Posts

WaiYu Fan Translations

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

Image
  ඇදුරුතුමාහට සිය හෘදායාංගම අවංකභාවය විදහා දැකිවීමට සෂං කඳු ශිඛරයේ ස්වමිපුත්‍රපුත්‍රයන් කරුවූ ටෝෆු බඳුන් ත්‍රිත්වයකින් තමාව සංග්‍රහා කරන ලෙසටත් එයින් එක කැබැල්ලකුදු අපතේ නොයවා සියල්ල අහරට ගන්නා ලෙසටත් ප්‍රතිඥා දුන්නේ ය. චූ වන්නිං බෙහෙවින් පැහැදීමකට පත්වූයේ ය, දුර්ලභ ගනයේ ඇගයීමක් හෙතෙමගේ නෙතු තුළ විය. මෝ රන්, මේ දැකීමෙන් බෙහෙවින් අපැහැදීමකට පත්වූයේ ය, අදිරද තාෂියෑන් ජූන් හට චූ වන්නිංගේ පිළිගැනීම් කෙරෙහි වදන් වලට පෙරලීමට තරම් අපහසු  ආසක්තියක් තිබුණි, එමෙන්ම කල් පමා නොකොට තමාටත් බඳුන් තුනකින් සංග්‍රහ කරන ලෙසට ඉල්ලා සිටියේ ය. චූ වන්නිං ඔහු දෙස බලා; “ඔබට මේ සියල්ල ආහාරයට ගත හැකියි ද?” මෝ රන් හට ෂුවේ මංට දෙවැනි වීමට කිසිසේත්ම අවැසි නොවීය: “තුන් බඳුන් යනු මහමෙරක් ද, තව තුන් බඳුන් වුවත් කම් නැත.” චූ වන්නිං සියුම් ලෙස පැවසුවේ ය. “හොඳයි” ඔහු මෝ රන් හට ටෝෆු බඳුන් සයක් පිරිනැමුවේ ය. මෝ රන්: “....................” අනිත් දෙදෙනාම කළ හෙයින් ස්වභාවයෙන්ම ෂ’මෙයි ද සුපුරුදු යෝග්‍ය මදහස මුසු මුහුණින් ඔවුන්ව අනුගමනය කළේ ය. “එසේනම්......ඇදුරුතුමණි, මටත් බඳුන් තුනක් අවශ්‍යයි” යූහං වැඩිහිටියාණන්ගේ   දඬුවම්  කා

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ටෝෆු කෑමට අවැසි නැත.

Image
“ මේ, මේ ඔබ තමුන්නාන්සේලාට ඇසුනා ද? අන්න නීති කඩකලා කියලා යූහං වැඩිහිටියාණන් යෑන්ලුවෝ ශාලාව ඉදිරිපිට තුන් දොහක් යනතුරු දණගසාගෙන සිටින්නනටු සැරසෙන්නේ” පසුදින පූර්වහ්න දේශනයන් ඇරඹීමට මත්තෙන් ශිෂ්‍යයන්  කුසල් අකුසල් කථිකාසනය වෙත භාවනාවන්හි යෙදීමට පැමිණියහ, හදවත ආපෝවන් ශාන්තියකට සම වැදුණු කළ මේ දේ ඔවුන් හට අසම්භාව්‍යවිය. ඇදුරු ආචාර්‍යයාණන් ඉවත බලන කල්හි කසු කුසු නාදයන් විගසින් අවදි විය. චූ වන්නිං හට දඬුවම් පැමිණවූ පවත ලැව් ගින්නක් මෙන් පැතිරයන්නට විය. මේ සිද්ධිය පෙර දින නෙත් ගැටුණු කන් වැටුණු ඡාත්‍රයන් කිසිදු පසුබෑම් වලින් තොරවම කටලුකතා පතුරන්නට විය. “හපොයි, කෙසේ ද ඔබලා ඒ පවත් නොදන්නේ?ආ.... පෙර දින ලුසුන් වැඩිහිටියා ඔබලත් සමඟ කඳුකරයෙහි නිශා තුෂර පුෂ්ප නෙලන්න රැගෙන ගියේ ද? හොඳයි___ඔබලාට මඟහැරී ගියේ කුමක්දැයි යන්න මා දොඩන්නම්! පෙර දින රාත්‍රියේ , නිලඹර  ශාලාවේදී රුහිරු නදියක් ගලා ගියා! යූහං වැඩිහිටියානන් හට කස පහරවල් දෙශතකයක් අභිබවා උරුම වූවා! දෙශතකයකට වඩා, සියලු පහරවල් සාහසිකයි, බොහොම කුරිරුයි!  එම සිසුවා විරාම ලක්ෂණයන් තැබිවේ සියල්ල දෙගුණ තෙගුණ කරන භාවයන් මවාපාමින්‍, තමා කෙරෙහිම සිය මාන්‍ය

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.

Image
එම රාත්‍රියේ මෝ රන් ස’ෂං කඳු මුදුනෙහි වූ සිය සයනය මත වැතිර දෙයත් හිසට පිටුපස රුවාගෙන ඉහළ සියනේ වූ ආලෝක දහර දෙස බලමින් කිසිසේත් නින්ද නොයන විලසින්ම සිටියේ ය. සිය මනස තුළ අතීතාවර්ජණ සිදුවීම් සමුදායක් කැරකවිණ, කෙමෙන් කෙමෙන් එකිනෙක, එලෙස අන්තයේදී චූ වන්නිංගේ මුහුණේ  සියලු ශේෂයන්, දැඩි වූ විලසම සොඳුරු විය. සත්‍ය නිතැතින් පැවසුවෝතින් මේ නිමේෂයේ තමාට මේ අයවලුන් ගැන හැඟෙන්නේ කෙසේදැයි මෝ රන් හට නොවැටහේ. ඔහු දුටු ප්‍රථම වතාව නම් සුරපුර විදමන කුළුණ ඉදිරිපිට වූ  ඒ  කුසුම්බර වූ තුරු සෙවන යට ඔහු සිටීමයි. ඔහු සියුම් දිගු බාහු යුග්මයෙන්ගෙන් හෙබි වස්ත්‍රයක් හැඳ සිටි අතර සියලුම විසි වැඩිහිටියන් අතරින් ස’ෂං කඳුකර  නීල වර්ණිත රිදී  සන්නාහ පැළඳ හෝ නොසිටි එකම අයවලුන් ඔහුම විය. එදින දෝලනය වන අවතැන් මනසකින් සන්නාහ නියපෙළෙ ද සිය අතැතිව හෙතෙම හිස පහත් කළ විට ඔහුගේ වත සිත්තම ඍජු මෘදු ලෙසටම  දිස්වූයේ උණුහුම් සූර්ය ප්‍රභාවේ ස්නානය කරනා ස්වේත බිළාලයෙක් ලෙසින් ය. දුර හිද බලා සිටිනා මෝ රන් හට ඉවත බැලීමට තරම් නොහැකි විණි. චූ වන්නිං කෙරෙහි මෝ රන්ගේ වූ ප්‍රථම හමුවේ හැඟීම ධනාත්මක ලෙස ප්‍රභාන්විත විය. එනම