස් කරන්නේ grandmaster වගේ දෙයක්
මංපෝ ශාලාවේ ; 孟婆堂 (Meng Po Tang) “Old lady Meng” චීන මිත්‍යාවන් වල එන මතකයන් මැකීමේ දේවතාවියක් තමා මංපෝ කියන්නේ නයිහ’ පාලමෙන් (奈何桥/Nàihé qiáo /නයිහ’ චියාඕ) ඒ කියන්නේ මතකයන් මකා දැමීමේ පාලමෙන් එතර වුණ මියගිය අයට සිය පූර්ව භවයේ මතකයන් අමතක කරවීමට මංපෝ දේවතාව සූපයක් පිළිගන්වනවා එතකොට මෙම මළවුන්ට පෙර බවයේ කරදර දුක් කම්කොටළු අමතක කරලා යළි උපදින්න පුළුවන්. වැඩි විතර :- https://en.wikipedia.org/wiki/Meng_Po
සොඳුරු රූමත් මිනිසෙක් : 美男 (Měinán/ මෙයිනන්/ pretty man) සාමාන්‍යයෙන් චීන ව්‍යවහාරයේ “美(měi)” කියන නාම විශේෂණය රූමත් කාන්තාවන්ට තමයි යොදා ගන්නේ 帅(shuài) (ෂුවයි) කියන පදය, එත් දන්මෙයි / BL ලෝකයේ නම් මේක කිසි අදාලත්වයක් නෑ ඕන කෙනෙකුට මේ විශේෂණය භාවිතා කරනවා, ඒ ඒ කතුවරයන් දකින විදිහට, අනික ලෝකෙ හැමෝම මිනිස්සුන්ගේ ලස්සන එකම විදිහට දකින්නේ නෑ, ඒ ඒ අය ලස්සන මනින බලන කෝණය වෙනස් , විශේෂයෙන්ම පෙරදිග සහ අග්නදිග ආසියාතික රටවල් වල beauty standard එක වෙනස්, කතුවරියට අනුව චූ වන්නිංව විස්තර කරන්නේ 帅/ 美 දෙකම භාවිතා කරලා beautiful and handsome
ඔහු අත්‍යාධික අප්‍රමාදීභාවයෙන් : 他洗得很认真 (Tā xǐ dé hěn rènzhēn/ තා ශී ද’ හ’න් ර’න් ජ’න්) මෙතනදී කියන්නේ earnest විදිහට , ලොකු effort එකක් දාලා මේ වැඩේ කළා කියලා, ඔන්න මම ඉගෙන ගත්ත hsk 认真(rènzhēn) කියන වචනෙත් තිබුණා ඒක දැකලා තව ටිකක් හිනා ගියා
ටෝෆු කෑම - 吃(chī)豆(dòu)腐(fu) (ච’ දොඋ ෆු)යමෙකුගේ ටොෆු කෑම යනු එම පුද්ගලයාගෙන් ප්‍රයෝජන ගැනීමයි, එනම් ලිංගික වශයෙන්, දන්නවානේ හරියට ලිංගික හිංසන වගේ, ගොඩක් වෙලාවට එහෙමයි මේක භාවිතා කරන්නේ
මපෝ ටොෆූ - 麻婆豆腐 (මා පෝ දෝව් ෆූ) චීනයේ ස’චුවන් පළාතේ (Sichuan province) ප්‍රසිද්ධ කෑමක් ටිකක් සැරට කන කෑමක්.
ගොඩක් ලස්සනයි කතාව
ReplyDelete❤️
ReplyDelete