අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ටෝෆු කෑමට අවැසි නැත.
“ මේ, මේ ඔබ තමුන්නාන්සේලාට ඇසුනා ද? අන්න නීති කඩකලා කියලා යූහං වැඩිහිටියාණන් යෑන්ලුවෝ ශාලාව ඉදිරිපිට තුන් දොහක් යනතුරු දණගසාගෙන සිටින්නනටු සැරසෙන්නේ” පසුදින පූර්වහ්න දේශනයන් ඇරඹීමට මත්තෙන් ශිෂ්‍යයන් කුසල් අකුසල් කථිකාසනය වෙත භාවනාවන්හි යෙදීමට පැමිණියහ, හදවත ආපෝවන් ශාන්තියකට සම වැදුණු කළ මේ දේ ඔවුන් හට අසම්භාව්‍යවිය. ඇදුරු ආචාර්‍යයාණන් ඉවත බලන කල්හි කසු කුසු නාදයන් විගසින් අවදි විය. චූ වන්නිං හට දඬුවම් පැමිණවූ පවත ලැව් ගින්නක් මෙන් පැතිරයන්නට විය. මේ සිද්ධිය පෙර දින නෙත් ගැටුණු කන් වැටුණු ඡාත්‍රයන් කිසිදු පසුබෑම් වලින් තොරවම කටලුකතා පතුරන්නට විය. “හපොයි, කෙසේ ද ඔබලා ඒ පවත් නොදන්නේ?ආ.... පෙර දින ලුසුන් වැඩිහිටියා ඔබලත් සමඟ කඳුකරයෙහි නිශා තුෂර පුෂ්ප නෙලන්න රැගෙන ගියේ ද? හොඳයි___ඔබලාට මඟහැරී ගියේ කුමක්දැයි යන්න මා දොඩන්නම්! පෙර දින රාත්‍රියේ , නිලඹර ශාලාවේදී රුහිරු නදියක් ගලා ගියා! යූහං වැඩිහිටියානන් හට කස පහරවල් දෙශතකයක් අභිබවා උරුම වූවා! දෙශතකයකට වඩා, සියලු පහරවල් සාහසිකයි, බොහොම කුරිරුයි! එම සිසුවා විරාම ලක්ෂණයන් තැබිවේ සියල්ල දෙගුණ තෙගුණ කරන භාවයන් මවාපාමින්, තමා කෙරෙහිම සිය මාන්‍ය