අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)
ඇදුරුතුමාහට සිය හෘදායාංගම අවංකභාවය විදහා දැකිවීමට සෂං කඳු ශිඛරයේ ස්වමිපුත්‍රපුත්‍රයන් කරුවූ ටෝෆු බඳුන් ත්‍රිත්වයකින් තමාව සංග්‍රහා කරන ලෙසටත් එයින් එක කැබැල්ලකුදු අපතේ නොයවා සියල්ල අහරට ගන්නා ලෙසටත් ප්‍රතිඥා දුන්නේ ය. චූ වන්නිං බෙහෙවින් පැහැදීමකට පත්වූයේ ය, දුර්ලභ ගනයේ ඇගයීමක් හෙතෙමගේ නෙතු තුළ විය. මෝ රන්, මේ දැකීමෙන් බෙහෙවින් අපැහැදීමකට පත්වූයේ ය, අදිරද තාෂියෑන් ජූන් හට චූ වන්නිංගේ පිළිගැනීම් කෙරෙහි වදන් වලට පෙරලීමට තරම් අපහසු ආසක්තියක් තිබුණි, එමෙන්ම කල් පමා නොකොට තමාටත් බඳුන් තුනකින් සංග්‍රහ කරන ලෙසට ඉල්ලා සිටියේ ය. චූ වන්නිං ඔහු දෙස බලා; “ඔබට මේ සියල්ල ආහාරයට ගත හැකියි ද?” මෝ රන් හට ෂුවේ මංට දෙවැනි වීමට කිසිසේත්ම අවැසි නොවීය: “තුන් බඳුන් යනු මහමෙරක් ද, තව තුන් බඳුන් වුවත් කම් නැත.” චූ වන්නිං සියුම් ලෙස පැවසුවේ ය. “හොඳයි” ඔහු මෝ රන් හට ටෝෆු බඳුන් සයක් පිරිනැමුවේ ය. මෝ රන්: “....................” අනිත් දෙදෙනාම කළ හෙයින් ස්වභාවයෙන්ම ෂ’මෙයි ද සුපුරුදු යෝග්‍ය මදහස මුසු මුහුණින් ඔවුන්ව අනුගමනය කළේ ය. “එසේනම්......ඇදුරුතුමණි, මටත් බඳුන් තුනක් අවශ්‍යයි” යූහං වැඩිහිටියාණන්ගේ දඬුවම් කා